IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රජයේ වෑයමට යුරෝපා සංගමයේ පැසසුම්

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය විසින් පනවන ලද තහනම ඉවත් කර ගැනිම වෙනුවෙන්  ශ්‍රී ලංකා රජය  අනුගමනය කරන ක‍්‍රියාමාර්ග වල ප‍්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය ප‍්‍රශංසාව පළ කරයි.

ඉන්දීය සාගර ටූනා කොමිසමේ රෙගුලාසි වලට අනුකූල වීම ගත් උත්සහායන් පිළිබඳව යුරෝපා සංගම් බලධාරීන් අගයා ඇතැයි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

කෙසේ වෙතත් ඉදිරි මාස වලදී යුරෝපා සංගමය වෙත මසුන් අපනයනය කිරීම පිළිබඳ තහනම ඉවත් කිරීමේ අරමුණෙන් නීතිවිරෝධී ,වාර්තා නොවන හා නියාමනය නොකෙරෙන ධීවර කර්මාන්තය පිළිබඳව යුරෝපා සංගම් නීතිය යටතේ සෙසු අඩුපාඩු නිවැරදි කර ගැනීමට අවශ්‍ය කරන වැඩිදුර පියවර ගැනීමට අවශ්‍ය කරන වැඩිදුර පියවර ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් මෙන්ම යුරෝපා සංගම් බලධාරීන් එක්ව වැඩ කිරීමට එකඟ වූ බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

මෙරටට පැනවූ යුරෝපා මත්ස්‍ය තහනම ගැන වැඩිදුරටත් අධ්‍යනය කිරීම හා සාකච්ඡුා කිරීමේ අරමුණින් එම සංගමයේ  සමුද්‍ර කටයුතු හා ධීවර කර්මාන්ත අධ්‍යක්ෂ මණ්ඩල ජනරාල්වරයාගේ නියෝජිත කණ්ඩායමක් ඉකුත්දා මෙරටට පැමිණි අතර  ඔවුන් මේ සම්බන්ධයෙන් ධීවර බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන ධීවර නිෂ්පාදන වෙනුවෙන් යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා රජය ඉකුත් ජනවාරි මාසයේ සිට ගනු ලැබූ පියවර සහ අන්තර්ගත ප‍්‍රගති වාර්තාව මේවන විට යුරෝපා සංගමයේ සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.

 



අදහස් (0)

රජයේ වෑයමට යුරෝපා සංගමයේ පැසසුම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 101 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 96 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 4225 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2599 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3257 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5937 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18888 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site