‘රජයත් විපක්ෂයත් එකතු වී අද ගමනක් යන බව පේනවා තම පක්ෂවලට කිට්ටු වී කටයුතු කරන අයට පමණයි, මේ දෙගොල්ලන්ගේම සැළැකිල්ල.ගැත්තනට පමණක් වැඩ කරන සංස්කෘතියක් තමයි මේ දගොල්ලන්ටම තියෙන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්යේ නායක ජනරාල් සරත් ෆොන්සේකා දඹදෙණීයේ ප්‍රචාරක රැළියක් අමතමින් එසේ කීවේය.
වයඹ පළාත් සභා මැතිවරණයට තම පක්ෂය ගිනි සිළුව යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද කීය.යුද ජයග්‍රහණයට පාර කැපුවේ යම්සේද සිර ගත කිරීමෙන් පසුව හැම දුකක්ම විද දරා ග්තතේ යම්සේද ඒ සියලු අත්දැකිම් දැනුම හා අද්දැකීම් තැලී පොඩි වී දුක් විදින ජනතාවගේ ජයග්‍රහණය උදෙසා කැප කරන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා දැන් මේ ආණ්ඩුවටයි, විපක්ෂේටයි බනිනවා. කලින් ආණ්ඩුවට හොද කිව්වා, ඊට පස්සේ විපක්ෂේත් එක්ක එකතු වුනා. චඑහෙම එකේ ඔයා වගේ කෙනෙක්ව විශ්වාස කරන්නේ කොහොමද? (නි)
ඉන්දික,ඔයත් ආණ්ඩුවේ මොනවා හරි රස්සාවක් හරි එහෙම නැත්නම් මඩිය තරවන වාසියක් ලබාගත්තද? යුද්දේ ඉවර කලේ ත්‍රිවිද හමුදාව සහ පොලීසිය එකට එකතුවෙලා තමා.ඒත් ෆොන්සේකාගේ භූමිකාව තිබ්බේ නැත්නම් මොන ආණ්ඩුව තිබ්බත් යුද්දේ දිනන්න බැරි බව ඔබ,අප හැම දෙනාම දන්නවා. (නි)
මේ තියන අදහස් බලපුවම රට යන පැත්ත පැහැදිලි වෙනවා. අගාදෙන් අගාදෙට. ඔබලාගේ දරුවන්ට ඉතුරු වන රට ගැන හිතන්න. හොරු,දුෂකයෝ,කොමිස් කාක්කෝ,කුඩු කාරයෝ, අහිංසක මිනිහෙකුට නිදහසේ ජීවත් වෙන්න බැරි පරිසරයක් උදා වෙන්නේ. හොදම උදාහරණය මෙවර මන්තීලගේ,ඇමතිලගේ පුතාල ගොඩක් දෙනෙක් ඉදිරිපත් වෙනවා.ඔහුන් දිනනවා.තාත්තලට වැඩිය දෙයක් සමාජයට කරනවා.මුළු රටම පරදිනවා.(අ)
අම්මෝ.. මේ තියෙන තරහට බැරි වෙලා වත් බලේට අවොත් එහෙම හිට්ලර් වගේම වෙයි.(නදී)
ඉදිරිපත් කරයි. ඡන්දෙ තියපු ගමන් ඉතින් ගෙවල් බලා යව්.(නදී)
ඔයාට බෑ දේශපාලනේ. තවත් ඇදගෙන නා ගන්න හදන්නේ.(නදී)
සියල්ලට පෙර රට (දී)
කෙවින්,ලංකාවේ ඉන්න මෝඩයන්ට නොතේරුනාට පිට රටවල් වල ඉන්න අපිට තේරෙනවා රට යන්නේ මොන පැත්තටද කියලා.අපි කැමති නැහැ අපේ රට ඉතියෝපියාවක්,සෝමාලියාවක්,බන්ගලිදේශයක්,මියන්මාරයක් වෙනවා දකින්න.විසි කරලා බත් කොළ ඇහිදගෙන කන,හිගා කාලා ජීවත් වෙන දරුවන් ඉදිරියේදී දකින්න.අදහස් දැක්කම හිතෙනවා මේ මිනිස්සු හොනවද දරුවන්ට අනාගතයේදී ඉතිරි කරන්නේ කියලා.සරත් ෆොන්සේකා කියන්නේ රට නිදහස් කර ගන්න පුළුවන් නිර්බීත නායකයෙක්. (නි)
රට වෙනුවෙන් කැපවීම තමයි වැදගත් (දී)
බන්දුල, එකම ක්‍රමය විපක්ෂය මේ බලවේගේ අතට ගන්න ඕනෑ.බෞද්ධ බලවේග සුපිරි කාර් වලට විකිනෙන කාලයක් මේකමම දැක්කා එක චීවරධාරියෙක් එයාගේ ඉන්ටර්කූලර් එක විකුනන්න දාලා තියෙනවා ලක්ස 165 කට. ඒ නිසා දහසින් බැදී පියලි වලින්, ඩුයුටි ෆී සුකෝපභෝගී වාහනයකට දෙකකට හිමිකම් ලබනවා. (නි)
දැනටමත් වියයුත්ත වෙලා ඉවරයි.ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි (නි)
ඉන්දික,මිනීමරු ප්‍රබකරන්ට බයේ සියල්ලෝම ඇදවල් යට හිටියේ. ඉන් එළිය බලන්න පුළුවන් වට පිටාවක් නිර්මාණය කලේ ගෙනෙරල් සරත් ෆොන්සේකා.අනුරාධපුරෙන් එහාට නොගිය අය අද වීරයෝ වෙලා. තෙවරක් ජීවිතය උපන් රට වෙනුවෙන් පරිත්‍යාග කරන්න ගිය ශ්‍රේෂ්ඨ නායකයෙක්. (නි)
ලලිත්, යූ.එන්.පී යෙන් මේ ආණ්දුව ගෙදර යවන්න තව කල්ප කාලාන්තරයක් බලන් ඉන්න වේවී. (නි)
සකුරා හා බන්දුල මහත්තයෝ, ලිඳේ ඉන්න ගෙම්බා කියපු කතාව තමයි ඔය දෙන්නටම ගැලපෙන්නේ. හොරුන්ට තක්කදින්ට මිනීමරුවන්ට කුඩු ජාවාරම් කාරයන්ට කොමිස් කාක්කන්ට, සල්ලාලයන්ට අද රජ සැප. හැමෝම දන්නවා ඔය දේවල් වලට කවුද හවුල් වෙලා ඉන්නේ කියලා. රටේ අපනයනය එන්න එන්න අඩු වෙනවා. උගතුන් සියලු දෙනාම පහේ රට ඇත හැරලා සාමය තියෙන රටවල් කර යනවා. ඔබල වගේ කට්ටිය පාවඩ අල්ල අල්ලා ඉන්නවා. (නදී)
මෙතන සමහරු දේශපාලනේ ගැන කතා කරනවා, එත් අපිට ඕනේ දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක්, මොකද දේශපාලකයෝ කරන්නේ තමන්ට හම්බ කරගන්න එක. අපේ මිනිස්සුන්ට ඒක වැටහෙන කල් රටේ දියුණුවක් නැහැ. මෙතුමාට බනින්නේ තමන්ට අවාසි වෙන අය විතරයි.(නදී)
ඉන්දික මහත්තයෝ, යුද්දේ කලේ ෆොන්සේකා මහත්තයා. මමත් හමුදාවේ හිටපු කෙනෙක්. හමුදා තුනේම අඩුපාඩු සහ දුර්වල තැන සොයාගෙන ඒවාට නිසි පිළියම් යොදලා තමයි මේ යුද්දේ ඉවරකලේ. සමහරවිට දැනටම මේ යුද්දේ ඉවරකලා කියල සායම් ගාගෙන ඉන්න කෙනෙකුට කඩේ යන කෙනෙක් වෙන්න ඇති ඔය ඉන්දික කියන කෙනා. හමුදා තුනේම තිබුන සහ කරපු වැරදි සොයාගත්තේ ෆොන්සේක මහත්තයා. ඉන්දික ඔයා දන්නේ නැති දේවල්වලට කට දාන්නේ නැතුව කට පියාගෙන ඉන්න . (නි)
ඩුබායි තිලක්ගේ කතාවෙන් පැහැදිලිව පේනවා මොන පාටද කියලා.මේ ආණ්ඩුවේ කොතෙකුත් අඩුපාඩු ඇති බව අපි පිලිගන්නවා.හැබැයි අඩු පාඩු නැති රට ආගාධයට දැම්මේ නැති ආණ්ඩුවක් කියමුද බලන්න? මේ ආණ්ඩුව අඩුම ගානේ යුද්ධේ ඉවර කළා.ෆොන්සේකා තනිව යුද්ධ කළේ නැහැ. ඒකට පසුබිම හැදුවේ සුද්දට දෙකට නොනැමුණු මේ ආණ්ඩුවයි. (නි)
ෆොන්සේකාට හමුදාපතිකම දීලා යුද්ද කරන්න ජනාධිපතිතුමා අවස්ථාවක් දුන්නේ නැත්තම් අද ෆොන්සේකා කොහේද? (නි)
තිලක් කියනවා ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සුලු. අපිනම් ඉගෙනගෙන ලංකාවේ හොඳට සල්ලි හොයාන ජීවත් වෙනවා. ඔයාල පිටරට ගිහින් දුක් විදින්නේ ගොඩක් මොලේ තියෙන හින්ද වෙන්න ඇති නේද ?(නදී)
දන්නේ නැති දේවල් වලට කට දාන්න එපා මිතිල. (නි)
සුබ පැතුම් ජෙනරාල්තුමනි! (නි)
අදහස් පළකර ඇති සොයුරන්ගේ අදහස් වලින් මට නම් පෙනෙන්නේ ඔවුන්ගෙන් සමහරකු පාට කන්නාඩි පැළඳ සිටින්නන් බවයි. එයට දුර නොපෙනේ. යුධ ජයග්‍රහණයේ පළමු කොටස්කරුවා ගරු ජනාධිපතිතුමන් බවට කිසිදු තර්කයක් නැහැ.නමුත් රටක ප්‍රජාතාන්ත්‍රික පැවැත්මට අවශ්‍ය ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීමට ජනතාව උනන්දු වියයුතු කාලයයි මේ. එවිට බල තුලනයක් ඇතිවී පවතින රජය ඔවුන්ගේ වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් ජනතාවට ප්‍රයෝජනවත් කාර්යයන්ට යොමුවේවි. ජනතාව ලෙස අප රජයකින් බලාපොරොත්තු විය යුත්තේ සහනාධාර නොව, පහසුකම්, සේවා, හා නීතිය සුරැකීමයි. එය මේ රටේ කුමන ආණ්ඩුවකින් කෙරුණත් අපට කාරී නැත. රටේ සිදුවන අඩුපාඩුවක් පෙන්වා දෙන්නේ, ජනතාවට අවශ්‍ය දේ ලබා ගැනීමට විනා, ආණ්ඩු පෙරලීමට නොවේ. ජනතාවගේ අවශ්‍යතා වලට ඇහුම්කන් නොදෙන රජයන් ගැන මැතිවරණයකදී ජනතාව තීන්දු කරාවි. නමුත් ලංකාවේ චන්ද දායකයින්ගේ අඩුපාඩුව වී තිබෙන්නේ, තමන්ගෙන් රටට වියයුතු දේ ගැන නොසිතා, රටෙන් තමන්ට ලැබෙන දෙය ගැන කෙල හලමින් වටිනා චන්දය පාවිච්චි කිරීමයි. ෆොන්සේකා මහතාටත් ලංකාවේ මිනිසුන් වෙනුවෙන් දේශපාලනය කරන්න අයිතියක් මෙන්ම, සුදුසුකමත් තියනවා.එතුමාට මගේ ශුභ පැතුම්.! (නි)
රෝහණ මහත්තයා හමුදාවේ කුස්සියේ වෙන්න ඇති ඉන්න ඇත්තේ. නැත්නම් හමුදාවක කෙනෙක් දන්නවා රජයත් හමුදාවත් අතර තියෙන ගනුදෙනුව. මෙය කරන්නාගොඩ මහත්තයත් එක්ක තිබුණු තරහ අපි දැක්කා. ඔයා කොහොමද කියන්නේ හමුදාවේ දුර්වලතා නැති කාලේ මෙයයි කියලා. ඔයා හමුදාවක හිටපු කෙනෙක් වෙන්න බැහැ කවදාවත්. මෙයා නැතුව තමයි නැගෙනහිර මෙහෙයුම් කලේ. නෙගෙනහිර මුදා ගත්තේ. සනීප වෙලා ආපු ගමන් ඒ සටනට නායකත්වය දීපු හෙමෝටම වැඩේ දුන්නා. පළි ගැනීම පමණක් ආගම විදියට අදහන කෙනෙක්.(නදී)
අමිල ලංකාවේ ත්‍රිවිද හමුදාවක් තියෙනවා එයින් යුධ හමුදාව එකක්. එහි හමුදාපති සරත් ෆොන්සේකා නොව අමිල ඔබ දැන ගන්න ත්‍රිවිද හමුදා පති මහින්ද රාජපක්ෂ බව. කොටි ගුවනෙන් කොලඹට ගහන වෙලාවේ එහි වග කීම ඇයි සරත් ෆොන්සේකා මහතා බාර නොගත්තේ.(නදී)
අමිල, මට ආණ්ඩුවේ කඩේ යාමට උවමනාවක් නැත. ඔබලා මෙන් රක්ෂා ලබාගැනීමට, ඉඩමක් ලබාගැනීමට දේශපාලකයන් පිටුපස යාමට අවශ්‍ය නැත. මම ලංකාවේ විශ්ව විද්‍යාලයක සහ පිට රට ඉහල අධ්‍යාපනයක් ලැබ ඉතාම ඉහල මට්ටමේ රැකියවක් කරමි. ඔබ නොදන්න දේවල් බොහෝ ඇත. යුද්දයක් දිනීම සදහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පසුබිම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සංගමයෙන් පැමිණි තර්ජන,ඉන්දියාවෙන් පැමිණි තර්ජන, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ආරක්ෂක ලේකම්වරුන් ලංකාවට පැමිණ යුද්ධය නතර කිරීමට කල උත්සාහයන් ජයගත්තේ ෆොන්සේකා පමණක්ද? ඔබ වැනි පුද්ගලයන් පළමුව මිනිසුන් ඇගයීම් ගැන ඉගෙන ගත යුතුයි. ෆොන්සේකාට අපි කවදත් ගරු කරනවා. හැබැයි එයාට තනිවම යුද්ද කරන්න බැරි බව ඔබගේ මොලයට නොතේරෙන බව පෙනෙනවා. ලංකාවේ සාක්ෂරතාවය 90% ක් උනාට සමහර මිනිසුන්ගේ බුද්ධි මට්ටම තාම ප්‍රාතමිකයි.(නදී)
රෝහණ, ඔබ යුද්ධ කරන්න ඇති. ඒත් ඔබ යුද්ධ කළ පමණින් ඔබ හැම දෙයක්ම දන්නවා යැයි මම නම් සිතන්නේ නැහැ.ඔබගේ කඩේ යාම ඔබ මෙහි ප්‍රදර්ශනය කර තිබේ.තනි පුගලයෙකුට යුද්ධ කළ නොහැක.නාවික හමුදාවේ මුහුදු ආරක්ෂක වළල්ල නිසා ත්‍රස්තවාදීන්ට පැන යාමට නොහැකි විය. ආයුධ නැව් මුහුදුබත් විය.ගුවන් හමුදාවේ ප්‍රහාර සාර්ථක විය.ඔබ මේවා නොදන්නේ නම් ඔබ යුද්ධ කල පුද්ලයකු යන්න මට පිළිගත නොහැක.මගේ අයියලා දෙන්නෙක් ගුවන් හමුදාවේ.මාමගේ පුතා පාබල හමුදාවේ.පොලිසියේ තව දෙන්නෙක් ඉන්නවා.තනිවම යුද්ද කලා කියල සායම් ගා ගත්තේ කවුරුද කියලා බුද්ධිමත් ජනතාව දන්නවා.යුද්ධය දිනන්න රාජ්‍ය තාන්ත්‍රික පසුබිම (ඔබට තේරේවිද දන්නේ නෑ) හැදුවේ කවුද? ඩේවිඩ් කව්ශ්නර් හා මිලිබෑන්ඩ් යන විදේශ ආරක්ෂක ලේකම්වරු ලංකාවට පැමිණ උතුරට ගොස් ත්‍රස්තවාදීන් නිදහස් කර ගැනිමට ගත් උත්සාහයන් නැවැත්තුවේ කවුද? ඉන්දියාව,පකිස්ථානය,හා චීනයේ හා රුසියාවේ සහය ලබා ගත්තේ කවුද? එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා පරාජය කලේ කවුද? ඔබ අනුන්ට කට වහන්නට යයි කියා තමන්ගේ නොදන්නාකම ප්‍රදර්ශනය කර ඇත.මොඩයා කට වහගෙන ඉන්නකම් හොඳයිලු. (නි)
තිලක්, ෆොන්සේකා යුද්ධ කල බව ඇත්ත.අප ඔහුට ඒ නිසා ගරු කරනවා.එත් ඔහු තනියම යුද්ධ කලේ නැත.එයයි මගේ තර්කය.එක ඕනෑ බුද්ධිමතකුගේ අදහසයි.යුද්ධය සාර්ථක කර ගැනීමේ කාර්ය භාරයේ කොටස්කරුවන් සිටී.ඒ හැම දෙනාටම ප්‍රණාමය හිමි විය යුතුයි.විශ්‍රාම යාමට උත්සාහ කරද්දී ඔහුව ඒ තැනට දැම්මේ කවුද? යුද්ධයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පසුබිම නිර්මාණය කලේ කවුද යන්න දන්නේ බුද්ධිමතුන් පමණි.යම්කිසි පාර්ශ්වයකට ඡන්ද දිනීමට බැරි නිසා ෆොන්සේකාගේ පිහිට පතන පටු අදහස් ඇති මිනිසුන්ට මෙය නොතේරේ.ඕනෑ කාර්යක් සාර්ථක කර ගැනීමට සමූහයක් වශයෙන් කටයුතු කිරීම ඕනෑ කාර්යක් ජයගැනීමේ මුලික උපාය මාර්ගයක් යන්න නොතේරෙන බොහෝ ලාංකිකයන් ඇත.ලංකාවේ සාක්ෂරතාවය 90% යන්න පිළිගත නොහැක්කේ මේ නිසාය. (නි)
මෙහි සමහර අයගේ අදහස් දකින විට ඔවුන්ගේ බුද්ධි මට්ටම ගැන වැටහේ.යම් කිසි අයෙක් මධ්‍යස්ථ අදහසක් ඉදිරිපත් කල විට එය කඩේ යාමක් ලෙස හදුන්වා ඇත.එය කඩේ යාමක් ලෙස අර්ථ නිරූපණය කරන අය තමුන් තවත් අයෙකුට කඩේ යන බව වටහා නොගැනීම හාස්‍යට කරුණකි.තිලක්,රෝහණ, අමිල එවැනි පුද්ගලයින්ය.තමන්ගේ පටු අදහස් කෙසේ හෝ ඉටු කර ගැනීමට මන්ද බුද්ධික තර්ක ඉදිරිපත් කිරීම උගත් මිනිසෙකුගේ ලක්ෂණයක් ලෙස මම නොදකිමි.අප රටේ මුලික ප්‍රශ්නයක් වන්නේ මෙයම නොවේද? (නි)
ආ බන්දුල පෙරේරාට එහෙනම් අතීතය මතකයි. මම කුස්සියේ උයන කොට ඔයා ඉඳුල් බාජන හේදුවා. (අ)
පොන්සේකාගේ ඉදුල් හෝදන්න මමනම් හමුදාවේ හිටියේ නැහැ. හැබැයි වෙන හමුදාවක හිටියා. ඒ හමුදාවල් වල කව්රුවත් කාටවත් ඉදුල් හෝදන්න දුන්නේ නැහැ.(නදී)
ඉන්දික මහත්තයෝ, නොතේරුම් කම නෙමෙයි. කුහකකම. ඔය එක්කෙනෙක්වත් පොන්සේකාට ආදරෙන් නෙමෙයි ඔය කඩේ යන්නේ. පේනතෙක් මානෙකට මහින්ද මහත්තයට යන්තම් හරි අභියෝගයක් කරන්න පුළුවන් මෙයාට විතරයි කියල හිතෙන නිසා කරන කඩේ යාමක් හිත හදාගන්න. කෝ දැන් ජනාධිපතිවරනේදී මෙයාව පුම්බල සිහින ජනපති කරපු කට්ටිය. එක්කෙනෙක්වත් ලග නැහැ නේද?(නදී)
සහතික ඇත්ත බන්දුල පෙරේරා මහතාණෙනි. (දී)
ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ කොන්දක් තියෙන නායකයෙක් විපක්ෂ නායකයා වෙලා හිටියා නම් මේ වෙන කොටත් රජය දන ගස්සලා ඉවරයි.(නදී)
ඉස්සෙකුත් ඔහොමම කිව්වලු. මම සුදනා කියල. එත් අතට මෙත් අතට අගර දගර සරුන්ගෝල.....(අ)....
ජයවේවා ! බලමු මෙයාටත් අවස්ථාවක් දීලා.(නදී)
මම හිතෙනවා ඔබ ඉදිරිපත් කරන කණ්ඩායම අනුව යමක් කල හැකි වෙයි. ආණ්ඩුව එපා වෙලා දෙන්ඩ කෙනෙක් නැතිව ඉන්න තත්වයක් පෙන්වා. විපක්ෂයේ සුදුසන්න්ට තැනක් මදි. රජය ගැන කතා කරන්ඩ වෙන්නේ නහය වහ ගෙන. දුෂනය හැම තැනම, ගැත්තන්ට රජ සැප. සාමාන්‍ය මිනිහට ජීවත් වෙන්ඩ විදිහක් නැහැ. ගෙයක් ගානේ ගොස් කරුණු පැහැදිලි කලොත් හොඳයි. සුබ අනාගතයක්.(නදී)
ඔබතුමා ගැන ඒකාලේ හරියට පැහැදිළා හිටියා. ඒත් ඔබතුමා දැන් ඔය යන්නේ ආණ්ඩුවට පැත්තේ තියෙන කඩේකට. මොකද කොහොමහරි ඔබ ආණ්ඩුවට විරුද්දනම් ඒකාබද්ද විපක්ෂයේ ඉන්න ඕනේ එතකොට තමයි විපක්ෂය ශක්තිමත්. ඔය කරන්නේ විපක්ෂයේ ශක්තිය දියාරු කිරීමක් ආණ්ඩුවට කඩේ යාමක්.(නදී)
සරත් පොන්සේකා මහතා කලකට පෙර කියූ වදනකි "මම නොදන්නා දේශපාලනය නොකරන බව" එය මමද අනු මත කරමි තරු පහේ ජෙනරාල් තුමනි.(නදී)
අනේ මනුස්සයෝ.(නදී)
මෙතුමා කියන කතාව හරි. අද රජයත් විපක්ෂයත් එකට ගමන් කරනවා කියල ඕනෑම ගොනෙකුට තේරෙනවා. ඒ පැත්තේ අය මේ පැත්තට එනවා මේ පැත්තේ අය ඒ පැත්තට යනවා. ජනතාව කොයි පැත්තටවත් නැතුව අද හිරවෙලා ඉන්නවා. වෙන දෙන්න කෙනෙක් නැති නිසා මෙතුමාට දීල බලමු.(නදී)
අනේ ජෙනරාල් තුමා, පළමුව බෑනව සී.අයි.ඩී එකට බාර දීලා දෙවනුව රට හදන්න ඉදිරියට යන්න.(නදී)
දීල බලමු. පෙන්නන්නේ මොනවද...බලන්නේ කව්ද? අපි විතරයි අපට පනේ.(නදී)
තිලක් මහත්තයෝ, කොහොමද රනිල් මහත්තයත් එක්ක ඉදිරියට යන්නේ. එයානේ අරයව දිනවන්නේ. හැම තැනම පන්දමුන්ට තැන දක්ෂයට විපක්ෂයේ කොහෙද තැනක් දිලා තියෙන්නේ. එහෙයියන්ට නම් තැන තියෙනවා. ඒකයි මිනිස්සු ඡන්දේ නොදෙන්න්නේ. මගේ ගෙදර ඡන්ද 5ක් තියෙනවා අපිට දෙන්ඩ සුදුසු පක්ෂයක් හෝ පුද්ගලයින් නැහැ.(නදී)
රජයත් විපක්ෂයත් එකතු වී අද ගමනක් යන බව පේනවා. එල්.ටී.ටී.ඊ. යෙන් අල්ල ගත්තු රත්තරන් ටොන් ගානට මොකද වුනේ කියලා අහන්න කොන්දක් තියෙන විපක්ෂයේ එක් කෙනෙක්වත් නැහැනේ.මහජන මුදල් කෝටි ගණනින් වියදම් කරලා හදපු වරායට නැව් කීයක් ආවද? ගුවන් තොටුපොළට ප්ලේන් කීයක් එනවද කියලා අහන්න කෙනෙක් නැහැනේ.ඉතින් මේ කතාව සහතික ඇත්තනේ. (නි)
තිලක් මහත්තයෝ, දුකයි ඔයා ගැනත අදහස් වලින් ආණ්ඩු පෙරලන්න බැහැ මහත්තයෝ.මෙයා නෙමෙයි මහා බ්‍රහ්මයා එකතු වුනත් සිංහල බෞද්ධ බලවේගයේ විශ්වාසය මහින්ද මහත්තයට තියෙන තුරු මහින්ද මහත්තයව පරද්දන්න බැහැ. එකම ක්‍රමය විපක්ෂය මේ බලවේගේ අතට ගන්න ඕනෑ.මේ ආණ්ඩුව ගැන අපිටත් ප්‍රශ්න තියෙනවා. ඒ වුනත් තාමත් අපිට මේ ආණ්ඩුව හොදයි, යූ.එන්.පී. ආණ්ඩුවකට වඩා සිය දහස් ගුණයක්. තිලක් ඩුබායි, බලන්නකෝ උතුර කෙසේ වෙතත් වයඹ මධ්‍යම මොකද වෙන්නේ කියලා.ප්‍රතිපල ඕනෑ නම් අපි දැන්ම කියන්නම්. (නි)
ඒක තමා කියන්නේ ක්‍රමයක් ගේන්න ඕනෑ කියලා. දියුණු රටවල වගේ අධ්‍යාපනය,රැකියා,විදේශ ,ආරක්ෂක ප්‍රතිපත්ති කවුරු ආවත් වෙනස් කරන්න බැරි විදියට හදන්න ඕනෑ. (නි)
එතකොට ඔබතුමා විපක්ෂයේ නෙවෙයිද?ඔබතුමාට සහය නොදෙන හැමෝම ද්‍රෝහීන්ද? (නි)
රජය දන ගස්සන්න පුළුවන් හැම වෙලාවකදීම එය කල හැකි උදවිය රජයෙන් දුන්නු වෙඩි නොවදින කාර් වලින් ගුවන්තොටුපොළට ගිහින් වෙන රටකට යනවා. නැවත උනුසුම පහුවුනාම තමයි ලංකාවට එන්නේ. (නදී)
කොහොම වුනත් ඔබතුමාව ජනතාව පිළිගන්න තරම අපිට බලාගන්න පුළුවන් මේ මැතිවරණයෙන්. බලමු තිලක් ඩුබායිගේ සිහිනේ සැබෑ වෙන ලකුණක් මේ මැතිවරණයෙන් පෙනෙයිද කියලා. (දී)
පාන් බාගෙටයි, ,බත් පාර්සලයටයි, කසිප්පු බෝතලයටයි ඡචන්ද දෙන බන්දුල පෙරේරා වගේ මිනිස්සු ඉන්නකම් රට මේ ප්‍රපාතයෙන් ගොඩ එන්නේ නැහැ.(නදී)
අනේමන්ද හීනෙන් දොඩවනවද කොහෙද .සම්ස්බර නැති සරුංගල් උඩ යනවද ? (අ)
ඒ ඒ පළාත් වලට ඡන්දය ඉල්ලීම සදහා පත්කරන පුද්ගලයන්ට ඒ ඒ පළාත්වල වාසය කරන මහජනතාවගේ තිබෙන කැමැත්ත අනුව තමයි ජනතාවගේ ඡන්දය ලැබෙන්නේ , ඒ වගේම ඔවුන් ඉදිරිපත්වෙලා සිටින පක්ෂයත් වැදගත් වෙනවා ,එමනිසා අපේක්ෂකයන් තොරණ විටදී කල්පනකල යුතු කාරණා බොහොමයි. සරත් පොන්සේකා මහතාට ජනතා කැමැත්ත තියෙනවා එමනිසා ජයගැනීමට පුළුවන් ,.ඔබ පක්ෂයට ජයපතමි.(නදී)
ජනතාවට ඔය තරම් ආදරේ නම් වර්තමාන රජයට එකතු වෙලා ජනතාව වෙනුවෙන් යමක් කරන්න. (නි)
ජෙනරාල් සරත් ෆොන්සේකාට ජයවේවා! ජනතාවට මේ රජය දුන් දෙයක් නැහැ.සතියක් විතරක් මතකයි සිංහලයන්ට. (නි)
සකුර කියලා කෙනෙක් අදහස් පලකරලා තියෙනවා.ජෙනරාල් ෆොන්සේකා තමයි මේ යුද්දේ ඉවර කලේ. අඩුම ගානේ එතුමා විපක්ෂ නායක වෙලාවත් ඉන්න ඕනෑ. ශ්‍රී ලංකාවට හරියන්න. (නි)
දන ගැහුවොත් හරි. හිඟමන ලැබෙනවානම් නේද (අ)
ජෙනරාල් තුමා යුද විරුවෙක් ...එත් පැහැදිලි ඇත්ත දේශපාලනයට නොගැලපෙයි. සමාවෙන්න එහෙම කියනවට.එත් අපි කරන්න ඕනේ අපිට ගැලපෙන අපිට කරන්න පුළුවන් දේවල් විතරමයි කියල අපි හැමදෙනාම තේරුම් අරගෙන වැඩ කරනවා නම් රටට ලොකු සෙතක්.දැනට පවතින දුෂණ, වංචාවන් කිසිත් අනුමත නොකරන අතර, පෙන තෙක් මානයක පැහැදිලි නායකත්වයක් කිසිම පක්ෂයක දකින්නට නැති බවත් දුකින් උනත් කියන්න වෙනවා. (අ)
ඔබතුමා යන මග ගියොත් අපේ රට හැදෙනවා. මෙතුමාගේ බෑනා වැරදි කාරයෙක් කරන්නේ ආණ්ඩුව විසින් පත් කරපු දූෂිත හමුදා නිලධාරීන්ගේ තීන්දුවක් අනුව. කැලේ නීතිය ක්‍රියාත්මකවී මෙතුමා හිරගත වූ හැටි බත් කන අපි හැමෝම දන්නවා. ජෙනරාල් විශිෂ්ටයෙක්. (නදී)
අපේ රටේ බොහෝ මිනිස්සුන්ට මොලයක් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන්න යූ.එන්.පී එකට බැරි නම් එස්.එෆ් ව ගෙනල්ලා හරි රට මේ අගාදයෙන් ගොඩගන්න ඕනෑ කියලා හිතන්න බැරි ඇයි? (නි)
මෙතුමා කියන දේ හරි. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න ඕනෑ පිළිගන්න නම්. (නි)
චමිල කිව්ව දේ තමයි ඇත්ත. ගහක් පෙනෙන මානෙක නැහැ ,වැල් විතරයි.(නදී)
ඡන්දයකින් මේ ආණ්ඩුව පෙරලන්න බැහැ. ජෙනරාල්තුමනි, මට හිතෙන හැටියට හමුදා ආණ්ඩුවක් තමයි ලංකාවට හරියන්නේ. (නි)
අනේ මන්දා. අපේ රටේ මොන දේ වුනත් කොළ පාට අය කොළ පාටමයි. නිල් පාට අය නිල් පාටමයි. කවදාවත් මේ රට හදන්න බැහැ (නි)
තමන්ගේ පවුල් දු දරුවෝ ඔක්කොම මේ රටේ ත්‍රස්තවාදී බයකින් තොරව මර බියකින් තොරව ජීවත් වෙද්දී ඩුබායි වලට වෙලා මේ රටට ගරහන විදියේ පහත් මිනිහෙක් නෙමෙයි මම තිලක් මහත්තයෝ. පොන්සේකා මේ යුද ජයග්‍රහනේ කොටස්කරුවෙක්.ඒත් ඒ ජයග්‍රහනේ සතුට විදින ජනතාවගෙන් ලැබෙන ගෞරවයටත් පයින් ගහලා පොන්සේකා එකතු වුනේ කාටද කියලා අපි ජනාධිපතිවරනේදී දැක්කා. (නි)