රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවළ පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදී ඔවුනට අඩත්තේට්ටම් සිදු කිරීම ඇතුළු චෝදනා නවයක් ලබා සිටි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 11 දෙනකු ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද නියෝග කළාය.
නීති විරෝධී ලෙස අයුතු ජනරාශියක සාමාජිකයන් වී පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවළ පදිංචි නිවසට 2000 වසරේ ජනවාරි 24 වැනි දා කඩා වැදී ඔවුනට අඩත්තේට්ටම් සිදු කර රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා රන් ආභරණ සහ රුපියල් තිස්පන් ලක්ෂයක් වටිනා ජීප් රථයක් ද පැහැරගෙන යාම ඇතුළු චෝදනා නවයක් නීතිපතිවරයා විසින් ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් සාමාජිකයන් 11 දෙනාට එරෙහිව ගොනු කර ඇත.
පසුගිය මැයි 20 වැනිදා පැමිණිල්ලේ සාක්කි විභාග කර අවසන් වූ අතර මේ අඩුවේ තීන්දුව ලබන 24 වැනිදා ලබා දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දේශපාලන තුරුම්පු නැතුව සාදාරණය නෙමේ. මේ නීතියට සමහර අයට නැහැ. (නදී)
අනුන්ට කඩේ යන පොලිස්කාරයෝ සහ ප්‍රාදේශීය දේශපාළුවෝ නැති වුන දිනකදී අපේ ලංකාව ශ්‍රී ලංකාවක් වේවි. (නි)
දයාබර රූකාන්ත සහ චන්ද්‍රලේකා, දශක 3 සංගීතයෙන් අපව මෝහනයට පත්කළ ඔබ දෙපලට සිදුවුන අසාධාරණයට දෙවියන්ගෙන් හෝ සාධාරණයක් ලැබේවි (නි)
අවුරුදු දහතුනක් යනකන් මොකද වුනේ ?(නි)
අවුරුදු 13 ක් තිස්ස්සේ මේවගේ නඩුවක් ඇදගෙන යනවා කියන එකෙන් කියන්නේ මොකක්ද? සමහර නඩුවල තීන්දුව දෙන්න අවුරුදු 15 කට වැඩිය ගතවෙනවා. ඒ වෙනකොට පැමිණිලිකරුවන් සහ සාක්කි කරුවන් මියගිහින් නිසා ඕනෑතරම් අපරාදකාරයෝ නිදහස් වෙලා යනවා. දැන්වත් ඔය දුර්වලකම් හදලා අගතියට පත්වෙන අයට අධිකරණයෙන් සාධාරණයක් ඉටුකරලා දෙන්න. බොහෝ අවස්ථාවලදී ජනතාව නීතිය අතට ගන්නේ මේවගේ හේතු නිසයි. (නි)
ලොකු නෝනා දැන් සාධාරණ සමාජයක් සහ යහපාලනය ගැන කථා කරනවා නේද? පශ්චාත් භාගයෙනුත් හිනා යනවා මේවාට(අ)
මේකට ලොකු දේශපාලන සම්බන්ධයක් ඇති. මේ වගේ දේවල් ගොඩක් වෙලාවට වෙන්නේත් එංගලන්තයේනේ. ඒක හින්දා මේ වගේ වැඩ හොඳයි, රට ත්‍රස්තවාදීනගෙන් බේරගත්ත එක වැරදියි මෙයාලට (නි)
ඇත්තටම ඔය 11 දෙනා ට ඔහොම කරන්න අණ දුන්න කෙනාව අදිකරණයට ගේන්න බැහැනේ නේද ?(නදී)
චන්ද්‍රිකාගේ වෙඩ නරක නැහැ ඒ කලේ කරපු . තව බොහෝ අයට කරදර සිදු වුණා . ඒවාට මොකොද වුනේ ? ප්‍රවීන සුපිරි පරණ එක්කෙනෙක් මේවට සම්බන්ද කතාවක් තිබ්බ (අ)
රටත් කාල ජාතියත් පාවා දීලා . දැන් ආපසු අලුත් මුහුණු දාගෙන එන්නේ ලොකු නෝනා (අ)
අද රටේ වෙන දේවල් බැලුවම වැරදිකරුවන්ට පරක්කු වෙලා හරි දඩුවම් ලැබෙන එක හිතට සතුටක්. (නි)
ඔයාලා දෙන්නට ජයවේවා!(නදී)
අද සුදන වගේ කතා කලට එදා කෙරුවාව ඔය විදිය තමා (අ)
සාධාරන තීන්දුව මේ දෙදෙනාගේ කලා දිවියේ ඇගයීමක්.(නදී)
අන්තවාදීන්ගේ වැඩක්.(නදී)
ලොකු නෝනත් ඈවරද මන්දා.(නදී)
ශාන්, රූකටයි ලේකටයි ජනප්‍රිය වෙන්න තවත් ගොඩක් දේවල් කරන්න ඉඩ දෙන්න වෙනවා. බුදුබන දෙසුවා නිරන්තරේ....ගීතය ගායනාකරන්න කියලා ඉල්ලීමක් කරමු. (දී)
මීට පස්සෙවත් දේශපාලකන්ගේ වේදිකා වල ගීත ගයන්න යන්නෙපා ලකුනු දාගන්න. යනවා නම් මුදල් හොයන්න හෑම කෙනාගෙම වේදිකාවලට යන්න. කිසිම ප්‍රශ්ණයක් නෑ. එය ඔබේ රෑකියාව නිසා. හෑම කලා කරුවෙකුටම මෙය පොදුයි. මිනිසුන් කවදත් හොද නිර්මාණ බිහි කරන කලාකරුවන්ට ආදරෙයි.(නදී)
මටනම් මේ නඩුව අමතක වෙලා තිබුනේ (දී)
ඔබලාට ගහපු සේරම දෙශපාලනයෙන් ඉහලට යනවාමයි (අ)
සාදාරණයක් වෙයි කියලා හිතනවා.(නදී)
දැන්වත් මේ අයට නිදහසේ ඉන්න දෙන්න. (නි)
මේවට වග කියන්න ඕනෑ කවුද? අනේ මන්දා. එයත් දැන් අසරණයි (නි)
ඔන්න ඩුබායි තිලක්, මර බිය නැතුව ලංකාවට එන්න, හතර පෝයටම සිල් ගන්න දේශපාලකයෝ ඉන්න ලංකාවක් බිහි කරන්න හීන දකින එකටත් පොල්ලක් වැටෙන්න වගෙයි යන්නේ (නි)
වින්නබු අම්මා හොයාගෙන එනකොට ළමයා ඉස්කෝලේ 2 පන්තියේ. (නදී)
යුක්තිය පසිඳ ලීමට අවුරුදු 13 ක්? ලොකු නෝනත් එනවද දන්නේ නැහැ නඩු තීන්දුව බලන්න. (නදී)
දැන් පි එස් ඩි එකේ ඉන්න අයවලුන් මෙයින් පාඩම් ඉගෙන ගත යුතුයි. බලය තිබුණු පලියට එය අයුතු ලෙස පාවිච්චි කරන්න එපා.(නද)
එදා රූකාන්ත සහ චන්ද්‍රලේකා සිය දරුවන් සමග රටින් පිට වුනේ ජීවිතය බේරා ගැනිමේ අරමුණින් විය යුතුය. අද පිරිසිදු මුහුණක් පෙන්වාගෙන සිටින සමහරු මොවුන්ගෙන් සමාව ගත යුතුය (නි)
ගැහැනියකගේ කොන්ඩය කපාපු බාබර් එයාලගේ ඔළුවත් බූ ගාන්න.(නදී)
ඇ.... දැන්ද බොල ඇදෙන් නැගිට්ටේ? මේ සැරේ චන්ද්‍රිකාත් හිරෙන් තමයි නතරවෙන්නේ.(නදී)
ලොකු නෝනත් එනවද දන්නේ නැහැ නඩු තීන්දුව බලන්න. නෝනගේ පටි රෝල් වෙන්න වගේ යන්නේ. උඩ බලාගෙන කෙල ගහන්න එපා කියන්නේ මේවට තමයි. ලොකු අක්කේ.(නදී)
දම් දන්නේ නැද්ද ලංකාවේ හිටපු හෝ වර්තමාන ජනාධිපතිවරයන්ගේ අතීත හෝ වර්තමාන ක්‍රියාකලාප වලට උසාවි ගෙන්නන්න ලංකාවේ නීතියෙන් ප්‍රතිපාදන සපයා නැති බව (නි)
මැණිකේ අගය කනා දන්නේ නෑ නමුත් අගය බාල වෙන්නේ නෑ .(නදී)
ලොක්කන්ට කඩේ යන අය ලොක්කගේ පස්ස බිම ඇනුන දාට යන කල දසාව ගැනත් හිතන්න ඕනා.(නදී)
ලොකු නෝනා ආයේ කරලියට එන්න හදන නිසා වෙන්න ඇති, කුනු උඩට එන්නෙ. (අ)
ආ.... තවම ඔය නඩුව යනවද? ආ ඔවු සිරි ලංකාවනේ. (නි)
කවුරු වෙනුවෙන්ද? කාගේ වුවමනාවටද? ඇත්ත කියලා නිදහස් වෙන්න! (නි)
ඇයි අනෝජා වීරසිංහට (අ)
ගුටි කන කොට රනිල් එක්ක හිටියේ මෙයා. දැන්නම් එහෙම නැහැ. නඩුව ආය පිටු පෙරලුනේ. මෙයාට ගහපු කෙනාත් දැන් ඇමෙති කෙනෙක්. (අ)
දැන් ඉන්න අයටත් අනාගතයේ මේකම තමා වෙන්නේ. දැන් ඉන්න බහුතර කට්ටිය බේරිලා ඉන්නෙත් බලය තියෙන හින්දා බව මතක තියාගෙන ඉන්නවා නම් හොඳයි. (නි)
ඔහුට සාදාරණය ඉටුවීමට ගිය කාලය ඉතා දිගුය (නි)
මහේෂ් , ඉෂාර ,මසුරන් වටිනා කියුම් 2ක් කිවුවේ.මම අගය කරනවා. (නි)
වර්තමාන බලයේ සිටින බොහෝ මැති ඇමතිවරු සිතා සිටින්නේ, හැසිරෙන්නේ ඔවුන් කිසිදා නොමැරෙන, නොපැරදෙන පිරිසක් ගානටය. (නි)
මොනවා වුනත් අවසානයේ හොද විදියට විසදෙයි (නි)
ඉහත ප්‍රතිචාර අනුව මගේ නිගමනය නම් පරණ ගලෙන් අඹ ගෙඩියයි කුරුල්ලෝ රෑනයි. (අ)
දැන් රූකයි ලේඛයි දෙන්න ඕව සිතින් අයින් කරලත් ඇති. ඕවා කරපු සහ කරවපු අයට වඩා උසස් ගතිගුණ ඇති දෙන්නෙක් ඒ. ඒ නිසයි එයාලා තවමත් අපි අතරේ ඉන්නේ. (නි)