( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක් (10) එම නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට තෝරා ගෙන ඇති අතර ඒවා සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම එමගින් එක් වරකට 571 දෙනකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ.
මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රට රැකියවට ගොස් එද්දී නිරෝධායනය නොමිලයේ
janahitha Thursday, 25 March 2021 08:23 AM
ගෘහ සේවකයන් හැරුණාම අනෙක් අයට අවශ්‍ය නැහැ විශාල පඩි ලැබුණත්, ආණ්ඩුවේ රක්ෂණ ගාස්තුවත් ගෙවන්න කැමැති නැහැ. රණ්ඩු අල්ලනවා... වැඩි වැටුප් ලබන මේ අය ඉතාම මසුරු ජීවිත ගත කරන්නේ. හරියට කන්න බොන්නෙත් නැහැ. බොහෝමයක් ආගමික වැඩ, දානමාන වැඩිපුරම කරන්නේ අසරණ ගෘහ සේවකයන් පමණයි.
ඉෂාන් Thursday, 25 March 2021 09:42 AM
හැමෝටම විශාල පඩි නැත. මාසයක් නිවාඩුවට එන අපිට ඉන්න ඕනේ... පවුලේ අය එක්ක ගෙදරට වෙලා. එහෙම නැතුව හෝටල්වල සල්ලි ගෙවලා ඉන්න පිස්සුවක් නැහැ. ඔයාගේ තියෙන කුහකකම තේරෙනවා, වැඩි පඩියක් ගන්න මිනිස්සු ගැන. මසුරු හෝ නොමසුරු මිනිස්සුන්ට එක විදිහට සලකන එක රජයක වගකීම... අඩුම ගානේ දැන්වත් රජයට මොලේ පෑදුණු එක ගැන සතුටු වෙනවා.
Not a slaveThursday, 25 March 2021 09:51 AM
කුහකකමේ තරම...
SamThursday, 25 March 2021 11:09 AM
ලංකාවේ ගොඩක් අය එකිනෙකාට ඊර්ෂයා කරනවා, අනිත් එක ගොඩක් දේවල් ගැන කිසි අදහසක් නැතිව විවේචනය කරනවා. හිතන්න එපා රටවල් වල ඉන්න මිනිස්සු සැප විඳිනවා කියලා. අනික ලංකාවේ වගේ ගේමක් ගහගෙන ගාණක් හොයන්න අමාරුයි මෙ රටවල. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන කිසිම පැහැදීමක් නැහැ කිසිකෙනෙකුට. ගුවන්තොටුපලින් යනකොට බියුරෝ ගාස්තු ගැන ගැහුණු දාලා චෙක් කරන වැඩේ නම් හරියටම කරනවා. ඇත්තටම මේ ආණඩුව නාගත්තා මාර නාගැනිල්ලක් මේ වැඩේදී. ගැහුණු වළං හෝදලා එවන සල්ලිවලට අඩුම තරමේ එ්කේ නම්බුවවත් තිබ්බද? තමුන්ලා දන්නැත්තම් පොඩ්ඩක් කතා කරලා බලන්න ඒ මිනිස්සු එක්ක. වෙන රටවල විදේශ ශ්‍රමිකයන් පිළිගන්නේ කාපර්ට් දාලා. නිරොධායනයත් නොමිළේ. අන්තිමට හරි මේක මෙහෙම ක්‍රියාත්මක කරන්න යනවා නම් ලොකු දෙයක්. එ්ත් ඉතින් අන්තිම මොහොත වෙනකන්ම ෂුවර් නැහැ. දන්නවනේ මේ උදේ කියන එක හවස් වෙනකොට වෙන එකක්...
GeorgeThursday, 25 March 2021 12:16 PM
හොඳයි මොලවල් පෑදුණාට... දැන් ඡන්දේ ළඟ වුණාම නැති අනුකම්පා.. මේකට අකමැති පඩි ගැන කතාකරන කුහකයිනුත් ඉන්නවා. මේවා අැයි වේලාපහ නොකලේ? ගජමිතුරන් වෙනුවෙන් දැන් දීලා ඉවරයිද..?
sanjeewaThursday, 25 March 2021 12:20 PM
වැස්සකටවත් ඉස්කෝලේ නොගිය කෙනෙක්..
SrilaSaturday, 27 March 2021 05:26 AM
මොහු මානසික ආබාධයකින් පේන තෙක් වියයුතුමයි. මොකද විදේශ රටකට ගොස් රැකියාවක් කොට ලංකාවට ඩොලර් නොඑවුවා නම් රට මෙලහකටත් බන්කොලොත්ය. සේවා නියුක්ති කාර්යාංශය ගුවන්තොටුපලින් යනකොට බියුරෝ ගාස්තු ගැන චෙක් කරන වැඩේ ඇරෙන්න අඩුමගානේ SMS පණිවිඩයකින් ලියාපදිංචිය නිමවන දිනයවත් දැනුම් නොදෙයි.. වෙන කිසිම සේවාවක් නොකරයි.. මේ දිනවල මැදපෙරදිග රටවලට ගොස් බැලුවොත් මෙරටට ඒමට සිටින පිරිස කොතෙක්දැයි දැනගත හැක.. ලියාපදිංචි වන්නේ කෙසේදවත් කිසිම දැනුවත් කිරීමක් නොකරයි..
Kumari Thursday, 25 March 2021 08:24 AM
ගොඩක් හොඳයි...
මංජුල milano Thursday, 25 March 2021 08:47 AM
අවුරුදු කීයක් යයිද සේරම දෙනාට එන්න...? විහිළු සපයන්නේ නැතිව පී.සී.ආර්. නෙගටිව් නම් ගෙදර නිරෝධායනයට ඉඩදෙන්න.
senaThursday, 25 March 2021 09:46 AM
කියලා වැඩක් නැහැ... මේ මිනිස්සුන්ට පිස්සුද? වරකට 570ක් කියන්නේ මාසෙකට 1000ක්. එතකොට 50000ක් ගෙන්නන්න අවුරුදු 4ක් සහ මාස 02ක් යනවා.
Ravindra Thursday, 25 March 2021 09:09 AM
ඡන්දයක් ළඟ එන හැඩයි..
de silva Thursday, 25 March 2021 09:20 AM
ආණ්ඩුවට අවුරුද්දක් ගියාට පස්සේ රටවිරුවෝ හෝටල්වල නොමිලයේ නිරෝධායනය කරන්න මතක් වෙන්නේ පළාත්සභා ඡන්ද තියන්න කියලා ඉන්දියාවෙන් ජිනීවාවලදී තර්ජනය කළ නිසා... ඔහොම යමු.. පළාත් සභා ඡන්දෙදී බලාගන්න පුළුවන් 69 ලක්ෂයෙන් තව ලක්ෂ කීයක් ආණ්ඩුවට තිබෙනවද කියලා...
amitha Thursday, 25 March 2021 09:29 AM
ලංකාවට පැමිණීමට බැරිව සිටින මුලු ප්‍රමාණය 40,000ක් එක වරකට උපරිම 571 දෙනෙක් පමණයි නම්, දින 10ක් නිරොධායනය යටතේ 40,000ක මුලු ප්‍රමාණය ගෙන්වා ගැනීමට ආසන්න වශයෙන් දින 700ක් (අවුරුදු 2ක්) යනවා. ඒ නිසා විදේශ සේවා කාර්යාංශය සතු බිලියන 12ක මුදල භාවිතා කර හැකි ඉක්මණින් ගෙන්වා ගන්න.
බද්රානි Thursday, 25 March 2021 10:30 AM
පිටරටවලින් කාලා බඩ පුරෝගෙන උද්දාමයට පත්වෙලා, පහුගිය කාලේ සද්දෙට තප්පුලාගෙන කොඩි වැල් කරේ එල්ලගෙන ආපු රට හරක් ටික නම් කොටුවලටම ගාල් කරන එක තමයි හොඳ. එ්ත් ඉතින් පුන්නක්කු වලට යන අධික වියදම තමයි රජයට දරන්න අපහසු වෙන්නේ?
samansiri Thursday, 25 March 2021 11:24 AM
ආණ්ඩුවට ඩොලර් ඕනෑ වුණාම නිකන් නිරෝධායනය මතක් වෙනවා. මාර වැඩේ ලංකාවට වුණේ. හා හා හා ...!!!
chandima Thursday, 25 March 2021 04:55 PM
කොහෙන් ගියත් හිදැසක් තියෙනවා. ද්විත්ව පුරවැසියෙක් ලංකාවේ ගමන් බලපත්‍රයෙන් ආවොත් නිරෝධායනයට සල්ලි ගන්නවා. පිටරට බලපත්‍රෙයන් ආවොත් සංචාරකයෙක් වන නිසා නිරෝධායනය නොමිලේ...
Wasantha Thursday, 25 March 2021 05:03 PM
අපි සැහෙන කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා අපේ දරුවො බලන්න එන්න. ඒත් ඒ අවස්ථාව තාම ලැබුණේ නැහැ. හෝටල් නිරෝධායනයට එන්න තරම් වත්කම් අපිට නැහැ. රැකියා කරගෙන ඉන්න විදෙස් ගත ශ්‍රමිකයින් රැකගැනීම මෙම අවස්ථාවේ රජයේ ප්‍රධානම වගකීමක් වෙනවා. ඔවුන්ට නිවාඩුවට රටට එන්න තියෙන අවස්ථාව කප්පාදු නොකර එම අවස්ථාව තානාපතිවරුන් හරහා ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි...