IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රජීව සුජීවගෙන් ලක්ෂ 50ක් ඉල්ලයි

මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරන සභා (කෝප්) නඩු පවරා වාරණ නියෝගයන් ලබා ගැනීමෙන් සිදුකර ඇති අගතියට රුපියල් මිලියන පහක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා පෙත්සමක් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටු සාමාජිකයින් දොළොස්දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේ විරෝධතා ඉදිරිපත් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය රජීව විෙජ්සිංහ මහතා  විසින් මෙම ඉල්ලීම කැරිනි.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් ඉකුත් ජුනි මාසය වනවිට රජයට රුපියල් බිලියන 59ක පාඩුවක් සිදුව ඇති බව එම වාර්තා සටහන් අධිකරණයට ඉදිරිපත් කළ මහාචාර්ය රජීව විෙජ්සංහ මහතා , මීට මහ බැංකු අධිපතිවරයා සෘජුවම වගකිව යුතු බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බව කරුණු ඉදිරිපත් කරමින් කියා සිටී.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තා ඉදිරිපත් කරමින් මහාචාර්ය රජීව විෙජ්සිංහ  මහතාගේ  මෙම විරෝධතා ඉල්ලීම් කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා හමුවේ ඉකුත් 30 වැනිදා කැඳවි‚.කෝප් කමිටුවේ සෙසු සාමාජික විත්තිකරුවන්ගේ විරෝධතා ලබන බදාදා(05) ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා දන්වා සිටියේය.

අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටු සාමාජිකයින් දොළොස්දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේ එකොළොස්වැනි වගඋත්තරකරු ලෙස මහාචාර්ය රජීව විෙජ්සිංහ මහතා නම්කර තිබූ අතර නීතීඥ සංජය ෆොන්සේකා මහතා හා ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඔහු වෙනුවෙන් විරෝධතා ගොනු කළේය.

සුජීව සේනසිංහ මහතා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු නොකරන බැවින් ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ මේ නඩුව පවත්වා ගෙන යා නොහැකි බවත්, එම පනත යටතේ විභාග වන නඩුවක් දිසා අධිකරණයට විමසීමට අධිකරණ බලයක් නොමැති බවටත් මහාචාර්ය රජීව විෙජ්සංහ මහතාගේ විරෝධතාවයේ සඳහන් වේ.

සුජීව සේනසිංහ මහතා දේශපාලන වාසි ලබා ගැනීමට ද්වේශසහගතව නඩුව පවරා ඒකපාර්ශවීය වාරණ නියෝග ගැනීමෙන් අගතියක් වූ බවත් ,එම හානියට මෙම රුපියල් මිලියන පහක වන්දි මුදල ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.

නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට කතානායකවරයා පත් කල කෝප් කමිටුවට එරෙහිවපැවරූ නඩුවෙන් ඉල්ලා තිබූ වාරණ නියෝගය  දිසා අධිකරණය විසින් ඒක පාර්ශවිකව නිකුත් කරනු ලැබුවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාව පාර්ලිමේනතුවේ සභාගත කිරීමකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම  වළකාලමිනි.සේනසිංහ මහතා පසුගිය 23 වැනිදා මෙම වාරණය ඉල්ලා අස් කර ගත් අතර අදාළ වාර්තාවක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද විත්තිනරුවන්ට දන්වා සිටින ලදී.



අදහස් (0)

රජීව සුජීවගෙන් ලක්ෂ 50ක් ඉල්ලයි

සමන්ත සුගතවංස Monday, 03 August 2015 05:42 AM

රජීව රටේ ජාතික භාෂාව හරියට කතා කරගන්න බෑනේ (ම)

:       0       0

ක්‍රිශාන්ත Sunday, 02 August 2015 06:09 PM

අපි ඔය කවුරු ගැනත් දන්නවා හොඳට (නි)

:       0       0

නාමල් Monday, 03 August 2015 12:53 AM

අපි දැන් කවුරු කවුරු ගැනත් තේරුම්ගෙන සිටිමු (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 03 August 2015 03:30 AM

කට තියෙන පලියට කතා කරන කෙනයි කලදුටු කල වල ඉහගන්නා අයයි දෙන්නම මේ මැතිවරණයේදී පරජය කරමු. කෙසේවෙතත් මා සබරගමු සරසවියේ (2002-2006) අධ්‍යාපනය ලැබූ හෙයින් මගේ ගුරුවරයකු වූ මහාචර්ය රජිව දේශපාලනයට පැමිණ නම කැත කරගැනීම පිලිබදව බලවත් කණගාටුව පලකරමි (නදී)

:       0       0

දිලිප් Monday, 03 August 2015 03:36 AM

තබා තිබු බලාපොරොත්තු පසුගිය කාලසීමාවේ කල කි දෑ වලින් සුන් විය. (නදී)

:       0       0

ලෝවිත Monday, 03 August 2015 04:50 AM

එජාපෙ බලයට අවොත් මේකේ වැරද්දක් වෙලා නෑ කියයි සන්ධානේ අවොත් ටික දවසක් අදාල අමතක කර පාඩුව මේ රටේ අහිංසක ජනතාවට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 940 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1851 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2314 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1713 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6281 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18170 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site