වාර්ෂිකව රෝගීන් ආශිර්වාද කිරීමේ මංගල්‍ය ඊයේ (25) රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්විණි. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සමග කොළඹ අගරදගුරු පදවියේ සියලුම රදගුරුවරු සහ පූජකවරු රෝගීන් ආශිර්වාද කිරීමේ මෙහෙයට පැමිණ සිටියහ. බාල මහලු කතෝලික බැතිමත්හු ලක්ෂ ගණනක් පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ නැති අය කියන්නේ ඔය ෆාරිස් හිරා රසික වගේ අයට. (නි)
යම් රටක තම මාමා අතින් 15 හැවිරිදි දැරියක දුෂණයට ලක්වෙනවා. විසදුම ඇයටම කස පහර දීම. කුමක්ද එවිට එම නීතිය? (නි)
එතකොට බෝධියකට වදින්නේ කුමක් බලාපොරොත්තුවෙන්ද? (නි)
ඔය දොස්තරලා ගාවට යනවා කියන අයගේ තියෙන" තවත් ආගමකට නිග්‍රහ" කරන අසනීපෙට, බෙහෙත් නම් හොයා ගන්න බැරි වෙයි. හොද වෙන්න නම් මැරෙනකල්ම ඉන්න වෙනවා. (නි)
තමන්ගේ ආගමේ වැරදි වහගන්න අනුන්ගේ ආගමක් විවේචනය කරන එක දැන් සමහරුන්ට විලාසිතාවක් වෙලා. (නි)
අනේ මන්දා මෙතන අදහස් දාන සාමහරුන්ගේ මොලේ දියුණු නැහැ තවම, නැත්නම් කුහක කම,ආශිර්වාදයේ සහ බෙහෙත් කිරීමේ කියන වචන දෙකේ තේරුම දන්නෙත් නැහැ තවම. මෙච්චර සෙනගක් තම ආගම වෙනුවෙන් රැස්වීම දැකීම සමහරුන්ට ඇස්වලට කටු අනිනවා වගේ තමා (නි)
අනේ මන්දා මෙතන අදහස් දාන සාමහරුන්ගේ මොලේ දියුණු නැහැ තවම. නැත්නම් කුහක කම, ආශිර්වාදයේ සහ බෙහෙත් කිරීමේ කියන වචන දෙකේ තේරුම දන්නෙත් නැහැ තවම, කියන්නේත් සිංහල කම බෙදාගන්න දඟලන සිහලයෝම පිරිසක් තමා, මෙච්චර සෙනගක් තම ආගම වෙනුවෙන් රැස්වීම දැකීම සමහරුන්ට ඇස්වලට කටු අනිනවා වගේ තමයි.(නදී)
හිරා,ෆාරිස්,රසික, ඔය ගොල්ලන්ගේ හැටි ඔයගොල්ලන්ගේ අදහස් වලින්ම පේනවා. ආයේ ඉතින් කවර කතාද.. (නි)
මම දකින විදියට කව්රුවත් වාද කරන්න ඕන නැ. තමන් කැමැති නැත්තම් නොබලා ඉන්න එකයි ඇත්තේ. රටේ ලෝකේ වෙන්නේ ඔක්කොම අපි කැමති දේවල්ම නොවෙයිනේ.(නදී)
අය්යෝ...මෙච්චරම මෝඩ ද අපේ රට වැසියෝ ...පිටි කිරි බීලා තමා ! (අ)
මිලාන් කල්පනා කරන්න මොලයක් නැති කෙනෙක්.(නදී)
ෆාරිස් , ඔහෙලගෙ දර්මයේ වගේ වැරැද්දට බෙල්ල කපලා මරන්නේ නැහැ. ඒක මිලේච්ඡ ක්‍රියාවක්. අනුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ඉවත් කරන්න පෙර තමන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ඉවත් කර ගැනීමේ ක්‍රමයට අවතීර්ණ උනොත් යහපති.(නදී)
යහපත් දේ සිතීමට හා යහපත් දේ කියාවට නැංවීමට අවශ්‍ය ශාරීරික හා මානසික නිරෝගී බව වර්ධනය කර ගැනීමට ලොව පවතින සියලුම ආගම් තුලින් කිසියම් පිටුවහලක් ලැබෙන බව සමහරෙකුට අවබෝධ නොවී තිබෙන බව කණගාටුවට කරුණක් . "ආශීර්වාදය" යන උතුම් වචනය ගැන මදක් ගැඹුරින් හිතන්න. අලුත උපන් බිලින්දාගේ පටන් මහල්ලා දක්වා එකිනෙකට ආශීර්වාද කරගනිමින් දිවි ගෙවන සැටි මෙනෙහි කරන්න.ලොව පවතින සියලු ආගම් ද ආශීර්වාද මෙහෙයන් හා වතාවන් කරන බව සිහිකරන්න. නමුත්, උරන් අතරේ මුතු වැපිරීමෙන් පලක් නොවන බව ශුධවූ බයිබලයේ ලියා තිබෙන බවත් දැනගන්න.(නදී)
බෞද්ධයින් බෝධි පූජා තියලත් රොගීන්ට සෙත් පතනවා, හින්දූන් දේවපූජා පවත්වලා රෝගීන්ට සෙත් පතනවා.කතෝලිකයින් දේව මෙහෙය පවත්වා ආශීර්වාද කරනවා. ඉතින් ඒවා කාටවත් හානියක් නැත්නම් ඇයි මේ ආගමික කුහකකමට අදහස් දාන්නේ (නි)
ටිරල්,කිසිම ලෙඩක් නැති අයෙක් මේ ලෝකේ නැහැ.ලෙඩ වෙලා මරණාසන්න වුනාම ඔය කාට කාටත් මතක් වෙන්නේ තමන් අදහන දෙවියන්වයි.(අ)
හිරා, ඔය කිතුණුවෙක් වෙන්න බැහැ. ඔයා කිතුණුවෙක් නම් මේවා කියන්නේ නැහැ. (නි)
මෙහි අසුබවාදී ලෙසින් සටහන් තබන සියලු දෙනාගේ ජිවිත ගෙවී යන්නේ මහත් දුක්බරිත ලෙසින් බව අද දින මේ සටහනින් මතක තබා ගන්න.මම කතෝලිකයෙක් අන් ආගම් අතුරින් තිලෝගුරු බුදුන්ටත් ගරු කරන්නෙක් .එතුමන් කීවෙත් සියලු සත්වයෝ නිරෝගී වෙලා නිදුක් වන්න කියලයි (නි)
මම නොදන්නා නිසයි අහන්නේ. සමහරක් අය අසනීප වුනාම බෝධි පූජා පවත්වන්නේ ඇයි? බෝධිය කිරිවලින් නාවන්නේ ඇයි? සුවය ලැබේවා කියලා කොඩි එල්ලන්නේ ඇයි? එම දේවාල් වලට මිනිස්සු ගරහන්නේ නැත්තේ ඇයි? මෙම ආශිර්වාද පූජාවට විතරක් නිග්‍රහ කරන්නේ ඇයි? (නි)
ආශීර්වාද කිරීම සහ ලෙඩ හොඳ කිරීම කියන්නේ එකක් නෙමෙයි දෙකක් කියලා තේරුම් ගන්නවත් බැරි මිනිස්සු ලංකාවේ බහුතරයක් ඉන්න බව පේනවා අදහස් වලින්. අපේ රටේ අදහාගත නොහැකි දියුණුව ඒ වගේ බුද්ධිමතුන් බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි. (නි)
අනිත් ආගම් වල ආශීර්වාද පූජා එහෙම තියන්න පුළුවන් නම් ඇයි කතෝලිකයෝ ආශීර්වාද දේව මෙහෙයක් තියද්දි ඉවසන්න බැරි? (නි)
මම කිවුවේ ලෙඩක් නැති අයෙක් මේ ලෝකේ නැහැ. (නි)
අහෝ ඛේදයකි! (නි)
අනේ දෙවියනේ! අසාද් නොදැන කරන වැරදිවලට සමාව දුන මැනව (නි)
මෙතන සෙම්ප්‍රතිශ්‍යාවක්වත් හැදෙන්නේ නැති හැදුනෙත් නැති ශ්‍රේෂ්ට ආගම්වාදීන් ඉන්න පාටයි.වෙන කිසිදු ආගමක එහෙනම් "ලෙඩ්ඩු" කියලා හදුන්වන අය නැතුව ඇති.එහෙත් මෙතන ලෙඩ්ඩු ගොඩායි (නි)
රෝමා, ඔයා ගැන මට දුකයි. එතකොට බෝධි පූජා තියන්නේ, බලි තොවිල් තියන්නේ කොයි වගේ අයද? (ස)
කිසිවක් නොදැන ඔහේ කියවන්න එපා (නි)
මමත් තේවත්ත ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක්. ඔය මොනව කරත් වැඩක් නෑ හිත් වල කුහක කම් තියාගෙන ඉඳලා. වෙසක් පෝය රෑට තේවත්ත-රාගම පාරේ පල්ලියගාව ලයිට් ඕෆ් කරනවා පල්ලියෙන්.. වෙසක් බලන්න යන මිනිස්සුන්ව අපහසුතාවයට ලක් කරන්න.. (දී)
ඔය හැම දෙයක්ම අවේ පෘතුගීසින්ගෙන් ලන්දෙසිගෙන් ඉංග්‍රීසිගෙන් තමයි. මෙරට බෞද්ධ රටක්. විදේශිකයන්ට මුට්ටිය අල්ලා ආගම පාවල දීලා ලාභ ප්‍රයෝජන ගත්තේ මේ කට්ටිය තමයි. ඉඩම් තනතුරු, වාසගම, බලය ඔය ඔක්කොම සිංහල ක්‍රිස්තියානි කියන්නේ ඒ අය මුලින්ම බෞද්ධයෝ 1815 ඉඳලා තමයි ඔය පල්ලි ගොඩ නැගෙන්නේ. ඕක තමයි ඇත්ත. ඉතිහාසය ගැන අවබෝධයක් තියනවා නම් ඔය බොරු වැඩ හදවතට එකඟ නැහැ. ඔබ කුමන ආගමක් හැදෑරුවත් නිවන් දැකීමට බුදුදහමට ආ යුතුය. දේවියන්ගේ ආකල්ප නවීන ලෝකයේ පිළිගැනීමක් නැත. මම ඔය ආගම් දෙකම හදාරා ඇත. ධර්මය නමැති ගසේ මුල සහ කඳ බෞද්ධ දර්ශනයි. ඉන් පැමිණි අතු සහ රිකිලි අනිත් අගම්ය !!!!! (ස)
සිල්වා ඔය හරියට හරි නියම ලාංකිකයෙක් ඕක තමයි ඇත්ත ! (දී)
ඔව් "සිල්වා", නිවන් දකින්න බුදු දහමට යා යුතුයි. නමුත් කතෝලිකයන්ට යන්න ඕනෑ ස්වර්ගයටයි. එයට වෙන ආගමකින් යන්න බැහැ. බෞද්ධ ධර්මයත්, කතෝලික ආගමත් මේ දෙක අතර වෙනස ඔබට කියලා දෙන්න මට වුවමනා නැහැ. මොන ආගමද ලෝකෙට මුලින් ආවේ අගින් ආවේ කියන එක මේ ලෝකේ අය දන්නවා. ඔයාලා කෑගැහුවයි කියලා මේවා නවතින්නේ නැහැනේ. අනික කිසිදු ආගමක් ඉතිහාසය මත මනින්න එපා (නි)
දෙවි පිහිටයි (දී)
බුදු අම්මේ ලෙඩ්ඩු ගොඩ.(නදී)
සියලු ලෝක සත්වයාට සෞබාග්‍ය උදා වේවා!(නදී)
ආගම කුමක් වුවත්, යහපත් මිනිසුන්ගේ යහපත් සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා.. (ස)
මම බෞද්ධයෙක්.පන්සල් යන කාලෙ මමත් ගියා හරිම බලවත් බැසිලිකා දේවස්ථානයට, ජේසු පිහිටයි. (ස)
මගේ අම්මෝ මේ ඔක්කොම රෝගීන් කතෝලිකයෝද? පව් නේ? රෝගීන්ගෙන් පිරිච්ච ආගමක්.(ස)
පුදුම සහගත අදහස් , විවේචන කරන මිනිසුන් ඉන්න රටක්, ශ්‍රී ලංකාව, ඉතින් කොහොමද එක්සත් ශ්‍රී ලංකාවක් බිහි කරන්නේ, අගරදගුරුතුමා ඇතුළු කතෝලික බැතිමතුන් පිරිසිදු සිතින් අන්‍ය ආගමික ජනතාව පෙරටු කර ගෙන වර්ෂයක් පසා කරන ශ්‍රේෂ්ට ආගමික පුජාවක් මෙය (ස)
ලෙඩත් දෙවියන්ගේ වෙදත් දෙවියන්ගේ.බොරුවක් කරලා හරි ගොඩ වැඩි කරගන්න බලනවා. (ස)
ලෙඩ්ඩු ගෙවල් වල .මේ අනෙක් ලෙඩ හැදෙන ඉන්න අය. (ස)
අනෙක් ආගමක් ගරහන එක මානසික රෝගයක් (ස)
ඉතා අනඟි කටයුත්තක්, දෙවියන්ගේ ආශීර්වාදය සැමටම (ස)
මේවා දැක්කම දුක හිතෙනවා . මම යෝජනා කරනවා සියලුම ඉස්පිරිතාල වසා දමලා දොස්තරවරුන්ට අනිවාර්‍ය නිවාඩු දීලා සියලුම රෝගීන්ව මේ වගේ දේව මෙහෙයවල්වලට යොමු කරනමෙන්. එතකොට රජයට අති වීසාල මුදලක් ඉතුරු කරගන්ඩ පුළුවන්. අනික මහරගම ඉන්න පිලිකා රෝගීන්ටත් ඉක්මනටම සුවර්ගස්ත වෙන්ඩ පුළුවන්. මෙච්චරම හැකියාවන් තියෙන කට්ටියක් ඉන්න කොට අපරාදේ මිනිස්සු දුක් විදින්නේ. අහෝ ,නවීන වෛදද්‍ය විද්දයාවට යන කලක්.දේව භක්තිකයන්ගේ ඇස් අන්ද ව් ඇත.(නදී)
මොකටද කතෝලික ආගමට බනින්නේ. නොදැන කියවන්න එපා හරිද? මේක හැම අවුරුදකම සිදුකරනවා. අපිට බොරු කරන්න ඕනේ නැ. (ස)
දෙවියනි මොවුන් නොදැන කියන අදහස් වලට මොවුන්ට සමාව දුන් මැනවි.(නදී)
දැන් අර කට්ටිය කියයි මේවත් නවත්වන්න කියලා, එයාලට තලබාන් උන හදිලානේ ඉන්නේ.(නදී)
ෆාරිස් සියලුම ආගම් වල රෝගීන් ඉන්නවා. නමුත් ඔයාලගේ වගේ මානසික පිස්සු රෝගීන් නොවේ. ඔයාගේ අදහසින්ම පේනවා තියන අසහනය,රෝගී බව. මම ඔබ වෙනුවෙන් දෙවියන්ගෙන් සමාව අයදිනවා. අමතක නොකර මම ලියනවා මම හොද බවුද්ධ. නමුත් සියලුම ආගම් වලට ගරු කරනවා.(නදී)
දේවයන් වහන්සේට ප්‍රසංසා වේවා ! සත්ප්‍රසදිය ජේසුනි අපට ආශීර්වාද කල මැනවි.(නදී)
ෆරිස් ඔබට ලෙඩ නැහැ නේද ... (ස)
මම හොද ක්‍රිස්තියානි භක්තිකයෙක්. නමුත් මේ වගේ ප්‍රෝඩාකාරී ,මිනිස්සු රවටන ,තමන්ගේ ගොඩට තව කට්ටිය එකතු කරගන්න හදන වැඩ වලට මගේ අප්‍රසාදය. අනික මගේ ලෙඩ හොද කරගන්නෙත් දොස්තර දෙන බෙහෙත් ටික බිලා. මගේ එකම සර්වබලදාරී දෙවියා තමයි ඒ දොස්තර. අනේ අපේ ආගමට ගිය කලක්. මේවා දැක්කම කල කිරෙනවා අපේ ආගමික නායකයන් ගැන . මම ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වගේ ප්‍රෝඩාකාරී වැඩ වලට අසුවන්න එපා. ලෙඩක් තියෙනවනම් ලගම ඉන්න වෛද්‍යවරයා හමුවන්න. ඔබගේ ගැලවුම් කරු එතුමායි.(නදී)
ඉතා අනඟි කටයුත්තක්, මෙම ලෙඩුන් සියලුදෙනා සුවපත් වෙත්වා.. මම හිතන්නේ මෙයාලා මාංශ අනුභව කරනවා වැඩි ඇති.. ඒකයි මෙපමණ රෝගීන් පිරිසක් ඉන්නේ.. මම රජයට යෝජනා කරනවා රජයේ රෝහල් සියල්ල වසා දමා සියලු රෝගීන් මෙම ස්ථානයට ගෙනවිත් රෝග සුවපත් කරවන්න සලස්වන්න කියා.(නදී)
ප්‍රතිචාර ටික දැක්කම නම් ඇතිවෙන්නේ අප්‍රසන්න හැඟීමක්. කුමන හෝ දහමක් අවබෝධයෙන් යුතුව අදහන්නෙකුට නම් ඔවැනි අදහස් පලකිරීමට හිත දෙන එකක් නැහැ. බුදුන් වහන්සේ නම් කිවේ "යමෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ උපත අනුව නොව ඔවුන් කරන ක්‍රියාව අනුව" කියලයි. මට නම් කියන්න තිබෙන්නේ, මහා කඳු පර්වත දැක, නිකරුනේ බියට පත්වී බලු කුක්කන් කොතරම් උඩු බිරුවත් පර්වත සැමදා නොනැසී පවතින බවයි. (අ)
ආගම තියෙන්නේ මිනිසුන්ව යහමග යැවීමට මිස ලෙඩ හොද කිරීමට නොවේ (නි)
මිනිසුනි,තර්කානුකුලව නිරවුල් මනසකින් හිතන්න. (නි)
කවුදෝ මගේ නමින් ඵරිස්ට ලෙඩ නැහැ නේද කියල අහලා තියනවා. ඒ දෙපා සුනකයට මට කියන්න තියෙනේ තමන්ගේ අදහස් එඩිතරව ප්‍රකාස කරන්න කියලයි. නකුට දෙකකුල් අතර හුවා ගන උඩුබුර ලන්න එපා. ඔයාලා වගේ අය ඉස්සර තුම්මුල්ලේ හන්දියේදී හවසට දකින්න හිටියා. දැන්නම් කොහොමද දන්නේ නැහැ ටිකක් හොයල බලල එයාලට එකතු වෙනවා . (නදී) .
ඔය රාගම තරම් සත්තු මරන්නේ නැහැ වෙන කොහෙවත් විශේසයෙන්ම ඌරන්ට හරියට වද දෙනවා. ඉතින් ඒවා කාලා තමයි ලෙඩ වෙලා තියෙන්නේ.(නදී)
ආසියාතික රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ ජීවත්වන්නේ, මන්ද බුද්දිකයෝ ,කුහක ,අසුබවාදී ලෙස අන් අයගේ හොඳ ක්‍රියාවන් නොදකින ජාතියක් . මම කතෝලිකයෙක් උනත් බෞද්ධ ධර්ර්මයට ගරු කරනවා. බුදුන් වහන්සේ කිවේ " සබ්බේ බද්රානි පස්සන්තු" කියලා. එහි අර්ථය සියල්ලෝ යහපත දකිත්වා යනුවෙන්.(නදී)
ඔය බොරු වැඩ ආවේ පෘතුගීසින්ගෙන් ලන්දේසීන්ගෙන් සහ ඉන්ග්‍රීසීන්ගෙන් ඔය අන්ද භක්තිය යොමුවෙලා තියෙන්නේ අවිද්‍යාව සිත තුල රජකරන නිසා.(නදී)
ෆාරිස් එයාල අදහන්නෙත් ඔයාල අදහන දෙවියෝම තමයි. කුරානයේ පිටු ගණනක් ජේසු තුමන් හා මරිය තුමිය ගැන ලියවිලා තිබෙනවා.ඉ බ්‍රහිම් තුමත්,ජේසු තුමත්,නබි මෝහම්මඩ් (සල්)තුමත් එකම දෙවියන්ගේ දූතයෝ. ඔබ කතෝලිකයන්ට නිගා කරනවා කියන්නේ ඔබ ඔබේම දෙවියන්ට නිගා කිරීමක්. ඔබලාගේ එකම තර්කය ජේසු තුමා දෙවියන්ගේ පුතා කියල ඔවුන් කියන එකයි. හැබැයි නබි මොහොමඩ් (සල්) තුමා එක තැනක කියල තියනවා මෙලොවට යක්සයා ගෙන් තොරව උපන්නේ මරිය තුමිය හා ජේසු තුමන් පමණි කියලා. මම හොද බෞද්දයෙක්. නබි මොහොමෙඩ් (සල්) තුමාගේ එම අදහස මටනම් ප්‍රස්නයක්. යක්ෂයාගෙන් තොරව උපන් දෙදෙනා ඔහු හා මරියතුමියනම් නම්, ඔහු දෙවියන්ගේ පුතා විය නොහැකිද. (නදී)
සමහර අදහස් දැක්කහම ලැජ්ජයි (නි)
මෙය මානසික සහ ශාරීරික සුවය පතා කරන යැදුම් මෙහෙයකි. නියම ශ්‍රද්ධාව තියෙන අය සුවය ලබාවි. අන් අය මේ ගැන කලබල විය යුතු නැත. ඔබ සැමට ජේසු පිහිටයි (නි)
ජේසු කියලා තියෙන්නෙ සතුරාට ප්‍රේම කරන්න,වැරදි කරන අයට සමාව දෙන්න කියලා.දෙවියනී මොවුන් නොදැන කරන වරදට මොවුන්ට සමාව දෙන්න. (නි)