( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මාර්තු මස 13 වැනිදා නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
එම පැමිණිල්ල අද(26) ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුහ.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පැමිණිල්ලට අදාළ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය ලබන 13 වැනිදා කැඳවන බවයි.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් සිතාසි නිකුත් කර නොතිබුණ ද අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.
මෙම පැමිණිල්ලට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා තිබේ.
රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත් නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඒ මහතා සිදු කරන ලද ප්‍රකාශයක් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.
එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසියකට අනුව මෙම පැමිණිල්ල සලකා බැලිණි
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
රංජන්ට එරෙහි පැමිණිල්ල නැවත කැඳවීම මාර්තුවේදී
Bamunuarachchi Tuesday, 26 February 2019 08:07 AM
රන්ජන් ඔබට ඉන්න සාක්ෂිකරුවන් 42 දෙදෙනාම ඉස්තරම්ම අය. ඔවුන් සියලු දෙනාම සාක්ෂිවලට කැඳවන්න. මට උවමනා සර් කියන ඕනෑම දෙයක් කරන්නන් කිවූ විනිසුරුවන් ඉන්න රටේ මගේ මිතුරු නීතිඥවරුන්ට සමාජයේ ඔවුන් කොතනද ඉන්නේ කියා ඔවුනට පෙන්වීමට.
Mahee Tuesday, 26 February 2019 09:35 AM
නඩු 24 ක් තියෙනවා කිව්වා නේද? බය වෙන්න දෙයක් නැහැ රන්ජන්, ලංකාවේ අධිකරණ ක්‍රියාවලියේ වේගයේ හැටියට ඔය නඩු 24 ඉවරවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2500 දී විතර.
Sumith Tuesday, 26 February 2019 10:05 AM
ජනතාව අද දුක්වෙනවා සංවර්ධනය නැ මොකක් හරි ගෙනල්ල දොඩවනවා. මෙහෙමත් ආණ්ඩුවක්
BamunuarachchiWednesday, 27 February 2019 01:25 AM
එහෙම්මම කියන්න එපා ඒගොල්ලන්ගේ වැටුප් වැඩි වුනා දීමනා වැඩි වුනා ඒගොල්ලෝ සංවර්දනය වුනා.