IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා මම

( බී.ජී. චතුරංග )

රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සියයට 44% ක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම මෙතෙක් තීරණය කර නොමැති බවත් සියලු පක්ෂ නායකයින්ගේ අදහස් ක්‍රියාත්මක සිස්ටම් එකක් අනුව රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා වර්තමානයේ පවතින මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරයේ පවතින අධ්‍යාපනයට සමාන අධ්‍යාපන ක්‍රමයක් මෙරට නිර්මාණය කළ යුතු බව ද ඒ මහතා පැවසීය.

සමාජ මාධ්‍ය තුළ සිදු කරන වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිවිටෙක කලබල විය යුතු නැති බවත් ලෝකයේ අනෙකුත් රටවල දරුවන් සමග තරග කළ හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.

ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඩී පී එඩියුකේෂන් ආයතනයේ අයි.ටි.කැම්පස් හි අධ්‍යාපනය ලැබූ සාමණේර හිමිවරු සහ දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. 

ලංකාවේ විශාලතම පක්ෂය වන පොහොට්ටුවේ මංත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස තමන් ක්‍රියාවන් සිදු කර පෙන්වා ඇති බවත් ජනතාවගේ ප්‍රධානතම ඉලක්කය ආර්ථිකය හදන පුද්ගලයෙකු බලයට ගෙන ඒම බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු වේදිකාවල අදහස් ප්‍රකාශ කර නැති බව ඒ මහතා මෙහිදී අවධාරණය කලේය.

 



අදහස් (26)

රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා මම

Janindu Perera Monday, 08 July 2024 12:31 PM

හරි අපි දැනුවත් උනා. දැන් ඔබතුමා ගිහින් ඔබතුමාගෙ වැඩක් කරගන්න

:       4       28

ගමේ එකාලා Monday, 08 July 2024 12:31 PM

දූෂිත පවුල් පාලනේ එක්ක එකතුවෙලා වෙන්ඩැ.රතුපස්වල වතුර ඉල්ලපු අයට මොළහතා එක්ක එකතුවෙලා කරපු හරිය හොන්දටම ඇති .

:       3       29

Hafeel Monday, 08 July 2024 12:33 PM

එහම නම්, බ්‍රිතානයේ රෝහල්වලින් ඉවත් කරන කුණු ටික ලංකාවට ගේන්න ගන්න පුළුවන් එකම එක්කනා කොව්ද? මේවා කරන්නට කලින් රටේ භාන්ධාගාරයට ගෙවියයුතු බදු මුදල් ගෙවා ඉන්න ඕනේ, පානිය ජලය ඉල්ලපු රතුපස්වල අහිංසක ජනතාවට සාධාරණය ඉටුවියයුතුයි.

:       4       23

රතුපස්වල කුමාර Monday, 08 July 2024 12:39 PM

ඇත්ත ද ?

:       4       21

DP Monday, 08 July 2024 12:44 PM

අනේ මේවා කියන්නේ නැතුව ඉන්න. මෙච්චර කල් පොල් ද ගෑවේ? සුදූ සල්ලිවලින් තියන හැම කම්පැණි එකම අරගෙන දැන් පම්පෝරි ගහනවා...

:       4       19

මහසෝනා Monday, 08 July 2024 12:46 PM

සජියා වගේම කෙනෙක්. මම, මට, මගේ...!

:       3       23

Rata Perata Monday, 08 July 2024 12:46 PM

ඒ පාර ඉන්න පිස්සන් මදිවට තව පිස්සෙක් ඇවිත්...

:       2       22

Prabha Monday, 08 July 2024 12:47 PM

මෙයත් හරියට සජිත් වගේ.. මම, මට විතරයි පුළුවන්...

:       2       19

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 08 July 2024 12:49 PM

අපේ අකුදී සහෝදරයා වැව් 1000ක් හරි හැරුවා. ආණ්ඩුවේ දිගටම හිටියා නම් තව හාරනවා. ඔයා මොනාවද ඒ වගේ වැඩ කරලා තියෙන්නේ ධ. පෙ. මහත්තයෝ. එම නිසා මේ පාර අපේ නායක සහෝදරයාව පරාද කරන්න ලැබෙන්නේ නැත. විරුද්ධවාදීන් කයියනායක කියා ඒ සහෝදරයාට එල්ල කරන අවලාද වලට මෙවර පිළිතුරු ලැබෙනු ඇත.

:       12       10

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 08 July 2024 12:51 PM

මෙරට කලාකරුවන් සිටින්නේ ජවිපෙ වේදිකාවේ පමණි. අනිකුත් සියලු දෙනා නලාකරුවන් පමණි.

:       11       12

ලසන්ත Monday, 08 July 2024 12:51 PM

ඒ කියන්නේ ඔයා නැතිවුනොත්, රටම අගාධයේ තමයි නේද? අනේ තිස්තුන්කෝටියක් දෙවියෝ රැකගනිත්වා!

:       2       18

kAMAL kOYRALA Monday, 08 July 2024 12:54 PM

රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා මම අර්ටේ ආර්ථිකය නොවේ ප්‍රශ්නය රටේ නීතිය වල වැඩේ තියන එකයි හදන්න ඕන එවිට අර්තිය්කය ඉබේ හැදේවි ඔබ තුමත් කොටි ගණන් පොලුතියලානේ තිබ්බේ මන්ත්‍රී කට්ට නිසා එක ගෙවා දැම්ම එපමනක් නොවෙඉ වගුරු බිම් ගොඩකරලා මහා පරිසර විනාස කරන්නත කටුතු කලානේ රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකරන්නේ තමන්ගේ තුරුම්පු අනුන් ගහන නිසා. පොහොට්ටුවේ මංත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු හිටියට සුදු කාරයෙකුට ආරථික ඇමති කම දුන්නේ නෙහනේ කරලා පෙන්නාන්න

:       3       37

PATTA hora Monday, 08 July 2024 12:57 PM

ජනා වුනාම කුණු කන්ටේනර් නෙවෙයි, නැව් ගණන් ගේන්න පුලුවන් නේද? ජනාධිපති වෙන්න කලින් ඒකාධිකාරියක් පවත්වා ගෙන අසාධාරණ මිලට විකුණන ටයිල්, සනීපාරක්ෂක මෙවලම් වල මිල අඩු කරමුද ?

:       2       40

Indika Monday, 08 July 2024 01:05 PM

ඔව් විකිඑණ අපද්‍රව්‍ය ටිකක් ගැනත් සිංහරාජ මගේ වලදාලා ජැක්පොට් ගැලැම්බින් දියුණු කලා නම් හරි

:       3       36

Kcn Monday, 08 July 2024 01:12 PM

සුද්දන්ගෙ කුණු, කන්ටේනර් පිටින් ගෙනාවාම රට දියුනු වෙනවා

:       2       35

නිලන්ත Monday, 08 July 2024 01:21 PM

කුණු කන්ටේනර් ගෙන්නලා කැසිනෝ ක්ලබ් දාලා තමයි මෙයා රට ගොඩදාන්න හැදුවේ.

:       0       18

Hafeel Monday, 08 July 2024 01:38 PM

එහෙම නම්, බ්‍රිතාන්‍යෙය් රෝහල්වලින් ඉවත් කරන කුණු ටික ලංකාවට ගෙන්න ගන්න පුළුවන් එකම එක්කනා කව්ද? මේවා කරන්නට කලින් රටේ භාණ්ඩාගාරයට ගෙවියයුතු බදු මුදල් ගෙවා ඉන්න ඕනේ, පානීය ජලය ඉල්ලපු රතුපස්වල අහිංසක ජනතාවට සාධාරණය ඉටුවිය යුතුයි.

:       2       13

Chandima Monday, 08 July 2024 01:55 PM

මේ කියන විදිහේ අධ්‍යාපනයක් අරන්, හේලීස් සමාගමේ නැතිනම් සී.අයි.සී. සමාගමේ රැකියා කරලා මුළු ලංකාවම සී.අයි.සී. සමාගමෙන් පොහොර අරන්, තෙල් අරන්, බිත්තර වී අරන්... පාරට යන යුගයක් නේද මේ කියන්නේ...? ඒ විදිහට රට හැදිලා හැදිලා එද්දී ලස්සන හිතාගන්නවත් බෑ...

:       2       16

ana Monday, 08 July 2024 02:37 PM

රටේ ආරක්ෂාව කියලා එකෙක් ගෙනත් වෙච්චි හරිය මදෑ... අටේ ආර්ථිකය හදන්න ඇවිත් මෙයා මො‍න... දේ කරයිද කවුද දන්නේ...?

:       2       17

සෑම් Monday, 08 July 2024 02:56 PM

අනේ අම්මපා මරු බඩුව රටේ ආර්ථිකේ හදන්න. කැසිනෝ වලින් තමුන්ගේ ආර්ථිකේ හදා ගත්ත විදිහට රටේ ආර්ථිකේ හදන එකත් simple කියලා හිතෙනවා ඇති. රටේ ආර්ථිකේ නෙමෙයි මුලින් හදන්න ඕනා මේවගේ ජාවාරම් කාර සල්ලිකාරයෝ බිහිකරපු පාදඩ දේශපාලන සංස්කෘතිය සහ වල් වැදුණු නීතිය. හොරුන්ගෙන් ඉපදුන හොරුන් ගෙ පුර්ණ ආශීර්වාදය ඇතුව බලය ගන්න ඉව අල්ලන් ඉන්න මෙයා කොහෙද ඒවාට පාදඩ දෙපාලනය හදන්නේ. මු චන්දෙ ඉල්ලන්නේ ජොලියට රටවල් හදන්න නෙමෙයි.පුකට පයින් ගහලා එලවන්න තියෙන්නේ

:       2       20

kuma Monday, 08 July 2024 03:31 PM

වහල්ලුන්ගෙන් පිරුණු රටක්.කමෙන්ට්ස් බලපුවාම තෙරුනේ ඒකයි

:       18       7

කමල් Monday, 08 July 2024 03:39 PM

පිට රට වල කුණු කන්ටේනර් ලංකාවට ගෙනැල්ලා ඩොලර් උපයන්න ඕනේ කෙනෙක්ට පුළුවන්

:       2       19

fairoos Monday, 08 July 2024 04:35 PM

මේවානේ දෙයියෝ සාක්කි වලට දාන්න ඕනැ

:       1       12

Zara Monday, 08 July 2024 05:27 PM

කැසිනෝ දාලාද රට හදන්නේ...?

:       0       0

Asela Monday, 08 July 2024 05:45 PM

අප්පේ ඔව්... ඔව්..... කොහෙද මෙච්චර කල් හිටියේ.

:       0       0

Jayasekara Tuesday, 09 July 2024 10:09 AM

හැමෝම ආවේ ඔහොම කියලා... හැබැයි ගියේ රටත් විකුණලා......අපිත් ණය කොරලා කාලකන්නි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 944 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 316 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 218 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2271 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3171 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2266 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36907 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24347 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site