IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘රතුපස්වලට සාධාරණය ඉටු කරනු‘

ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට යුද හමුදාව එවා වෙඩි තබා තිදෙනකු මරා දැමීම හා විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරයි.

එම සිද්ධියට අදට (01) වසර දෙකක් සම්පූර්ණ වෙයි. උද්ඝෝෂකයන්ට පහර දීමෙන් හා  වෙඩි තැබීමෙන් යුද හමුදාව බලය අයුතු ලෙස භාවිත කර ඇතැයි අනාවරණය වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා තිබිණි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියනුයේ සිද්ධියෙන් තුවාල ලැබූ කිසිවකුට මෙතක් වන්දි ලබා දී නැති බවයි. සිද්ධියේදී පීඩනයට පත් වූ මාධ්‍යවේදීන්ට ද මෙතෙක් සාධාරණයක් ඉටුවී නැති බව ද එම සංගමය සදහන් කරයි.

රතුපස්වලට යුද හමුදාව ගෙන්වූ හා වෙඩි තැබීමට අණ කළ පිරිසට එරෙහිව හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද, අගතියට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස ද රජයෙන් ඉල්ලන තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හැකි ඉක්මනින් එවැන්නක් සිදු නොවුනහොත් එම ජනතාව සමග දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පවසයි.



අදහස් (0)

‘රතුපස්වලට සාධාරණය ඉටු කරනු‘

තිලක්-ඩුබායි Sunday, 02 August 2015 03:15 AM

අසරණ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දුන්නු අයට ජන්දයෙන් පිළිතුරු දෙන්න.(ම)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 02 August 2015 03:16 AM

රාජපක්ෂලාට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවානම් අසරණ මිනිසුන් ඉදිරියට ඇවිත් ජන්දේ ඉල්ලන්නේ නැහැ.(ම)

:       0       0

විජිත Saturday, 01 August 2015 03:24 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ජුලම්පිටියේ Saturday, 01 August 2015 05:48 AM

හිටපු ජනාදිපතිතුමා රතුපස්වලට ඇවිත් ජනතාවගෙන් සමාව ගත යුතු අතර, නව රජය මගින් වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු අතරම තුවාල වුවන්ට වන්දි ලබා දිය යුතුයි. ජනතාව විසින් එම වැරදි කල නායකයින්ගේ පක්ෂයට ඡන්දය නොදී පරාජය කිරීමෙන් දඬුවම් දිය හැකියි.(නදී)

:       0       0

දුමින්ද Saturday, 01 August 2015 05:57 AM

ප්‍රබකරන් විනාශ කරන්න ගිය අයත් ඔතන ඇති (නදී)

:       0       0

දුමින්ද Saturday, 01 August 2015 05:58 AM

මොලේ පාවිච්චි කලා නම් රටේ ජනතාවට පුළුවන් සාදාරණය ඉටුකරන්න. හමුදාව යොමු කරපු අයට, එම නිලාදාරියට පසුව වරප්‍රසාද දීපු කෙනා, එම ආයතනයේ මුදල් යොදවන ලද කෙනා, ආණ්ඩු පක්ෂේ ඉඳගෙන අැහැ කන් පියන් හිටපු මීම්මුන්ට, ඔක්කොම නොදැක්ක වගේ ඉදල සල්ලි ටිකක් දීල වැඩේ යට ගහපු මහා හොරාට, සිංහල ජාතිය ගැන බොරුවට වේදිකාවේ උඩුබුරලන හැඩයන්ට මේ එන මැතිවරණයේදී කෘත ගුණ සලකත හැකියි. එ්ත් ඉතින් (නදී)

:       0       0

සෑම් Saturday, 01 August 2015 06:02 AM

මේකේ වරද මෙතනට හමුදාව යැවූ තැනැත්තාගෙයි. පොලිසියෙන් ඉල්ලීමක් කරන්නෙත් නැතුව හමුදාවෙන් යවලා වෙඩි තියන්න අණ දුන්න එක්කෙනා කව්ද කියලා සාමාන්‍ය මහජනතාවට නම් රහසක් නොවේ (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 05:29 PM

ඡන්ද කිට්ටු වෙනකොට පුදුම සංගම් තොගයක්නේ බිහිවෙන්නේ. (නි)

:       0       0

දීෂණ Saturday, 01 August 2015 07:02 AM

කවුද මේ ? වතුර ප්‍රශ්නෙත් විසදුවා නම් ?(නදී)

:       0       0

දහම් Saturday, 01 August 2015 07:02 AM

කවුද අප්පා මේ තරුණ මාධ්‍යෙව්දීන්. දැනගන්න ආසයි. (නදී)

:       0       0

රංජිත් Saturday, 01 August 2015 07:03 AM

මේ ගොල්ලන්ට කොම්පැනියෙන් ගානක් ඕන වෙලා වගේ (නදී)

:       0       0

ෂෙල්ටන් Saturday, 01 August 2015 07:24 AM

දැන් වතුර වල පී.එච් අගය හරිද. අගේට දුවපු කම්හල වහගත්ත මිනිසුනේ දැන් ඒවාට උඩගෙඩි දුන්න එජාප ආණ්ඩුවෙන් මොනවද ලැබුනේ කියල හිතපල්ලා. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 02 August 2015 01:32 AM

දැන් දැන් සිද්ධවෙන දේවල් වල අනාගත ප්‍රතිඵල කොහොම වෙයිද කියලා කියන්න දෙයියෝ තමයි දන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1571 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2040 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2530 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5743 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1806 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6412 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18324 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site