IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රජයේ වියදම - බදු ආදායම අතර විශාල පරතරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (19) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙරට රජයේ වියදම සහ බදු ආදායම අතර පරතරය සියයට 11 බවත් මෙවැනි විශාල පරතරයක් පියවා ගැනීම සඳහා ණය ලබා දීමට කිසිවෙකුත් කැමති නොවන බවත් බෲවර් මහතා පැවැසුවේය. 2022 වසරේ සියයට 7 ක් වූ බදු ආදායම පසුගිය වසරේදී සියයට 9 ක් දක්වා වැඩි කරගෙන ඇතත් එය ප්‍රමාණවත් නොවන බවද  බෲවර් මහතා ප්‍රකාශ කළේය.

රජයේ ආදායම සහ වියදම අතර පරතරය අඩු කිරීම ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගයක් බවත් එම අභියෝගය සාර්ථකව ජයගනිමින් මෙම වසරේදී සියයට 12 දක්වාද ලබන වසරේ සියයට 14 දක්වාද රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසුවේය.එවිට ඉතිරිවන සුළු පරතරය පියවා ගැනීම සඳහා ණය ලබාදීමට ණය දෙන්නන් ඉදිරිපත් වනු ඇතැයි බෲවර් මහතා පැවැසුවේය.යමෙක් බදු ගෙවීම පැහැර හරින විට එම මුදල තවත් අයෙකුට ගෙවීමටද සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් පුද්ගලයන් බදු හිලෙන් රිංගා යාම වැළැක්විය යුතු බවද ඔහු පැවැසුවේය.

2022 වසරේදී රජයේ බදු අදායම සහ වියදම අතර පරතරය සියයට 13 ක් බවත් එවැනි පරතරයක් තිබෙන විට රජය සතු මුදල් අවසන් වීම පුදුම වීමට දෙයක් නොවන බවත් පීටර් බෲවර් මහතා පැවැසුවේය.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලබා දී ඇති බදු සහන ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රකාශනයේ අඩංගු එක් නිර්දේශයක් බවත් ශ්‍රී ලංකාව තවදුරටත් බදු සහන ලබා දීම අත්හිටුවිම ආධාර වැඩසටහනේ එක් කැපවීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබා දී ඇති රජයේ බදු අදායම් ඉලක්කය සපුරා ගැනීමට දේපල බද්ද විශාල සහායක් ලබා දෙනු ඇති බවද  බෲවර් මහතා පැවැසුවේය.

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී ශ්‍රී ලංකාවේ මීළඟ පියවරයන් විය යුත්තේ නිල ණය හිමියන් සමඟ එළඹි ප්‍රතිපත්තිමය ගිවිසුම හැකිතාක් ඉක්මනින් නිල ගිවිසුමක් බවට පත් කර ගැනීමත් වාණිජ ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීම බවත්  බෲවර් මහතා පැවැසුවේය.තවම නිශ්චිත කාල වකවානුවක් තීරණය කර නැතත් පළමු සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබී මාස 6 කදී ප්‍රතිපත්තිමය වශයෙන් දෙවැනි සමාලෝචනය සිදු කරන බවත් එම කාලය වන විට වාණිජ ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීන එක්සිම් බැංකුව සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට ශ්‍රී ලංකාව එළඹුනත් වාණිජ ණය හිමියකු වූ චීන සංවර්ධන බැංකුව සමඟ ශ්‍රී ලංකාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව බෲවර් මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ දුෂණ හා වංචා ක්‍රියා අවම කිරීමට සේවා ඩිජිටල්කරණය ඉතා වැදගත් පියවරක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් බෲවර් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින ලක්ෂණ පෙන්නුම් කළත් තවමත් ආර්ථිකය යථා තත්වයට පත් වීම මුල් අදියරේ පවතින බවත් එහි ප්‍රතිලාභ ජනගහනයෙන් වැඩි පිරිසකට ලැබී නොමැති බවත්  බෲවර් මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2 වනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරන බව එම අරමුදලේ කොළඹ නේවාසික නියෝජිත සර්වාත් ජහාන් මහත්මිය එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවැසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 සිට අද  (19) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළහ.



අදහස් (2)

රජයේ වියදම - බදු ආදායම අතර විශාල පරතරයක්

kamal Friday, 19 January 2024 08:39 PM

රාජ්‍ය ආදායම පමණක් නොව, රාජ්‍ය වියදම් අඩු කිරීමටද පියවර ගත යුතුයි. උදාහරණක් නම්, සියලු රජයේ සේවකයින්ගේ වැටුප් 10% කින් අඩු කිරීම...!

:       0       1

Bamunuarachchi Tuesday, 23 January 2024 06:51 AM

සංස්ථා මණ්ඩල රජයේ වියදමින් නඩත්තු නොකර ඒවා පෞද්ගලික අංශට බාරදී බදු අයකරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 219 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1258 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2453 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7004 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site