IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රට අක්‍රීය කිරීමෙන් ප්‍රශ්න වලට විසැඳුම් හොයන්න බෑ

 

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවඇතුළේත් ඉන් පිටතත් ඇතිවී තිබෙන අසමගිය නිසා ජීවිත විශාල ගණනක් සහ ජාතික සම්පත් විනාශ වී ඇති බව කියන ජයසූරිය මහතා පසුගියදා කොළඹදී පැවති පැවති විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මරුමුවට පත් වූ ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ හදිසි අභාවය පිළිබඳව බලවත් ලෙස සංවේගයට පත් වන බව ද  ජයසූරිය මහතා සඳහන් කරයි.

එවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට වගබලා ගැනීම රජයේත් විපක්ෂයේත් පොදුවෙි සියලු ජනතාවගේත්  ජාතික යුතුකමක් බව කරූ ජයසූරිය මහතා කියයි.

සමස්ත ජාතිය ම අපේක්ෂා කරන අරමුණ ඉටුකර ගැනීමට නම් අන් සියල්ලටම පෙර එක්සත් විය යුතු බව කියන කරූ ජයසූරිය මහතා නිශ්චිත කෙටි කාලසීමාවකට හෝ දේශපාලන හෝ වෙනත් බල අරමුණු වලින් බැහැර වී සාමූහිකව කටයුතු කළ යුතු බවද එහිදී රට අරාජික කිරීමට යම් හෝ බලපෑමක් විය හැකි කිසිදු කටයුත්තකට දායක නොවීම පරම වගකීමක් ලෙස සැලකිය යුතු යුතුව තිබෙන්නේ යැයි ද ඒ අනුව කෙටි කාල සීමාවකට හෝ සටන් විරාමයක් රටට අවශ්‍ය බව බවද කරූ ජයසූරිය මහතා සිය නිවේදනය තවදුරටත් සඳහන් කරයි.



අදහස් (18)

රට අක්‍රීය කිරීමෙන් ප්‍රශ්න වලට විසැඳුම් හොයන්න බෑ

Gayan Tuesday, 07 March 2023 03:41 PM

තක්කඩියා

:       9       24

ගමේ එකාලා Tuesday, 07 March 2023 04:22 PM

රටේ ඇතිවෙලා තියෙන තත්වෙට සම්පූර්ණයෙන්ම වගකියන්ඩ ඕනේ දේසපාලුවෝ .ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා කරපු දෙයක් නැහැ.. ජනතාවගේ චන්දෙන් බලයට ඇවිත් අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ දූෂිත දේසපාලුවෝ .අද ජනතාව නොවිදිනා දුක් වින්දින්නේ දූෂිත දේසපාලුවෝ කරපු වන්චනික වැඩ නිසා..

:       0       4

මැක්ස් Tuesday, 07 March 2023 04:34 PM

ජනාධිපති එක පට්ටමයි දුන්නෙ දැන් කොහොමද මෙයා තනුව වෙනස් කරලා ගායනා කරන හැටි! අපි නොදන්න කරැ ජේ!

:       0       0

Mahasen Tuesday, 07 March 2023 04:48 PM

රට කාලා සුදනෝ වෙන්න හදනවා

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 07 March 2023 05:19 PM

අරූගෙන් ලැබුනු සමාන කටුව වෙනුවෙන් බුරන නාකි බල්ලා, මුන් තමයි මේ රට විනාශ කෙරුවේ.

:       1       0

nanda Tuesday, 07 March 2023 05:39 PM

මෙහෙම ගියොත් බඩගින්නේ දුප්පත් මිනිස්සු අක්‍රීය වේවි...!

:       0       0

Lakmal Tuesday, 07 March 2023 05:47 PM

අනේ.. කරුවලයෝ.. තෝ බත් බැලයෙක් උනාට මේකේ කොන්දක් තියෙන උන් තවම ඉන්නවා. රට පාවල දුන්නු තිරිසනා

:       0       0

දාස Tuesday, 07 March 2023 06:52 PM

මේ මිනිහ සාදරන සමාජයක් කියල අටමගලක් අටවගෙන පහුගිය කාලෙ , ප්‍රජාතන්නර වාදය වෙනුවෙන් කියපු කතා දකින කොට , මෙහෙමත් මිනිස්සුන්ට පාට වෙනස් කරන්න පුලුවන්ද කියල හිතෙනව.මේක කොහොමත් තක්කඩිය , අර යකාගෙ දැත් ශක්තිමත් කරන්න ගිහිල්ල එක සැරයක් මුලු සර්වාංගෙම අසුචි ගාගත්ත, ඒගද මේ යකා ලග තාමත් තියෙනව.

:       1       3

Nihal S Tuesday, 07 March 2023 06:52 PM

පෙබරවාරි 4 වැනිදා RW එකෙන් පදක්කමක් ගත්තට පස්සේ අපි දැනගත්තා ඔහු රනිල්ගේ පැත්තේ කියලා. තව දුරටත් ඔහුගේ බෑනා රනිල් සමගය. කීර්තිමත් දේශපාලනඥයාගේ විශ්වාසනීයත්වය දැන් ප්‍රශ්නාර්ථයකි.

:       0       0

නිමේෂ් Tuesday, 07 March 2023 07:01 PM

මේ අර යහපාලන කාලේදී තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරා කියල ලෝකෙට පම්පෝරි ගහල ඊට පස්සේ ඒ පනතට අනුව මනුස්සයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ල ගේ වත්කම් ප්‍රකාශයක් ඉල්ලුවහම ඒක දෙන්න බැහැ කියපු තවත් තක්කඩියෙක්

:       1       3

de silva Tuesday, 07 March 2023 08:30 PM

අපෙ රට දියුනු වෙන්නෙ මහින්ද, රනිල් , කරු , වාසු වනි නාකි සෙට් එක තොලොන්චි වෙලා ගිය දවසට, අවුරුදු 20-30 පමන සිට මොවුන් එක එක ඩිල් දමමින් රට විනශ කරනව

:       0       0

Kuma Tuesday, 07 March 2023 08:55 PM

මෙයා කතානායක කාලේ විපක්ෂෙට සක්කිලි විදිහට සැලකුවේ දැන් සර්ව සාධාරනකම් දොඩවනවා අවස්ථාවාදියා

:       1       3

ranjith Wednesday, 08 March 2023 05:18 AM

තාත්තා එක පැත්තක පුතාලා දෙන්නා පක්ෂ දෙකක .ප්‍රතිපතති දේශපාලනයක් මෙයාලාගේ නැහැ .ජනතාව ගොනාට අන්දන්න බැහැ ඉස්සර වගේ

:       0       1

සංකා Wednesday, 08 March 2023 07:05 AM

අරගලය කාලේ මෙයාව බාරකාර රජයේ නායකයා කරලා දැම්ම නම් කොහොමට තියෙය්ද? ඒ වෙන්නෙත් බැංකු කඩපු කෙනා නායකයා වුන එකමය්.ඇත්තටම මේ රටේ අවන්කවම රට බේරගන්න ඕනේ කියන මිනිස්සු කොහෙද යකෝ ඉන්නේ??? පට්ට කම්බා හොරු ඔක්කොම!!!!!!

:       1       2

Sunil Wednesday, 08 March 2023 08:11 AM

මහජනතාවගේ සහ සේවකයන්ගේ අයිතිවාසිකම් නිර්දය ලෙස යටපත් කරන විට ඔවුන් එයට විරුද්ධව නැගී සිටීම යුක්ති සහගතයි

:       0       0

sujeewar Wednesday, 08 March 2023 08:46 AM

සියළු ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුව අක්‍රීය කලාට කමක් නැත්ද...? තව ශබ්දයෙන් ඡන්දය ගණන් කරා කමක් නැත්ද...? ඔබ විසින් එහෙම කරපු කාලයක් තිබුනු බව අමතක නැහැ. කබරගොයි තලගොයි නයාය නේ...

:       0       3

Perera Wednesday, 08 March 2023 09:16 AM

මේ නාකි මහල්ලාට තේරෙන්නේ නැද්ද මිනිස්සු පාරට බැහැලා ඉන්නේ ඇයි කියලා?රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරමින්,ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් සිටින බව මේ ලොන්ත නාකියාට තේරෙන්නේ නැද්ද?

:       0       4

රංජිත් Wednesday, 08 March 2023 11:49 AM

පඩියත් කපලා බඩු මිලත් වැඩියි...කන්ඩ බොන්ඩත් නැතුව බෙහෙතුත් නැතිව ඉන්න අපිට උද්ගෝෂණවත් කරන්නේ නැතුව මොකද්ද යකෝ කරන්න කියන්නේ....තොපිලට තවත් හොරාකන්න කට පිටන් ඉන්ඩ කියලද කියන්නේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 304 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 265 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 217 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 242 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 471 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site