(සුජිත් හේවාජුලිගේ)
රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකතන ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවී දඩයක් නියම කෙරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
එම වාර්තාව මීළඟ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා රේගුව මෙම වාර්තාව ලබාදී ඇත්තේ කතානායකවරයා කළ ඉල්ලීමක් අනුවය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ඉල්ලීමට රහීම් මන්ත්‍රීවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.
කතානායකවරයා නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි රහීම් මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දුන්නේ ලිපියක් යොමු කරමිනි.
මෙයට අමතරව ඒ සම්බන්ධයෙන් ඔහුට "වට්ස් අප්" පණිවිඩයක්ද යොමු කරන ලදැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
නීති විරෝධීව රත්රන් තොගයක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රහීම් මන්ත්‍රීවරයා රේගු පරීක්ෂණයෙන් අනතුරුව රුපියල් ලක්ෂ 70 ක දඩ මුදලක් මත මුදාහරිනු ලැබීය.
මේ අතර මෙම සිද්ධියෙන් පාර්ලි මේන්තුවට සිදුවූ කැලල සැලකිල්ලට ගෙන රහීම් මන්ත්‍රීවරයාට මැතිසබය පැත්තෙන් කිසියම් හෝ පියවරක් ගත යුතු බව පක්ෂ නායකයෝ රැසක් කතානායකවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටිති.
අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට පක්ෂව ඉකුත් 1 වැනිදා ඡන්දය පාවිච්චි කළේය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රේගුවෙන් කතානායකට වාර්තාවක්
චතුරි Monday, 03 July 2023 03:54 PM
අපේ රටේ නීතිය අනුව ගොබ්බරැලට තියෙන වරප්‍රසාද අනුව. කට්ටියම එකතුවෙලා බලපත්‍රය අරගන්න. හැම එකාගේ පවුල් පිටින් ගිහින් මෙවැනි දේවල් ගේන්න. වෙන රටවල්වල නීතිය අනුව නම්. මේයා ඉන්න ඕනෑ හිරගෙදර. මන්ත්‍රිකමත් අහෝසි කරලා...