IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රංගනයට වඩා මම නිවේදනයට කැමතියි

2016-11-04-ent-31

අද "සාරවිට" තරු කතා බහ තුළින් ඔබ හමුවන්නේ අමාධි උපේක්ෂා දිනෙත්තිය. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වසර කිහිපයක් තිස්සේ කටයුතු කරන අමාධි මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවදින්නේ ජාතික රූපවාහිනියේ විකාශය වන "හිරු වියන" ගීතමය වැඩසටහන තුළිණි. මේ ඇය සිය කලා ජීවිතයට පැමිණි ආකාරය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අපට පැවසු දේ.

 

අමාධි ක්ෂේත්‍රයට එන්නේ?

2016-11-04-ent-34මම නිවේදිකාවක් වුණේ පාසල් යන කාලේ. මම 5 වසරේ අධ්‍යාපනය ලබන කාලේ අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන් විදුලියේ වැඩසටහන් නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න. මම අවුරුදු 5ක කාලයක් පුරා ළමා නිවේදිකාවක් විදිහට ළමා ගුවන් විදුලියේ වැඩ කළා. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ ළමා පුවත් නිවේදිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණා. දැන් සංගීත අංශයේ %හිරු වියන^ වැඩසටහන ඉදිරිපත් කරනවා.

 

පුංචි කාලේ ඉඳලා අමාධි නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ පාසල් යන අවදියෙත් අමාධිගේ හීනේ වෙලා තිබුණේ මේ පැත්තටද?

ඇත්තටම මේක මගේ හීනයක් කිව්වොත් නිවැරදියි. මගේ විතරක් නෙමෙයි මගේ අම්මාගෙත් හීනයක්. මන් පාසල් පළමු වැනි වසරට ඇතුලත් කරද්දි ඒ පිළිගැනීමේ උත්සවයේ ලොකු අක්කලා දෙනේනෙක් නිවේදන කටයුතු සිදු කළා. එදා ඉදන් තමයි මට ආස හිතුනේ මමත් මේ වගේ ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙනවා කවදාහරි කියලා. මම පාසලේ මාධ්‍යය ඒකකයේ සභාපතිත් වුණා. සමස්ථ ලංකා පාසල් නිවේදන අංශ තරග වලින් පළමු තැන ජයග්‍රහණය කළා. ඊට පස්සේ මගේ හීනේ හෙමින් හෙමින් සැබෑ වුණා. මම ගොඩක්ම සතුටු වුණා ජාතික රූපවාහිනියේ පළමු වරට සජිවිව වැඩසටහනක් ඉදිරිපත් කරන දවසේ.

 

දැනට අමාධි දායක වෙලා තියෙන වැඩසටහන් මොනවද?

කලින් මම ප්‍රවෘත්ති කිව්වා. ඊට පස්සේ සති අග ගී, ත්‍රී තාල් කියන සංගීත වැඩසටහන් කළා. දැන් කරන්නේ %හිරු වියන^ සංගීත වැඩසටහන.

 

වැඩසටහන් ඉදිරිපත් කරනවාට අමතරව තවත් අමතර කලා කටයුතු වලට දායක වෙලා ඉන්නවා?

මම දැනට ගොඩක් වෙළෙඳ දැන්විම් වල රඟපාලා තියෙනවා. ඉදිරියටත් මා රඟපෑ වෙළෙඳ දැන්විම් තියෙනවා විකාශය වෙන්න. ඊට අමතරව ගීත රූප රචනා වලටත් පෙනී ඉඳලා තියෙනවා. මෑතක ඉඳලා මට රඟපාන්නත් ආරාධනා ලැබුණා. ඒත්, මම හිතන්නේ මට රඟපානවාට වඩා හොඳට පුළුවන් නිවේදන කටයුතු. ඒ නිසා මම රංගනයට වඩා ඒ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

නිවේදනය පැත්තෙන් මොනවද ඉලක්ක?

මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාධ්‍යය සම්බන්ධව උපාධියක් හදාරනවා. එකෙන් ලබන දැනුමත් එක්ක මට ඕනා කරන්නේ සිංහල භාෂාව හරියටම හසුරවන දක්ෂ නිවේදිකාවක් වෙන්න. දැන් හැම නාලිකාවක ගොඩක් වැඩසටහන් ඉදිරිපත් කරන අය එනවා යනවා. නමුත්, වැඩසටහන් ඉදිරිපත් කළ පමණින් නිවේදකයෙක් හෝ නිවේදිකාවක් වෙන්න බැහැ. ඒකට මාධ්‍යය ගැන, භාෂාව හැසිරවීම ගැන දැනුමක් තියෙන්න අවශ්‍යයි.

 

නිවේදිකාවට අමතරව ඔබ රැකියාවක් නිතර වෙනවා?

ඔව්, දැනට මම නිවේදන කටයුතු වලට අමතරව ඇලරිස් පෞද්ගලික සමාගමේ වෙළෙඳ නාම විධායක විදිහට සේවය කරනවා.

 

උදව් කළ පිරිසකුත් ඇති?

මට ගොඩක් අය උදව් කළා. මුලින්ම මගේ අම්මා, තාත්තා දෙන්නා මගේ ළඟින් ඉඳගෙන ගොඩක් උදව් කළා. පාසල් යන කාලේ මගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනා සහ මගේ යහළුවෝ. විශේෂයෙන්ම මාව ගුවන් විදුලි නිවේදිකාවක් විදිහට මට මුලින්ම මට මාධ්‍යය දැනුම දුන්න SLBC එකේ ගාමිණි මිරින්නගේ සර් මතක් කරන්න ඕනා.

 

සටහන - බුද්ධික සේනාධීර / ඡායාරූප - ඉසුරු පෙරේරා

 

2016-11-04-ent-35






 



අදහස් (0)

රංගනයට වඩා මම නිවේදනයට කැමතියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 4 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 1337 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2497 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1234 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 407 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1764 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39798 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25854 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 86 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1256 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site