ගම්පහ රතුපස්වල දී පිරිසුදු පානීය ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේ දී යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් තුවාල ලැබු ප‍්‍රදේශවාසීන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (8) ජනාධිපති ලේකම් කාර්යාලයයේදී පැවැත්විණි.
පානීය ජලය ඉල්ලූ ප‍්‍රදේශවසීන්ට යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් හා පහරදීමෙන් තුවාල ලැබූ 33 දෙනකුට වන්දි අනුමත විය. ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 24 දෙනකුටත් මහර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 9 දෙනකුටත් රුපියල් ලක්ෂ 46කට ආසන්න මුදලක් වන්දි මුදල් ලෙස ප‍්‍රදානය කැරිණි.
ජනාධිපති රතුපස්වල වැසියෝ සමඟ සුහද සාකච්ජාවක නිරත විය. ඔවුන්ගේ ගැටලූ පිළිබඳව ද විමසා සිටියේය.
එහිදි ප‍්‍රාදේශවාසීන්ට පැටලැවූ බොරු නඩු ඉවත් කරන්නැයි ප‍්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම කටයුතුවල වගකීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පවරා ඇති බව ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ජනාධිපතිවරයාට දැන්වීය.
තුවාල ලැබූවන්ගෙන් අයදුම් පත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කැඳවා ඔවුන්ගේ තොරතුරු පරීක්ෂා කළ වන්දි මුදල් ගණන තීරණය කළ බව ද ජනාධිපති ලේකම් කාර්යාලයය ඉකුත් දා සඳහන් කළේය.
පූර්ණ ආබාධිත ගම්වැසියකුට රුපියල් හත් ලක්ෂයක වන්දි මුදලක් අනුමත වී ඇතැයි ද ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
රතුපස්වලට සහන සලසා දෙන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා ලංකා ගුරු සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් කළ ලිඛිත ඉල්ලීමක් අනුව පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනි දා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවට සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
නගර සැලැසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප‍්‍රිය, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම මහත්වරු සහභාගී වුහ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රතුපස්වලට ලක්ෂ 46 ක් වන්දි
ඉන්දු Saturday, 09 April 2016 12:31 AM
88-89 කාලයේ මියගිය අයගේ පවුල් වලට වන්දි ලැබෙන්නේ කවදාද..? (නි)
ගාල්ලගේ Friday, 08 April 2016 12:09 PM
අගය කළ යුත්තකි. (බ)