(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ ආනයනික එළුවන් 100 ක් අතුරින් නිරෝධායන කාලසීමාවේදී එළුවන් 38 දෙනකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවදානය යොමුවිය.
මේ අතර අධ්‍යයන, අභ්‍යාස හෝ රාජකාරී කටයුතු සඳහා විදෙස්ගතවී යළි සේවයට වාර්තා නොකළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නව දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් අය කර නොගැනීම සම්බන්ධයෙන් එම කාරක සභාවේ අප්‍රසාදය පළවිය.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් එහිදී කමිටුවට පෙන්වා දුන්නේ ඒ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවයි.
මේ අතර අඩු ලංසු තිබියදී වැඩි ලංසු තැබූ සමාගමකින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එන්නත් වඩි ලක්ෂයක් මිලදී ගැනීමේදී ලක්ෂ හතළිහක් පමණ වැඩිපුර ගෙවා ඇතැයිද කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණය විය.
ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ ආනයනික එළුවන් 100 ක් අතුරින් නිරෝධායන කාලසීමාවේදී එළුවන් 38 දෙනකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවදානය යොමුවිය.
එළුවන් ආනයනය සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයේ අනුමැතිය 2017 වර්ෂයේදී ලැබී තිබියදී එම ආනයනය 2019 වර්ෂයේදී කිරීම හේතුවෙන් විනිමය අනුපාතයේ වෙනස්වීම මත රුපියල් ලක්ෂ විසි තුනකට වැඩි මුදලක් අමතරව ගෙවා ඇතැයි මෙහිදී හෙළිවිය.
මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් සියයට 60 ක අඩුවක් පවතින බවද තොරතුරු අනාවරණය විය.
මෙම හිඟය සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා විමසූ අතර එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ දිනකට කිරි ලීටර් සිය ගණනින් නිෂ්පාදනය කළ හැකි ගොවිපළවල් 15000 ක් ඇති කිරීමට කටයුතු කර ඇති බවයි. මෙම ගොවිපොළවල් සඳහා 2000 ක් පමණ ලියාපදිංචිවී ඇති බවද ඔවුහු සඳහන් කළහ.
ගොවිපොළවල් පිහිටුවීම සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් සකස්කිරීම වැදගත් බව කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා කීවේය. එසේම මේ පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසද සභාපතිවරයා නිර්දේශ කළේය.
මේ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (06) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
තවද කරදගොල්ල සත්ත්ව පාලන මධ්‍යස්ථානයේ ඩිප්ලෝමා පාඨමාලාවට ලියාපදිංචි වූ ශිෂ්‍යයන් පාඨමාලාව හැරයාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙම පාඨමාලාව සඳහා ශිෂ්‍යයන් 100 ක් පමණ ලියාපදිංචි විය හැකි බවත් වසරකට සාමාන්‍යයෙන් ළමයින් 82 පමණ මෙම පාඨමාලාව හැදෑරීමට ලියාපදිංචි වන බවත් නිලධාරීහු පැවසූහ.
නමුත් මෙම ලියාපදිංචිවූ සිසුන්ගෙන් විසිපස් දෙනෙකු පමණ පාඨමාලාව හැරගොස් ඇත් බව හෙළි වී ඇතැයි පවසන කෝපා කමිටුව මෙම එක් සිසුවකු වෙනුවෙන් පාඨමාලාව හැදෑරීමට දල වශයෙන් රුපියල් 26 ලක්ෂයකට ආසන්න මුදලක් වැයවන බවද සඳහන් කරයි.
පාඨමාලාව හදාරමින් සිටින අතරතුර රැකියාවක් ලැබුණු විට මෙම ශිෂ්‍යයන් පාඨමාලාව හැර යන බව නිලධාරීහු පැවසූහ. මේ අනුව ගිවිසුමකට යටත්ව මෙම සිසුන් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට කෝපා කමිටුවේ සභාපතිවරයා උපදෙස් දුන්නේය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, සහ කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමලවීර දිසානායක, ජයන්ත කැටගොඩ ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ ඉසුරු දොඩම්ගොඩ යන මහත්වරුද සහභාගි වූහ.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටින් ගෙනා එළුවන් 38ක් මියගිහින්