
(අංජුල මහික වීරරත්න)
වසර තුනක කාලයකදී දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
2026 වසරේදී ගම්මාන 75ක්, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් වශයෙන් ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම වැඩසටහන යටතේ මේ වන විට තැඹිලි පැළ 31,128ක් රෝපණය කර ඇති අතර, පවතින තැඹිලි ගස් 6,163ක් පුනරුත්ථාපනය කර තිබේ.
තැඹිලි ගොවීන් දිරිගැන්වීමේ අරමුණින් පවතින තැඹිලි ගස් පුනරුත්ථාපනය කිරීම සඳහා එක් ගසකට රුපියල් 700ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කටයුතු කර ඇත. එමෙන්ම නව වගාව සඳහා එක් තැඹිලි පැළයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 750ක් වුවද, ගොවීන්ට එම පැළයක් රුපියල් 150ක සහනදායී මිලකට ලබාදීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව, තැඹිලි වගාව හා කළමනාකරණය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ තාක්ෂණික දැනුම හා කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් 45ක් පවත්වා ඇත. තවද, තැඹිලි වගාකරුවන්ගේ ඉඩම් 2,544කට අදාළ තොරතුරු ඇතුළත් තැඹිලි වගා දත්ත පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
මෙම ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කළුතර, පුත්තලම, මාතර, රත්නපුර, හම්බන්තොට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර, මාතලේ, ගාල්ල, මඩකලපුව, බදුල්ල, මොණරාගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 18 ආවරණය වන පරිදි තැඹිලි ගම්මාන 75ක් ස්ථාපිත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd