අම්පාර ඓයිතිහාසික රජගලතැන්න කැණීම් වලදී හක්ගෙඩියක්, සෙල් ලිපියක කොටසක් හා පෙත් මගක් සොයා ගත් බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය. හක්ගෙඩිය වසර එක්දහස් පන්සියයක් පමණ පැරණි බව ද කියයි.
බුදු පිළිමයක් තිබූ ස්ථානයේ යට ගඩොල් මංජුසාවක මෙම හක්ගෙඩිය තැම්පත් කර තිබූ බව මහාචාර්ය හෙට්ටිආරච්චි කීය. පෙත් මඟේ ශිලා ලිපි කොටසක් හමු වී ඇත.
2012 කැණීම් ඇරඹූ රජගලතැන්නේ මිණුම් කටයුතු අවසන් කර සිතියම් ගත කිරීම් ඇරඹූ බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ පීඨාධිපති මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පැවසීය.
අනුරාධපුර යුගයේ දී සද්ධාතිස්ස කුමරුගේ පුත් පජ්ජිතිස්ස කුමාරයා විසින් කැරවූ බව වංශ කතාවල සහ රජගලතැන්න පුදබිමෙන් මතු වන තොරතුරු වලින් පැහැදිලි වන බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීවේය. පෙර රජ දවස මෙම පුදබිම රහතුන්වහන්සේලා වැඩ සිටි පුදබිමක් බව ද ඔහු කීවේය.
කැණීම් සුදුකරන අවස්ථාවේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, නැගෙනහිර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂක නිල්මල්ගොඩ, බක්කිඇල්ල පොලිස් ස්ථානාධිපති ජයලත් සුරවීර යන අය ද එහි වූහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බුදුන්ගේ දේශය. කාටවත් මොනවත් කරන්න බෑ. කව්රුහරි රට විනාස කරන්න යවානම් බොරු තමා (ම)
අපේ මිනිස්සු යන තැන වනසන ජාතියක්. එහෙව් එකේ ඔවැනි ස්ථාන ආරක්ෂා කරගැනීම වගකිව යුත්තන්ගේ කටයුත්තක්. (බ)
මෙය බුදුන්ගේ දේශය පමණක් නොවේ මුුළු විශ්වයම බුදුන්ගෙයි (බ)
බුදුන් වහන්සේ දේශනාකළේ සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි, සියල්ල අත්හරින්න කියායි (නි)
කෝච්චියේ යන මගීන්ට මැරෙන්න ගල් ගහලා විනෝද වෙන පින්වන්තයින්ගේ දේශයක්.. (ම)
අභිමානවත් අතීතයක් පමණක් ඇති වර්තමයක් සහ අනාගතයක් නැති සිංහල රටක්.... හරිම දුකයි... අතීතයේ දේවල් වලින් ආඩම්බර වෙමු.. (ම)