IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘රතුපස්වල දී බලය අයුතු ලෙස යොදවලා ‘

රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට වෙඩි තැබීම් හා පහර දීම සිදු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බවත්, එහි දී යුද හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී හෙලි වී ඇත.

2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය බවත්, 37 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් මානව හිමිකම් වාර්තාවේ සඳහන් ය.

මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට පොලිසිය සිටිය ද යුද්ධ හමුදාව කැඳෙව්වේ කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බව කියන මානව හිමිකම් කොමිසම ඒ ගැන අදාළ පාර්ශ්ව දුන් සාක්කි පරස්පර බව ද කියයි.

උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා කැරලි මර්දන සහාය ලබා ගෙන ඇත්තේ හමුදාව වෙඩි තැබීම ආරම්භ කිරීමෙන් පසුව බව ද මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ සාක්කිවලින් සනාථ වී තිබේ.

උද්ඝෝෂකයක් දෙසි වෙඩි හඬ ඇසුණු බවට හමුදාව හා පොලිසිය ප්‍රකාශ කළ ද ඉතිරිපත් සාක්කි අනුව මානව හිමිකම් කොමිසම නිගමනය කර ඇත්තේ උද්ඝෝෂකයන් ගිනි අවි භාවිත කර නැති බවයි.

ආරක්ෂාව පතා කතෝලික දේවස්ථානය තුළට දිව ගිය පිරිසට ද හමුදාව පහර දී ඇති බව ප්‍රකාශවලින් හා ඡායාරූපවලින් පැහැදිලි වන බව මානව හිමිකම් වාර්තාවේ සඳහන්ය.

දීර්ඝ විමර්ශනයකින් පසු මානව හිමිකම් නිර්දේශ ඉදිරිපත් කරමින් කියනුයේ වැලිවේරිය සහ බැලුම්මහර උද්ඝෝෂණ විසිරුවා හැරීමට සහභාගී වූ යුද හමුදා අණදෙන නිලධාරීන් හා ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කළ යුතු බවයි.

වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බව ද කොමිසමේ නිර්දේශ අතර සඳහන්ය.

වෙඩි වැදී මිය ගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතීන්ට වන්දි ලබා දීම, වෙඩි වැදීමෙන් හා පහරදීමෙන් තුවාල ලබා ඇති අයට සාධාරණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම හා උපකරණවලට අලාභහානී කිරීම සම්බන්ධයෙන් වන්දි මුදල් ගෙවීමට ද කොමිසම රජයට නිර්දේශ කර ඇත.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව පොලිසියේ හා හමුදාවේ වගකීමක් ඇති බැවින් ඉදිරියේ දී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට නිලධාරීන් දැනුම්වත් කර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට පොලිස්පති හා යුද හමුපතිට දැන්විය යුතු බව ද කොමිසම නිර්දේශ කර තිබේ.

මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා, කොමසාරිස්වරුන් වන ටී ඊ ආනන්ද රාජා, ජසීමා ස්මයිල්, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සහ වෛද්‍ය බර්නාඩ් ද සොයිසා මහත්වරුන් අත්සන් තැබූ මානව හිමිකම් වාර්තාවේ පිටපත් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, නීතිපති, හමුදාපති සහ පොලිස්පතිට ද යවා තිබේ.

 



අදහස් (0)

‘රතුපස්වල දී බලය අයුතු ලෙස යොදවලා ‘

නිමලරාජ් Thursday, 30 July 2015 11:18 PM

මොකද තාම "රට බේරාදුන් නායකයාට මරන්න පුළුවන්" කියන සෙට් එක මොනවත් කොටලා නැත්තේ...!(නදී)

:       0       0

රංජිත් Friday, 31 July 2015 07:02 AM

සමාගමේ සල්ලි ගත්ත අයත් හිටයලු නේද ? (නදී)

:       0       0

ලුකස් ඇන්ඩෘ Friday, 31 July 2015 07:07 AM

හොඳ තීරණයක්. මීට පස්සේ ඔය වගේ දේවල් වලට මානව හිමිකම් නිලධාරීන් යවලා සාමයෙන් ප්‍රශ්ණය විසදාගන්න (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 31 July 2015 07:30 AM

කටුනායකදී පොලිස් නිලධාරීන්ගේ ඔලු වලට ගල්ගෙඩි අත ඇරපු ,හලාවතදී කඩු පොලු නරගෙන පොලිස් නිලධාරින් මරන්න ආපු, රතු පස්වලදී ප්‍රධාන පාරත් අවහිර කරලා සියලු අතුරු මාර්ගත් වහගෙන මගී ජනතාව ප්‍රාණ ඇපයට අරන් ආරක්ෂක අංශ වලට අභියෝග කළ අවසානයේ පොලු මුගුරු පැට්‍රල් බෝම්බ වලින් ඔවුන්ට පහර දුන් එව්වෝ වෙඩි කෑවම සුප්පුව කටේ ගහපු නොදරුවෝ.මේ සියලු සිදුවීම් වලදී ආරක්ෂක අංශ හැසිරුනේ ඔවුන්ගේ වගකීම වන සාමකාමී ජනජීවිතය පවත්වාගෙන යාමට සීමිත පිරිසකගේ වියුරුවෙන් බහුතර ජනතාව පිඩාවට පත් වීම වලක්වා ගන්න..ගහන්න ඕන තැන ගහන්න ඕන ..වෙඩි තියන්න ඕන තැන වෙඩි තියන්න ඕන..හමුදාව පුහුණු කරලා තියෙන්නේ ආයුධ දාල දුවන්න නෙමෙයි.මේ සියලු සිදුවීම් අපි මාධ්‍ය වලින් දැක්ක.දේශපාලන අරමුණු සදහා ජිවිත බිලි දෙමින් මළමිනී මතින් තම දේශපාලන ගමන් මග සකස් කරගත් යම් කාලකන්නි පිරිසකගේ උසිගැන්වීම් වලින් මේ වුනු සිදුවීම් වලට හමුදාව පලි නැහැ..මොන රජයක් බලයේ හිටියත් මේ උද්ඝෝෂකයින් නලවන්නේ නැහැ (බ)

:       0       0

එච් පෙරේරා Friday, 31 July 2015 07:52 AM

මේකට තමයි කියන්නේ කැලේ නීතිය කියලා. මේ අහිංසක මිනිස්සු ඉල්ලුවේ පිරිසිදු වතුර ටිකක් මිසක් රස්සාවල් පඩි වැඩිකිරීම් ඉඩම් නෙමෙයි. පහුගිය රජයට පිරිසිදු වතුර ටිකක් දෙන්න අපොහොසත් වුනානම් මොකටද අයෙත් ඒ රජයම පත් කරන්න ඕනේ? (හේ)

:       0       0

දමිත් Friday, 31 July 2015 08:27 AM

නීතියක් නොතිබුන රටක් දැංවත් වගකිවයුත්තන්ට උපරිම දඩුවම් දියයුතුයි (නදී)

:       0       0

යසිරු Friday, 31 July 2015 08:52 AM

ඒ දේ නිසා අහිංසක ජීවිත කියක් නැති වුනාද? දැන් හරි මේ වැරැද්දට මුල පිරූ සියල්ලටම නිසි ලෙස දඩුවම් දෙන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2799 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2371 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2947 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5860 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1977 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6676 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18616 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site