(අජිත්ලාල් ශාන්තඋදය)
මෙවර යල් කන්නයේ වී වගාකරන ගොවීන්ට යූරියා සහ එම්ඕපී (මඩ පොහොර) අඩුමිලට දෙන බවට රජය පැවසුව ද රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන වල පොහොරවල මිල අඩුවක් නැති බව ගොවීහු කියති.
ඒ අනුව යූරියා කිලෝවක් රුපියල් 200 සහ එම්ඕපී කිලෝවක් රුපියල් 390 බැගින් මෙවරත් අලෙවි කරන බව ගොවීහු පවසති. ගිය යල් කන්නයේ දී ද අලෙවි කළේ එම ගණන්වලටය.
ඒ අනුව කිලෝ පනහේ යූරියා මල්ලක් රුපියල් 10000ක් සහ එම්ඕපී කිලෝ පනහේ මල්ලක් රුපියල් 19500ක් පමණ වන බවට ගොවීන් මැසිවිලි නඟයි.
නමුත් කන්නය මුලදී කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසුවේ යූරියා සහ එම්ඕපී පොහොර මිල අඩුකර යල් කන්නයේ ගොවීන්ට ලබාදෙන බවයි.
පසුගිය යල් කන්නයේ ද එම්ඕපී පොහොර කිලෝ පනහේ මල්ලක් රුපියල් 19500ක් වු බැවින් ගොවින් වැඩි දෙනෙක් වී වගාවට එම්ඕපී යෙදීමෙන් වැළකී සිටියේය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ රජය අඬබෙර ගැහුවත් පෝර මිලේ වෙනසක් නෑ‘
චිරන්ත Thursday, 11 May 2023 12:39 PM
අඩුකරන්නේ කොහොමද? රටපුරා අණබෙර ගහන්න වියදම් යනවා. අණබෙරකරුවන් තෝරා ගන්න ටෙන්ඩර් සඳහා වියදම් යනවා.. බෙරකරුවන්ට ගෙවන්න වෙනවා. ඒවා එකතුවන කොට කියපු ආකාරයට දෙන්න බැහැ තමයි. ඒ නිසා කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් අසන්න ඕනෑ...
fairoos Thursday, 11 May 2023 12:49 PM
ඇමතිගේ කයිවාරු විතරයි.මේ කාලකන්නි රනිල් රාජපක්ෂ ආණ්ඩුව තියනකම් රට ඉවරයි