
(ටී.කේ.ජී.කපිල)
රුසියාවේ සැඟවී සිටි , සංවිධානාත්මක අපරාධකරුවකු සහ ජාත්‍යාන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි සේපාල රත්නායක අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල නැමැත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින්, එරටට ගොස් අත් අඩංගුවට අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේ.
44 හැවිරිදි වියේ පසුවන රොටුඹ අමිල මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔහු අංගොඩ ලොක්කා සහ මාකදුරේ මදූෂ් සමග සමීප සබදතා පවත්වා ඇති අතර 2024.07.08 දින සිදු කළ ක්ලබ් වසන්ත ඝාතනයට ද සම්බන්ධ අයකු බව පොලිසිය කියයි.
එසේම 2016.04.29 දින මුල්ලේරියාව ප්‍රදේශයේ දී ද මනුෂ්‍ය ඝාතනයකට ද ඔහු සම්බන්ධ බව කියයි .
2019.03.28 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මාකදුරේ මදූෂ් ගේ උපන් දින සාදයකදී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පිටුවහල් කර එවා තිබූ අතර , ඉන්පසුව 2023.05.03 දින ඇප මත නිදහස් වී සිටියදී මොහු රුසියාව බලා පළා ගොස් තිබේ .
මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණය මගින් මොහු අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යාන්තර රතු නිවේදන ද නිකුත් කර තිබූ අයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd