.jpg)
උතුරු මැද පළාතට හා ඓතිහාසික රිටිගලට ආවේනික අභාවයට යන සම්ප්‍රධායික නැටුම් ගැයුම් උළෙලක් පලුගස්වැව මහා විද්‍යාලයයේදී පැවැත්විණි.
පලුගස්වැව ප්‍රාදේශිය සංස්කෘතික බල මණ්ඩලය,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සංස්තෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම ‘රිටිගල පාමුල සාහිත්‍ය කලා මංගල්‍යය ‘ සංවිධානය කැර තිබිණි.
අංගම්පොර සටන් කවි, ගිනි සිසිල, පාරම්පරික බිලි ශාන්ති කර්ම,ඉපැරණි ජන ක්‍රීඩා,ජන ගායනා,ජන නැටුම්, ආදී රංගනයන්ගෙන් මෙම අවස්තාව හැඩවිය..jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීර, නැවතත් ඇවිල්ලද? (නි)
නියමයි. සුපිරි වැඩක් (නි)
කොරතොට කන්ද හා දැඩිගමු කන්ද පමණයි දැනට ඉතිරිවී තිබෙන්නේ. වල්ගම කඳු හා අරංගල බිමටම සමතලා කරලා. දුටු ගැමුණු රජුගේ සෙල්ලිපි තවමත් සුරැකී තිබෙන මේ ප්‍රදේශයේ ඉතිරිවී ඇති කඳු වත් ආරක්ෂා කරගැනීමට සංවිධානය වියයුතුයි. ඊට රිටිගල කන්ද සහ නිවිතිගල ගල්ගුහාත් ඇතුලත් වියයුතුයි.(නදී)
කොරතොට කන්දෙ ගල් පව්වෙන් බලන්නේ... ලස්සන සමුදුරයි ඈතින් පෙනෙන්නේ... (නි)
ගොඩයි නමයි කන්දක් ළඟ තියෙන්නේ.. අංගම් කසාදෙට නැහැ බෑ කියන්නේ.. (නි)
අංගම්පොර සටන් රකිනා අය වෙතටයි.. නැටුම් ගැයුම් ජන ක්‍රීඩා අපි අතරයි.. දහස් ගණන් අවුරුදු සිට ආ පුරුදුයි.. කොරතොට සමඟ රිටිගල අතිනත් ගනිතියි. (ස)
අතුරුගිරියේ කොරතොට, අනුරාධපුරයේ රිටිගල පමණක් නොව රයිගම් කෝරලයේ රජගම් කෝට්ටේ යන ස්ථානයේත් ඔවෑනිම සටන් කණ්ඩායම් පදිංචි කර තිබෙනවා. ඔවුන් මේ රටේ රජ පරපුර රැකගැනීමට දිව්රුම් දුන් අය. තනි තනිව කාටවත් ගොඩයාමක් නැහැ. ලංකාවේ උරුමක්කාර රජු ඔටුනු පළඳින තෙක් හැමෝම දුකේ. (නදී)
අජිත්,රිටිගල සුමේධ ගුරුතුමා කවදාවත් එහෙම කරන්නේ නැහැ.එතුමා සිංහල ජාතියට ඉතාමත් ආදරෙයි.(නදී)
සෙන්තිල්, නුඹට ඕනෙ නම් ඒවා ගිහින් ඉගෙනගන්නවා. අපේ සිංහල කලාවට නුඹලා වැනි අය එක එක කතා කියනවට අපි කැමති නැහැ.(නදී)
සඳුනි,ඔබ කියනවා වගේ රිටිගල සුමේද ගුරුතුමා (වගේම කොරතොට අජන්ත ගුරුතුමා) පිට අයට සිංහලයාගේත් සම්බුද්ධ ශාසනයේත් ආරක්ෂාව පිණිස බිහිවූ අංගම්පොර උගන්වන්නේ නැහැ. ඕනේ නම් එතුමාගෙන් අහල බලන්න. අංගම්පොර සිංහලයාගේ උරුමය පමණයි. සිංහලයාට පමණක් අයිතිව ඇති අවසන් උරුමයත් පිට ජාතීන්ට උගන්වා සිංහල ජාතියම විනාශ කරගැනීමට වඩා එය නැති වී යාම යහපත්. එතුමා සිංහල ජාතියට ආදරයක් ඇති කෙනෙක්. අර අපේ දැන් ඉන්න නිවටයෝ වගේ නෙමෙයි. ඔබ කියන්නේ එදා ඉදන් සෙනරත් රජුට දීපු පොරොන්දු කඩකළ අයට මේක උගන්වන්න කියලද?(නදී)
වීර, මානසික ලෙඩෙක්.මෙයා විකෘති අදහස් දාන්නේ පරිස්සමෙන් (ස)
නොනසා රැකගතයුතු සටන් කලාවක්. ප්‍රදර්ශනය කලාට කමක් නැහැ. "රිටිගල සටන් කලාව"පන්ති දාලා විනාශ කරන්න නම් එපා. (අ)
හරිම ලස්සනයි. මෙවැනි හෙළ කලා නිර්මාණ සුරක්ෂිත කරන අයට කරන ස්තුතිය !! (ස)
බඩුමිල....උද්ධමනය....විරැකියාව.... අපේ සම්පත් කට්ටියක් පමණක් මංකොල්ලකෑම.... මේ සියල්ල බලා ඔවුන්ට ශාප වෙන්න වෙස් යකුනේ, අල්ලාපල්ලා අඩවු! (නි)
අනර්ඝයි! උණුසුම් සුබ පැතුම් !!! (නි)
මේක හොද කාර්යයක් කියයි මට වැටහෙන්නේ අපෙන් වෙන් වෙන අපට ආවේණික මේ නැටුම් ,ගැයුම් ,ජන ක්‍රීඩා ,ජන ගී නැවත පන ගැන්වීමට දක්වපු උත්සහයක් බවයි මට වැටහෙන්නේ අනාගතයටත් මේවා කිරීමට උදව් කිරීම අපි ඔවුන්ට කරන උදවුවකි එවිට ඔවුන් මේවා ඉදිරියට රැකගැනීමට පෙලබෙයි එයින් මේවා සදහටම ආරක්ෂා වෙයි !!!!!!!!! (දී)
ඔවු චින්තන,මෙම කලාව හොරකම් කිරීමට සුද්දන්ට නෙමෙයි අෆ්රිකන් කළු අයටත් වුවමනාවක් නැතුව ඇති.මීට වඩා දහස් ගුණයක් උසස් කලාවල් ඉන්දියාවේ හැම ප්‍රාන්තයකම තියෙනවා (නි)
වීර,සටන් ශිල්පයක් එක ජාතියකට විතරක් උරුම නැහැ.ඒක ලෝක උරුම දායාදයක්.රිටිගල සුමේධ ඇදුරුතුමා දැකීමත් සතුටක්. (නි)
මේක හොද දෙයක්. ඔය හින්දි මගුල් වලට වැඩිය මේවා ඉගනගන්න එක හොදයි.(නදී)
මෙවැනි දේ බොහෝ ගම්බද පාසල් වල සිදුවෙනවා. වාර්තා කිරීම ගැන ලංකාදීපයට තුති !(නදී)
විවිද ෆොටෝ ට්කක් දාන්න අපිට බලන්න. හරිම ලස්සනයි. හරිම ගාම්බීරයි. හරිම උසස්. ආඩම්බරයි අපි ඔබ සංවිධානයෙන් කරපු මේ කටයුත්ත ගැන වසරින් වසර පෙරටම ගෙන යන්න ඔබලාට ශක්තිය ලැබේවා. ස්තුතිය ලංකදීපයටත්.(නදී)
මුළු හදවතින්ම සුබ පතමි! ජයවේවා, සිරිලක් දිවයිනට !!!! (නි)
නිශාඩ්, දන්නේ නැතුව වගේනේ කතාව. අත්තලා මුත්තලා අවුරුදු 5000 කටත් වැඩි කාලයක් රැකගත් මෙම වටිනා ශිල්ප ක්‍රම සුද්දන්ට හොරකම් කරන්න තව අවුරුදු 5000 කටවත් බැරි බව අපි දන්නවා .අවුරුදු ගානක් අපේ රට යටත් කරගෙන හිටියත් සුද්දන්ට,විදේශිකයන්ට අපේ සටන්ක්‍රම ,ශිල්ප ක්‍රම වල නම්වත් හොයා ගැනීමට බැරි වුණ බව මතක තියාගන්න. (නි)
මේ පින්තුර ටික දුටුවිට මගේ සිත සතුටින් පිනා ගියා. මෙවැනි හෙළ කලා නිර්මාණ සුරක්ෂිත කරන අයට මගේ ප්‍රණාමය! මෙහි පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ශිල්පියා මේ සම්බන්ධ හසල දැනීමක් ඇති අයෙක් වගෙයි. ඔහුට මගේ නමස්කාරය වේවා! දීර්ඝායුෂ ලැබේවා! (නි)
නිශාර්ඩ්, මේවා නුඹලාට උගන්වන්නේ නැහැ. මේවා සිංහල උරුමය.(නදී)
නිශාඩ්, මොකෝ යුනෙස්කෝව සම්බන්ධ කර ගන්නේ? ඔයාලටත් මේවා ඉගෙන ගන්න වුවමනාවක් තියෙනවනේ. ඒකනේ ඔය වටින් ගොඩින් යුනෙස්කෝවයි අරකයි මේකයි හරහා එන්න හදන්නේ. (නි)
අනේ අනේ අපේ දේවල් අපිම රැක ගනිමු. ඕකට මොකද යුනේස්කොල ? ඉතිහාසය දන්නා මිනිස්සු දන්නවා අංගම් පොර සටන් කලාව වල පල්ලට යවන්න වැඩ කලේ කවුද කියලා ? අවුරුදු දහස් ගානක් තිස්සේ මේවා රැක ගත්ත අපේ මුතුන් මිත්තන්ට වගේම අදටත් මේවා රැකගෙන වර්තමාන පරපුරට අපි හිස නමා ගෞරව කරනවා. (ස)
ඔව් බොහොම වටිනා කියන ජන කලාවන්. අනිවාර්යයෙන් ආරක්ෂා කිරීමට හොඳම මාර්ගය තමා ජනකලා කේන්ද්‍ර හෝ සංකෘතික සංගම් මඟින් දිවයින පුර ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම. මෙයට අනිවාර්යයෙන්ම රජය සහ යුනෙස්කෝ ආයතනයේ සහය ලබා ගතු යුතුයි.. (ස)
මම ගොඩක් කැමති, රිටිගල සටන් කලාවට. තව දිගු කලක් පවතිව සුබ පතමි. (ස)