IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රතුපස්වලට අවුරුදු තුනයි : මානව හිමිකම් කොමිසමෙන් යළි විමර්ශන

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වැසියන්ට යුද හමුදාවෙන් වෙඩි තබා වසර තුනක් පිරීම නිමිත්තෙන් එම ප්‍රදේශයේ ගැටළු සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන කණ්ඩායමක් අද  (28) රතුපස්වලට ගියහ.

මානව හිමිකම් කොමිසමෙන් නිකුත් කළ නිර්දේශ අදාළ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කර නැති බව හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බව කියමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව කොමිසම යළි විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා සහ විමර්ශන නිලධාරීහු තිදෙනෙක් අද (28) උදේ රතුපස්වල ගොස් විමර්ශන ඇරැඹූහ.

පරිසර හා ස්වභාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී රවීන්ද්‍ර කාරියවසම් මහතා රතුපස්වලට ගොස් සිටි අතර රාජ්‍ය ආයතනවලින් කම්හල සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවල ඇති පරස්පරතාවන් හා වැරදි තැන් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

ගම්වැසියන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම හා මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට ලිඛිතව ප්‍රකාශ ලබා දුන්නේය. සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ සංවිධායක සුරේෂ් පෙරේරා ඇතුළු ගම්වාසීහු රැසක් කොමිසමට තොරතුරු ලබා දුන්හ.

රතුපස්වල වෙඩි තබා තිදෙනකු ඝාතනය කර අගෝස්තු පළමු වැනිදාට අවුරුදු තුනකි.

IMG_20160728_105209 IMG_20160728_105323 IMG_20160728_105921



අදහස් (0)

රතුපස්වලට අවුරුදු තුනයි : මානව හිමිකම් කොමිසමෙන් යළි විමර්ශන

පිටබැද්දර ජයා Friday, 29 July 2016 03:33 AM

මහින්ද මහත්තයත් මඟ එනවා ඇති වෙච්ච විපත්තිය බලන්න (නි)

:       0       0

ජයරත්න Friday, 29 July 2016 03:41 AM

වටිනා ජීවිත තුනක් අහිමිවිය. කම්හල වැසී ගියේය. කම්හල නිසා ජලය අපවිත්‍ර වූ බවට පැහැදිලි වාර්තාවක් නොමැත. ජනතාවට නැතිවූ දෙයක් මිස ලැබුනු දෙයක් හෝ දිනාගත් දෙයක් නොමැත. දේශපාලකයෝ නම් තවමත් එම මරණ මාකට් කරමින් සිටිති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1024 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site