IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රට සල්ලි සමඟ විධායකයා දැලේ

රුපියල් එක් කෝටි හැට නම ලක්ෂ හත් දාස් අටසිය හැත්තෑ පහක් වටිනා වර්ග 14 ක  විදේශ මුදල් තම ගමන් මල්ලේ සඟවාගෙන  මලයාසියාවේ ක්වාලාලාම්පුර් බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික විධායක නිලධාරියෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී  අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු  ලැබීය.

රේගු  මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ පසුගිය  මාස හය ඇතුලත පමණක්  නීති විරෝධී ලෙස මේ අයුරින් විදේශ මුදල්  මෙරටින් ගෙනයාමට තැත් කළ අවස්ථා 20 ක්  වටලා   රුපියල් කෝටි දාහතරක් වටිනා විදෙස්  මුදල් රාජසන්තක කළ බවයි.

සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  පුද්ගලයෙකි. ඔහුගේ  ගුවන් ගමන් බලපත්‍රයෙහි සඳහන් වන පරිදි සැකකරු විධායක නිලධාරියෙකු බව රේගුව කියයි. ඔහු නිතර නිතර විවිධ රටවල් වලට යන එන පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.

ඔහු ළඟ තිබී බහරේන් ඩිනාර් 580, කැනේඩියන් ඩොලර් 810, ඩෙන්මාර්ක් ක්‍රෝනර් 3100, යුරෝ 25250, ජපන් යෙන් 746000, ජෝර්දාන් ඩිනාර් 25, කුවෙට් ඩිනාර් 14460, නෝර්යේ ක්‍රෝන් 20250, ඕමාන් රියාල් 5110, කටාර් රියාල්  11,000, සිංගප්පුරු ඩොලර් 557, ස්විස් ෆ්‍රෑන්ක් 300, ස්ටාර්ලින් පවුන් 4620, ඇමරිකන් ඩොලර් 13,300 ක් සොයා ගත් බව රේගුව කියයි.

සැකකරු අද අළුයම දොලහයි පනස් පහට පිටත්වීමට නියමිතව තිබු මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 178 දරණ ගුවන් යානයෙන් ක්වාලාලම්පුර් වෙත යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇති බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ඩී.එම්.ජී නිමල්තිලක, ඉසෙඩ්.ඒ අතීෆ්, ටී.එම්.එන්.සී තිලකරත්න, කෝ සෝමසිරි සහ අසංක ප්‍රියදර්ශන යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

රට සල්ලි සමඟ විධායකයා දැලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1555 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2054 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 474 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3117 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2515 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1844 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34730 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 488 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site