IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘රෑට මහින්ද හමුවෙලා දවල්ට මෛත්‍රිපාල හමුවෙන ඩබල් ගේම් එපා‘

වසර 20 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පරාජයට පත් වුණත් අපේ  නිදහස් පාක්ෂිකයන්ට ආණ්ඩු පෙරළියකින් හා මැතිවරණ පරාජයකින් පසුව විඳින්න වෙන හිරිහැර හා අසාධාරණකම් නැතුව ඔළුව කෙළින් තියාගෙන ඉන්න පුළුවන් තත්වයක් ඇති කෙරුවේ වත්මන් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ආත්මාර්ථකාමි බලයට කෑදර පිරිසකට අමතක වි ඇතැhs වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප%ධාන සංවිධායක මිල්රොයි ප්‍රනාන්දු මහතා පවසයි.                                                                                                       

වෙන්නප්පුව ආසනයේ ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

‘අපි පක්ෂයක් ලෙස මේ තත්වයට අතිතයෙත් මුහුණ දුන්නා. පක්ෂයේ කෑලි කඩන් කී දෙනෙක් ගියාද. ඒත් අවසානේට වුනේ කෑලි කඩන් ගිය අය ආයෙත් පක්ෂයට සම්බන්ධවෙලා තනතුරු ගනිද්දි ඒ පස්සේ වැටුණු හාල් කෑලි අතරමං වුණ එක විතරයි. පක්ෂයේ නායකත්වයට මොන පුද්ගලයා පත් වුණත් මම ඒ පක්ෂය සමග ඉන්නවා. පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා අපේ පක්ෂයේ හිටපු නායක මහින්ද මහත්තයා පරාජයට පත් වෙලා බලයට පත් වුණු මෛත%sපාල මහත්තයාට පක්ෂයේ නායකත්වය දුන්නා.  එදා ඉඳලා මම ඒ පක්ෂයේ නායකයට ගරු කරනවා ඒ නායකත්වය පිළි ගන්නවා. මොකද මහින්ද මහත්තයම තමා පක්ෂයේ වHවස්ථාව වෙනස් කරලා පක්ෂයේ ඕනෑම කෙනෙක් රටේ නායකයා වෙනවා නම් එයා පක්ෂයේත් නායකයා වෙන්න ඕනේ කියලා නීති වෙනස් කළේ. අපි පක්ෂයේ අනුගාමීකයන් නම් එදා ඒ පක්ෂයේ නීතිය පිළිගත්තා නම් ඇයි අද ඒක පිළි ගන්න බැරි?‘ යැයිද ඒ මහතා කීවේය.

‘දුෂණයට හොරකමට මිනි මැරුම් වලට සම්බන්ධ වෙලා හිටපු පිරිසකගේ උවමනා එපාකම් වලට අද ගුණ මකුවන් වෙලා ඉක්මනින් බලය ගන්න අපේ පක්ෂය කඩාගෙන පටු අරමුණු වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා මේ අයගේ ගමන තාවකාලිකයි. එළඹෙන පළාත් පාලන ජන්දයට තරඟ කරන්න හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. ඔය කවුරු ගියත් පක්ෂය නැති වෙන්නේ නෑ හැබැයි ඒ පිරිසට එකක් කියන්න ඕනේ රෑට මහින්දව හමුවෙලා දවල්ට මෛත්‍රිපාල හමුවෙන ඩබල් ගේම් නතර කරන්න.  මෛත්‍රිපාල හමුවෙලා තනතුරු අරන් මහින්ද වටේ යන අය ඔය කරන ලැජ්ජා නැති වැඩේ නතර කරලා ඒ තනතුරුත් අතහැරලා පුළුවන්නම් යන්න‘ යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (0)

‘රෑට මහින්ද හමුවෙලා දවල්ට මෛත්‍රිපාල හමුවෙන ඩබල් ගේම් එපා‘

රජින්ද Sunday, 07 February 2016 06:41 AM

"දුෂණයට හොරකමට මිනි මැරුම් වලට සම්බන්ධ වෙලා හිටපු පිරිසකගේ...." හහ්.. හහ්.. මේ මහත්තයා ගැන දන්න අය දන්නවා වෙන්නප්පුව පැත්තේ වෙන දේවල්. කටින් ගලන්නේ ධාර්මික වචන වුණත් තමන් කරන/කරපු වැඩ මුළු දිස්ත්‍රික්කයම දන්නවා.(බ)

:       0       0

ජෝර්ජ් Sunday, 07 February 2016 07:09 AM

මේවා මේ ඉන්න වහලුන්ට කවද තේරෙයිද. මොකද ඔක්කොම හොරු මිනීමරුවෝ ගංජා කාරයෝ එතනෝල් කාරයෝ සහ එයට අාවඩන වහල්ලු ටිකක් ඉන්නේ. උන්ට උන්ගේ හෘදසක්ෂියට මුහුණ දෙන්න බැහැ(කෞ)

:       0       0

මහින්ද සෞදි Sunday, 07 February 2016 07:13 AM

සිරිසේන ක්‍රමයෙන් පිරිහෙනව.(කෞ)

:       0       0

රමණි Sunday, 07 February 2016 07:22 AM

අතීතය අමතක ඩබල් ගේම් කාරයොත් එපා. සමහරුන්ගේ පවුල්වල මිනීමැරීම් නඩුවලින් හිරේ ගිය අයව පසුව සමාව දී එලියට දැම්ම කියලත් එකල විපක්ෂයෙන් රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කරා. දැන් ඒ උදවියත් මහින්ද අත ඇරලා මෛත්‍රී පිලේ. ඒ මදිවට මහින්දට වැරදි කියනවා. (කෞ)

:       0       0

අරුණ ශාන්ති Sunday, 07 February 2016 07:50 AM

ඇමැතිතුමා සාදරයෙන් පිළිගන්නවා (බ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Sunday, 07 February 2016 09:17 AM

දේශපාලනයට කිසිම සුදුසු කමක් නැති අය මුදල් බලයෙන් මැර බලයෙන් පාර්ලිමේන්තුවට පත්වී මහින්ද රාජපක්ෂ තුමා බලයේ සිටි කාලයේ ඔහුගෙන් යැපුන , ඔහු නිසා කෝටි පතියන් වුන අයට මහින්ද නැති වුනොත් වෙන සරණක් නැති නිසා , කෙසේ හෝ ඔහුවම නැවත බලයට ගෙන ඒමට ඔවුන් වලි කනවා (බ)

:       0       0

ජයවික්‍රම Sunday, 07 February 2016 09:53 AM

මෙයත් වැල යන අතට මැස්ස ගහන කෙනෙක් (කෞ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 07 February 2016 10:08 AM

යහපාලන පළිගැනීම් නිසා එයා අපිටත් එපා වෙලා තියෙන්නේ. ආපු දවසේ ඉදන්ම වෛරය වපුරනවා පමණි. (බ)

:       0       0

නිමල්රජපක්ෂ Sunday, 07 February 2016 12:22 PM

මහින්ද, සිරිසේන පිරිහෙනවා ,ඔබේ ඔලුව නරක වෙලාද, නැහැ දිනෙන්දින දිලිසෙනවා ,කරුණාකර එන්න සෞදි ජර්මන් හොස්පිටල් එකට මගේ සයනයට ඔබේ ඔලුව පරික්ෂා කරන්න (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 261 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 363 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 231 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 887 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1527 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4280 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24738 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site