රතුපස්වල ළිං ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් දහස් ගණන් ගැමියෝ නව නුවර පාර සහ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට ද අද පැමිණියහ.
කොළඹ මහනුවර මාර්ගය බැලුම්මහරින් ද, මිරිස්වත්තෙන් ද, ගම්පහ අලුත් පාරෙන්ද, නව මහ නුවර මාර්ගය වැලිවේරියන්ද අවහිර කැරිණි.
කොළඹ මහනුවර මාර්ගයේ වාහන තදබදයක් ද ඇතිවිය.
පන්දහසක් පමණ ජනයා සමග මහා සංඝරත්නය ද උද්ඝෝෂණයට එක්වෙමින් මහපාරට වැඩම කළහ. ඒ අතර අමරපුර වජිරවංශ නිකායේ අනුනායක ආචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියෝ ද ඊට එක්ව සිටිති.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවකට ගමේ නියෝජිතයන් පිරිසක් කැඳවාගෙන යෑමට වාහනයක් එවා තිබූ බවත්, ඔවුන් එහි නැග ගිය බවත් උද්ඝෝෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයනි, වහාම ජල නල පද්ධතියක් ලබාදී , විනාශකාරී ආයතනය වසාදමන්න (නි)
මිනිස්සු චන්දය දීලත් නැහ. නමුත් චන්ද දිනනවා.මේක තමා සුත්තරය.චන්ද කාර්ඩ් අපු නැති ප්‍රමාණය බැලුවොත් දිනන බහුතරයට සමානය.මිනිස්සුන්ගේ චන්දෙන් ආව නැති නිසා තම තමා මේ විදියට සලකන්නේ (අ)
ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා (දී)
පාරේ යන මිනිස්සුන්ට කරදර නොකර ඕනෑම දෙයක් කර ගන්න (දී)
ඔයාලට කරන්න පුළුවන් එකම දේ ඔය දේශපාලුවන්ට ඔයාලා බොන වතුර එක මාසයක් අල්ලාගෙන පොවන එකයි. (නි)
මට ආසයි චන්ද්‍රවතිවයි බන්දුල පෙරේරවයි හම්බවෙන්න.
මෝඩයෝ කියනවා රජයට ප්‍රශ්න දානවාලු.හැදිමිටේ දිග කතාවේ ඇත්තකුත් තිබෙනවා. (නි)
ළිං වතුර හොද නැත්නම් බෝතල් වතුර බොන්න කියලා ළගදීම පාර්ලිමේන්තුව පැත්තෙන් ඇහෙයිද දන්නෙ නැහැ. (නි)
ගම්පහ අය තමා නුසුදුස්සන්ව පත්කරගත්තේ (නි)
මිනිසුන්ගේ ජීවිත වලට වඩා සල්ලිද වටින්නේ? (නි)
තරිඳු , ඔයාට පිස්සුද? ජල නල දාලා වතුර වලට බිලක් ආවහම ඒක ගෙවන්නේ කවුද? මේවා පාරිසරික වාර්තා සැළකිල්ලට නොගෙන ආයතන හදන එකේ විපාක (නි)
ඈත කොළොම්පුරය විදුලි බුබුළු වලින් ඒකාලෝක කර කාර් රේස් පදිනා කුමාරයෝය. මෑත යුධ හමුදා සෙබළුන් මැද බීමට දිය පොදක් යදිනා අහිංසක වැසියෝය. ඈත කෙලි දෙළෙන් සැණකෙළි පවත්වා සිත් සේ තුටු වන කුමාරයෝය.මෑත වකුගඩු රෝගයට පිළියම් නොමැතිව දුක් අදෝනා නගන දුගී රෝගීන්ය .සුභ අනාගතයක් ! (නි)
අපි ඉන්නේ මේ කියන කම්හලට කි.මී. 7-8 අතර දුරින්. අපේ ළිදේ වතුර වල පී.එච්. අගය 4.1 ට අඩු වෙලා. හිතාගන්න පුලුවන් නේද රතුපස්වල අයගේ ළිං වල පී.එච්. අගය කොච්චර අඩු වෙලාද කියලා. අද වතුරේ පී.එච්. අගය බලන්න 1000 කට වැඩිය මිනිස්සු පෝලිමේ හිටියා උදේ ඉදන්. සමහර මහත්තුරු දන්නේ නැහැ අපිට ළිදේ වතුර කොච්චර වටිනවද කියලා, අපිට නල ජලය නැහැ. උද්ගෝෂණයට ජය වේවා. (නි)
ගම්පහ අය සමග සෙල්ලම් බැහැ. (නි)
මෙය මානුෂික ප්‍රශ්නයක්. (නි)
අපගේ මෙම ක්‍රියා මර්ගය, කිසිසේත්ම ආණ්ඩු පෙරලීමට නොව, පිරිසිදු ජලය පොදක් බීමට ඇති අයිතිය උදෙසා බව, මැති ඇමතිතුමන්ලා සිතට ගත යුතුය. ජය වේවා ජනතාවනි.....! ගම්පහ ජන බලය පෙන්වවු......! (නි)
මිනිසුන්ගේ එකමුතුකමට කළ නොහැකි දෙයක් නැත. ඔබලාට ජය! (නි)
මේ රටේ දේශපාලකයන්ට තවමත් මේ අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න බැරි වුණාද? මේ පළාතේ ජන්දයක් තිබුනා නම් වැලනොකඩී එන හැටි බලන්න තිබුනා.පවු අසරණ මිනිස්සු. (නි)
අනේ මන්දා! රජයක් තිබෙන්නේ මොකටද? මන්ත්‍රීලා, ඇමතිලා, පළාත්සභා ඇමතිලා, පළාත් සභා මන්ත්‍රීලා, එකී මෙකී නොකී සේරම ඉන්න රටක මේ වගේ අත්‍යවශ්‍ය තිරණ ගතයුතු වෙලාවට තීරණයක් ගන්න නොහැකි නම් ඇති වැඩේ මොකක්ද? (නි)
මේව ලොකු ගැටලු නොවේ නේද? යුද්ධයක් අවසන් කළ රටේ අපි කොයිතරම් සතුටින්ද ඉන්නෙ. මිනිසුන්ට කලගුන අමතක වෙලා. රජය අපහසුතාවයට පත්කරනවා. (නි)
මෙවැනි දේශපාලකයින් සහිත රටක් අප්‍රිකානුවන්ගෙන් පසු ඇත්තේ ලංකාවෙහිය. බීමට ඇති වතුර පොදටත් උද්ගෝෂණය කිරීමට සිදුවීම තරම් පහත් තත්වයකට දේශපාලඥයා විසින් මහජනතාව පත් කර ඇත. කිසිදු නායකයෙකුට මේ අහිංසක ජනතාවගේ දුක, ඔවුන්ගේ මූලික අවශ්‍යතාව තේරෙන්නේ නැත. පාරවල් කාපට් කළත්, කොන්ක්‍රීට් කළත් ඉන් වැඩිම වාසි අත්වෙන්නේ පාලකයින්ට පමණි. දැනටත් මෙම ප්‍රදේශයේ ඇතැම් අය බීමට ජලය පිටින් ගෙන ඉහත කර්මාන්ත ශාලාවේම සේවයට යති. ඒ ඔවුන් මුහුණපා ඇති ආර්ථික දුෂ්කරතා නිසාය. දේශපාලඥයින් දන්නේ උද්ගෝෂකයින්ට දෙස් දෙවොල් තැබීමට පමණකි. විසදුම් සෙවීමට ඔවුන් අපොහොසත්ය. අවසානයෙන් කීමට ඇත්තේ, අනේ රටකට ගිය කලක් යනුවෙන් පමණි. (නි)
එක්කන් ගිහින් එව්වද දන්නේ නැහැ (ස)
පරිසර ඇමතිසහ නිසිබලධාරින් නිසි වෙලාවට ක්‍රියාත්මකවුනා නම් මේ ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැහැ, මර්වින් සිල්වා විතරක් එවල නිකන් හිටියට ප්‍රශ්න විසදන්න බැහැ, බලන්න 5000 විතර ජනතාවක් පාරවල් අවහිර කරගෙන සිටීමෙන් කොපමණ ශ්‍රමයක් අපතේ යනවද? කෝටි කියක් රටටට පාඩුද? දිනෙන් දින බඩු මිල ඉහල යනවා , මිනිසුන්ගේ ලිං වල වතුර ටිකවත් බොන්න බැහැ , හරකුන්ගේ ජිවිත වලට මිනිමරගන්න සේනා, එක එක උරුමයන් ගැන කතාකරන පක්ෂ නිහඩි විපක්ෂය හිටියට කරන්නේ බහුබූත , ජනතාව කෝප වෙලා පක්ෂ විපක්ෂ මැති අමෙති වරු හැමෝටම පහර දෙන දිනය වැඩි ඇතක නොවෙයි. (ස)
හන්දියක් හන්දියක් ගානේ පින්තාලි තබා මග තොට යන්නන්ගේ පිපාසය නිවපු ජාතියක් නේද මේ දිය පොදකට හඬන්නේ? (නි)
අපි හාමුදුරුවෝ සමගයි! අපිට ජය! (නි)
මේ අහිංසක මිනිසු බිල්ලට නොගෙන මේ කම්හල වහාම වෙන පළාතකට රැගෙන යන්න. (නි)