පිට රටින් ගෙන්වන කිරිපිටි වර්ග හතරක මිනිස් ආහාරයට නුසුදුසු ඩී.සී.ඩී. හෙවත් ඩයිසයන්ඩයිඒමයිඩ් රසායනිකය අඩංගු බව සිදුකළ පරික්ෂණයකින් සොයාගත් බව තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බළශක්තිය පිළිබඳ අමාත්‍යංශයේ කාර්මික තාක්ෂණික ආයතනය කියයි. ඒ බව රේගුවට, පාරිභෝගික සේවා අධිකාරියට හා සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා යවා ඇත. ඩීසීඩී යනු කිරි ගවයන්ගේ ආහාරයට ගන්නා තණ බිම්වලට යොදා ගන්නා රසායනිකයකි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටි වර්ග දෙකක එම රසායනය නැති බව පර්යේෂණයේ දි සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර නමි ටික දානවද? අහිංසක මිනිස්සු මැරෙන එක දැනගන මැරෙන්න අරින එක මහා අපාගත වන අකුසල කර්මයක්. කරුණාකරලා නම් ප්‍රසිද්ද කරන්න. ඒක ලොකු පිනක්. පිළිගත් ආයතනයකින් නිකුත් කරලා තියෙන්නේ වාර්තාව.(නදී)
මේ වගේ වස කිරිපිටි වර්ග වල නම කියන්න ?(ස)
මේවා දන්නවානම් මොකටද තවත් තියාගෙන ඉන්නේ (දී)
අපේ ළමයින් ඉක්මනට ලෙඩ වෙන්නේ මේ නිසා වෙන්න ඇති (දී)
මේක බොරුවක් වගේ. අර විකුණගන්න බැරුව ගොඩගහල තියන පැලවත්ත කිරි පිටි ටික විකුණගන්න කරන වැඩක් වගේ. කතාව ඇත්ත නම් ප්‍රමිති ආයතනයට ගල් ගහන්න ඕනි බොරුවට සහතික දෙනවට. (දී)
නිමල් ලලිත්, මේ රටේ නීතිය හරි ආකාරව ක්‍රියාත්මක වෙනවද ? ආගමික නීති නොවෙයි මොන නීති හරි කමක් නැ එය මහජනතාවට සේවයක් වෙනවනම්. අනික හලාල් නිෂ්පාදන ඇත්තේ මුස්ලිම් ජනතාවට මිස අන් ජාතීන්ට නොවේ. (දී)
ලංකාදීප කතෘ තුමනි මට මේකටනම් පැහැදිලි කිරීමක් ඕනේ. එතකොට රිවිර පත්තරේ කියන්නේ බොරුද? "මෙරටට ආනයනය කරන කිරිපිටි සාම්පල 128ක් තායිලන්තයේ රසායනාගාරයකට යවා එහි පරීක්ෂණ වාර්තාව ලබා ගත් බවත් එහි කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට තහවුරු කරගත් වාර්තාව හා සීනි සාම්පලවල පරීක්ෂණ වාර්තාවන් සෞඛ්‍ය ලේකම්වරයාට හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි." ඕක උපුට ගත්තෙ අද රිවිර ඔන්ලයින් පත්තරෙන්. ලින්ක් එක දැම්මොත් මගේ අදහස පල කරන එකක් නෑ කියල හිතල ඒක මෙතන දැම්මේ නැහැ. එයාලගේ මුලාශ්‍රය සෞඛ්‍ය ලේකම්වරයාට හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇති වාර්තාවක්. ඔබ තුමන්ලාගේ මුලාශ්‍රය හරියටම මොකක්ද? (දී)
එස් එල් එස් හෝ එයි එස් ඔ මුදලට යට නම් නීතියෙන් හෝ එසේත් බැරි නම් වෙනත් ක්‍රමයකින් දූෂිතයන් එලව දැමීම මිස යම් යම් ආගමික නීති මගින් රටක් පාලනය කිරීමට ඉඩදිය නොහැක. රටක් පාලනය විය යුත්තේ පවතින රජයේ නීති වලින් මිස ආගමික නීති වලින් නොවේ. (අ)
දැන් තේරෙනවනේ හලාල් කරණයේ වැදගත් කම. එස් එල් එස් ,අයි එස් ඔ මුදලට යටවී ඇත. (දී)
සාම්පල අතරට ෆොන්ටේරා සමාගමේ ඇන්කර් හා ඇන්කර 1ප්ලස්, ඩයමන්ඩ් සහ මැලිබන් නන්ෆැට් ආනයනික කිරිපිටි මෙන්ම හයිලන්ඩ් සහ පැලවත්ත සන්නාම සහිත දේශීය කිරිපිටි සාම්පල පිළිබඳ පරික්ෂණ කළේය. එහිදී තහවුරු වී ඇත්තේ ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම ඩිසිඩි රාසයනිකය අන්තර්ගත බවයි. එහෙත් දේශීය කිරිපිටි වර්ග 2හි කිසිදු ඩිසීඩි රාසයනික තත්ත්වයක් අන්තර්ගත නොවන බවද පර්යේෂණ කණ්ඩායම තහවුරු කර ඇත. (දී)
අපේ රටේ කිරිපිටි නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙද්දී පිටරටවලින් වස මිශ්‍ර කිරිපිටි ගෙනල්ල මිනිස්සුන්ට නැති ලෙඩ හදනවා. මේවගේ නම් හෙළිදරව් කරලා මහජනතාවට යහපතක් කරන්න බලධාරීන් වහාම ක්‍රියාකළ යුතුයි. (ස)
අද රිවිරය පුවත් පත පවසන අන්දමට :මෙරටට ආනයනය කරන කිරිපිටි සාම්පල 128ක් තායිලන්තයේ රසායනාගාරයකට යවා එහි පරීක්ෂණ වාර්තාව ලබා ගත් බවත් එහි කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට තහවුරු කරගත් වාර්තාව හා සීනි සාම්පලවල පරීක්ෂණ වාර්තාවන් සෞඛ්‍ය ලේකම්වරයාට හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි (දී)
පිටි කිරි බොන්න හොඳ නැහැ , අපේ අන්ගේ සිනි වැඩි වෙන්නේ මේ නිසා ඒ වගේම සේම වැඩි වෙනවා , මන් මේවා බොන එක නවත්තල දැන් ගොඩක් කල් උදේට කහට එකක් බොන්න පුරුදු වෙන්න (දී)
පිටි වර්ග ටික කිව්ව නම් හොදයි නේද අපේ අයට් කොන්දක් නැද්ද (දී)
මේගැන දිගින් දිගටම කරුණු දක්වලා ගොඩක් කල්. දේශීය කිරිගොවියා වලපල්ලට යවන්න උත්සහ කරන බහුජාතික සමාගම්වලින් කොමිස් ගන්න උදවිය දැන්වත් රටේ අනාගතය ගැන හිතල වැඩ කරන්න. මිල්කෝ සමාගමට සුදුස්සන් පත්කරන්න. පිටරටවල්වලින් එන බොහොමයක් ඔය වගේ තමයි. අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ සුපිරිම ඒවා එන්නේ පිටරටවල්වලින් කියල. කරුණාකර රටේ ජනතාව ගැන සිතා මේ පිටිවර්ග දෙක මොකක්ද කියා සදහන් කරන්න. (දී)
පිටි වර්ග ටික කිව්ව නම් හොදයි නේද?(නදී)
ලංකාවේ කිරි ව්‍යායාපාරය දියුණු කරන්න දෙන්නේ නැත්තේ බහු ජාතික ව්‍යාපාර තමයි.(නදී)
මේක අලුත් දෙයක් නොවෙයි. ඩී සී ඩී නවසීලන්තයේ කිරි වල තියෙන බවට හෙළි උනේ බොහෝ කලකට ඉස්සර. දැන් මේ රසායනිකය කිරි ගවයන්ගේ ආහාරයට ගන්නා තණ බිම්වලට යොදා ගැනීමත් නවත්තල නැත්නම් අඩු කරලා. නවසීලන්ත ආරංචි අනුව එහේ ආණ්ඩුව මේ ගැන කටයුතු කරමින් තිබුනා.(නදී)
හොඳ නැති ඒවා දැනගන්න ලංකා ඊ නිව්ස් බලන්න.(නදී)
කරුණාකරඒ කිරි වල නම් හෙළිකරන්න.අද උදෙත් ලංකාවේ මිනිස්සු ඕවා බොන්න ඇති.නම දන්නේ නැතුව තව දවස් කියක් අපේ රටේ මිනිසුන්ට ඕව බොන්නද? අපරාදයක් නම් රටේ මිනිසු දැනුවත් කල යුතුයි ඉක්මනින්..... (නි)
අපි මේවා කොච්චර නොදැන බීලා ඇද්ද? (නි)
අනේ අර්ෂා,හලාල්කරණයෙන් කොහෙද ඕවා පරික්ෂා කරන්නේ.ඔයගොල්ලෝ අතේ පැලවෙන බොරු කිව්වට අපි ඕවා අහන්නේ නැහැ. (නි)
අපිට සත්‍යය හෙළිකරන්න (නි)
අර්ෂා හලාල් තිබුන කියා මෙච්චර කාලෙකට ඔය තියෙනවයි කියන විෂ වර්ග ගැන අපි දැනගත්තේ නැහැනේ. අනික මෙතන ඇති ගැටලුවට හලාල් යනු විසදුමක් නොවන නිසා ඒ ගැන කතා කරන්න ඕනෑ නැහැනේ. (නි)
ලංකාදීපට පින් සිදුවෙනවා මේ ආකාරයෙන්වත් ජනතාව දැනුවත් කරන එකට. (නි)
ඕස්ට්‍රේලියාවේ කිරි ආයතනවල ශරීරයට අහිතකර කෘෂි රසායන යොදාගන්නේ නොමැති බව ඕස්ට්‍රේලියානු රජය විසින් නිවේදනය කර තිබෙන බවට සතිකවී තිබෙනවා. (නි)
දේශීය කිරිපිටි බීමට දැන්වත් කවුරු කවුරුත් පුරුදු වෙන්න. රස අඩු වුනත්, දිය කිරීමට ටිකක් වෙලාව ගියත්, තිබෙන්නේ එල කිරිම තමයි. (නි)
තව දවස් කිපයකින් කියයි ඒ වගේ අහිතකර මොකුත් නෑ කියලා.(නදී)
රුපවති ඔයා හරි, සමාගම් කාරයෝ දෙකක් නැහැ පත්තරේට නඩු දමනවා. මගේ ප්‍රස්නේ ඒක නොවෙයි. එක වෙළද දැන්වීමක අපේ ගෘහනියක් මේ පිටිවල කිසිම වසක් විසක් නැහැ කියල කියන්නේ මවුවරුන්ටයි,පාසල් දරුවන්ටයි. කාන්තා සහ ළමා සංවර්දන අමාත්‍යංශයක් ලංකාවේ තියනවා. එයාලට බැරිද අර මේවට විරුද්දව නඩුවක් දමන්න. ඒ අයව බොරුවෙන් මුලා කරනවා කියලා. එයාගේ නමයි, රුපෙයි අර දැන්වීමේ හොදින් පෙන්වනවා.(නදී)
තවම ඔය කිරි පිටි වර්ග 4 තහනම් කිරීමට බැරි මොකද ජනාදිපති තුමනි අපට සහය වන්න.(නදී)
රට කිරි වල අහිතකර රසායන ද්‍රව්‍ය තිබෙන බව කියල දැන් ගොඩාක් කල්. දේශීය කිරි පානය කරන්න කියලත් දැන් ගොඩාක් කල්. දැන්වත් ඔය බඩ වඩා ගැනීමේ දේශපාලනය ඉවත් කරලා රට නගා සිටුවීමේ කාර්යයට සම්බන්ද වුනේ නැත්නම් රටේ හැමෝම ලෙඩ්ඩු වේවි. බොරුවට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. සත්‍ය දකින්න.(නදී)
ගයා,සේනානායක ඔබ හරි. දියුණු රටවල බොන්නේ දියර කිරි විතරයි. පිටිකිරි ඉඳහිට භාවිතා කරනවා. කේක්, පුඩින් හදන්න. හරක් ඇති කරන්න හැම පහසුකමක්ම තියෙද්දී ඒවාට උදව් නොදෙන එකයි කොම්පැණි වලට බැණ බැණ පිටිකිරි බොන එකයි අපේ මිනිස්සුන්ගේ වැරැද්ද (නි)
කොම්පැණි වලට බැණ බැණ පිටිකිරි බොන එකයි අපේ මිනිස්සුන්ගේ වැරැද්ද (නි)
කිරිපිටි වර්ග වල නම් ප්‍රසිද්ධ කිරීම අතිශය වටිනාකමක් ඇති දෙයක්. මේ සියල්ලම රටේ ජනගහනය වෙනුවෙන්. (නි)
මේ කතන්දර එකක් වත් පිළිගන්නේ කොහොමද? බහු ජාතික කොම්පැනි වලට දේශපාලුවන් සේම නිලධාරි පැලැන්තියත් ශ්‍රව්‍ය දුෂ්‍ය මාධ්‍ය ඇතුළු බොහෝ වගකියයුතු අංශ සියල්ලක්ම පාහේ යට වෙලා හුගකල්. (අ)
සුරන්ජිත් මාමා වෙත, මාමේ අපි වගේ බබාල ට තේරෙන විදිහට කිරි පිටි වල නමත් පත්තරේ ලියන්න. එතකොට අපේ අම්මලාටත් කියන්න පුළුවන් විස්තර.(නදී)
දේශීයව නිපදවන , හයිලන්ඩ් සහ පැලවත්ත යන කිරිපිටිවල මෙම රසායනය අඩංගු නොමැතිබව තහවුරුවී ඇත. කනගාටුවට කරුණ නම් මෙම දේශීය කිරි පිටි වර්ග 2 මගින් ශ්‍රීලංකාවේ ඉල්ලුම සපුරාලීමට නොහැකි වීමයි. හැකිි සෑම විටම දියර කිරි භාවිතා කිරීම මෙයට ඇති එක විකල්පයකි. නැවුම් දියර කිරි ශීතකරණයක තබා දින 3ක් පමණ ගැටළුවක් නොමැතිව තබා ගතහැකිය. නවසීලන්ත, ඔස්ට්‍රේලියා රටවල මිනිසුන් දියර කිරි භාවිතා කරන අතර විෂ රසායන අඩංගු අතිරික්ත කිරි , පිටි බවට පත්කොට අනෙකුත් රටවලට අපනයනය කරයි. ලංකාවේ ඇතැම් කිරි ගොවීන්ද කිරි විකුණා පිටිකිරි මිලදී ගනු ලබයි. ලංකාවේ හැටි මෙහෙමය.(නදී)
කාලෙකට කියනවා කිසිම රසායනිකයක් අඩංගු නෑ කියලා. ආයෙත් කාලෙකදී කියනවා අඩංගු වෙනවා කියලා නොබීම ඉන්න එක තමයි හොද.(නදී)
දියර කිරි තමා හොද.(ස)
ගයා ..කියන්නේ ඇත්ත ...? මෙ කිරිපිටිවල නම් කීවොත් සමාගම නඩුදමනවා වන්දි ඉල්ලලා , මොකද රජයට බදු ගෙවනවා සමාගම, හේතුව එකයි...? අනික අපේ ලංකාවේ පමණයි මේ කිරිපිටි සෙල්ලම , ලෝකේ වෙන රටවල් දන්නේ නැහැ ,කිරිපිටි උදේට බොනවා කියන එක , හැම දියුණු රටකම උදේට නැවුම් කිරි තමා බීමට හෝ අහර සමග මිශ්‍ර කරගන්නේ ...? මම ලංකාවට ආවම පාරේ පැයක් විතර හිටන් ඉදල කිරිමාමගෙන් කිරි ලීටරයක් අරන් ප්‍රිජ් එකේ දමාගන්නව දිනපතා පාවිච්චියට ..? ඔබ සැමත් නැවුම් කිරි පාවිච්චි කරන්න, එහෙමත් නැතිනම් එල ගවයෙක් ඇති කරන්න පවුලේ කිරිටික ලබාගන්න ඌට කෑමටික වතුර ටික වෙලාවට දීල ...? (ස)
ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන්නේ කිරිපිටි වර්ග දෙකක් විතර ද? නුසුදුසු අනිත් කිරි පැකට් බිමට නොගන්නා ලෙසට අවවාද නොකරන්නේ ඇයි? එස්. එල් .එස් නොගහපු කිරිපැකට් වෙළදපොලේ තියනවා ද? නෑ නේද ? එතකොට හොද නෑ කියලා කියන්නේ එස්. එල් .එස් සුදුසුකම් ලත් පැකට් ද ? අනේ දෙයියනේ මේවා අහන්නේ කාගෙන් ද ? (නි)
ජාතියේ නාමයෙන් මෙම කිරි පිටි වර්ග දෙක සහ ඒවා ගෙන්වන සමාගම් ජනතාවට හෙලිකරන්න. නොයෙකුත් බලපෑම් වලට යටත්ව මේවා ජනතාවගෙන් වසන් කිරීමට මෙරටේ උගතුන් ඉඩ නොතැබිය යුතුයි. හරියට රජරට වකුගඩු රෝගයට මුල්වූ ආසනික් ප්‍රශ්නය යටපත් කළා සේ. (නි)
හරි මොනවාද ඔය වර්ග? අපි දැනගන්නේ කොහොමද? ඔය පිටි තාම වෙළද පොලේද? (නි)
වාර්තා වලට අනුව මෙම පිටිවර්ග හතරේ 15.17% ,7.42%, 0.46%,0.43% ප්‍රමාණ වලින් මෙම විස අඩංගු වෙනවා (නි)
මේ කිරිපිටි වර්ගවල නම් කියන්නේ නැත්තේ ඇයි? (නි)
මම කියන්නද වර්ග හතර? (නි)
මගේ දෙයියෝ ඔයාලා කොහෙද ජීවත් වෙන්නේ?නම් හතර කිවුවොත් ඉවරයි. ඒක නිසා ටිකක් ඉවසන්න.කොකාට වාරයක් නම් තිත්තයට 7 වාරයයි කියලා කතාවක් තියනවලු. (නි)
මට පේන විදියට කවුරුහරි බලවතෙක් අළුත් කිරිපිටි වර්ගයක් ආනයනය කරන්න හදනවා වගේ. ලංකාවේ පම්පෝරි ගහලා හදන සමහරක් යෝගට් වර්ගවලත්,නැවුම් කියලා විකුණන එළකිරි වලත් පිටරටින් රහසේ ගෙන්වන අහිතකර රසායන මිශ්‍රකරනවා.අහුවෙනකම් හරිම හොඳයි. (නි)
ලංකාදීපට පින් සිදුවෙනවා බාධක මැද මේ ආකාරයෙන්වත් ජනතාව දැනුවත් කරන එකට.අපි නම් බොන්නේ අපේ රටේ කිරිපිටි වර්ග දෙකෙන් එකක්.අද වෙලා තියෙන්නේ බහු ජාතික සමාගම්වල දැඩි බලපෑම් මත මාධ්‍ය කටපියාගෙන ඉන්නවා.එහෙත් ජනතාවට පුළුවන් තමන් කන්නේ බොන්නේ මොනවාද කියල තීරණය කරන්න. (නි)
ලංකාවේ මිනිස්සු මේවගේ ප්‍රවෘත්ති බලන්නේ නැහැ. බලන්නෙම වෙළඳ දැන්වීම් වල තියෙන කිරිපිටි වර්ග පිලිබඳ දැන්වීම්.ඒවා පෙන්වන්නේ ටෙලිනාට්‍ය අස්සේ නිසා.මෙවැනි දේවල් ගැන ප්‍රචාරයක් දෙන්න පුළුවන් අවබෝධයක් දෙන්න පුළුවන් පැවිදි පිරිසට ඉතා පහසුවෙන්.එම පිරිසත් ශෝභන දේශනා පැවැත්වනවා විනා අත්‍යවශ්‍ය දේවල් ගැන කතා කරන බවක් පෙනෙන්ට නැහැ. අනෙක, මෙම වාර්තාවේ ඇයි පිටිවර්ග වල නම් පලකලේ නැත්තේ..(අ)
රට කිරි බිලා මැරෙනවට වඩා ලංකාවේ නිපදවෙන කිරි බොන එක නරකද? (නි)
පොඩි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ ගන්නා ලද උත්සාහය අගය කරමි (අ)
ලංකාවේ හැමදේම සල්ලිවලින් වහලා දාලා මිනිස්සුන්ට වස විස කවනවා. මෙහෙම දේවල් ඒරොප්පේ වුනානම් බලාගන්න තිබුනා. ලංකාවේ අහිංසක මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම (නි)
තුන්වෙනි ලෝකේ රටවලට යවන හැම බඩුවක්ම,ප්‍රමිතයෙන් අඩු නිෂ්පාදන බව හැම කෙනෙක් දැනගතයුත්යි.ඔය හැම මස් සදහා ඇතිකරන සතුන්ටම,හෝමෝන් මිශ්‍ර ආහාර කන්ට දෙනවා.ඒක රහසක් නොවේ.පිට රටින් ගෙන්වන කුකුල් මස් වල, අදික ලෙස ලුණු සහ වතුර එන්නත් කරලා තියෙනවා.මට මේ ගැන ඕනනම් දවසක් වුණත් කතා කරන්න පුළුවන්. (අ)
මොකද නම කියන්න බැරි (අ)
හෙට අනිද්ද කවුරුහරි ඇවිත් කියයි ඕක බොරුවක් ඕවා බිවුවට කමක් නැ කියල, (අ)
නමේ හංගගෙන මේවා කිවුවම අපි කොහොමද දන්නේ මොකේද තියෙනේ කියල.(අ)
වර්ග දෙක කියන්න බැරිද.(අ)
පුදුමයි ඒත් අත්තැයි (අ)
හතර මොනවද? (අ)
අපිට බොන්න දෙයක් නැතිවෙයි (දී)
මට නිකන් කලන්තේ වගෙයි. (නි)
ඇත්තටම දියුණු රටවල ඔය පිටි කරපු කිරි බොන්න්නේ නැ එයාල එහෙම දෙයක් දන්නෙත් නැහැ. බොන්නේ නැවුම් එළකිරි ඒකේ යම් ගුණයක් තියනවා දවස් 10යි තියන්න පුලුහන් අපි බොන ඔය පිටි කිරි වල කිසි ගුණයක් නැහැ. අපිටත් ඕන ඒවගේ ගුණ දායක දේවල් දෙන හොද ක්‍රමයක් හදන එක නේද?(නදී)
නම කිව්ව නම් හරි නේද?(නදී)
හලාල් කියලා තියෙන්නේ මිනිස් සිරුරට හිතකර දේවල් විතරක් බොන්න කියලයි.(නදී)
හොයා ගත්ත නම් අය රටේ ජනතාවට කියන්නකෝ (නි)
එහෙත් හයිලන්ඩ් සහ පැලවත්ත දේශීය කිරිපිටි වර්ග 02 හි කිසිඳු රසායනික තත්ත්වයක් අන්තර්ගත වී නැත. (නි)
ඒ කියන්නේ, කිසිම පිටි වර්ගයක් බොන්න එපා කියන එකද? ළදරුවන් නම් මව් කිරි වත් බොයි. වැඩිහිටි අපි මොනවාද බොන්නේ? (නි)
අඩුම ගානේ හොඳ ටිකවත් කියන්න. (නි)
ඔච්චර ලියන්න දෙයක් නැහැ වර්ග හතරක් තියෙනවා. ගොසිප් ලංකා එකේ තියෙනවා විස්තරය.(නදී)
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ ගන්නා ලද උත්සාහය අගය කරන අතර තව දුරටත් ඒ පිලිබඳ කරුණාවෙන් සොයා බලන්න අපේ දේට හුරු වෙන්න හොදම වෙලාව. (අ)
අපි නම් බොන්නෙ නැහැ ඔය රට කිරි (නි)
කියන්නද හොද නැති ටික? (නි)
එකක තියනවා අර නැව් වල පාවිච්යට ගන්නා උපකරණයක්. මේ දවස්වල එයාලා රූපවාහිනියේ දැන්වීම් දානවා , මේ සලකුණ තියන කිරිපිටි හොදයි කියලා (නි)
අපි නම් දන්නවා (නි)
වෙන ලැබ් එකකින් මේවා බොරු කියලා ඔප්පු කරයි තව දින කිහිපයකින්. මතකයි නේද "මෙලමයින්" වලට කිවුව කතා.... (නි)
අපි නම් දන්නවා වර්ග පහ (නි)
දැන් මොනවද මේ අහිතකර රසායන? (නි)
ඔය කිවුවට මිනිස්සු දන්නවා නම් ටික (නි)
මේ කිරි පිටි වර්ගවල නම කියන්නකෝ. හැබැයි මිනිස්සුදන්නවා බඩු මොනවද කියලා. (නි)