හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා එසෑණ සමගකොළඹ සිට දුරකථනයෙන් සම්මුඛ සාකච්ඡාවකට එක් විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයාය.
ප්‍රශ්නය - යුද්ධය අවසන් වී මේ වන විට වසර කිහිපයක් ගත වෙනවා,
රටේ ත්‍රස්තවාදි ක්‍රියා සිදු නොවුනත් පිටරටවල කොටි හිතවාදින් නොයෙක් විදියට ක්‍රියාත්මක වෙනවා. එංගලන්තය වැනි රටක ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගයකට පවා මුහුණ දීමට නොහැකි ලෙස කොටි හිතවාදින් කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?
පිළිතුර - ඇත්තෙන්ම කනගාටුදායක තත්වයක්. රටේ නොවෙයි රටින් පිටත් මෙවැනි ත්‍රස්තවාදි ක්‍රියා අපි හෙළා දකිනවා. බලධාරින් මෙවාට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි.
ප්‍රශ්නය - හොඳයි රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් ලැබු යුද ජයග්‍රහණයේ ඔබ ප්‍රධාන නියමුවෙක්. හමුදාවේ විනයක් ඇති කරමින් සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් සැලසුම් සකස් කරමින් ඔබ යුද්ධය මෙහෙයවුවා. එත් සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රණවීරුවාට සමාජය තුල නිසි ගෞරවය ලබා දෙමින් ඔවුන්ට චිත්ත ධෛර්ය ලබා දෙමින් ඔබට නිදහසේ තීරණ ගැනිමේ අයිතිය ලබා දෙමින් අවශය සියලු අයුධ ආම්පන්න සපයමින් ත්‍රස්තවාදය පරාජය කිරිමට නොබියව ඉදිරිපත් වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පෑමිණි විදෙස් බලපෑම් හමුවේ නොසැලි රට එක්සත් කිරිමේ සෘජු තිරණයේ හිටියා. ඔබ මෙය පිලිගන්නවාද?
පිලිතුර - මෙතුවක් කල් රට පාලනය කල සෑම ජනාධිපතිවරයෙකුටම ත්‍රස්තවාදය පරාජය කිරිමේ අවශ්‍යතාව තිබුනා. ඇයි ඔවුන්ට එය කල නොහැකි වුයේ? ජේ ආර් ජයවර්ධන ජනපති කිවුවා සති දෙකෙන් යුද්ධය අවසන් කර යුතුයි කියලා කරන්න පුළුවන් උනාද? ජනපති චන්ද්‍රිකා මල්ටි බෑරල්. කාලතුවක්කු නවින අවි යුද ටෑංකි හමුදාවට ලබා දුන්නා. මිග් කෆිර් ගුවන් යානාත් ගුවන් හමුදාවට නාවික හමුදාවට ඩෝරා යාත්‍රා සැපයුවා. යුද්ධ ජයගත්තාද? හමුදාවේ මානසිකත්වය හෑදිම ලේකම් කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එක හමුදා නායකයින් විසින් කල යුතු දෙයක්. සීත කාමර වල සිට යුද්ධ කරන්න බැහැ එකට යුද භුමියට යා යුතුයි. එහෙම කියනවානම් මුදල් අමාත්‍යංශයේ ලේකම්ටත් යුද්ධයේ ගෞරවය ලැබිය යුතුයි. ඇට මස් ලේ ජිවිත පරිත්‍යාගයෙන් රට මුදව ගත්තු රණවිරුවාටයි එහි. ගරුත්වය යා යුත්තේ.
ප්‍රශ්නය - 13වන ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන කරලියට ඇවිත්. පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම ඔබ අනුමත කරනවාද?
පිළිතුර - නැහැ. අර ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාව කියමින් කෑලි සංශෝධනය නෙමෙයි කල යුත්තේ. මේ සම්පුර්ණ ව්‍යවස්ථාවම සංශෝධනය කල යුතුයි. රටෙ ඒකීය භාවය පිළිගත යුතුයි.
ප්‍රශ්නය - ඔබේ පක්ෂය පළාත්සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවාද? ඒ සංධානයකින්ද ? නැත්නම් තනිවමද?
පිළිතුර - අපි පක්ෂය ආරම්භ කරපු දාම තීරනයකට ආවා සංධාන ගත නොවෙන්නට. අපිට දැක්මක් තියෙනවා සැලැස්මක් තියෙනවා. ඒ අරමුණු අනුවයි අපි ගමන් කරන්නේ. රට ගොඩ ගැනිම අපේ අරමුණයි. රට පත් වී තියෙන මේ අවාසනාවන්ත තත්වය රට පාලනය කල සෑම පක්ෂයක්ම වග කිව යුතුයි. ඔවුන් තමයි මේ රට ආපස්සට ගෙන ගියේ.
ප්‍රශ්නය - හොදයි ඔබ බලාපොරොත්තු වෙනවාද රටේ නායකත්වයට පත් වෙන්න.?
පිළිතුර - අපේ රට සමාජ හා අර්ඨික දියුනුවක් අති හොද තෑනකට රෑගෙන ආයුතුයි. ඒ සදහා දේශප්‍රේමී නයකත්වයක් අවශයි. එය ජනතාව තිරණය කළ යුතුයි. එතැන සිටිය යුත්තේ සරත් ෆොන්සේකාද නැත්නම් වෙන අයෙක්ද කියලා එදාට ජනතාව තිරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල්, රටට ඉර හද පායන්නේ වැස්ස අව්ව ලැබෙන්නේ අහවල් කෙනා නිසාද?ඔහෙලා වගේ මොළ හෝදපු මානසික ලෙඩ්ඩු තමා අද රටට මේ කලදසාව උදා කරලා දීලා තියෙන්නේ. (නි)
දේශප්‍රේමි වුනාට කමක් නැහැ. හැබැයි ද්වේශප්‍රේමියෙක් වෙන්න නම් එපා (නි)
මේකේ දල තියෙන අදහස් බැලුවහම පිස්සු හැදෙනවා. දැන් එතකොට යුද්දේ කලේ කව්ද ? (නි)
රටට හොදක් වෙනවානම් එච්චරයි (දී)
ඔබ තුමාට සියලු සුදුසුකම් තිබුනා. ඒත් දිරච්ච ලනු කාලා ඔබගේ දේශපාලන අනාගතය විනාශ කරගෙන තියෙන්නේ. ඒක නිසා දැන් ඉදිරි කාලය නාස්ති නොකර සිටියා නම් වටිනවා..... (නි)
නායකයෙක්ට, නායකයෙක් ලෙස පෙනී සිටීමට මාර්ග 2ක් ඇත. ඒ ක්‍රියාවෙන් හෝ අදහස් ප්‍රකාශනයෙන් පුද්ලයන් තුල විශ්වාසය දිනා ගැනීමෙනි. අප රටේ මිනිසුන්ව කතාවෙන් වසඟ කර රැවටීමට වර්තමාන දේශපාලකයෝ ගොඩක් දක්ෂයි. ඒවා පිළිගැනීමට ඊටත් වඩා මිනිස්සුන් දක්ෂයි. සැබෑ නායකයෙකුට ඔය දෙකම තිබිය යුතුයි. යුද්ධයයි ආර්ථික යුද්ධයයි කියන්නේ දෙකක්. මෙය මෙතුමාට කළ හැකිද නොහැකිද කෙසේ වෙතත්, වර්තමානේයේ රජය පවා බහුතර පැතිවලින් අපොහොසත්ව පවතිනවා. යුද්ධයට අණ දුන්නාට ඒ අණකට බැහැ යුද්ධයක් දිනන්න, ඒ වෙනුවෙන් දිවි කැප කරන්න කෙනෙක් නොහිටියොත් (නි)
හුගක් දේශප්‍රේමියන්ට මතක නැහැ ෆොන්සේකා මහත්තයා රට බේරපු හැටි. උන්මන්තක ආත්මාර්ථකාමියෝ දැන් උපහාසෙන් කතා කරනවා. බහුතරයක් මිනිස්සු මෝඩයි (නි)
රටට ඕනෑ දේශප්‍රේමි ඇමති මඩුල්ලක් (නි)
මෙතුමා අපට නොලැබුණේ අපේ අනාගත දරුවන්ගේ අවාසනාවටයි. අද ලංකාව ස්ත්‍රී දුෂකයන්ට,කඹ හොරුන්ට,මිනිමරුවන්ටම ගිය රටක් වෙලා. අපිට බදු ගෙවමින්,දඩ ගෙවමින් වහල්ලු වගේ ජීවත් වෙන්න සිද්ධ වෙලා. (නි)
නන්දලාල්, අපිත් යුද්ධය ගැන ඇස් ඇරගෙන බලා හිටිය උදවිය. ඔය කියන්නේ අද ගැන වෙන්න ඇති.සීතල කාමර වල ඉන්න අයට යුද්ධ කරන්න බැහැ. (නි)
මේ රටේ සියලු ජාතින්ටම මිනිසුන් වශයෙන් ජීවත් විය හැකි ,එහෙත් සුළු ජාතික ජාතිවාදීන්ට සිංහලයා විනාහ කිරීමට ඉඩ නොදෙන නියම රටට ජාතියට ආදරේ ඇති නායකයෙකු බිහිවේවා යි මමද පතමි. (නි)
ඔබේ ගමනට ජයවේවා! (නි)
හැමෝම කියාගන්නවා ඔවුන් දේශප්‍රේමින් කියලා බලයට එන්න පෙර. නමුත් ආවට පස්සේ හුගක් අය ස්විස් බැංකු ප්‍රේමියෝ. (නි)
දේශප්‍රේමී කෙසේ වෙතත් පක්ෂ පාට දේශප්‍රේමී වෙලා තියනකන් ලංකාව ගොඩගන්න එක හීනයක් (නි)
ඔබ ජනාදිපති උනොත් දනුක තිලකරත්නට ( ඔබගේ බෑනාට ) අපහු ලංකාවට එන්න පුළුවන් ජෙනරාල් තුමනි . ඔහුට නැවතත් හමුදාවේ වෙළඳ ව්‍යාපාර වලට සම්බන්ද වී මිලියන ගණනක් උපාය ගන්න පුළුවන් . ඔබ අවන්කයි ජෙනරාල් තුමනි (අ)
කවුරු මොනවා කිව්වත් පොන්සේකා මහත්තයට ඉදිරියට අරන් හමුදාපති තනතුරත් දීල ඔක්කොම කලේ ... ජනාදිපති රාජපක්ෂ සහ ගොඨභය . පසුව ඇතිවූ මත බෙදා මත ඉවත් වී දේශපනයෙන් නන්නාත්තාර වුනේ ඔහුගේම වරදින් . බංකොලොත් දේශපාලුවන් ඔහුව ඉත්තෙක් කර ගත්තේය . පසුව ඔහුව මග හැර දෙම්මේ .වටිනාකමක් නැති දෙසපලුවෙක් ලෙසිනි . ඔබ යුද්දයෙන් ලබා ගත ජනප්‍රිය භාවය දේශපාලනයට සුදුසු නැත . ඔබට තිබෙන්නේ විවේක සුව අරන් ජිවිතයේ අවසාන කාලය සතුටින් ඉන්න . දේශපාලනය ඔබට ගැලපෙන්නේ නැත (අ)
මෙයාට කරන්න පුළුවන් දෙශපලනයක් නැහැ, අපේ ජනදිපතිට බනිනවා කොච්චරවත්, එච්චරයි පුළුවන් (අ)
සියලු දේ කටින් කල නොහැකි ඔබ තුමා දැන් දේශපාලන අනාථයෙක්. අපිට දුක ඒකයි.(නදී)
මෙතුමා 2005 හමුදාවට බැදී යුද්දය ඉවර කර නම් යුද්දයේ සියලු ගෞරවය මෙතුමාට හිමි විය යුතුය. නමුත් වසර 40 හමුදාවේ සිටි මෙතුමාට මේ රජය එනකන්ම යුද්දයක් ඉවර කර ගැනීමට නොහැකි උන බව සියලු දෙනාම පිළිගත් දෙයක්..නමුත් ඒ බව නොකිය ජනතව මුල කිරීමට යාමෙන් සිදුවන් නේ ඔබතුම ගෝඩනගාගත් දැවැන්ත ප්‍රතිරූපය ඔබතුම වට ඇති අවස්ථාවැදි කපටි පිරිස නිසා විනාශ කර ගැනීමකි.. දැන් වත් සියලු දේ අතහරි නැවතත් මිතුරන් සමග එකතු වීම අපේ රටට් කරන ලොකුම සේවයි.(අ)
ඔබතුම රූකඩයක් වුණ , හෙට එහෙම වෙඉදා , අපිට සැකයි ඒ ගැන . යුද්ධයට පෙර වගේම පසුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්සබ්දව තවම්ත් අනාගතයට පවතින වැඩක් කරනවා. අපි එතුමට කැමති. (අ)
ාජනෙරල් එස්.එෆ් රටම නිදහස් කර දෙනකොට කොටින්ගෙන් අල්ල ගත්තු ගෝල්ඩ්, ඩොලර් කෝටි ගණන් ටික තිබුණා නම් ඒ ඇති රට වැසියන්ට තුන් වේල කාල ඇදලා ඉන්න. (නි)
අපි නොදන්න අනාමාලු කෝලිකුට්ටු..(නදී)
සරත් ෆොන්සේකා මහත්තයෝ, අපි ඔබ තුමාට ගරු කරනවා. එහෙත් ඔබට රටක් පාලනය කරන්න තරම් ශක්තියක් නම් නැත. ජනාධිපතිතුමා ඔබලාට ඒ අවස්ථාවේ නියෝග කළේ නැත්නම් ඔබතුමාලට ආයෙත් හැරිලා එන්න සිද්ධ වෙනවා. (නි)
ජෙනරාල්තුමනි, තාමත් ඔබතුමා හැදිලා නැහැනේ. තාමත් ටිකිරි මොලෙන් තමයි කතාව (නි)
හමුදාපති පති තුමා ඔබ පළමුව රටක ජනාදිපති වරයෙකුට ගෞරව ඇතිව කතා කරන්න පුරුදු වන්න. ඔබ ද්වේශ සහගත විදියට ජනාදි පති තුමාටත් ආරක්ෂක ලේකම්ටත් අවලාද නැගුවට හැමෝම විසිකර පැත්තකට දමා තිබු ඔබව ඉදිරියට දැම්මේ ඔවුන් දෙදෙනාය. අද ඔබ පසු පස සිටින සියල්ලන් ඔබව කොන් කර දමා තිබේ. ඔබගේ සහ ආරක්ෂක ලේකම් වරයාගේ පෞද්ගලික මත බේද නිසා ඔබට උන් හිටි තැන් නැති උනේය. ඔබ දේශපාලනයට සුදුසු නැත. ඔය කියන දේශප්‍රේමී කම හෙමෝම කියන්නේ බලයට එන තුරු පමණි. පසුව එය බඩගොස්තර වාදයක් වේයි. මතකනේ ඔබගේ බෑනනුවන් වන දනුක තිලකරත්න සමග ඔබ කරපු වෙළඳ ව්‍යාපාරය. ඒවා නැති උනාම දේශප්‍රේමී වෙලා.(නදී)
යුධ පිටියේ මගේ විරයා ඔබයි. දේශපාලන පිටියේ මගේ මෝඩයාත් ඔබයි.(නදී)
දේශප්‍රෙමියෙක් වෙන්න තිබ්බා දේශදෝහියෙක් නොවී හිටියනම්.(නදී)
ඔබතුමාට තිබුනේ යුද්දය අවසන් කිරීමට උදවු දී වැදගත් ලෙස පැත්තකට වෙලා ඉන්න. එහෙම වුනා නම් ලැබිය යුතු ගරු නම්බුව ලැබෙන්න තිබුනා. (නි)
රට ටම දේශද්‍රෝහී වැඩ කර ලා තව දේශප්‍රේමී නායකෙයෙකුත් හොයන්න ඕනේ ඕනේ ලු අනේ මෙහෙමත් විහිලු කතා (අ)
හමුදාපති කරන්නෙත් ජනාධිපතිගෙ අණ පිළිපදින එක. කොන්ද පණ තියෙන ජනාධිපති කෙනෙක් හිටියෙ නැත්නම් තනියම යුද්ධ කරනවද? (නි)
බුද්ධිමත් ජනතාව තීරණය කරාවි ඔබ ඒ මගේ අමතක නොකරනු ජනපති තුමාට පින්සිද්ද වෙන්න (අ)
අපි දැන් වහල්ලු වෙලා ඉවරයි.මොකා වුනත් කමක් නැහැ අපිව කඹ හොරුන්ගෙන්,මිනීමරුවන්ගෙන්ස්ත්‍රී දූෂකයන්ගෙන් රටත් අපිත් අපේ අනාගත දරු පරම්පරාවත් නිදහස් කර දෙනවනම්.(අ)
මම ජෙනරල් සරත් ෆොන්සේකාට කැමති එතුමා කියන දේ කරන,කරන දේ කියන අවංක නිහතමානී පුද්ගලයෙක් නිසයි. (නි)
මෙතුමා නැත්නම් බහුතරයක් දේශප්‍රේමියෝ තවමත් ඇදවල් යට රිංගගෙනනේ එන්නේ. (නි)
සරත් ෆොන්සේකා මහතාණනි, යුද්ධය නිම කිරීමට ඔබතුමා කළ කැපවීම බෙහෙවින් අගයමි. නමුත් ඔබ මේ පිළිතුරු දෙන ආකාරය ගැනනම් සතුටු නැත. මුදල් අමාත්‍යංශයේ ලේකම් රටේ ආරක්ෂක හමුදා අතර සම්බන්ධිකරණ කටයුතු සිදු කරනවද? ආරක්ෂක ලේකම්වරයාට තමයි එම වගකීම පැවරෙන්නේ. ඒ නිසා කරුණාකර ඇත්ත කතා කර ගෞරවය හිමි තැනට එය නොපැකිලව ලබා දෙන ලෙස ඉල්ලමි. මා අනික් පාර්ශවයෙනුත් ඉල්ලන්නේද මෙයයි. ඔබතුමාටද හිමි ගෞරවය ලබා දෙන ලෙස. එසේ නොමැතිව අනිකුත් සෑම දේශපාලනඥයකු මෙන් රටේ ජනතාව ගොනාට ඇඳීමට කටයුතු නොකරනු මැනවි. ඔබට ජය පතමි. (නි)
අපේ රටේ සල්ලාල දේශපාලනය, මිනීමරු දේශපාලනය, කුඩු දේශපාලනය තුරන් කර රටේ විනයක් ඇති පුරවැසියන් ජිවත් වෙන රටක් නිර්මාණය කර දෙන්න . (නි)
ලංකාවේ ඕනෑම රජයක් අවුරුදු 5කට සැරයක් මාරු විය යුතුයි. නැත්නම් විශාල හොර මැරකම් සිදු වෙනවා. (නි)
කතාව නම් ඇත්ත (දී)
ගෝඨාභය රාජපක්ෂ මහතා නම් දේශප්‍රේමියෙක් .රට ගොඩගන්න පවතින වැඩ කරනවා. (දී)
මගේ රටට දළදා සමිදු පිහිටයි
දේශප්‍රේමි.... ? එහෙනම් වෙන කවුද... අහවල් සහෝදරයා තමයි. නැත්නම් අලුතින් ආපු අර සංවිධානවල ලොක්කොත් නරක නැහැ (දී)
ඇත්තටම අපි ඔබට ආදරෙයි. ඔබ රටේ නායකයා වෙනවා බලන්න අපි කැමැත්තෙන් ඉන්නේ. අපේ සහයෝගය ඔබටදෙනවා. නමුත් මේ යුද්දය ඔබ තනියෙන් දිනාගත්තා එකක් නෙවේ. තිස් අවරුදු යුද කාලයේ රට පාලනය කරපු නායකයන්ගෙන් කොන්ද පනතිබුන, පන තියෙන නායකයෙකු හිටියේ මහින්ද රාජපක්ෂ විතරයි. ඒක අපි හොඳට දැක්කා. ආරක්ෂක ලේකම්ලාගෙන් ලලිත් ඇතුලත්මුදලිත්,ගෝටාභයත්, හමුදාපතින් අතරින් ඔබත්, අරාලිහිදී දිවිපිදු ඩෙන්සිල් කොබ්බකඩුවත් නාවික තිසේරා, දයා සදගිරිත් හොඳ නායකයෝ. ඒ නිසා ඔබ තනියෙන් මේක දිනුවා කියල හිතනවානම් ඔබ වැරදියි. දැන් රටට නව නායකයෙක් ඕන බව අපිට පෙනෙනවා ඔබට එතනට යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.(නදී)
ජනරාල්තුමනි, මුළුරටම ඔබතුමා ඇතුළු සියලුම රණවිරුවන්ට ණය ගැතියි . ඔබට ජයවේවා (ත)
සරත් පොන්සේකා හොද යුද වීරයෙක්. මම එතුමාට ගොඩක් ගෞරව කරනවා, එහෙත් එතුමා දැන් කතා කරන්නේ ද්වේශයෙන්. එදා හිටිය හමුදාපතිලත් සොල්දාදුවොත් දක්ෂයෝ. විදේශ රටවල් වලින් ආපු බලපෑම් හමුවේ අපේ රටේ නායකයන්ට දන ගහන්න සිදුවුණා. එහෙත් වර්තමාන ජනාධිපති එසේ බලපෑම් වලට යටවුණේ නැහැ. ඒකයි අපිට යුරෝපෙන් එලව එලවා පහර දෙන්නේ (දී)
යුධ හමුදාව ගොඩින් ගහද්දි නාවික හමුදාව මුහුදෙන් ගැහුවෙත්, ගුවන් හමුදාව ගුවනින් ගැහුවෙත්, ස්ට්ෆ් එක නැගෙනහිරින් යුද්ධය මෙහෙව්වෙත් සහ ඒවා සියල්ල කොර්ඩිනේටර් කළේත් කවුද දන්නෙ නැහැ. මෙතුමාද? විදෙස් බලපෑම් වලට මුහුණ දුන්නේ කොන්ද කෙලින් තියාගත් අපේ ජනාධිපති. ඇත්ත කතා කරන්න මහත්තයෝ. (දී)
සහාතික ඇත්ත
හොරෙක් වංචාකාරයෙක් නොවන ඔබ කෙදිනක හෝ මෙරට මකා හදනු මැන. (දී)
අපිට ඉන්නවා
ජනතාව නොදන්නා වුනත් ඔබ නියම නායකයෙක් . (දී)
මේ රට කොටියාගෙන් මුදවා ගත්තු ඔබතුමා හැර මේ රට ඉදිරියට ගොඩ ගන්න වෙන කිසිවෙක් නැත.මේ රට ගොඩ ගන්න ඔබ තුමාට යෝධ බල ලැබෙන්න කියා මම ප්‍රර්ථනා කරමි. ඔබතුමාට ජය සහ තෙරුවන් සරණයි. (දී)
අප රටේ මීට පෙර අවසන් වරට රට පාලනය කළ ජනාධිපතිවරුන් දෙතුන් දෙනා බලයට ඒමට කියපු දේවල් හා බලයට ආපසු කරපු දේවල් හැටියට නම් මට ඔබ ගැන යම් විශ්වාසයක් තබන්න පුළුවන්. නමුත් ඔබගේ පසුපසින් ඔබත් සමග සිටින අයව විශ්වාස කිරීමට අමාරුයි. කල්පනාකාරී වන්න. ඔබට ජය! (දී)
නාවික හමුදාවේ මානසිකත්වයත් මෙයා තමා හදන්න ඇත්තේ.(නදී)
රටේ පිනට පහලව, අපේ පවට දුක් විඳි ඔබ කළ මෙහෙවර, ඔබ අයත් රාජ්‍ය පොත් පත්, ලිපි ලේඛන, වෙබ් අඩවි වැන්නෙන් මකා දැමුවාට අප හිත් තුල සදා රැව් පිලිරැව් දෙනවා. (දී)
ඔබ වැනි දේශප්‍රේමියකුට රටේ නායකත්වය දීමට එම රටේ එවැනිම දේශප්‍රේමී මිනිසුන් සිටිය යුතුය. අවාසනාවකට හමුදාවේ හැර රටේ සිටින්නේ වැඩිපුරම එහෙයි කියන අය බැවින් ඔබට තව බොහෝ කල් බලා සිටීමට වනු ඇත. (දී)
ඇත්ත නොබියව කථාකරන, කරනදේ කියන ඔබතුමාට අපෙ ගෞරවය!! අපි ඔබ සමඟ.(නදී)
ඉතාමත් කාලෝචිත අදහසකි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කව්ද කියන එක.(නදී)
සරත් පොන්සේකා මහතාණෙනි, ඔබ හරියට පිළිතුරු දී තිබෙනවා. නියමිත වෙලාවට ජනතාව තිරණය කරයි. එතෙක් ඔබ නොසැලී ඉදිරියටම යන්න. ඔබට ජේසු පිහිටයි! (දී)
ඔබතුමා ලක්මවට ආඩම්බරයකි. අපේ ගැලවුම්කරුවා නුඹය! (දී)
ඔබතුමාට ජය පැතීම යනු මුලුමහත් රටටම ජයපැතීමකි, ජයෙන් ජය!!!!!! (දී)
අපේ ජෙනරාල් තුමනි, අපි සැමදා ඔබ සමඟයි! (අ)
ගරු ෆොන්සේකා මැතිදුනි, ඔබට අපි සදා ණයගැතියි.ඔබ නිසා තමා අද අපි යුද්ධය නැති රටක ජීවත් වෙන්නේ .... (දී)
දැන් ඔබතුමා දෙෂප්‍රේමි නැද්ද (අ)
එකටනම් අපිත් එකයි හැබැයි දේශප්‍රේමි නායකයා ඔබ තුම නම් වෙන්නම බැහැ කියන එකත් මතක තියාගෙන වැඩ කරන්න කියල මතක් කරනවා. (අ)
ද්වේශයෙන් කතා කරන්න එපා මහත්තයෝ .ඔබතුමා නියම රණවිරුවෙක් .හැබිය් දේශපාලනයට තවම ළදරුවෙක් ඔබට මතකයි නේද ඔබතනිවම යුද්ධ කරන්න ගිහින් පැයකිහිපයක් තුල සොල්දාදුවෝ 500 ට වේදියා මරුන හැටි (ගුවන් ,නාවික සහය නොගෙන )ඔබතුමා තනියෙන් කෙරුව කියනවනම් හෝ ගොටාභය සහ මහින්ද නොමැතිව කරා කියනවනම් විහිළුවක්..(අ)
කොසොල් රජතුමාගේ සිහින අනුව ඔබට මේ රටේ නායකත්වය ලැබෙයි කියල හිතන්න අපහසුය. එත් අපි ඔබතුමාට සුබ පතමු! (අ)
කොතරම් දක්ෂයෙක් වුනත් තමන් ගැන කරන අධිතක්සේරුව දැක්කාම එපා වෙනවා.රටේ නායකත්වයට පත්වෙන්න තරම් බුද්ද්ධිමත් හා විචාක්ෂණශීලී බවක් නම් තාම පේන්න නෑ (අ)
මෙයාගේ දෙසප්ප්‍රේමිත්වය අංග පුරාම,,.......දන්නෝ දනිති , (අ)
මහින්ද ජනාධිපතිතුමා අවතක්සේරු කරනවා නොව, ඔහු වීරයෙකි. දැන් රටට නව නායකයෙක් අවශ්‍ය වී ඇති කාලයකි මේ. ඒ ඔබද, ගොටාභය ලේකම් තුමාද කියා ජනතාව යෝජනා කිරීමට අවස්තාවක් සැලසීමෙන් රට නැවතත් ගොඩ ගැනීමට පුළුවන් යයි මම සිතමි.(අ)
ජනරල් තුමනි යුද්දයෙදේ ඔබ රණකාමී නියම විරුවෙකි, දේශපනයේ දී ලද බොලද නොදරුවෙකි. (අ)
නන්දන පනාගොඩ කියනවා වගේ අපේ රට ගොඩගන්න නම් ආචාර්ය මහාචාර්ය උපාධි නැතුවට කමක් නැහැ .හොරෙක් වංචාකාරයෙක් නෙවෙනවා නම් හොඳටම ඇති .(අ)
අනේ අර දියසේන කුමාරයා තවම නැහෙනේ. (අ)
අපේ රටේ ඉන්න බත් කන හරක් ට ඔබව කාවදාවත් තේරුම් ගන්න බැ, වෙන ඕන ගොනෙක් වේදිකාවකට නැගල බයිලා ටිකක් කිව්වම අන්න එක තමා ඇත්ත. අපේ අය ඡන්දෙ දෙන්නේ පාට බලලා, මොනා හරි පච ටිකක් කෙල්ල, ගැනු දුෂණය කොරපු, මංකොල්ල කාපු , මිනි මරුවන්ට නේ. කාවදාවත් දුර දිග බලන්නේ නැ නේ. වෙන රටවල මිනිස්සු කවදාවත් පක්ෂේ පාටට ඡන්දෙ දෙන්නේ නැ, හරි මිනිහා කව්ද, ඔහුගේ වත ගොත, දු දරුවන් කව්ද, තරා තිරම මොකක්ද, පවල කොහොමද ඔන්න ඕව බලලා තමා ඡන්දෙ දෙන්නේ (අ)
මෙයා හැදෙන්නේ නැහැ කවදාවත්. ඔය කුහක කමයි අධි මාන්නෙයි හිතින් අයින් කරන කම් මෙයා ජෝකෙර් කෙනෙක් පමණි. හමුදාපති පත් කරන්නේ රජයෙන්. කියන දේ කලේ නැත්නම් පස්සට පයින් ගහලා එලියට දාන්නේ. අපි දන්නා ඇත්ත ඒකයි.(නදී)
කියමනක් තියෙනවා සතුරාගේ දුර්වල තැනට පහර දෙන්න කියලා. නමුත් ඔබ කලේ මේ පැරනි යුද නියමයන් වෙනස් කරලා සතුරාගේ ශක්තිමත් තැනින්ම පටන් ගත්ත එක. ඒ විතරක් නෙමෙයි හමුදාවත් විප්ලවීය වෙනසකට ලක් කළා. දන්නා අය මේ දේවල් දන්නවා. සමහරු නොදන්නවා වගේ ඉන්නවා. වසර 30 ක යුද්ධය 3 වසරකින් ඉවර කලේ ඔබගේ යුද උපායන් නිසා. ඒ ගෞරවය ඔබ සතුයි. කවුරු මොනවා කිවුවත් මේ කුරිරු යුද්ධය නිම කලේ ඔබමයි. ඔබට ජය මැතිදුනි (දී)
මට නම් හැම දේශපාලඥයෙක්ම එකයි (දී)
ඔබතුමා කියන ඔය දේශප්‍රේමියා ,යුගයේ ප්‍රායෝගික මිනිසා අපිට නම් ගෝඨාභය රාජපක්ෂ මහතායි (දී)
ඔබතුමාගේ අදහස හොඳයි. ජනතාව අතරට ගොස් වයඹ ඡන්දෙදි ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ රටේ දේශපාලනය එපා වෙලා තියෙන්නේ. බොරුව කරන බව තේරෙන්න තවත් ටික කාලයක් යාවි. කරුණාකර සිංහල,දෙමල, මුස්ලිම් හැමටම ගැලපෙන විදිහට වැඩ කරන්න. (දී)
රටක ජාතික වීරයෙක් ඒ රටේම ජාතික ද්‍රෝහියෙක් කරපු එකම රට ශ්‍රී ලංකාව . ඔබ අපට නම් එදත් වීරයා අදත් වීරයා. විරුවානෙනි, ඔබට අපේ උත්තමාචාරය සහ උපහාරය මෙසේ සනිටුහන් කරමු. ඔබට ආශිර්වාද කරන්නට ඉඩ හසර ලබාදුන් ලංකාදීපයට අපේ ප්‍රණාමය ! (දී)
ඔබ අපි ආදරය කරන නායකයෙක්. නමුත් එක එක්කෙනාගේ ඇම කාලා මුළු ජීවිතේම අනාගත්තා. නැත්නං දැන් රටේ ලොකු වගකීමක් ඔබතුමාට කරන්න තිබුනා. ලේකම්ට මානසිකත්වය හදන්න බැහැ කියන්නේ කොහොමද? මහින්ද ජනපති නොහිටින්න ඔබත් කොබ්බෑකඩුව මහතා වගේ යුද්දේ ලගටම ඉවරකරපු කෙනෙක් වෙන්න තිබුණා. නමුත් ජනපති නිසා ඔබ යුද්ධය ඉවරකළා. ඔබ තනියම මේක නොකළ බව මුළු රටම දන්නවා. (දී)
හදිසි නොවී කල්පනාවෙන් දේශපාලනයට චරිතවත් පුද්ගලයන් තෝරාගෙන පෙරමුණ ගන්න බලන්න. ජය ගැන සැක හිතන්න එපා. (දී)