IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රෝගියා රෝහලට දී පැමිණි පිරිස යකා නටති

(රංජිත් රාජපක්ෂ)

 

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට  ඊයේ (7) දින රාත්‍රියේ පැමිණි පිරිසක් රාජාකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයේ පිරිසකට බැන තර්ජනය කර රෝහලේ ප්‍රදර්ශනය කර තිබු කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් දැන්විම් පුවරු ඉරා දමා ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි එල්.එල්.ආර්.අයි දිලක්ෂි මහත්මිය පැවසුවාය.

ශ්වසන ආබාධයක් සහිත රෝගියකු (07) දින රාත්‍රි 11 ට පමණ පිරිසක් රෝහල වෙත රැගෙන පැමිණි බවත්,පසුව එම රෝගියාව පරික්ෂා කර  රෝගීයාගේ රෝග ලක්ෂණ අනුව ක්ෂණිකව එම රෝගියාව දික්ඔය මුලික රෝහලට මාරු කර යැවු බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරිය කීවාය.

රෝහලට ඇතුළත් කළ රෝගීයා දික්ඔය මුලික රෝහලට මාරු කර යැවිමට විරෝධය පාමින් රෝගියා සමඟ පැමිණි 70 ක පමණ පිරිසක් වෛද්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කර වෛද්‍යවරයාගේ මෝටර් රථයට සහ රෝහලේ ගිලන් රථයට පහර දී රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ සෞඛ්‍ය ආරක්ෂිත දැන්විම් කිහිපයක් ද ඉරා ඇති බව දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනිය කියා සිටියේය.

දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවන ලද රෝගීයා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත්, මිය ගිය රෝගියාගේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාවේදී එම රෝගියාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බවද දිස්ත්‍රික් වෛද්‍යවරිය පැවසුවාය.

මස්කෙලිය ප්‍රාදේශීය රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපනය කිරිමට ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල රෝහල තුළ සිදු කරන නිසා නේවාසික රෝගින් ඇතුළත් කර නොගන්නා බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවත් මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි එල්.එල්.ආර්.අයි දිලක්ෂි මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක නිහාල් විරසුරිය මහතාගෙන් කළ විමසිමකදි ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත දැනුම් දුන් බවයි.



අදහස් (1)

රෝගියා රෝහලට දී පැමිණි පිරිස යකා නටති

Kule Monday, 08 March 2021 08:22 AM

නූගත්කම බුරුවන්ටත් එහාගිය දැනුමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 214 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 972 0

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


දොස්තර ෂාෆි නිදහස්
2024 නොවැම්බර් මස 06 671 2

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 332 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 1314 1

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 720 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 425 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site