IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රතුපස්වල හිමිට හිමි නමකගෙන් ප්‍රහාරයක්

ගම්පහ වැලිවේරියේ රතුපස්වල කර්මාන්ත ශාලාව ගමෙන් ඉවත් කර පිරිසිදු පානීය ජලය ගම්වැසියන්ට ලබා දෙන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක් කළ තෙරිපැහැ සිරිධම්ම හිමියනට තවත් හිමිනමක් පහර දී ඇතැයි කියති.

පහර දුන් බව කියන හිමිනම පැවසුවේ සිරිධම්ම හිමියන් තම විහාරස්ථානය ඉදිරිපිට ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කරන්නට සූදානම් වෙද්දී පහරදී පළවා හැරි බවයි.

තෙරිපැහැ සිරිධම්ම හිමියන් පැවසුවේ බටහිර වැලිවේරිය ප්‍රදේශයට මෙතෙක් ජලය නොලැබීම ගැන දැනුම්වත් කිරීමට පැවැත්වූ රැස්වීමට පැමිණි එම හිමියන් තමන්ට පහර දුන් බවයි.



අදහස් (0)

රතුපස්වල හිමිට හිමි නමකගෙන් ප්‍රහාරයක්

පිටබැද්දර ජයා Saturday, 10 May 2014 05:00 AM

බන්දුල, මොළේ තමයි මොළේ. දානවා ඕක ඇළේ. පසට එකතු වුණ රසායනික ද්‍රව්‍ය දවසකට දෙකට සතියකට දෙකට ඉවත් කරන්න බැහැ කියලා ඕනෑම මෝඩයෙකුට තේරෙනවා, බන්දුලට හැරෙන්න.බන්දුල තාමත් කඩේ යන එක නවතා නැහැ වගේ නේද? බන්දුල දැන්වත් තමන්ගේ අර පරණ කටු බයිසිකලේට හොඳ රෙපයාර් එකක් දීලා තමන්ගේ වැඩක් බලාගන්නවා (නි)

:       0       0

නිරංජනී Saturday, 10 May 2014 05:54 AM

ඔවු දයානන්ද,රෝද පුටුවෙ යන එක අමාරු වැඩක් තමයි. ඒත් ඔයා ඒක දන්නෙ කොහොමද? (නි)

:       0       0

සුසිල් Friday, 09 May 2014 09:06 PM

සෝම හාමුදුරුවෝ පටන්ගත් දේශප්‍රේමය, ජාත්‍යාලයේ ඵලයක් හැටියට භික්ෂූන් වහන්සේලා ගිහි ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් වීමේ විපාක තමා මේ අපි දකින්නේ. බද්දේගම සමිත හිමි දේශපාලනයට ආවේ, හෙළ උරුමය ඉදිරියට ආවේ මේ නිසානේ. මෙය ඉදිරියට තව තවත් මෝරාවි. බුදු දහම නිර්මලව බටහිර රටවල පවතිනවා, ලංකාවේ ඇරෙන්න. මම ඇත්ත කිව්වා කියලා මට බනින්න ඕනෑ නම්. එදාත් බැනුම් ඇහුවා මේවා කියන්න ගිහින්. (නි)

:       0       0

ගන්දර සයිමොන් Friday, 09 May 2014 03:22 PM

ඔන්න අපේ බල සේනාවට ගිහින් නඩුව අහනවනම් හොඳම තැන. හිමිනමකට හිමිනමක් පහර දෙනවා කියන්නේ බෞද්ධ දර්ශනයට එහි පැවැත්ම කරනා හිරිහැරයක්. (ස)

:       0       0

මිනිපෙ Friday, 09 May 2014 09:51 PM

දැන් දැන් හාමුදුරුවරු ප්‍රසිද්දයි, හැමෝටම වඩා. (ස)

:       0       0

දයානන්ද Saturday, 10 May 2014 04:11 PM

නිරංජනී,රෝද පුටුවෙ යන එක දැන ගන්න ගුටි කෙල ගන්න ඕනෙ නැහැ.හදිසි අනතුරක් උනොත් ඔයාටත් ඒ අත්දැකීම ලබන්න පුලුවන් වෙයි.ඒත් එසේ නොවේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.මේ ගොල්ලො පාර දිගේ ගුටි කෙලගන කෙලෙසන්නෙ පූජනීය සිවුර​.!!ඒ ගැන පොඩ්ඩක් සිතන්න.!! (අ)

:       0       0

සියාතු Friday, 09 May 2014 10:16 PM

බුදුබල සේනාවද හාමුදුරුවන්ට ගැහුවේ? (ස)

:       0       0

රෙක්ස් Saturday, 10 May 2014 07:35 AM

එච්චරයි අඩුවකට තිබුනේ (නි)

:       0       0

රොකී Saturday, 10 May 2014 07:35 AM

සංඝානු භාවේන විනාශමෙන්තූ! (නි)

:       0       0

පියල් Saturday, 10 May 2014 08:06 AM

අනු බුදු මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා දහම පමණක් නොවෙයි ස්ථාපිත කළේ. ගෘහ නිර්මාණය, කෘෂි කර්මාන්තය, කලාව, ආරක්ෂක සංවිධාන ක්‍රම ආදී බොහෝ දෙය...වසර දහස් ගණනක් මෙම ධර්මය ආරක්ෂා කරගෙන ආවේ උන්වහන්සේලා. මෙවරනි සරල සිදුවීමකින් උන්වහන්සේලා සමස්තය විවේචනය කරන්න එපා යහලුවනේ (නි)

:       0       0

සත්‍යයා Friday, 09 May 2014 10:57 PM

ඔන්න කුළු මීමෙක් ආයිත් වලං කඩයකට පැනලා. හැබැයි එයා පාලකයින් වෙනුවෙන් හැමදාමත් කඩේ යන ගිහියෙක්. (ස)

:       0       0

පතිරණ Friday, 09 May 2014 11:09 PM

සමහරු කලිසමට යටින් මල් මල් චිත්ත අදිනවා වගේ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 May 2014 08:28 AM

ජයා මහත්තයෝ,මම කිව්වේ ගම්වැසියෝ කියන අය ප්‍රසිද්ධියේ මාධ්‍ය වල කියපු දේ. එයාලා කියපු විදියට දැන් වතුර ප්‍රශ්නයක් තියෙන්න බැහැ.පරණ පුවත් ටිකක් බලන්නකෝ මේකට අදාල.ජයා මහත්තයා තව අවුරුදු 10 කින් විතර ඔය පැත්තට ගිහින් ළිඳකින් වතුර එකක් අරන් පරීක්ෂා කරවා බලන්නකෝ කාලයත් එක්ක වතුර හොඳ වෙලාද කියලා. (නි)

:       0       0

නිමල්ලාලිත Saturday, 10 May 2014 08:47 AM

මේ සිද්දිය සහ ගරු සෝම ස්වාමින් වහන්සේගේ දේශප්‍රේමය අතර කිසිම සම්බන්දයක් නැහැ. ඔබ වරදක් කලහම ඔබේ ජාතකත්වයට දොස් පැවරිය යුතුද? මම ජිවිතයට වඩා සිංහලයට ආදරය කරන සිංහලයෙක්. (ස)

:       0       0

හේරත් Friday, 09 May 2014 05:00 PM

මේ අය මහණ දම් පුරන්නේ සසරට කල කිරිලා. දැන් මෙව්වා අහලා ගිහි අපි සසරට කලකිරිලා.(ස)

:       0       0

වසන්ත Friday, 09 May 2014 05:02 PM

අයියෝ මගේ ආගම විනාශ කරන්ඩ එපා. මෛත්‍රිය හැමටම කියා දෙමු. (ස)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 09 May 2014 05:29 PM

කෝ අපේ අර සේනාවේ උදවිය? (නි)

:       0       0

මලිත් Friday, 09 May 2014 05:38 PM

විවේචනාත්මක වැඩක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 09 May 2014 05:59 PM

කම්හල වැඩ නතර කළාට පස්සේ වතුර ටිකෙන් ටික හොඳ වුණා කියලා දැන් කම්හල අස්කරගෙනත් මාස ගානකට පස්සෙත් තාම ළිං වතුර පාවිච්චි කරන්න බැරිද? ප්‍රදේශයට සම්පතක්ව තිබුණු විශාල පිරිසකට රැකියා සපයපු රටට විදේශ විනිමය ගෙනා යසට තිබුණු කර්මාන්ත ශාලාවක් ගමට අහිමි වුණා (නි)

:       0       0

සිරියලතා කෙන්ය Friday, 09 May 2014 06:00 PM

රෝද පුටුවෙන් යන්නම ගහල එහෙනම්.(නදී)

:       0       0

සුරේෂ්. Saturday, 10 May 2014 10:47 AM

කර්මාන්ත ශාලාව රටුපස්වලින් අරන් ගිය ගමන් රතුපස්වල වතුර හොද වන විදිහේ විනාශයක්ද කරලා තිබුනේ? අනික පහුගිය කාලයට වඩා දැන් වතුර පිරිසිදු බව මිනිස්සු කියනවා ගම වෙනුවන් පාරවල් වලට බැහැපු හැම කෙනෙක්ටම පිරිසිදු නල ජලයත් ලැබීම අනිවාරයක් (ස)

:       0       0

සමීර Saturday, 10 May 2014 11:50 AM

බන්දුලගේ මොළය දන්නා ඕනි කොහෙටද කියල හිතාගන්න බැ (අ)

:       0       0

චූටි Friday, 09 May 2014 06:41 PM

ඒ ගමන හාමුදුරුවොත් පටන් ගත්තද ගහගන්න? (නි)

:       0       0

දයානන්ද Saturday, 10 May 2014 02:38 AM

වතුර ඉල්ලන කොට ගහන එකත් ගහන්න ගහන්න වතුර ඉල්ලන එකත් දෙකම මෝඩ වැඩක්.රෝද පුටුවෙ යන එක ඊටත් වඩා අමාරු වැඩක්. (ස)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Saturday, 10 May 2014 01:05 PM

සියාතු, බොදු බල සේනාව නෙමේ තමා මේ හාමුදුරුවන්ට ගැහුවේ, එත් ලොකුවට පෙනීසිටින ඒ සේනාවගේ වගකීමක් තමන්ගේ සහෝදර පුජකයෙක්ට යම් අසාදාරනයක් යම් අකට යුත්තක් සිදු උන තැනකදී ඒ වෙනුවෙන් පෙනීසිටීම. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 99 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 775 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1087 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 304 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 670 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site