යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය.
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය අද මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.
මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම මුදල් රාජසන්තක කළේය. යෝෂිත රාජපක්ෂ සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන නඩුවේ සැකකරුවෝ ඇප මත මුදා හැර සිටිති.
සීඑස්එන් නාළිකාවේ රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් ද කුට ලේඛන මගින් ද රේගු හා සමාගම් පනතට පටහැනි ලෙසින් ද සාපරාධි ලෙස පරිහරණය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල රාජසන්තක කළා කියන්නේ නඩුව අවසන්වුණා නොවේ (නි)
අරුණ කියන්නේ තවමත් පරවේණි දාස මානසික තත්වයෙන් නොමිදුන කෙනෙකු බව පෙනෙනවා. සොයිසාට කියන්න තියෙන්නේ දවල් හීන බල බල සැනසෙන්න කියන එකයි. දත් දොස්තර අමුඩයක් ගහන බව ඔහෙට ෂුවර් ද? උස්සලා බැලුවද? (අ)
නාවික හමුදාවේ හිටපු කාලේ ගහපු හතරවරන් ගැන පරීක්ෂණ තවම ඉවර නැද්ද? (අ)
මේ එකක් විතරයි නේද ? තව හෙළිවෙමින් පවතින ඒවාත්, මේතාක් කල් හෙළි නොවූ ඒවාත් තියෙනවා නේද ? කෙසේ හෝ ලක් ජනතාවගේ සල්ලි නිසා , සොයාගත්තොත් යහපාලනයේ ලොකු ජයග්‍රහණයක් වනු ඇත.(රේ)
අරුණ ඔයා බේබි හාමිලගේ කඩේ යන්නේ නැතුව ප්‍රදීප් වැනි පුද්ගලයන් අගය කරන්න ඔයටනම් ඇත්ත තිත්ත ඇති නේ. කදුළු සලන්න එපා බයියනේ..(රේ)
අරුණ, ඔයත් තංගල්ලෙන් එහාද(රේ)
ඇසීමත් ප්‍රිය ජනකයි ජාතික සම්පත් මංකොල්ල කෑ වුන්ගෙන් මංකොල්ල කෑ ප්‍රමාණය රාජසන්තක කර ඊට පොලියත් අය කර ගත යුතුයි. එවිට වෙනත් දඬුවම් නැතත් කමක් නැහැ.(රේ)
මේවා දේශපාලන පලිගැනීම්ද?(රේ)
මහජනයාගේ මුදල් මහජනයාට ලබාදිය යුතුයි (නි)
ඇයි මේවාට දඬුවම් දෙන්නේ නැත්තෙ? අපේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් බෙබිලා සුර සැප වින්ඳා. ඔය විදියට සල්ලි වලින් සෙල්ලම් කරන්නෙ ඔවුන්ට සල්ලි වල අගයක් නැති නිසා (නි)
මේවා කිසිදිනක ඔප්පු කරන්න හැකි දේවල් නොවේ. ඒ අයව බේරන අය ඉන්නවා. හොඳට බලාගෙන ඉන්න. අන්තිමට සියලු චෝදනා වලට නිදොස්කොට නිදහස් වෙයි. (නි)
මේක තමයි වෙන්න ඕනෑ. කොයි ආණ්ඩුවේ කට්ටිය හොරකම් කළත් අහුවෙනවා නම් අායෙත් හොරකම් කරන්නේ නැහැ. මදැයි යෝෂිතගේ වයසට හම්බකරලා තියෙන තරම. අපි අවුරුදු විස්සක් විතර මොනවද හම්බ කරගත්තේ දෙවියනේ. (නි)
අප්පච්චි යුධ ජයග්‍රහණය ලබාගත් රජතුමා නම්, කුමාරවරු එහි අයිතිය භුක්ති විඳීම වරදක්ද යටත්වැසියනි? (නි)
දෙවියනේ! කෝටි පහළොවක්? අපිට හීනෙකින්වත් හිතන්න පුළුවන්ද? (නි)
අධිකරණ තීන්දුවට ප්‍රණාමය..! හිරේ දාන්නම අවශ්‍ය නැහැ .ඔයවගේ දඬුවම් දුන්නම අලුතින් හොරු වෙන්න ඉන්න අයත් දඬුවමට බයටම හැදෙයි.(හේ)
දැන් අර චෝදනා ඔප්පුවුණොත් බඩ කපා ගන්නවා කියපු අය මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
දඬුවම් දෙන්න කලබල වෙන්න එපා, බඩු එනවා. කවුරුත් බලාගෙන ඉන්නේ මේවා බේරලා දෙයි කියලා. අනේ ඉතින් ඒ මහත්තුරුත් ගන්නේ මෙහෙම හොයපු සල්ලිනෙ, ලැජ්ජා නැතුව (නි)
දැන් සනීපද? තාමත් මොවුන්ට රැවටෙන අය ලංකාවේ ඉන්නවනේ? අහිංසක මිනිසුන්ගෙන් ගන්න බදු මුදල් වලට කරන දේවල් වලින් බැරිද තව පාද යාත්‍රාවක් තියන්න? (නි)
ඔන්න දැන්මම නොකිව්වා කියන්න එපා, ‘අප්පච්චි‘ විතරක් ඕවට ගාවගන්න එපා. (නි)
ඔය දැන් ටික ටික කට්ටිය වමාරන්නේ (නි)
මෙය ආරම්භයක් පමණක් වේවා! (නි)
වැරදි කළ අයට දඬුවම් දෙන්න (නි)
විස්මිතයි පුරෝහිත..විස්මිතයි! (ම)
රජයට හොඳ ආදායමක් ලැබිලා තියෙන්නේ (නි)
විස්මිතයි. ඇත්තෙන්ම විස්මිතයි! (නි)
මොනතරම් සල්ලි ප්‍රමාණයක් හම්බකරලා ඇද්ද? (නි)
ඔය රාජසන්තක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රාජපක්ෂවරු ගසා කාපු මුළු ධනස්කන්දයෙන් 0.00001% ක් වැනි සුළුම සුළු මුදලක් පමණයි කියායි මම නම් හිතන්නේ.(නි)
කරුණාකරලා පිටරටවල තිබෙන ගිණුම් වල මුදල් රාජසන්තක කරන්න.ඒ ධනස්කන්දයෙන් අසරණ මිනිසුන්ට සහන සළසන්න.(නි)
ජනතාවට මාර සහනයක් ලබෙයි (අ)
දඬුවම් නැද්ද ? සාමාන්‍ය හොරෙක් අල්ලග්තහම හොර බඩු අල්ල ගත්තාට දඬුවමක් දෙනවා (හේ)
ප්‍රදීප්, අනුන්ට දෙන දඬුවම් ගැන බල බලා ඉන්නේ නැතුව, වර්තමානයේ ඔයා වැනි අය බදු බර හිසින් ඔසවාගෙන වැටි සිටින අගාදයෙන් ගැලවෙන විදිහක් කල්පනා කරන්න. (ම)
ඇසීමත් ප්‍රිය ජනකයි ජාතික සම්පත් මන්කොල්ල කෑවුන්ගෙන් යලිත් රට සතුකරන්නේ නම් ජනපති තුමනි අප ඔබ තුමන් සමගයි ජයවෙවා!!!!!!!!!!!!!!!! (ම)
මේවා අවුරුදු 25-30 විතර කොල්ලෙක් පොඩිකාලේ ඉඳල එක්කහු කරපු ටීක් බෝල වෙන්නැති?(රේ)
අදහාගන්නත් බෑ?එතුමා එහෙම කරලද ?ඒකාබද්ද විපක්ෂයේ අය මෙහෙම කියයි ඇත්ත මේකනම් පවතින රජයටත් මේක හොඳ ආදර්ශයක්(රේ)
ඔය මුදල් රාජසන්තක කරලා මදි. වැරදි කල අයට දඩුවම් දෙන්න ඕනේ.(රේ)
දැන් මොකෝ කියන්නේ කට්ටිය, මේවත් දේශපාලන පලිගැනීම්ද?. හරි දේශපාලන පලිගැනීම් කියමුකෝ, උපන් දා ඉඳන් ඔය අවුරුදු විසිගානට කෝටි ගානක් ලැබුනේ කොහොමද?. පරම්පරාවෙන් අපු ධනයක් නං, ආපු විදිහ පැහැදිලිව තියෙන්න එපැයි. අනික මුන්ද ළඟ දැනට අහුවුනේ කෝටි 15යි නං අනිත් උන්දලා දෙන්න ළඟ තව කොච්චර ඇත්ද? (අ)
ඩේසි ආච්චිගේ සල්ලි වෙන්ට ඇති බන් (අ)
අරුණ වහල් මානසිකත්වයෙන් මිදෙන්න. මෙහෙම බදු බරක් පැටවිල තියෙන්නේ මේ වගේ අය අපේ සල්ලි හොරා කාපු නිසයි. (අ)
නියමයි ජනතා බලාපොරත්තු මල්පල ගන්වමින් පලවෙනි රාජසන්තක දේපොළ නැවතත් දුක්විදින ජනතාව සඳහා ලැබී ඇත. මේ පටන්ගත්තා විතරයි ජනතාවගෙන් හොරා කෑ සියලුම ධනය නැවත ජනතාවට ලැබෙනතුරු බලා සිටිමු. (අ)
ප්‍රදීප්ගේ අදහසට මාත් එකගයි. ගමගේ ඔයාට, අපිට මෙහෙම දෙයක් වුණා නම් ලැබෙන දඩුවම් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ (අ)
මේ ප්‍රවෘත්තියම ඇතැම් මධ්‍ය වාර්තාකර තිබෙන්නේ කොලේ වහල.ඇත්ත කියල නෑ.ලපටල. තොරතුරු ඒ අයුරින්ම ලබා දුන්නාට ස්තුතියි.ඉදිරියේදීත් මෙලෙසම බලාපොරොත්තු වන්නෙමු. (අ)
අරුණ බදුබර වැඩිවෙන එක ගැන අහන්නත් දෙයක්ද? මේවගේ මහජන මුදල් හොරකම් කලාම..(අ)
අරුණ බදු බරට හේතුව රාජපක්ෂලා රට චීනාට ණය කිරීම බව දන්නේ නැත්ද? (අ)
ප්‍රදීප් ඔය හරි කෝ දඩුවම් යෝෂිත සහ රොහාන් දෙන්නටම දඩුවම් දියුතුයි (අ)
හොරා කෑ මහජන මුදල් රාජ සන්තක කිරීම ගැන සන්තෝසයි. ඒවගේම වැරදි කළවුන් සැමට නීත්‍යානුකුල දඬුවම් දෙනු ඇති බලාපොරොත්තුවෙමු. (අ)
මහින්ද කිවුව නේද හොරකම් කරපු එක සතයක් හරි ඔප්පු කළොත් බඩ කපා ගන්නවා කියල. දැන් එතුමා මොකද කියන්නේ දන්නේ නැහැ (අ)
බදු වැඩිවෙන්නේ, ණය වැඩිවෙන හින්ද, ණය එකතුවෙන්නේ ගෙවන්න බැරි හින්ද, ගෙවන්න බැරිවෙන්නේ මේ වගේ කොටි ගණන් හොරු ගිලින හින්ද?. එක තේරුම් ගන්න හැමෝම. ගිය ආණ්ඩුවෙන් කලත්, මේ ආණ්ඩුවෙන් කලත්, එන ආණ්ඩුවෙන් කලත් හොරකම හොරකමමයි (අ)
වැරදි කරන්න වචනයකින් හරි අනුබල දුන්න එවුන්ට පවා දැඩි දඬුවම් දිය යුතුයි.(රේ)
රාජසන්තක කලට රජ අයෙත් රජවුනොත් සේරම රජාගේ සාක්කුවට අයෙත් යනවා. ඒ වගේම ආණ්ඩුවත් රජාගේ වැරදි කිය කියම ඉන්නේ නැතිව ජනතාව අතර අප්‍රසාදයට පත්වෙන්න කලින් ලැබුණු කිරුල රැක ගැනීමට රටේ ආර්ථිකයට යමක් කරන්න වෙනවා. නැතිනම් අන්තිමට පරණ රජයි අලුත් රජයි දෙන්නම විසි වෙලා දොරටුපාලයා රජවෙනවා. (රේ)
අරුණ ඔය වගේ හොරකම් කරපුවා පියවන්න දැනටමත් පඩියෙන් 16% පමණ බදු හැටියට ගෙවනවා. (රේ)
මේකෙදී යෝෂිත වැරදි කාරය වෙලා නෑනේ තාම. (අ)
නීතියට අනුව දඬුවමත් ලැබේවි. අනුන්ට දඬුවම් පමුණුවනවා දකින්න තියෙන කැමැත්ත රෝගී තත්වයක් කියලයි මට හිතෙන්නේ. (අ)
රාජසන්තක කිරීම සාධාරණයි..මොකද ඒවා රටේ මුදල්.නමුත් හෝරාව අවුරුදු 10ක් වත් බලු කුඩුවේ බරපතල වැඩ ඇතිව සිර කිරීමට තීන්දුවක් නොදෙන්නේ ඇයි...? (අ)
ඒක තමයි කරන්න ඕනේ. වැරදි කරුවන්ට දඩුවම් ලැබෙන්නත් ඕනේ.එයිට වඩා වැදගත් ඒ මුදල් රාජසන්තක කරන එක. දඩුවම් විදලා එලියට ඇවිත් සැපවිදින්න හිතන් ඉන්න අයගේ ඇදිවත ඉතිරි වෙන්න සෑම වත්කමක්ම රාජසන්තක කරන්න ඕනේ.(අ)
ඒවා හොඳ වැඩ. යෝශිතලගේ ආණ්ඩුවක් ආපු දවසට ඔය දත් දොස්තරලගේ නැව් විතරක් නෙවෙයි අමුඩෙත් රාජසන්තක කරනවා සත්තයි (අ)
දැන් සනීපයිද?