(සුමිත් පොතුපිටිය)
රුපියල් කෝටි 900 ක් පමණ වටිනා බව පවසමින් රුපියල් ලක්ෂ 200 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ රතු රසදිය අඩංගු බවට සදහන් සිලින්ඩරයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
එල්ට්ටීඊ සංවිධානය විසින් භාවිතාකල සබ්මැරීන් වල තාක්ෂණය සදහා යොදාගත් රතු රසදිය අඩංගු සිලින්ඩරයක් ඇති බවත් , එය මිළදී ගෙන පසුව ඉන්දියානු ධන කුවේරයෙකුට විශාල මුදලකට අලෙවි කිරීමට හැකි බවත් පානදුර ව්‍යාපාරිකයකුට දන්වා රැගෙන ආ සිලින්ඩරය අලෙවි කිරීමට සූදානම් වීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අඩි දෙකහමාරක් පමණ උසැති රතු රසදිය අඩංගු බව කියන සිලින්ඩරය සමග ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ .
පොලිස් භාරයට ගත් සිලින්ඩරයේ රතු රසදිය බවට සදහන් ද්‍රාවනය පරීක්ෂා කිරීමේදී තිරුවානා, ග්‍රැනයිඩ් කළුගල් සහ වෙනත් පාෂාණයන් අඩංගු මිශ්‍ර ද්‍රව්‍යයක් තිබූ බවද සදහන් වේ.එම සිලින්ඩරය රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්ථාවක් ලබාගැනීමට නියමිත බවද වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය
යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රතු රස දිය ඇතැයි පවසා සිලින්ඩරයක් විකුණන්න ගිහින් මාට්ටු