(අංජුල මහික වීරරත්න)
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේය.
පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදු කළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවේදීය.
ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන්නේය.
නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කළේය.
රජයේ දේපළ භාවිත කිරීමේදී පෙර පැවති නරක පූර්වාදර්ශවලින් මිදී කටයුතු කරන ලෙසත් ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා කැපවෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළේය.
උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
කන්තලේ ගොවි ජනතාවට ලබා දුන් ඉඩම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු විය.
පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඊට සාධනීය විසඳුම් ලබා දීමටද මෙහිදී තීරණය විය.
උතුර පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ දේපල පාවිච්චි කරන විට ඉස්සර නරක පුරුදු එපා
මැක්ස් Tuesday, 22 October 2024 04:02 PM
පළාත් බබ්බු නොමැතිව දැන් සැලකිය යුතු කාලයක් රට හොදින් දුවනු අපට අත්දැකීමෙන් පෙනේ. පළාත් සභා සුදු අලි බවටත් දැන් ආණ්ඩු කරන ඇත්තෝ කාලයක් පුරා මන්තරයක් මෙන් වැපිරූ අදහසකි. ඉතින්, දෙය්යනේ, ඇයි බැරි දැන් සුදු අලියා ඉවත් කරන්න. රුපියල් කීයක් නම් ඉතුරු කර ගන්න පුළුවන් ද? වාහන සංදර්ශන වැනි විහිළු නවතා ඒ ගැන හිතුවොත් නරකද ජනපතිතුමා?
සෙනෙවිරත්න Tuesday, 22 October 2024 04:14 PM
මේ වගේ අවවාදයක් දෙන නායකයෙකු පත්කිරිමට ඡන්දය පාවිච්චි කිරීම ගැන ආඩම්බර වෙමි. ඉතිහාසයේ මෙවන් නායකයෙකු බිහිවූයේ නම් අප මේ අගාධයට වැටෙන්නේ නැත.
Jayamanna Tuesday, 22 October 2024 05:50 PM
දේශපාලකයා සහ රජයේ සේවකයා යනු සෑම දෙයකටම එකම කාසියේ දෙපැත්තයි. සාමාන්‍ය ජනතාව රට මංකොල්ල කෑවේ නැහැ. එබැවින් දේශපාලකයන්ට පමණක් චෝදනා කිරීම නවත්වන්න, නමුත් කාලකණ්ණි රජයේ සේවකයාටද දොස් පවරන්න. මගේ වැටහීම අනුව, කාලකණ්ණි රජයේ සේවකයාගෙන් සම්බන්ධීකරණයක් හෝ සහයෝගයක් නොමැති නම්, NPP වහලුන් පවසන පරිදි දේශපාලකයාට රට කොල්ලකෑමට නොහැකිය.
Rathnaseekara Wednesday, 23 October 2024 06:23 AM
මෛත්‍රීපාල හිටපු ජනාධිපති කියලා තිබුණා ඇමැතිවරයාට තනිවම හොරකම් කරන්න බැහැ. අමාත්‍යාංශයේ ලේකම් හා ප්‍රධාන ගණකාධිකාරීගේ සම්බන්ධයෙන් තොරව කිසිවක් කරන්න බැහැ කියලා.. ඒත් එහෙම කරන්න නම් අදාල විෂය භාර නිලධාරියාගේ සම්බන්ධයත් අනිවාර්යයෙන් තියෙන්නම ඕනෑ... මම පළාත් සභා සුදු අලියෙකුගේ ස්ථානයක අමතරව කිසිම මුදලක් සෙවීමට නොහැකි තැනක සේවය කළ නිසා දන්නවා... මම ඉවත්වුණාට පස්සේ කොළඹ දෙපාර්තමේන්තුවෙන් එම දෙපාර්තමේන්තුවට ලැබුණු බසයත් එම දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යාංශයේ නිලධාරි ඔවුන්ගේ ප්‍රයෝජනයට ලබාගෙන තියෙනවා. ඉතින් වාහන අතුරුදන් වීම ගැන මොනවා කියන්නද? (වර්තමානයේ පළාත් සභා නැතත් අනවශ්‍ය තනතුරු ඇතිකරගෙන අනිසි වාහන පරිහරණයක් වෙනවා කියලා පේනවා)