IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රට ගිය අයට ගෙවල් හදන්න කෝටියක ණයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා විදේශ  සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍ර ලාභී බැංකු සමඟ සහයෝගයෙන් වික්‍රමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.

එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් මිලියන දහයක ණය පහසුකමක් ලබාදීමටත් ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් අපේක්ෂා කර ඇතැයි රජය කියයි.

යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගනු ලබන ණය මුදල ණය ලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලයේ නීත්‍යානුකූල මාර්ග වලින් ප්‍රේෂණය කරනු ලබන විදේශ මුදලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිමකර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල් වලින් ද ගෙවීමට හැකියාව ලැබෙන බව රජය සඳහන් කරයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා  අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 



අදහස් (5)

රට ගිය අයට ගෙවල් හදන්න කෝටියක ණයක්

Prabha Tuesday, 13 February 2024 03:17 PM

ගන්න හිතන් ඉන්න පොලියත් දාන්න .3% 4% ණය ගන්න පුළුවන්කම තියෙද්දී ඉඩ කඩම් අපායට තියලා 20% - 25% පොලියට ලංකාවේ බැංකු වලින් ගන්න අපිට පිස්සු නෑ

:       0       8

කමල් Tuesday, 13 February 2024 03:23 PM

මේ වැඩේ පාඩුයි. මම දන්න එක්කෙනෙකුට සම්පූර්ණ ගිවිසුම යුරෝ වලින් හදල රුපියල් වලින් ලෝන් එක දුන්න. අන්තිමට ගිවිසුමේ අවම පොලී අනුපාතය එවෙලේ දෙන ණය පොලී අනුපාතයට සමාන කරල උපරිම අය කරගත හැකි පොලිය සඳහන් කරල තිබ්බේ නෑ. ජාත්‍යන්තර පොලී අනුපාතයක් සමඟ ගිවිසුමේ පොලිය වැඩි වන එහෙත් ගිවිසුම් ගත මොහොතේ තිබු පොලියට වඩා කිසි දිනක අඩු නොවන පොලී අනුපාත ක්‍රමයකට තිබ්බේ. ගිය අවුරුද්දේ ලෝකයේ පොලී අනුපාත වැඩිවුණා දෙගුණයක් විතර. ඒ එක්කම යුරෝ වලින් ගෙවන ගානත් දෙගුණයක් වුණා.

:       0       4

ජෝතිරත්න Tuesday, 13 February 2024 08:44 PM

ඔය බොරුවලට අහුවුණු කාලේ ඉවරයි...

:       0       2

Sampath Wednesday, 14 February 2024 01:28 AM

හොඳයි

:       0       1

Madu Friday, 16 February 2024 02:49 AM

ලංකාවේ ඉඳලා ජීවත් වෙන්න හම්බ කරන ටික මදි නිසා රට ආවා. දැන් ඒකටත් සුරංගනා කතා ටිකක් කියලා කෙලින්න හදන්නේ... අහුවෙන්න එපා පිටරටවලට ගිහිං දුක් විඳින අපේ කිසිම කෙනෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 103 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 367 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 221 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 521 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 390 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1153 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site