IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


’’රට දූෂණයෙන් මුදා ගන්නවා’’

(යොහාන් භාසුර)

යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදාගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවාගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) පැවසීය.

ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ යැයි නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා බත්තරමුල්ලේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා එසේ කීය.

දියුණු රටවල් බවට පත්ව තිබෙන ලොව බොහෝ රටවල් ප්‍රතිපතියක් ඇති එකම නායකයෙක් පමණක් දියුණු කළ ඒවා බව කී ඒ මහතා පක්‍ෂ දේශපාලනයට ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින අයගෙන් වැඩි පිරිසකට රට වැටී ඇති තත්වය පිළිබඳව කිසිඳු හැගීමක් නොමැති බවත් මෙරට ජනතාවගෙන් ලක්‍ෂ 25 ක් පමණ පක්‍ෂවලට දැඩිව බැදී සිටීම ගැටලුවක් බවත් ඒ මහතා කීය.

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වූ බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වීම නිසා එයට නීතිය හරහා මුහුණ දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

පක්‍ෂයට එරෙහිව කටයුතු කිරීමෙන් සිය පෞද්ගලිකව දේශපාලනය අවදානමකට ලක්ව තිබුණත් එය තමන් දැන සිටි බවත් පෞද්ගලික දේශපාලනය සඳහා නොව රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට පක්‍ෂයට එරෙහි වූ බවත් ඒ මහතා පැවසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමෙන් පසුව ආණ්ඩුව භාරගැනීමට විපක්‍ෂ නායකවරයා කටයුතු නොකිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වූ ඡන්දයට විපක්‍ෂ නායකවරයා ඉදිරිපත් නොවීම ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීම යන සිද්ධි දෙක පක්‍ෂය සමඟ හොඳ හිත පළුඳු වීමට ප්‍රධාන හේතුව බවත් විපක්‍ෂය ආණ්ඩුවක් භාරගත යුත්තේ වැටී තිබෙන අවස්ථාවේදී බවත් ඒ මහතා සඳහන් කළා.

සමඟි ජනබලවේගයේ නායකයාට පක්‍ෂය නිවැරදි කිරීමේ කිසිඳු උවමනාවක් නොමැති වීම නිසා එම පක්‍ෂයත් සමඟ සම්බන්ධයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව කී සරත් ෆොන්සේකා මහතා සමඟි ජනබලවේගය නිවැරදි වන්නේ නම් ගැටමක් නොමැති බවත්ය.

මෙරට ඉතිහාසයේ පැවැති ප්‍රධාන පක්‍ෂවල ජයග්‍රහණය කරන තත්වයක් නොමැති මෙන්ම ප්‍රබල පක්‍ෂ විනාශ වී අවසන් බවත් ජනාධිපතිවරණයේදී මාලිමාවට සහයෝගය දීමේ කිසිඳු සූදානමක් නොමැති බවත් ෆොන්සේකා මහතා පැවසීය.

ජාතික ජනබලවේගයට සම්බන්ධ පිරිසක් තමන් සමඟ සිටින බවත් එම පිරිස ජාතික ජනබලවේගය සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ජනබලවේගයට සහය දැක්වීමක් ඉදිරියේදී කිසිඳු අවස්ථාවක නොවන බව කී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ වසර 75 ක් රට විනාශ කළ අයට නැවත බලය නොදීමට ජනතාව බුද්ධිමත් වියයුතු බවත්ය.



අදහස් (11)

’’රට දූෂණයෙන් මුදා ගන්නවා’’

යෝගා Friday, 09 August 2024 07:18 PM

ඉස්සෙල්ලාම අර ලඟදී වේයෝ කාලා මහ බැංකුවෙන් මාරු කරගත්තු ඩොලර් කුට්ටිය ලැබුනේ කොහෙන්ද කියලා හිටිමු බලන්න...

:       3       7

SAMAN Saturday, 10 August 2024 11:42 PM

වසර 75ක් රට පාලනය කර විනාශකළ අයට නැවත රට භාර නොදී, වයස 73ක කෙනෙකුට රට භාරදෙමු " ද ? "

:       0       0

Buddika Friday, 09 August 2024 07:55 PM

විකාර... තමන් ගැන අධිතක්සේරුවක ඉන්නේ. කව්ද මෙහෙම මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නේ...?

:       1       4

sukitha Friday, 09 August 2024 08:08 PM

ඔබතුමා එදා කරලා තියෙන්නෙත් තමන්ට නොගැලපෙන කතාවක්.. අද කරන්න යන්නෙත් තමන්ට නොගැලපෙන දෙයක්. සේනාධිනායකයා කිවයුතු යුද්ධය අවසන් කරන ප්‍රකාශය කිරීමෙන් ඔබතුමා කරල තියෙන්නෙ වරදක්. දැන් තමන් කළ වරද පුන පුනා ප්‍රකාශ කරනවා.

:       3       16

Chinthaka Saturday, 10 August 2024 12:29 PM

කතාවෙන් හෝ සිනාවෙන් බැහැ මනින්නට මිනිසා කියලා සුඛිතට තේරුම් ගන්න බැරිද? මෙතුමා ඒ දෙකෙන්ම වැඩ කරන්නේ නැහැ කරන්නේ ක්‍රියාවෙන් පමණයි.. ඒක දන්න හිටපු පාලකයෝ 2010 දී පක්ෂ භේදයකින් තොරව එතුමා පරාජයට පත්කළා මැතිවරණ කොමාව කොමා තත්වයට පත්වුණා. සාමාන්‍ය පවුල්වල අයට ලංකාවේ තැනක් ගන්න අමාරුයි.

:       1       3

Lalla Friday, 09 August 2024 10:20 PM

කලවැද්දාගේ ආයු අපේක්ෂාව කොපමණද? පේන විදියට මේ ආත්මයේ මොකුත් කරන්න කල් මදි වගේ..

:       1       3

Manoj Friday, 09 August 2024 11:01 PM

රටේ හොඳ නායකයෙක්...

:       2       2

sunimal Saturday, 10 August 2024 09:51 AM

තමන්ගේ තරම හා හැකියාව නොදන්නා තවත් එක පුද්ගලයෙක් තමයි මේ... සිවිල් පරිපාලනය මේ මනුස්සයා දන්නේ නැහැ. යන යන තැන රණ්ඩු වෙන්න විතරයි දන්නේ. ඡන්ද ලක්ෂයක් විතර ගනීවි. මේ කරන්නේ සජිත්ගේ ඡන්ද කැඩීමයි...

:       1       9

Rata Perata Saturday, 10 August 2024 01:05 PM

ජනතාවගේ බදුමුදල්වලින් කිසිම වරදානයක්, වරප්‍රසාදයක් නැතිව රට දූෂණයෙන් මුදවාගන්න කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ඉන්නවනේ. ඒ කණ්ඩායම අවුරුදු 20ක් විතර මේකට උත්සාහ කරමින් ඉන්නවා. ඔයාලා ඡන්දයක් ළංවුණාම වීරයෝ වෙන්න හදන අය වෙන්න එපා. ඔච්චරටම අමාරුවක් තියෙනවා නම් අර කණ්ඩායමට ඡන්දෙ දෙන්න.

:       5       6

priyanka Saturday, 10 August 2024 01:17 PM

මෙයාට ඉස්සෙල්ලා යුද්ධය ඉවර කරන්නේ කොබ්බෑකඩුව මහත්තයා. ඒත් එකට හිටපු ජනාධිපති අණ දුන්නා නේ. ඒක නිසයි මෙයාට ඉවර කරන්න යුද්ධයක් තිබුණේ..මොන හමුදාපති ආවත් ජනාධිපති කියන දේ කෙරෙන්න ඕනෑ..

:       1       9

ranjith Sunday, 11 August 2024 03:05 AM

මුහුණ දකිනකොටත් බයක් තමා හිතෙන්නේ. නායකයා උනොත් ජනතාවට දෙවියන්ගේ පිහිටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 726 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4667 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2796 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28036 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site