IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘රතුපස්වල ජලය බීමට නුසුදුසුයි‘

රතුපස්වල ප්‍රදේශයේ භූගත ජලයේ පවතින ගුණාත්මක තත්ත්වයන් වෙනස්වීමට වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කළ අපජලය හේතුවී නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය  විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

එසේ වුවත් රතුපස්වල ප්‍රදේශයේ වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ භූගත ජලය මිනිස් පරිභෝජනයට නිසි ප්‍රමිතියකට නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දී ඇත. එබැවින් එම ජලය පානයට ගන්නේ නම් එහි සුදුසු නුසුදුසු බව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගත යුතු බවද සඳහන් කොට ඇත.

එම ප්‍රදේශයේ භූගත ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව කළ පරීක්ෂණ අනුව මෙම නිර්දේශයට එළැඹෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එම.එස්.ඩී.මුණසිංහ සහ එහි ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ඩී.එම්.එස්.එස්.බණ්ඩාර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.

වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාව එම ප්‍රදේශයේ පැවති කාලයේ එනම් 2013/08/16 දිනත් , කර්මාන්ත ශාලාව එම ප්‍රදේශයෙන් ඉවත් කර වසරක් පමණ ගතවූ පසු එනම් 2014/11/05 දිනත් , කර්මාන්ත ශාලාව ඉවත් කර වසර දෙකක් ගතවූ පසු එනම් 2015/10/14 දිනත් ලබා ගත් ජල සාම්පල් අනුව මේ ගුණාත්මක පරීක්ෂණය කළ බව අභියාචනාධිකරණය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත.

එම ළිං වලින් ගත් ජල සාම්පල් වල පී.එච්.අගය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කර ඇති ධාරණ සීමාව තුළ නොමැති බවද එම වාර්තාවේ සඳහන් ව ඇත.

එම කර්මාන්තශාලා භූමිය අවට ඇති ළිං ජලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පරීක්ෂා කිරීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය මෙම තීරණයන්ට එළැඹ තිබේ.

රතුපස්වල ජල ගැටලූවට මුල්වූ වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාවට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සම අද (08) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මෙම තොරතුරු හෙළිවිනි.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්  හමුවේ සලකා බැලිණි.



අදහස් (0)

‘රතුපස්වල ජලය බීමට නුසුදුසුයි‘

වසන්ජය Thursday, 11 February 2016 07:25 AM

එතකොට රතු පස්වල ජනතාව කිව්වේ බොරුද ? වෛද්‍යවරු නීටින්ගවරු ඇතුළු සියලු දෙනා ජලය අපිරිසිදු කිව්වේ නිකන් ඉන්න බැරුවද? . ජල සාම්පලයක් පිට රටක් දියුණු විද්‍යාගාරයකට යවා විශ්ලේෂණය කරවාගෙන බලමු (ම)

:       0       0

චන්දා Tuesday, 09 February 2016 12:16 PM

ලංකාවේ ඉන්න දක්ෂ විශ්ලේෂකයකුට හැකිනම් රතු පස්වල ජල ගැටලුව කියමින් එක්තරා පිරිසක් යටින් සිදු කල සැබෑ ගර්ජනය කුමක්දැයි කරුණු සහිතව කියන්න හරිම වටිනවා.(කෞ)

:       0       0

චන්දා Tuesday, 09 February 2016 12:52 PM

රතු පස්වල ජලය මුල්කරගෙන උද්ගෝෂණ ඇති වූ හැටි හරිම ගුප්ත බවක් පෙනෙන්න තිබුනා ඒ දවස්වල. (හේ)

:       0       0

මලිත් Monday, 08 February 2016 08:03 PM

ජලය නිසි පීඑච් අගයකින් යුක්තද කියලා බලන්න අවුරුදු ගණන් ගතකරනවා. මේ මිනිස්සු බීමට නුසුදුසු ජලය පානය කරලා අනාගතයේදී වකුගඩු ආශ්‍රිත රෝග වලට ලක්වෙයි. මෙලෙස මාධ්‍ය තුළින් ලොක්කන්ගේ ඇස් ඇරවා මීට විසඳුමක් ඉක්මනින් ලබාදෙන ලෙස ඔබතුමාලගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා. (නි)

:       0       0

අතුල Monday, 08 February 2016 11:45 PM

දැන් එතකොට මේ මිනිස්සු බොන්නේ මොනවද? (නි)

:       0       0

විජේලතා Tuesday, 09 February 2016 12:24 AM

2013 ට කලින් කොහොමද තිබුනේ බලන්නේ කොහොමද? අර වෙඩි වැදුනු අහිංසක මිනිසුන්ට වන්දියක්වත් නැහැ නේද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 09 February 2016 02:52 AM

ඇයි මතක නැද්ද මහින්දගේ කාලේ නල ජලය දෙන්න කටයුතු කළා. (නි)

:       0       0

යසපාල Tuesday, 09 February 2016 03:03 AM

ඒ මිනිසුන්ට සාධාරණයක් ඉටුවෙන්නේ කවදාද? (නි)

:       0       0

දම්මි Tuesday, 09 February 2016 03:10 AM

මේක කියෙව්වහම ඕනෑම කෙනෙකුට තේරෙනවා මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන්නේ කොහොමද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 255 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 360 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 229 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 880 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1511 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4264 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24737 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site