IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රතුපස්වල ළිං ප්‍රශ්නෙ නුවර පාරටත් ගලයි

රතුපස්වල ළිං ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් දහස් ගණන් ගැමියෝ නව නුවර පාර සහ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට ද අද පැමිණියහ.

කොළඹ මහනුවර මාර්ගය බැලුම්මහරින් ද, මිරිස්වත්තෙන් ද, ගම්පහ අලුත් පාරෙන්ද,  නව මහ නුවර මාර්ගය වැලිවේරියන්ද අවහිර කැරිණි.

කොළඹ මහනුවර මාර්ගයේ වාහන තදබදයක් ද ඇතිවිය.

පන්දහසක් පමණ ජනයා සමග මහා සංඝරත්නය ද උද්ඝෝෂණයට එක්වෙමින් මහපාරට වැඩම කළහ. ඒ අතර අමරපුර වජිරවංශ නිකායේ අනුනායක ආචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියෝ ද ඊට එක්ව සිටිති.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවකට ගමේ නියෝජිතයන් පිරිසක් කැඳවාගෙන යෑමට වාහනයක් එවා තිබූ බවත්, ඔවුන් එහි නැග ගිය බවත් උද්ඝෝෂකයෝ කියති.

 



අදහස් (0)

රතුපස්වල ළිං ප්‍රශ්නෙ නුවර පාරටත් ගලයි

පහන් Thursday, 01 August 2013 04:05 PM

ගම්පහ අය සමග සෙල්ලම් බැහැ. (නි)

:       0       0

සුනෙත් Thursday, 01 August 2013 04:06 PM

මේ අහිංසක මිනිසු බිල්ලට නොගෙන මේ කම්හල වහාම වෙන පළාතකට රැගෙන යන්න. (නි)

:       0       0

දුමින්ද Thursday, 01 August 2013 04:17 PM

අ‍පි හාමුදුරුවෝ සමගයි! අපිට ජය! (නි)

:       0       0

ජූඩ් විජේසින්ග්හේ Thursday, 01 August 2013 04:23 PM

හන්දියක් හන්දියක් ගානේ පින්තාලි තබා මග තොට යන්නන්ගේ පිපාසය නිවපු ජාතියක් නේද මේ දිය පොදකට හඬන්නේ? (නි)

:       0       0

මිගිද Thursday, 01 August 2013 11:34 PM

මට ආසයි චන්ද්‍රවතිවයි බන්දුල පෙරේරවයි හම්බවෙන්න.

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 01 August 2013 04:24 PM

පරිසර ඇමතිසහ නිසිබලධාරින් නිසි වෙලාවට ක්‍රියාත්මකවුනා නම් මේ ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැහැ, මර්වින් සිල්වා විතරක් එවල නිකන් හිටියට ප්‍රශ්න විසදන්න බැහැ, බලන්න 5000 විතර ජනතාවක් පාරවල් අවහිර කරගෙන සිටීමෙන් කොපමණ ශ්‍රමයක් අපතේ යනවද? කෝටි කියක් රටටට පාඩුද? දිනෙන් දින බඩු මිල ඉහල යනවා , මිනිසුන්ගේ ලිං වල වතුර ටිකවත් බොන්න බැහැ , හරකුන්ගේ ජිවිත වලට මිනිමරගන්න සේනා, එක එක උරුමයන් ගැන කතාකරන පක්ෂ නිහඩි විපක්ෂය හිටියට කරන්නේ බහුබූත , ජනතාව කෝප වෙලා පක්ෂ විපක්ෂ මැති අමෙති වරු හැමෝටම පහර දෙන දිනය වැඩි ඇතක නොවෙයි. (ස)

:       0       0

රුවන් Thursday, 01 August 2013 04:24 PM

එක්කන් ගිහින් එව්වද දන්නේ නැහැ (ස)

:       0       0

දිසානායක Friday, 02 August 2013 09:10 AM

පාරේ යන මිනිස්සුන්ට කරදර නොකර ඕනෑම දෙයක් කර ගන්න (දී)

:       0       0

රජින්ද Thursday, 01 August 2013 04:25 PM

මෙවැනි දේශපාලකයින් සහිත රටක් අප්‍රිකානුවන්ගෙන් පසු ඇත්තේ ලංකාවෙහිය. බීමට ඇති වතුර පොදටත් උද්ගෝෂණය කිරීමට සිදුවීම තරම් පහත් තත්වයකට දේශපාලඥයා විසින් මහජනතාව පත් කර ඇත. කිසිදු නායකයෙකුට මේ අහිංසක ජනතාවගේ දුක, ඔවුන්ගේ මූලික අවශ්‍යතාව තේරෙන්නේ නැත. පාරවල් කාපට් කළත්, කොන්ක්‍රීට් කළත් ඉන් වැඩිම වාසි අත්වෙන්නේ පාලකයින්ට පමණි. දැනටත් මෙම ප්‍රදේශයේ ඇතැම් අය බීමට ජලය පිටින් ගෙන ඉහත කර්මාන්ත ශාලාවේම සේවයට යති. ඒ ඔවුන් මුහුණපා ඇති ආර්ථික දුෂ්කරතා නිසාය. දේශපාලඥයින් දන්නේ උද්ගෝෂකයින්ට දෙස් දෙවොල් තැබීමට පමණකි. විසදුම් සෙවීමට ඔවුන් අපොහොසත්ය. අවසානයෙන් කීමට ඇත්තේ, අනේ රටකට ගිය කලක් යනුවෙන් පමණි. (නි)

:       0       0

චන්ද්‍රාවතී Thursday, 01 August 2013 04:25 PM

මේව ලොකු ගැටලු නොවේ නේද? යුද්ධයක් අවසන් කළ රටේ අපි කොයිතරම් සතුටින්ද ඉන්නෙ. මිනිසුන්ට කලගුන අමතක වෙලා. රජය අපහසුතාවයට පත්කරනවා. (නි)

:       0       0

අසෝක Thursday, 01 August 2013 04:31 PM

අනේ මන්දා! රජයක් තිබෙන්නේ මොකටද? මන්ත්‍රීලා, ඇමතිලා, පළාත්සභා ඇමතිලා, පළාත් සභා මන්ත්‍රීලා, එකී මෙකී නොකී සේරම ඉන්න රටක මේ වගේ අත්‍යවශ්‍ය තිරණ ගතයුතු වෙලාවට තීරණයක් ගන්න නොහැකි නම් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Thursday, 01 August 2013 04:43 PM

මේ රටේ දේශපාලකයන්ට තවමත් මේ අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න බැරි වුණාද? මේ පළාතේ ජන්දයක් තිබුනා නම් වැලනොකඩී එන හැටි බලන්න තිබුනා.පවු අසරණ මිනිස්සු. (නි)

:       0       0

රාජසිංහ Friday, 02 August 2013 09:24 AM

ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා (දී)

:       0       0

මහදැන Thursday, 01 August 2013 05:05 PM

මිනිසුන්ගේ එකමුතුකමට කළ නොහැකි දෙයක් නැත. ඔබලාට ජය! (නි)

:       0       0

කරු Thursday, 01 August 2013 05:05 PM

අපගේ මෙම ක්‍රියා මර්ගය, කිසිසේත්ම ආණ්ඩු පෙරලීමට නොව, පිරිසිදු ජලය පොදක් බීමට ඇති අයිතිය උදෙසා බව, මැති ඇමතිතුමන්ලා සිතට ගත යුතුය. ජය වේවා ජනතාවනි.....! ගම්පහ ජන බලය පෙන්වවු......! (නි)

:       0       0

යසින්ත Thursday, 01 August 2013 05:18 PM

මෙය මානුෂික ප්‍රශ්නයක්. (නි)

:       0       0

තරිඳු ගුණරත්න Thursday, 01 August 2013 05:20 PM

පාලකයනි, වහාම ජල නල පද්ධතියක් ලබාදී , විනාශකාරී ආයතනය වසාදමන්න (නි)

:       0       0

නවීන් Thursday, 01 August 2013 05:21 PM

අපි ඉන්නේ මේ කියන කම්හලට කි.‍මී. 7-8 අතර දුරින්. අපේ ළිදේ වතුර වල පී.එච්. අගය 4.1 ට අඩු වෙලා. හිතාගන්න පුලුවන් නේද රතුපස්වල අයගේ ළිං වල පී.එච්. අගය කොච්චර අඩු වෙලාද කියලා. අද වතුරේ පී.එච්. අගය බලන්න 1000 කට වැඩිය මිනිස්සු පෝලිමේ හිටියා උදේ ඉදන්. සමහර මහත්තුරු දන්නේ නැහැ අපිට ළිදේ වතුර කොච්චර වටිනවද කියලා, අපිට නල ජලය නැහැ. උද්ගෝෂණයට ජය වේවා. (නි)

:       0       0

දිසානායක Thursday, 01 August 2013 05:25 PM

ඈත කොළොම්පුරය විදුලි බුබුළු වලින් ඒකාලෝක කර කාර් රේස් පදිනා කුමාරයෝය. මෑත යුධ හමුදා සෙබළුන් මැද බීමට දිය පොදක් යදිනා අහිංසක වැසියෝය. ඈත කෙලි දෙළෙන් සැණකෙළි පවත්වා සිත් සේ තුටු වන කුමාරයෝය.මෑත වකුගඩු රෝගයට පිළියම් නොමැතිව දුක් අදෝනා නගන දුගී රෝගීන්ය .සුභ අනාගතයක් ! (නි)

:       0       0

රංජිත් Friday, 02 August 2013 12:51 AM

ඔයාලට කරන්න පුළුවන් එකම දේ ඔය දේශපාලුවන්ට ඔයාලා බොන වතුර එක මාසයක් අල්ලාගෙන පොවන එකයි. (නි)

:       0       0

සංජීව Thursday, 01 August 2013 05:28 PM

තරිඳු , ඔයාට පිස්සුද? ජල නල දාලා වතුර වලට බිලක් ආවහම ඒක ගෙවන්නේ කවුද? මේවා පාරිසරික වාර්තා සැළකිල්ලට නොගෙන ආයතන හදන එකේ විපාක (නි)

:       0       0

සුමනා Thursday, 01 August 2013 05:36 PM

මිනිසුන්ගේ ජීවිත වලට වඩා සල්ලිද වටින්නේ? (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 01 August 2013 06:23 PM

ගම්පහ අය තමා නුසුදුස්සන්ව පත්කරගත්තේ (නි)

:       0       0

රාජු Thursday, 01 August 2013 06:44 PM

ළිං වතුර හොද නැත්නම් බෝතල් වතුර බොන්න කියලා ළගදීම පාර්ලිමේන්තුව පැත්තෙන් ඇහෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

නන්ජු Friday, 02 August 2013 12:24 PM

මිනිස්සු චන්දය දීලත් නැහ. නමුත් චන්ද දිනනවා.මේක තමා සුත්තරය.චන්ද කාර්ඩ් අපු නැති ප්‍රමාණය බැලුවොත් දිනන බහුතරයට සමානය.මිනිස්සුන්ගේ චන්දෙන් ආව නැති නිසා තම තමා මේ විදියට සලකන්නේ (අ)

:       0       0

සීල Thursday, 01 August 2013 10:43 PM

මෝඩයෝ කියනවා රජයට ප්‍රශ්න දානවාලු.හැදිමිටේ දිග කතාවේ ඇත්තකුත් තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 30 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 147 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 162 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1913 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2789 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2067 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site