ගම්පහ වැලිවේරියේ රතුපස්වල කර්මාන්ත ශාලාව ගමෙන් ඉවත් කර පිරිසිදු පානීය ජලය ගම්වැසියන්ට ලබා දෙන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක් කළ තෙරිපැහැ සිරිධම්ම හිමියනට තවත් හිමිනමක් පහර දී ඇතැයි කියති.
පහර දුන් බව කියන හිමිනම පැවසුවේ සිරිධම්ම හිමියන් තම විහාරස්ථානය ඉදිරිපිට ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කරන්නට සූදානම් වෙද්දී පහරදී පළවා හැරි බවයි.
තෙරිපැහැ සිරිධම්ම හිමියන් පැවසුවේ බටහිර වැලිවේරිය ප්‍රදේශයට මෙතෙක් ජලය නොලැබීම ගැන දැනුම්වත් කිරීමට පැවැත්වූ රැස්වීමට පැමිණි එම හිමියන් තමන්ට පහර දුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කලිසමට යටින් මල් මල් චිත්ත අදිනවා වගේ. (ස)
නිරංජනී,රෝද පුටුවෙ යන එක දැන ගන්න ගුටි කෙල ගන්න ඕනෙ නැහැ.හදිසි අනතුරක් උනොත් ඔයාටත් ඒ අත්දැකීම ලබන්න පුලුවන් වෙයි.ඒත් එසේ නොවේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.මේ ගොල්ලො පාර දිගේ ගුටි කෙලගන කෙලෙසන්නෙ පූජනීය සිවුර.!!ඒ ගැන පොඩ්ඩක් සිතන්න.!! (අ)
සියාතු, බොදු බල සේනාව නෙමේ තමා මේ හාමුදුරුවන්ට ගැහුවේ, එත් ලොකුවට පෙනීසිටින ඒ සේනාවගේ වගකීමක් තමන්ගේ සහෝදර පුජකයෙක්ට යම් අසාදාරනයක් යම් අකට යුත්තක් සිදු උන තැනකදී ඒ වෙනුවෙන් පෙනීසිටීම. (අ)
බන්දුලගේ මොළය දන්නා ඕනි කොහෙටද කියල හිතාගන්න බැ (අ)
කර්මාන්ත ශාලාව රටුපස්වලින් අරන් ගිය ගමන් රතුපස්වල වතුර හොද වන විදිහේ විනාශයක්ද කරලා තිබුනේ? අනික පහුගිය කාලයට වඩා දැන් වතුර පිරිසිදු බව මිනිස්සු කියනවා ගම වෙනුවන් පාරවල් වලට බැහැපු හැම කෙනෙක්ටම පිරිසිදු නල ජලයත් ලැබීම අනිවාරයක් (ස)
මේ සිද්දිය සහ ගරු සෝම ස්වාමින් වහන්සේගේ දේශප්‍රේමය අතර කිසිම සම්බන්දයක් නැහැ. ඔබ වරදක් කලහම ඔබේ ජාතකත්වයට දොස් පැවරිය යුතුද? මම ජිවිතයට වඩා සිංහලයට ආදරය කරන සිංහලයෙක්. (ස)
ජයා මහත්තයෝ,මම කිව්වේ ගම්වැසියෝ කියන අය ප්‍රසිද්ධියේ මාධ්‍ය වල කියපු දේ. එයාලා කියපු විදියට දැන් වතුර ප්‍රශ්නයක් තියෙන්න බැහැ.පරණ පුවත් ටිකක් බලන්නකෝ මේකට අදාල.ජයා මහත්තයා තව අවුරුදු 10 කින් විතර ඔය පැත්තට ගිහින් ළිඳකින් වතුර එකක් අරන් පරීක්ෂා කරවා බලන්නකෝ කාලයත් එක්ක වතුර හොඳ වෙලාද කියලා. (නි)
අනු බුදු මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා දහම පමණක් නොවෙයි ස්ථාපිත කළේ. ගෘහ නිර්මාණය, කෘෂි කර්මාන්තය, කලාව, ආරක්ෂක සංවිධාන ක්‍රම ආදී බොහෝ දෙය...වසර දහස් ගණනක් මෙම ධර්මය ආරක්ෂා කරගෙන ආවේ උන්වහන්සේලා. මෙවරනි සරල සිදුවීමකින් උන්වහන්සේලා සමස්තය විවේචනය කරන්න එපා යහලුවනේ (නි)
සංඝානු භාවේන විනාශමෙන්තූ! (නි)
එච්චරයි අඩුවකට තිබුනේ (නි)
ඔවු දයානන්ද,රෝද පුටුවෙ යන එක අමාරු වැඩක් තමයි. ඒත් ඔයා ඒක දන්නෙ කොහොමද? (නි)
බන්දුල, මොළේ තමයි මොළේ. දානවා ඕක ඇළේ. පසට එකතු වුණ රසායනික ද්‍රව්‍ය දවසකට දෙකට සතියකට දෙකට ඉවත් කරන්න බැහැ කියලා ඕනෑම මෝඩයෙකුට තේරෙනවා, බන්දුලට හැරෙන්න.බන්දුල තාමත් කඩේ යන එක නවතා නැහැ වගේ නේද? බන්දුල දැන්වත් තමන්ගේ අර පරණ කටු බයිසිකලේට හොඳ රෙපයාර් එකක් දීලා තමන්ගේ වැඩක් බලාගන්නවා (නි)
වතුර ඉල්ලන කොට ගහන එකත් ගහන්න ගහන්න වතුර ඉල්ලන එකත් දෙකම මෝඩ වැඩක්.රෝද පුටුවෙ යන එක ඊටත් වඩා අමාරු වැඩක්. (ස)
ඔන්න අපේ බල සේනාවට ගිහින් නඩුව අහනවනම් හොඳම තැන. හිමිනමකට හිමිනමක් පහර දෙනවා කියන්නේ බෞද්ධ දර්ශනයට එහි පැවැත්ම කරනා හිරිහැරයක්. (ස)
ඔන්න කුළු මීමෙක් ආයිත් වලං කඩයකට පැනලා. හැබැයි එයා පාලකයින් වෙනුවෙන් හැමදාමත් කඩේ යන ගිහියෙක්. (ස)
බුදුබල සේනාවද හාමුදුරුවන්ට ගැහුවේ? (ස)
දැන් දැන් හාමුදුරුවරු ප්‍රසිද්දයි, හැමෝටම වඩා. (ස)
සෝම හාමුදුරුවෝ පටන්ගත් දේශප්‍රේමය, ජාත්‍යාලයේ ඵලයක් හැටියට භික්ෂූන් වහන්සේලා ගිහි ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් වීමේ විපාක තමා මේ අපි දකින්නේ. බද්දේගම සමිත හිමි දේශපාලනයට ආවේ, හෙළ උරුමය ඉදිරියට ආවේ මේ නිසානේ. මෙය ඉදිරියට තව තවත් මෝරාවි. බුදු දහම නිර්මලව බටහිර රටවල පවතිනවා, ලංකාවේ ඇරෙන්න. මම ඇත්ත කිව්වා කියලා මට බනින්න ඕනෑ නම්. එදාත් බැනුම් ඇහුවා මේවා කියන්න ගිහින්. (නි)
ඒ ගමන හාමුදුරුවොත් පටන් ගත්තද ගහගන්න? (නි)
රෝද පුටුවෙන් යන්නම ගහල එහෙනම්.(නදී)
කම්හල වැඩ නතර කළාට පස්සේ වතුර ටිකෙන් ටික හොඳ වුණා කියලා දැන් කම්හල අස්කරගෙනත් මාස ගානකට පස්සෙත් තාම ළිං වතුර පාවිච්චි කරන්න බැරිද? ප්‍රදේශයට සම්පතක්ව තිබුණු විශාල පිරිසකට රැකියා සපයපු රටට විදේශ විනිමය ගෙනා යසට තිබුණු කර්මාන්ත ශාලාවක් ගමට අහිමි වුණා (නි)
විවේචනාත්මක වැඩක්. (නි)
කෝ අපේ අර සේනාවේ උදවිය? (නි)
අයියෝ මගේ ආගම විනාශ කරන්ඩ එපා. මෛත්‍රිය හැමටම කියා දෙමු. (ස)
මේ අය මහණ දම් පුරන්නේ සසරට කල කිරිලා. දැන් මෙව්වා අහලා ගිහි අපි සසරට කලකිරිලා.(ස)