(අංජුල මහික වීරරත්න)
2019 වසරේ තිබූ බඩු මිල නැවත ගන්නට නොහැකි යැයිද කළ හැකි එකම දේ ක්‍රමානුකූලව ආදායම වැඩි කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තරුණයන්ට බලාපොරොත්තු තබාගත හැකි රටක් ගොඩනැඟීම සඳහා තමා බාරගත් අභියෝගය ඉටුකරන බව කී අග්‍රාමාත්‍යවරයා මේ වසරේ දී බැරි වුනත් 2024 වසරේ සිට බලාපොරොත්තු සහගතව ඉදිරියට යාම ඇරඹීමට හැකි වන බවද සඳහන් කළේය.
තරුණ වෘත්තීයවේදීන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී තරුණයන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි හැමදාම මෙහෙම වැටිලා ඉන්න උවමනා නැති බවයි
"අපි නියම මාර්ගයේ යනවා නම් මේ අවුරුද්ද අමාරු වෙයි.නමුත් 2024 වසරේ සිට අපට බලාපොරොත්තු සහගතව ඉදිරියට යන්න පුළුවන්.2023 වසරේ දී ත් මේ වසරට වඩා කුඩා දියුණුවක් අපට පෙනේවි.2025 වසර වන විට අපේ ගමන ආරම්භ කරන්න පුළුවන්.යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා කීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට ගොඩ යන කාලය ගැන අගමැතිගෙන් ඉඟියක්
කරි පුතා Tuesday, 14 June 2022 03:09 PM
ලෝකයේ හැම රටක්ම යන්නේ නියමිත වසරක් සමග දැක්මක් එක්ක. දේශපාලනයට කුළල් කාගන්නේ නැතිව කවුරුත් එකතුවෙලා ජාතික සැලසුමක් ඇතිව ගියොත් රට ගොඩගන්න පුළුවන්..!
ranjith Tuesday, 14 June 2022 03:15 PM
2024? එතෙක් මෙහෙම ගියොත් මිනිස්සු ඉතුරු වෙන එකක් නෑ. ඊට කළින් කොහොම හරි ඡන්දයක් තියලා ජනතාව පිළිගන්න රජයක් පිහිටුවාගන්න ඉඩ සලස්වන්න.
චමින්ද Tuesday, 14 June 2022 03:24 PM
මේ රට මෙතරම් ප්‍රපාතයකට වැටුණේ ආදායම් ඉපැයීමට වඩා ණයට අරගෙන අනවශ්‍ය ව්‍යාපෘති කිරීම නිසා. ඔබතුමා හැමදාම කියන්නේ අපිට හරිම අමාරුයි කියලා.. ඇත්තටම පොහොට්ටු කුළුණ, පොහොට්ටු රඟහල, මත්තල ගුවන් තොටුපොළ වගේ දේවල් නොකර අඩුම ගණනේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට ඉන්ධන පුරවාගෙන තිබුණා නම්, අපනයනය පදනමෙන් කර්මාන්ත ශාලා ඇතිකළා නම් එහෙමත් බැරිනම් තිබුණු වැසීයාමට තිබූ කර්මාන්ත නවීකරණය කළා නම් (ජෙප්පන් බාධා කරාවි තමා) ලංකාවේ තිබෙන ස්වාභාවික ඛනිජ නිෂ්පාදන ඇතිකළා නම් රටේ වැවෙන ආහාර විදේශවලින් නොගෙනාවා නම් මේ රට කොතරම් දියුණු කරන්න තිබුණද? මේකට අතීතයේ බුද්ධාගම උගන්වද්දී නිගන්ඨනාථ පුත්තගේ ආගම ගැන ඉගැන්වීම නොකළා නම් මේ රට මෙතරම් ප්‍රපාතයකට වැටෙන්නේ නැහැ නේද?
Robinson Tuesday, 14 June 2022 03:51 PM
පළමුව හොරකම නතර කළ යුතුයි. අනවශ්‍ය නාස්ති නතර කළ යුතුයි. මේඩ් ඉන් ශ්‍රී ලංකා සංකල්පය ක්‍රියාත්මක කිරීම, ගොවිතැනට මුල් තැන දෙන්න.
chandima Tuesday, 14 June 2022 04:01 PM
ඒ කියන්නේ ගෝඨා යනකන් නම් බැහැ. ඉන්පස්සේ විධායක බලතල ලැබුණොත් පුළුවන් කියන එකනේ..? ඒ නිසා මේ අවුරුදු දෙකට වෙන කෙනෙක් දාලා බලමු..
nuwan Tuesday, 14 June 2022 04:18 PM
අනේ 2024 දීත් මෙයාලාට දෙන්න එතකොට 2025 ඉඳන් රට සුඛිත මුදිත වෙයි.
Sunil Tuesday, 14 June 2022 04:21 PM
තවත් බොරු කතා සහ සාකච්ඡා පමණයි. ජනාධිපති සහ වත්මන් අගමැති ගෙදර යවනකන් රටට කිසි සෙතක් නම් නැහැ. රට තවත් ප්‍රපාතයට යනවා. සිදුකළ ලොකුම මෝඩකම ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අයෙකුට අගමැතිකම පැවරීමයි.
nanda Tuesday, 14 June 2022 04:28 PM
කියපු කයිවාරු දැන් මුකුත් නෑ වගේ... තුන්වේල පොලී නැතිකරන එක. තිබුණටත් වඩා අන්තයකට යන හැඩයි.
oshara Tuesday, 14 June 2022 05:23 PM
2024 වෙනකන් කව්ද ඔයාලාව බලයේ තියන්නෙ සුදු. පව් ඔයයි, නන්දෙයි...
රනේ Tuesday, 14 June 2022 05:30 PM
මොන විකාරයක්ද මේ..? මොලෙන් හිතුවොත් මාස 06 න් හරි මාවතට ගන්න පුළුවන්.. ඉක්මනට ඡන්දයක් තියන්නකෝ?. අපි වැඩේ කරලා දෙන්නම්...!
sharm warn Wednesday, 15 June 2022 10:58 AM
අදහස් වලට කැමැත්ත අකමැත්ත පල කරන එකෙන් පෙන්නෙ අකමත්ත පල කරන්න මුදල් ගෙවා යොදවපු සෙට් එකකුත් ඉන්නව වගෙ. . අනේ ඉතින් මෙහෙමත් අවස්වතාවාදියො එක්කනෙ මෙ රට දියුණු කරන්න වොලා තියෙන්නෙ..
sampath Wednesday, 15 June 2022 08:02 PM
වසර 5ක් පර්ලිමෙන්තුවෙ හිටපු කවුරුවත් අයෙනම් ගේන්න හොඳනෑ. මෙ රට ගොඩ දාන්න මස 6කින් පුලුවන් එකම දේ සැබෑ උගතුන්ට බුද්ධිමතුන්ට. තෙල් පොලිම් ෑස් පොලිම් පලනය කරගන්නවත් බැරිව මොන සංවර්දනයක්ද?