IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රට සහලින් ස්වංපෝෂිතයි

 

රට සහලින් ස්වයංපෝෂ්ත වී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.

 පූජාපිටිය වෑවල නව පාලමක වැඩ ආරම්භ කිරීමෙන් අනතුරු පැවැති ජන හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

පසුගිය වසර දෙකේදී තුල නියඟ දෙකක් සහ ගංවතුර තුනක් ආවත් එක් හාල් ඇටයක්වත් ආනයනය කළේ නැත.ගබඩා වී වලින් පිරී තිබෙනවා.

 රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දුරදර්ශන ආර්ථික හා කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය මීට හේතු වූ බවද අමාත්‍යවරයා කීය .

 

 



අදහස් (0)

රට සහලින් ස්වංපෝෂිතයි

අමිල කටුනායක Wednesday, 31 July 2013 01:46 PM

දෙයියන්ගේ හාල්කැවිලා ද (අ)

:       0       0

කපිල Wednesday, 31 July 2013 01:55 PM

රට සහලින් ස්වයන්පොශිතෛලු නමුත් මිනිස්සුන්ට කන්න නැහැ බොරු සෝබන. (ස)

:       0       0

ප්‍රසාද් Wednesday, 31 July 2013 01:58 PM

වී ගොවියා රටටම කන්න සහල් නිෂ්පාදනය කරනවා, රජයේ දේශපාලකයන්ගේ ඥාති හිතවත් මුදලාලිලා පිරිස වී ගොවියාගෙන් අඩු මුදලට වී ටික අරගෙන රජයට වැඩි මුදලට විකුණනවා. පස්සේ කියනවා වී ගොවියන්ට හොදයි කියලා. අන්තිමේට මොකද වෙන්නේ? (නි)

:       0       0

පූර්ණ Wednesday, 31 July 2013 07:13 PM

එහෙනම් ලුනුයි බතුයි කන්න පුලුවනි (අ)

:       0       0

නලින්, අබු ඩාබි] Wednesday, 31 July 2013 02:00 PM

විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ අනේ. (ස)

:       0       0

රණා Wednesday, 31 July 2013 02:09 PM

ඔය රට තියෙන්නේ කොහෙද අනේ. අපි සබරගමුවේ. (ස)

:       0       0

රූපවති Wednesday, 31 July 2013 07:31 PM

මේක කියවද්දී මට කලන්තේ වගේ හැදුනා...? (අ)

:       0       0

බන්දුල Wednesday, 31 July 2013 07:36 PM

හරි හරි ඩුබය් තිලක් මහත්තයෝ, ටිකිරි මහත්තයෝ,අපි පළමු වෙඩි මුරය වයඹින් සහ මධ්‍යමින් පත්තු කරම එතකොට දැන් අපි කාටද ඡන්දෙ දෙන්න ඕනෑ? හරියට කියන්න. මොකද මේ රටේ මිනිස්සුන්ගේ මොළ හෝදන මැෂින් එක තාම අතනනේ තියෙන්නේ.ඒ හින්දා හෝදන්න කලින් මොලේ පාදාගෙන තීරණයක් ගන්න ඉක්මනින් කියන්න. අපිත් ආසා නැද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බෝධිසත්වවරු වගේ පාලකයෝ පාලනය කරන,කිසි අපරාදයක් දුෂණයක් නැති, හැම මිනිහාගේම ප්‍රශ්නවලට ක්ෂණිකව විසදුම් දීලා ඒවා විසදන, පොලිස් උසාවි හමුදා අවශ්‍ය නැති රටක ජීවත් වෙන්න..? (නි)

:       0       0

විජේසිරි Wednesday, 31 July 2013 02:17 PM

ඔබතුමන්ලා නිසා තමයි අපේ රට මේ තරම් සංවර්ධනය වුනේ. (ස)

:       0       0

සමන් Wednesday, 31 July 2013 02:28 PM

අද අපි සහලින් පොහොසත් තමයි. නමුත් සමහර වැඩ, සමහර ඇමතිවරු, සමහර නිලධාරින්ගේ හොර වැඩ, තක්කඩි වැඩ වලින් මුළු රටම වනසනවා (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 31 July 2013 02:29 PM

රට සහලින් ස්වංපෝෂිතයි කියල කියන ඇමතිවරයාය එයාලගේ පවුලේ අය නම් ස්වංපෝෂිතයි. සාමාන්‍ය ජනයා තවම විඳවනවා.(අ)

:       0       0

සෑම් Wednesday, 31 July 2013 02:37 PM

ඇත්තෙන්ම ඔය කොයි රට ගැනද කියන්නේ. ලංකාවේ නම් අනිත් පැත්ත. බඩු ගන්න මෙයාල යන්නැතිව ඇති. (ස)

:       0       0

සමන් Wednesday, 31 July 2013 02:39 PM

හාමුදුරුවෝ පිටුපස... ගිහියෝ ඉදිරියේ... හොදට බලන්න. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 31 July 2013 02:59 PM

රට සහලින් ස්වයං පෝෂිත තියෙන වෙලාවේ රජ රට ගොවියාට වැව් අමුණු ටික වත් ප්‍රති සංස්කරණය කර දීල පොහොර ටිකත් වෙලාවට දුන්නාම් ,මෙලහකට අතිරික්තය චීනය ටම පටවලා.. මොන තරම් විදේශ විනිමයක් ලබලද ? (ස)

:       0       0

ප්‍රියාන් Wednesday, 31 July 2013 03:02 PM

ඒ කොහොමද? (නි)

:       0       0

අරුන් Wednesday, 31 July 2013 03:02 PM

ජනපති තුමා ඇතුළු ඔබ තුමාලා කවදාහරි අපේ රට සංවර්ධිත රටක් කරනවා නොඅනුමානයි ! ජය වේවා ඇමතිතුමනි.. (ස)

:       0       0

සරත් Wednesday, 31 July 2013 03:05 PM

මම කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බැහැ මට. (නි)

:       0       0

රෝහිත Wednesday, 31 July 2013 03:07 PM

මම ගොවියෙක්. එත් අපි හැමදාම ණය කාරයෝ.රට ස්වයංපෝෂිත උනාට අපි නම් හැමදාම දුකේ. (ස)

:       0       0

ජේමිස් Wednesday, 31 July 2013 03:13 PM

රට සහලින් ස්වයංපෝෂිත බව ඇත්තකි. දැන් හාල් කිලෝව රුපියල් 75 කි. එය නම් ආශ්චර්යක් නොවේද? මට පිස්සු වගේ දැනේ (නි)

:       0       0

රුක්මල් Wednesday, 31 July 2013 03:46 PM

මේකට මොකක්ද කියන්න ඕනෑ කියල තමා හිතා ගන්න බැරි ... (නි)

:       0       0

කසුනි Wednesday, 31 July 2013 03:49 PM

රට කෙසේ වෙතත් දේශපාලකයෝ නම් හොදට ස්වයංපෝෂිත වෙලා (නි)

:       0       0

ඉරන්ත Wednesday, 31 July 2013 03:59 PM

පෙරට වඩා අපේ රට දැන් හොදයි තමයි. හැබැයි ඒ වෙනස දෙස සුභවාදී ඇසකින් බැලිය යුතුයි. හැමදේම වැරදියට පෙනෙන අයට හොදක් පෙනෙන්නෙ නැහැ (නි)

:       0       0

ජයසිංහ Wednesday, 31 July 2013 04:06 PM

අපි දන්නවා ඔයාලගේ හැටිත්. (ස)

:       0       0

බන්දුල Wednesday, 31 July 2013 04:17 PM

මොකද සදරුවන්, ඔබතුමා කතාකරන්නේ වෙන තැනකින්ද? ඔයා ඔය පුරුද්දට වෙන අයගෙන් ඕවා අහන්නේ නැතුව ඔය කතා කරන තැන පරිස්සමින් තියා ගන්න. (නි)

:       0       0

තිලක් ඩුබයි Wednesday, 31 July 2013 04:17 PM

ඒ වගේම මැරකම්, හොරකම් , දූෂණවලිනුත් 200% ස්වයංපොෂිතයි.(ස)

:       0       0

ජයා Wednesday, 31 July 2013 04:20 PM

ඔබතුමාගේ වත්කම් හෙළි කරන්න පුලුවන්ද ? (අ)

:       0       0

ටිකිරි Wednesday, 31 July 2013 04:26 PM

නමුත් අද රටේ මිනිසුන්ට කන්න අදින්න නැහැ. වේලක් හැර වේලක්වත් කන්න පුළුවන් රටේ කීයෙන් කී දෙනාටද?ඒත් කෝටි 10-15 ලැම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ චාර් වලින් නම් සමහරු සුඛිත මුදිතයි (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 31 July 2013 04:26 PM

අනේ මන්දා! ඒ වුණාට හරියට වේලක් කන්න නොහැකි මිනිස්සු අද ‍රටේ කී දාහක් ඉන්නවද? හරියට පාන් ගෙඩියක් ගන්න සල්ලි නැති මිනිස්සු කීදෙනෙක් ඉන්නවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 31 July 2013 04:27 PM

කුඩු වලින් සහ කුඩ්ඩංගෙන් රට ස්වයංපෝෂිත කියල දැන් දැන් මටත් දැනිල තියෙන්නේ. (අ)

:       0       0

සිල්වා Wednesday, 31 July 2013 04:35 PM

නමුත් රුපියලේ වටිනාකම කොයි තරම් 'බාල්දු' කරලද? 1994 සිට 2013 දක්වා සංවර්ධනය හොදට දැක්කා අපි. 1994 ඩොලර් එකක් රුපියල් 38යි, දැන් ඩොලර් එකක් 131 යි. (නි)

:       0       0

උපුල් Wednesday, 31 July 2013 04:43 PM

ඉස්සරට වඩා අපේ රට දැන් දියුණුයි. පෙරට වඩා බයක් නැතුව ජීවත් වෙනවා.හම්බ කරන දෙයක් පරිස්සමින් වියදම් කරලා සන්තෝසෙන් ජීවත් වෙනවා.ඔය විවේචන කරන අය කිසිම විදිහකින් සන්තෝෂ කරන්න බැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 31 July 2013 04:47 PM

ඩුබායි වල වගා කරන්න කුඹුරු නැහැ. ඒත් බාස්මති කිලෝ 10 යේ ගෝනියක් වෙන්නේ 10 ඩිරාම්. ඒ කියන්නේ කිලෝ 10 යේ හාල් ගෝනියක් රුපියල් වලින් 350යි. (නි)

:       0       0

ටිකිරි Wednesday, 31 July 2013 04:50 PM

වරුණ,හා හා ඕවා කියල දම්මික පෙරේරා වගේ අයව කේන්ති ගස්සන්න එපා.ලංකාව කියන්නේ ඒ වගේ අයටම වෙන් කරපු රටක්. (නි)

:       0       0

රජිත් Wednesday, 31 July 2013 05:01 PM

සහලින් ස්වයංපෝෂිත නිසා තමයි බත් බැලයෝ වැඩියෙන් බෝවෙලා ඉන්නවා ඇත්තේ (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 31 July 2013 05:09 PM

එහෙනම් ඉතින් දැන් අපේ රටේ මිනිස්සුන්ට තිබුණු ප්‍රශ්ණ ඔක්කොම අවසානයි. මෙන්න ආශ්චර්යය! (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 31 July 2013 05:30 PM

උපුල්, මේ මොනවා කියනවද ? අද බයක් නැතුව ගැහැණු දරුවෙකුට වුණත් පාරක බැහැලා යන්න පුළුවන්නේ.තරුණියකට අවුරුද්දක් ගාර්මන්ට් එකක වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් ආශාවට කියලා රත්තරන් චේන් එකක් දාගෙන පාරේ බැහැලා යන්න පුළුවන්නේ. (නි)

:       0       0

රණවීර Wednesday, 31 July 2013 01:08 PM

රට සහලින් ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ රටේ ඉන්න පොඩි මිනිහගේ මහන්සියෙන්. දැන්වත් බඩු මිල ටිකක් අඩු කරන්න බලමුද ? (ස)

:       0       0

නන්දන Wednesday, 31 July 2013 01:13 PM

අපි දන්නේ නැහැනේ විපක්ෂෙන් අහලා බලමු.(ස)

:       0       0

නුවන් Wednesday, 31 July 2013 05:47 PM

මේ අට හැම දෙනාම කියන්නේ කටිං නොවෙයි (අ)

:       0       0

නිල්මිණී Wednesday, 31 July 2013 01:21 PM

රට සහලින් කිව්වේ,පිටරට සහලින් වගේ.(ස)

:       0       0

ටිකිරි Wednesday, 31 July 2013 05:51 PM

දම්මික පෙරේරා, රටේ අයට කන්න අදින්න නැතත් රට නිදහස් කර දුන්නා මදිද? මොකද මේ මිනිස්සු ආණ්ඩු පෙරලන්නවත් හදනවද බොරු අදහස් දාලා. (නි)

:       0       0

අචිනි Wednesday, 31 July 2013 01:19 PM

ඒ වගේම මැරකම්, හොරකම් , දූෂණ වලිනුත් 200% ස්වයංපොෂිතයි. (ස)

:       0       0

සඳරුවන් Wednesday, 31 July 2013 01:23 PM

ඇමති තුමා ඕක කිව්වේ කටෙන් නන් වෙන්ඩ බෑ (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 31 July 2013 05:58 PM

සිල්වා, චන්ද්‍රිකා මැතිනියගේ කාලේදී පවා ඩිරම් එකක් ගියේ රුපියල් 25 ටනේ. ඒත් දැන් හැම මාසෙකටම සත විසිපහ ගානේ වැඩි වෙනවා. දැන් ඩිරාම් 1ක් රුපියල් 35.80. අපේ ගෘහ සේවිකාවෝ ටික නැත්නම් බලාගන්න තිබුණා ර‍ගේ (නි)

:       0       0

නිල් රණා Wednesday, 31 July 2013 01:35 PM

හෙට අනිද්දා වෙනකොට එංගලන්තෙන් ගෙනාපු පලංචි පාලම් වලිනුත් රට ස්වයංපෝෂිත වෙයි. (අ)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 01:34 PM

ඒ වුනාට රට සහලින් ස්වයංපෝෂිත කරන අසරණ ගොවියාගේ දුක ගැන බලන්න කවුරුත් නැහැ.පොහොර ටික ගන්න සොරොව්වෙන් වතුර ටික ගන්න උපවාස උද්ඝෝෂණ අරගල කරන්න වෙලා. ඊට අමතරව පොලිසියෙන් කදුළු ගෑස් ජල ප්‍රහාර වෙඩි කන්න ඕනෑ, රටේ මිනිස්සුන්ට බත සපයන්න. අනේ මන්දා මේවා පාලකයන් කවදා තේරුම් ගනීද කියලා (නි)

:       0       0

වාසල Wednesday, 31 July 2013 06:33 PM

ඉස්සර නම් මහ බැංකු වාර්තාවවත් බලලා නිවැරදි කරගන්න තිබුනා. කොහෙද අද ඒකත් පිළිගන්න අමාරුකොට. (නි)

:       0       0

සමන් Wednesday, 31 July 2013 06:33 PM

දැන් කොහෙද සංවර්දනය වෙලාතියෙන්නේ චිනේද ?(අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 July 2013 01:37 PM

එඅ වගේම මනුස්සයෙකුට වතුර ටිකක් ළිඳකින් බොන්න බැරි තරමටම අපි ඒ ලැත්තෙනුත් සව්‍යංපෝෂිතයිො. (ස)

:       0       0

කෙවින් Wednesday, 31 July 2013 01:43 PM

නිල්මිණිට විතරම තමා මෙතුමා කියපු දේ තේරුනේ. කොමිස් ගැහිල්ලෙනුත් ස්වයංපෝෂිත වෙලා අපි ඉන්නේ.(ස)

:       0       0

අමිල Wednesday, 31 July 2013 01:44 PM

ලාබයි. හාල් ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 116 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 147 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1850 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2725 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2049 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 531 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site