(යොහාන් භාසුර)
වර්ෂාව හේතුවෙන් උතුර සහ උතුරු මැද ඇතුළු බොහෝ පළාත්වල ජලාශ, ගංඟා සහ වැව් පිටා ගැලීම හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
උතුරු පළාතේ ජනතාව මෙම තත්වයෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර උතුරු පළාතේ පුද්ගලයන් 6,000 කට අධික පිරිසක් මේ වන විට අවතැන්ව සිටිති.
උතුරු පළාතට අයත් මුලතිව්හි මුත්තියන් කට්ටු, කිලිනොච්චිය පුදුමුරිප්පු සහ ඉරණමඩු යන ජලාශ වාන් දැමීම හේතුවෙන් ඇතැම් ජලාශවල බැමිවලට හානි වීමේ අවදානමක් ද ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
මුලතිව් ප්‍රදේශයේ ජල ගැලීම්වලට හසුව ආපදාවට පත්ව සිටින සහ නිවෙස්වලට කොටුවී සිටින ජනතාව මුදාගැනීම සහ සහන සැළසීම යුද හමුදාව මැදිහත්ව ක්‍රියාත්මක කරයි.
උතුරු මැද පළාතේ අනුරාධපුර මල්වතු සහ කලා ඔය ඇතුළු ජලාශ රැසක් මේ වන විට පිටාර ගලමින් ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රාජාංගය ජලාශයේ වාන් දොරටු 14 ක්, අංගමුව ජලාශයේ වාන් දොරටු 2 ක් සහ නාච්චිදූව වැවේ වාන් දොරටු 6 ක් මේ වන විටත් විවෘත කිරීමෙන් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම් නිවේදන ද නිකුත් කර ඇති අතර මහවැලි ගඟ පොළොන්නරු සහ සෝමාවතිය ආදි ප්‍රදේශ කීපයකින් පිටා ගැලීම නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.
කණ්ඩලය ජලාශය පිටාර ගැලීම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටතේ වී ඇති අතර පසුගිය කාලයේ කථා බහට ලක්වූ විදුලිබලාගාර ආශ්‍රීත ජලාශ වන කාසල්රී, විමලසුරේන්ද්‍ර සහ උඩවලව යන ජලාශවල ජල මට්ටම් ද ඉහළ යමින් ඇති බව ද වාර්තා වේ.
මුලතිව් (ප්‍රදීප් කුමාර)
නාච්චාදූව
සූරියවැව (දිල්ප්)
පදවිය (පියදාස සමරවීර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රටපුරා වැව් අමුණු පිරි ඉතිරිලා
Bandula Monday, 18 December 2023 03:48 AM
ඔය සැරේ රට ශශ්‍රීක චෙයි