විවිධ රාජය ආයතනවලට අයත් මෝටර් රථ 300 ක් මැතිවරණ ප්‍රචාරක වැඩට යොදා ගනිතියි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා සංවිධානයේ පොදු දේපළ රැක ගැනිමේ වැඩසටහන පවසයි.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් , පළාත් සභා මැති ඇමතිවරුන්ගේ පළාත් පාලන ආයතන සභාපතිවරුන් සංස්ථා සභාපතිවරුන්ගේ සහ නිලධාරින්ගේ මේ වාහන භාවිතා කරන පිරිස් අතර වෙතියි ද කියති.
මෙම වාහන සියල්ල රජය විසුරුවා හැරිමත් සමග යළි භාර දිය යුතුව තිබුණත් ඇතැම් දේශපාලන පක්ෂ මේ වාහන භාවිතා කරන බවත් විජේතුංග මහතා රජයේ වාහන සංවිතයට එම වාහන ගෙන්වා ගැනීමට මැතිවරණ පනත ප්‍රකාරව නියෝග පණවන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටි බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ගිය මැතිවරණෙ දී ? (නදී)
යහපාලනය මෙහෙම කරන්නේ නැහැ කියලනේ උදම් අනන්නේ. ඉතින් මොකද මේ? කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියන්නේ මේකටද? (නි)
වහාම දඬුවම් දෙන්න (නි)
රජයේ වාහන කිවුවහම මේ ආණ්ඩුවේ අයත් අහුවෙනවා.අපි දන්න විදියට නම් රජයේ වාහන වැඩි හරියක් පාවිච්චි කරන්නේ පළාත් සභාවල ඉන්න සන්ධානේ මැති ඇමතිලා.ඒකත් දැන් යහපාලන ආණ්ඩුව පැත්තට දාලා. පුදුම වැඩ තමයි.. (නි)
සමහර වෙලාවට යහපාලනයත් යමපාලනයක් වෙනවනේ. හොඳ හොඳ සෙල්ලම් ඡන්දෙන් පස්සේ. (නදී)
යහාපලනය යනු ප්‍රචාරක වැකියක පමණි. හුදෙක් මිනිසුන් රවටන මිරුගුවක් වැනිය. යහාපලනය ,තනිකර බොරු මවා පෑමක් විතරයි...හරියට අලියා ගිලපු දිවුල් ගෙඩිය වගේ මොකුත්ම නැහැ. (නදී)
මැකෝගේ මැතිවරණ කිරි කලයට ගොම බින්දුවක්ද ? (ම)
ඊයේ 12 වෙද්දී කීයක් හම්බ වුණාද??? (ම)