තිස් වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය නිමා කර මින් පස් වසරකට පෙර ශ්‍රී ලංකාව කොටි සංවිධානය පරාජය කළේය.
මුලතිව් වෙල්ලමුල්ලි වෛකාල් අවසන් ප්‍රහාරයේදී එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ඇතුළු අවසන් කොටියාද ජරාජය කළ ශ්‍රී ලංකා හමුදාව අද විජයග්‍රහණයේ ජය පැන් බොති.
තිස් වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය නිමා කර මින් පස් වසරකට පෙර ශ්‍රී ලංකාව කොටි සංවිධානය පරාජය කළේය.
මුලතිව් වෙල්ලමුල්ලි වෛකාල් අවසන් ප්‍රහාරයේදී එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ඇතුළු අවසන් කොටියාද ජරාජය කළ ශ්‍රී ලංකා හමුදාව අද විජයග්‍රහණයේ ජය පැන් බොති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුවනි ඔබට අප සදා ණයගැතියි. ඔබ විශිෂ්ටයි. (නදී)
යුද්දයේදී දිවි පිදු මගේ පාසැල් මිතුරන් ඇතුළු සැමට උත්තමාචාරය. මොවුන් හැමදාමත් සතුටින් තැබිය යුතුයි. නමුත් ජයග්‍රහණය සමරා පාටි දැමීමෙන් ජාතික සමගිය තව තවත් දුරස් වෙයි නේද? (නදී)
අපේ රණවිරුවන්ට තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගේ පිහිට ලැබේවා.(නදී)
තුක්සිය හැටපස් දවසේම ඔබව සැමරීමට නීතියක් ගෙන එන්න ඔීනා.(නදී)
නිදුක් නිරෝගී සුව ලැබේවා. ලංකාවට එන සෑම නිවාඩුවක ම අපි රණවිරුවන් අමතක කරන්නේ නැහැ. (නදී)
සමරන්නේ අරයගෙ යුද්දේ ජයග්‍රහණය නේද? දන්නෙනැති කමට අහන්නේ. (ස)
රොෂාන් සමරන්නේ සමස්ත රටේ ජයග්‍රහණය මිස තනි ජයග්‍රහණයක් නෙමෙයි.(නදී)
අරයගෙ මෙයාගේ නෙවෙයි අපේ; අපේ; අපේ. (නදී)
සදාදරණීය රණවිරුවෙනි, අපගේ රට වෙනුවෙන් දිවි පූජාකළ රණවිරුවෙනි නැවත අප රටේම ඉපදේවා. අප රටේ නිදහස වෙනුවෙන් ඔබගේ ජීවිතයේ අත පය අහිමි වුනා. ඒත් ඔබගේ සිත්වලට අපමණ සතුටක් ඇති, ඔබයි අපට නිදහසේ ජීවත්වෙන්න සාමය උදාකර දුන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබ හැදූ වැඩූ වීර දෙමා පියන්ටද අප සදා ණය ගැතියි. (නදී)
කවුරුත් හැකි හැම අවස්ථාවක ආබාධිත රණ විරුවන්ට උපකාර කරන්න. කෙලෙහි ගුණ සලකන්න. ආබාධිත රණ විරුවන් කැමතියි ඔවුන් හමුවීමට ජනතාව එනවාට.(නදී)
විරුවාණනි ඔබට වැඩිය ඔබ වැඩු මව පින්කර ඇත.(නදී)
රණ විරුවනි අපි සදාකල් ඔබට ණය ගැතියි. ජාතියේ පිනට පහළ වූ ඔබ සදා අමරණීයයි. (ස)
ඔබව දැකීමත් සතුටුයි. විරුවනේ ඔබට දීර්ඝායු ලැබේවා. (ස)
අපේ රණවිරුවන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා. රණ විරුවනි අපි සදාකල් ඔබට ණය ගැතියි. ජාතියේ පිනට පහළ වූ ඔබ සදා අමරණීයයි. (නදී)
ඔය ඊයේ තිබ්බ යුධ සමරුවේදී, ත්‍රිවිද හමුදා රණ විරුවන්ට උපහාර කරනවා මම නම් දැක්කේ නැහැ. එතැනදී උනේ අර හැමදාම කරනවා වගේ ජනාධිපතිතුමාට උත්තමාචාර කරන එකනේ. යුද සමරුවේදී කරන්න තියෙන්නේ අපේ ත්‍රිවිධ හමුදාවේ රණ විරුවන්ට ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ආචාරය පිරි නැමීමයි. නැත්නම් මේකත් හරියට අපේ නිදහස් දිනය සමරනවා වගේනේ. (නදී)
උදයේම පිබිදිලා ගොඩ වුන පත්තරය. ලංකාදීප ගෙන දුන්නා විස්තරය. ජාතිය මුදා ගත් මේ අපේ විරුවන්ය. දුටු විට මගේ නෙතු කදුලින් බර උනිය. කකුල් දෙකම නැති ඒ හමුදා සොයුරා., දුටු මගේ හදවත යනවා පුපුරා. කීමට වචන නැත ඔබෙ ගුණ කද සමරා. වැන්දේ ඔබේ රූපෙට මම ඔබ නාදුනනා සොයුරා. (නදී)