රාජකාරි කාලයේ දී පෞද්ගලික ප්‍රතිකාර සේවා සහ පෞද්ගලික රෝහල්වල රාජකාරි කරන වෛද්‍යවරුන් ඇතුළු සියළුම සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව කටයුතු කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජකාරි කාලයේ දී පෞද්ගලික ප්‍රතිකාර සේවා සහ පෞද්ගලික රෝහල්වල රාජකාරි කරන වෛද්‍යවරුන් ඇතුළු සියළුම සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව කටයුතු කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රමය නවත්වන්න නම් ලොකු යුද්ධයක් කරන්න වේවි. ඒ තරමටම මේ ක්‍රමය දැන් සමාජගත වෙලා. දැනට කළු සල්ලි තත්වයට පත්වී ඇති චැනල් ක්‍රමය විධිමත් කර රජයට යම් මුදලක් ලැබෙන ලෙස සුදුසු යාන්ත්‍රණයක් සැකසීම වඩා ප්‍රායෝගික විය හැක. (නි)
කරයි කරයි බලාගෙන ඉන්න. දවල් සිහින.(රේ)
හොඳ වැඩක්. (ර)
කතාව දෝලාවෙන් ගමන පයින් නම් වෙන්න එපා. අද වෙනතුරු කළ එක වැඩක් කියන්න පුලුවන්ද? හැමෝටම රෝහලට යන්න වෙලාවක් නැහැනේ. (නි)
මම නම් කතා පමණක් විශ්වාස කරන්නේ නැහැ (නි)
ඇත්තටම හොඳ වැඩක් (නි)
දොස්තරලා පුද්ගලිකව වුණත් බලන්නේ ලංකාවේ ලෙඩ්ඩුමනේ (නි)
දිනේෂ්, මේක ඇමරිකාව නෙමෙයි,ලංකාව. ඇමතිතුමා කරන්න අදහස් කරන වැඩේ හරියටම කරනවා නම් බොහොම හොඳයි. (නි)
නෑ දිනේෂ්.. ඇමරිකාවේ මූලික ප්‍රථිකාර ඔනෑ කෙනෙකුට නොමිලේ ලබාගන්න පුලුවන්.. සැත්කමක් වගේ දෙයකුත් අවශ්‍යනම් කරනවා නමුත් රක්ෂනයක් නැතිනම් තමන් පසුව හෝ බිල ගෙවිය යුතුයි... නැතිනම් රාජ්‍ය නොවන සංවිධානයකින් උදව් ලබාගත හැකියි.. කොහොමත් ඇමරිකාවේ 90% පමන වෛද්‍ය රක්ෂනයක් තිබෙනවා.. ඉතා සුලු මුදලකට රජයෙන් හෝ පෞද්ගලික අන්ශයෙන් රක්ෂනයක් ලබාගත හැකියි... සල්ලි නැතිනම් දොස්තරලා ලෙඩා බලන්නෙ නෑ කීම බොරුවක් (රේ)
නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන බහුතරයක් දොස්තරලා කරන්නේ ලෙඩ්ඩු මරාගෙන කන එක. බොහොම ටික දෙනෙක් විතරයි සාධාරන. හැබැයි කතාවෙන් නම් බුදුවෙන්න ඔන්න මෙන්න (නි)
රොෂාන්, සුගත්, ඔබ හරි. ඇමෙරිකාවේ වෛද්‍ය පහසුකම් හොඳට තිබුනාට ලංකාවේ වගේ හදිසි අසනීපයකට එවෙලේම වෛද්‍යවරයෙක් හමුවීමට ලෙහෙසියෙන් බැහැ. දින 2-3 කට කලින් දැනුම් දී තමයි අවස්ථාවක් ලබාගැනීමට හැකිවන්නේ. ඒ අතින් ලංකාවේ ක්‍රමය හොඳයි.කෙසේවෙතත් රාජකාරි වෙලාවේ පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන ලංකාවේ ක්‍රමය නැවැත්වීමට කරන උත්සාහය හොඳයි. (නි)
අගය කරන්න ඕන වැඩක් (බ)
මේ කොමෙන්ට් දාන අය කීප දෙනයි හරි දේ දන්නේ, ඇත්තටම බැලුවොත් රජයේ රෝහල්වල අඩුපාඩු බොහොමයි , දැන් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ඔවුන් ඉගෙන ගත්ත දෙයින් ජනතාවට වැඩ කරන්න අවශ්‍ය පහසුකම් රජයෙන් සපයන්නේ නැතුව ඔවුන් කොහේ හරි ඈත ඉස්පිරිතාලේකට දාලා නිකම් වල් වැදෙන්න අරිනවා.පහසුකම් කිව්වේ ඒ දොස්තරට නෙමේ....එයාගේ විශේෂඥ දැනුමේ පරිචයට අදාලව අවශ්‍ය තාක්ෂණික මෙන්ම අනෙකුත් පහසුකම්....ඉතින් මේ පහසුකම් සපයන එක සෞඛය අමාත්‍යංශයේ ඉහල නිලධාරින්ගේ වගකීමක්.මොකද ඔය කියන නිලධාරීනුත් මේ රටේ නිදහස් අද්‍යාපනය ලබපු අය තමා. සමහරු හිතන් ඉන්නේ දොස්තරලා විතරයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ කියලා. වසරකට 25000 වැඩිය උපාධි ධාරීන් නිදහස් අධ්‍යාපනය ලබනවා. හැබැයි දොස්තර වෙන්න ඉගෙන ගන්නේ 1100 විතර බව මේ කෑගහන අය දන්නේ නැහැ. අනිත් එක මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් මහා ලොකු වැටුපක් ලැබෙනවා කියල දොස්තරට ........මෝඩයිනි සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම හරියට ඉෂ්ට කරන්න කියන්න. ඉක්මනට ...ඊට පස්සේ දොස්තරලගේ අඩුපාඩු හොයන්න පුළුවන්.සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යක්ෂම කම කියන්නේ දැනට අවුරුදු 13 කට කලින් පත්වීම් දුන්න අයගේ පත්වීම් ලිපි හම්බ උනේ නැති දොස්තරලා ඉන්නවා....ඒ අතින් මේ අඩු පාඩු මැද වැඩ කරන දොස්තරලා අපිට ආඩම්බරයක්. (ස)
යමුනාගේ සමහර කාරණ ඇත්ත එත් සියලුම කාරණා වලට එකග විය නොහැක, වෛද්‍යවරු පෞද්ගලික සේවය කරන්නේ අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාව නිසා නොවෙන බව ඉතාම සරල කාරණාවක්. (ම)
හොඳ දෙයක් ? එ්ත් නවත්වන්න බැරි වෙයි ? මොකද වර්ජනයට සැරසෙයි. (ස)
පිටරට දොස්තරලා ඉගෙන ගන්නේ පිනට නොවේ. (ස)
මෙතන ඉන්න ගොඩක් කුහක අය කතාකරන්නේ හරියට ආණ්ඩුවේ සල්ලි වලින් ඉබේ දොස්තරලා පහල උනා වගෙයි. ඒ දරුවන් නොකා නොබී හරියට නින්දක් නැතුව, දොස්තර කෙනෙක් වෙන්න විඳපු දුක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. එහෙමනම් ආණ්ඩුවේ සල්ලි අපතේ යවල හරියට පිස්සු නටල විබාග පාස් උනේ නැති අයගෙන් ඒ සල්ලි අපහු අයකර ගන්න ඕන. (ස)
ඕක ලේසි වැඩක් නම් නෙවෙයි. නමුත් අවසානයක් දකින තුරු සටන් කරන්න ඕන. ජනතාව එ්කට සහයෝගය දෙන්න ඕන. (ස)
ඔය කියන ඩියුටි වෙලාවේ ප්‍රයිවෙට් චැනල් නිසාද ඉස්පිරිතාල පිරිහිලා තියෙන්නේ? ඔච්චර කැක්කුම නම් ඉස්සෙල්ල ඖෂධ මාෆියාව නවත්තන්න, ඊ ලඟට අමාත්‍යාන්ශේ මිලියන ගණන් කොමිස් ගැහිල්ල නවත්තන්න. (ස)
කොරයි කියල තමයි අපිත් බලන්නේ මෙයා හොට පටලවාගන්න ලගයි.(ම)
රාජකාරී කාලය තුළදී පෞද්ගලික ආයතනවල සේවය කරන වෛද්‍යවරු ගැන සොයාබලා ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවන්න (නි)
ඇමරිකාවේ නොමිලේ සෞඛ්‍ය සේවයක් නැහැ. පහසුකම් සහ බෙහෙත් ඉතාමත් දියුණු වුණාට වෛද්‍ය රක්ෂණය නැත්නම් දොස්තරලා අත තියන්නේ නැහැ. ඒ බව කියන්නේ ඕස්ට්‍රේලියාවට එන ඇමරිකන් ජාතිකයන්. ඕස්ට්‍රේලියාවේ මෙඩිකෙයාර් නමින් හඳුන්වන නොමිලේ මුලික වෛද්‍ය පහසුකම් දෙන ක්‍රමයක් තිබෙනවා. නමුත් වෛද්‍ය රක්ෂණයත් සමගාමීව තිබෙනවා. (නි)
මේ වෙන කවුරුවත් නෙවෙයි අර නිදහස් අධ්‍යාපනය බේරා ගනිව් කියලා ඉගෙන ගන්න කාලේදී බෙරිහන් දීපු උදවිය. දැන් ඒවා මතක නැහැ. පන යනකන් පුද්ගලික චැනල් සේවයේ. (ම)
එය කල යුතුමයි. (ස)
ඇමතිතුමා, ඔය සෙට් එකේ වැඩ නවත්වනවා බොරු. කරන්න බලන්නකෝ. පුදුම ආදරයක් ජනතාවට තියෙන්නේ කැම්පස් කාලේ. හිනා යනවා පිට රටකට ගිහින් අපේ සෞඛ්‍ය සේවය දිහා ආපසු බලද්දී. (ස)
අද ජීවක ජාවාරම ජයටම. (ස)
ඇමති තුමනි............පෞද්ගලික සේවයේ යෙදීම වෛද්‍යවරුන්ට තහනම් කරන්න..එහෙම කරලා අැමෙරිෙකාවේ වගේ හොඳ වැටුපක් දෙන්න..මිනිස්සුන්ට ඕන අැමෙරිකාවේ වගේ හොඳ වෛද්‍ය සේවයක්..පඩි ගෙවාගන්න බැරී උනොත් බද්දක් ගහල උපරිම සේවය දෙන්න. (ස)
බලාගෙන ඉමු අපි මේ කියන විදිහටම මේවා වෙයිද කියලා (නි)
ඇමරිකාවේ මම දන්නා තරමට වෛද්‍ය රක්ෂණයක් තිබෙන්න ඕනෑ බෙහෙත් ගන්න. නිකන් බෙහෙත් දෙන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් තව විස්තර පවසන්න (නි)
මේවා නවත්වන්නම ඕනෑ. රජයේ මුදල් වලින් ඉගෙනගෙන, අහිංසක මිනිසුන්ගෙන් මුදල් අයකරන මේ අය යම්කිසි පාලනයකට නතුවිය යුතුමයි. (නි)
කරලම පෙන්වන්නකෝ. කී දෙනෙක් ඔය දේ කරන්න උත්සාහ කළාද? (නි)
දන්නා තරමින් ඇමෙරිකාවේ බෙහෙත් ගන්න සෑහෙන මුදලක් වැයකරන්න ඕනෑ. නැත්නම් රක්ෂණයක් ඕනෑ. නොමිලේ බෙහෙත් දෙන්නේ කියුබාව,මහජන චීනය වගේ සීමිත රටවල් කීපයකයි. (නි)
හොඳ වැඩක්.(ර)
මේ හරහා සිදුකරන රෝහල් ගාස්තු, චැනල් සේවා ගාස්තු, ඔන්ලයින් ගාස්තු හා දැනුම්දීමේ ගාස්තු යනාදී ලෙසින් නොයෙක් ආකාරයෙන් ප්‍රමිතියෙන් තොරව හා අසම්මත ලෙස රෝගී ජනතාව සුරාකන චැනල් සේවාව කඩිනමින් පාලනය කිරීමටද අවශ්‍ය පියවර ගන්න. (නි)
කතාව දෝලාවෙන් ගමන පයින් නම් වෙන්න එපා. අද වෙනතුරු කළ එක වැඩක් කියන්න පුලුවන්ද? (නි)
වෛද්‍යවරු බහුතරයක් මේ දෙයට කැමතියි. හැබැයි වෛද්‍යවරුන්ගේ සේවයට සරිලන්න වැටුපක් ගෙවීම අත්‍යවශ්‍යයි. පෞද්ගලික චැනල් සේවා සීමාකිරීමෙන් අපහසුතාවයට පත්වෙන්නේ මේ රටේ බහුතර මහජනතාව. නැතුව වෛද්‍යවරු නෙමෙයි. රෝහල් වල තදබදය තවත් දස ගුණයකින් විතර වැඩිවෙයි. (නි)
හැබෑටම ඇයි ඔය දොස්තරලා, නීතිඥයෝ වගේ කට්ටියගෙන් රජය බද්දක් අයකරන්නේ නැත්තේ? (නි)
චැනල් සේවා දැන් මාෆියාවක් වෙලා. ඔබ එය කළොත් ලොකු වීරකමක්. (නි)
අනේ මන්දා? ඇමෙරිකාව, රුසියාව, චීනය, සිංගප්පූරුව වගේ කරන්න හදනවා ලංකාව. ඔය සේරම නවත්තලා ලංකාව ලංකාවක් කරන්න හැදුවා නම් නරකද? බලන්නකෝ අතීතයේ අපේ වෙද මහත්වරු සල්ලි නෙමෙයි බැලුවේ ලෙඩා ගැන. මුලින්ම හදන්න ඕනෑ අපේ රටේ උගතුන්ගේ ආකල්ප. උගතුන් යහපත් ආකල්පයන්ගෙන් පිරි බුද්ධිමතුන් පිරිසක් බවට පත්කළ යුතුයි. ඒකට දේශපාලන විප්ලවයක් නොවෙයි චින්තන විප්ලවයක් කළයුතුයි. (නි)
බලමුකෝ අපි ඕවා හරියටම ක්‍රියාත්මක වෙයිද කියලා. (නි)
හැමෝටම ඉස්පිරිතාලේ යන්නේ වෙලාවක් නැනේ .ඒ නිසා අපට චැනල් සර්විස් ඕන . අනික අට පස් නැති ඇමතිලා මොන්ටෙරෝවල යනකොට දොස්තරලට මරුටි වල යන්නත් බැනේ (බ)
ඖෂධ පනත වගේද? තිබුනටත් වැඩිය ගණන් බෙහෙත්. (බ)