IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රූ රැජින වුණු ‘පුංචි මුහුණ’

 SAN_8839  

 

“කොළෙත් හොඳයි
පිටුත් හොඳයි
කවරෙත් හොඳයි
ඔක්කෝම හොඳයි”

 

මේ දැන්වීම ගැන ඔබට මතකද? එදා එම දැන්වීමට පෙනී සිටි දැරිවිය තමයි මේ අද අපි දකින්නේ. අද සුරූපී තරුණියක වී අප හමුවට එන ඇය ඇන්ජෙලා රිචාඞ් ජයතිස්සයි. පසුගියදා පැවැති 2015 ජාත්‍යන්තර රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඇයයි. සුරූපි ඇන්ජෙලා සමඟ අපි කතාබහකට එක්වෙමු.

 

SAN_8709
● ඇන්ජෙලා, පසුගියදා පැවති මේ ජාත්‍යන්තර රූ රැජිණ තරගය ගැන මුලින්ම සඳහනක් කළොත්? 


මෙවර ජාත්‍යන්තර රූ රැජිණ තරගය පැවැත් වුණේ, 55 වැනි වතාවටයි. මෙවර එය පැවැත් වුණේ, ජපානයේ ටෝකියෝ හිදීයි. අවසාන තරග ඉසව්ව පැවැත්වුණේ තකතාවාහි ග්‍රෑන්ඞ් ප්‍රින්ස් හෝටලයේදීයි.

 


● ඔබ කොහොමද මේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කළේ? රූ රැජින තරගයට එක්වීමට අදහස් කළේ ඇයි?


මෙය කළ යුතුමයි කියා මුලින් මට අරමුණක් තිබුණෙ නැහැ. නමුත් රූ රැජිණ කියන දේ අපේ පවුල් පසුබිමට අමුතු දෙයක් වුණෙත් නැහැ. මොකද මගේ මාපියන්ගේ මෙන්ම මගේ මවගේ මව් පාර්ශවය රූ රැජිණ තරග නියෝජනය කර තිබෙනවා. එනිසා මා එය දකින්නේ පවුල් පසුබිමින් ආ දෙයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර රූ රැජිණ තරගය සඳහා මුලින්ම මම අයදුම් කරන විට අවුරුදු 18 ක් විතර ඇති. විනෝදාංශයට වගෙයි මම එහෙම කළේ. එවකට සරසවි අධ්‍යාපනයේ නිවාඩු ලැබී තිබුණු නිසා එහෙම කළේ. නමුත් ඒ නිසා මට ලොකු අත්දැකීමක් ලැබුණා. පසුව අත්දැකීම් සමඟ මුහුකුරා යද්දී, මේ වගේ අවස්ථා මගින් මට රටට විශාල දෙයක් කළ හැකි බව තේරුම් ගත්තා.

 


● කෙසේ නමුත් දැන් මේ අත්දැකීම ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?


ඒක ඇත්තටම ඉතා අගනා අවස්ථාවක්. මේ ඉසව්වට සහභාගි වූ සෑම රූ රැජිණකම ඉතා හොඳයි. ඒ අතරින් ජපානයේ ජනතාව ඉතා කාරුණිකව හා උණුසුම් පිළිගැනීම් ඇති විශිෂ්ට ජාතියක් බව කිව යුතුමයි. ලෝකයේ විවිධ සංස්කෘති මෙන්ම අදහස් අපට හුවමාරු කරගත හැකි වුණා. මට මගේ රට ගැන අදහස් ලෝකයට සමීප කරවීමට හැකි වුණා.

 


● ජපාන රූපවාහිනී චැනලයක ඔබට විශේෂිත අවස්ථාවක් ලැබුණු බව ආරංචියි. 


උස, පෙනුම වගේම මුහුණේ හැඩය ගැන පැවැති ඉසව්වෙන් අපි 30 දෙනෙකු පමණ තේරුණා. ඊට මාත් අයත් වුණා. “කුඩාම මුහුණ සහිත” කෙනා ශ්‍රී ලංකා රූ රැජිණ බව සඳහන් කළාම මට ලොකු සතුටක් ඇතිවුණේ. “ඔෆ් මිස් ශ්‍රී ලංකා ස්මෝලස්ට් ෆේස්” කිරෙයි (ලස්සන) කියලා එක්වරම ඒ 30 දෙනා අතරින් මාව නම් කළා. එතැන් සිට ජපානයේ සංවිධායකයින් ඇතුළු සියලුදෙනා මට කතා කරන්න පටන් ගත්තේ ඒ විදියටයි. එය ඉතා අගනා අවස්ථාවක්ම වුණා.

SAN_8886

 


● දැන් ඔබගේ අරමුණ කුමක්ද?


මේ වනවිට මම කටයුතු කරන්නේ පවුලේ ව්‍යාපාරයට සම්බන්ධවයි. ඊට අමතරව මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නේ. මම ඒ ගැන වඩා උනන්දුයි. මේ ජාත්‍යන්තර රූ රැජිණ තරගය මට ගවේෂණාත්මක දෙයක් ජීවිතයට එක් කළ බව කියන්න පුළුවනි.

 


● ඉගෙන ගන්නෙ මොන අංශයෙන්ද?


වේල්ස සරසවියෙන් මගේ ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ උපාධිය ලබා ගන්තා. ඊට අමතරව ඕස්ටේ්‍රලියානු සරසවියකින් තව උපාධියක් ලබා තිබෙනවා.

SAN_8872

 


● පවුලේ විස්තර කිව්වොත්?


අම්මා, තාත්තා, නංගිලා දෙදෙනා සහ මම.

 


● කොළෙත් හොඳයි, පිටුත් හොඳයි, කවරෙත් හොඳයි, ඔක්කෝම හොඳයි. ඒ වගේම ඔබත් හොඳයිද?


අනිවාර්යයෙන්ම එහෙම වෙන්න එපායැ.

 


● රඟපෑමට අවස්ථා ලැබුණොත්?


දැනට ඒ ගැන හිතලා නැහැ. නමුත් ඒ නිසා ජීවිතයට අත්දැකීම් ලබා ගත හැකි බව මගේ විශ්වාසයයි. 

 


හැඩගැන්වීම් -  Cutting Station Colombo - 07 


විලාසිතා - Kelly Felder, Binari Sachendra, Louching wong.

sadun-gamage



අදහස් (0)

රූ රැජින වුණු ‘පුංචි මුහුණ’

සංතුෂ් Saturday, 23 January 2016 04:29 AM

අපෝ මෙයාගේ නහයයි කටයි හරි කැතයි මම දැකල තියේ (බ)

:       0       0

මොහාන් Sunday, 31 January 2016 06:50 AM

සුබ පැතුම්! (නි)

:       0       0

වසන්ත Saturday, 16 January 2016 05:16 AM

ලස්සනයි! (නි)

:       0       0

චන්දි Wednesday, 20 January 2016 02:40 PM

මම දන්නා තරමින් නම් සාරි අදින්නේ නැහැ ලෝක රූ රැජින තරග වලට (බ)

:       0       0

යශෝද් Thursday, 14 January 2016 08:16 PM

ඔබ සුන්දරයි (නි)

:       0       0

සකුන්තලා Tuesday, 19 January 2016 10:16 AM

මෙහෙමයි, නිකන්වත් සාරියක් ඇඳලා ගත්තානම්.......... තවත් ලස්සනයි (ම)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 14 January 2016 09:16 PM

නැගණියනි, ලංකාවට ආවේණික වූ ස්ත්‍රී රූප ශෝභාව කුමක්ද යන්න වටහාගත හැක්කේ මාලිනියන්, අනුලා කරුණාතිලකාවන්, පුණ්‍යාවන් රඟපෑ චිත්‍රපට බැලීමෙනි. රුවැති උගත් ඔබ වැනි අය නැවතත් රටට එම සුන්දරත්වය ලබාදීමේ ගමනක පෙරමඟ ගන්න. (නි)

:       0       0

පියල් Sunday, 17 January 2016 03:50 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9445 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4880 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6789 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4599 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1142 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1963 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36477 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24191 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site