IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රතුපස්වලට සාධාරණය ඉල්ලති

පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ බැලුම්මහර සහ වැලිවේරියේ උද්ඝෝෂණය කළ ගැමියන්ට ශ්‍රී  ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා තිදෙනකු ඝාතනය කර පනහකට  ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇති පරිදි  මිය ගිය අයට සහ තුවාල ලැබුවන්ට වන්දි ලබා  දීම අැතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින්   මත භේදයට තුඩුදුන් කර්මාන්ත ශාලා පරිශ්‍රය ඉදිරිපිටදී  රතුපස්වල ගැමියෝ  අද   මහජන පෙත්සමක් අත්සන් කිරීම ඇරැඹූහ..

රතුපස්වල ජල සටනේදී තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන ලෙසත්, සහන මිලට ජල සම්බන්ධතා ලබා දෙන ලෙසත්, නඩු පැටැලවූ ගම්වාසීන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, වැරදිකරුවන්ට දඩුවම් දෙන ලෙසත්  ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල ගම්වාසීන් සංවිධානය කළ රැස්වීමකින් පසු එලෙස මහජන පෙත්සම අත්සන් කිරීම ඇරැඹූහ.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රජයට එය බාරදීම ගම්වාසීන්ගේ අරමුණය.

රතුපස්වල නිරායුධ ගැමියන්ට  වෙඩි තබා    පසුගිය අගෝස්තු පළමුවැනි දා ට වසර දෙකක් සැපිරිණි. යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන්  පනහකට ආසන්න පිරිසක් තුවාල ලදහ. ඒ අතර පාසල් සිසුහු ද, මාධ්‍යවේදීහුද,  කාන්තාවෝ ද වෙති.

යුධ හමුදාව තැබු වෙඩි ප්‍රහාරවලින් පුර්ණ ආබාධිත තත්වයට පත්වුවෝද අද  එහි ආහ.  ඔවුහු පැවසුවේදි වෙඩි තැබීමෙන් තමන් බරපතල තුවාල ලබා පුර්ණ ආබාදිත තත්වයට පත්ව ඇති බැවින් කිසිදු රැකියාවක් කර ගැනීමට නොහාකිව තම දරු පවුල් අසරණව ඇති බවයි.

සිද්ධියට වසර දෙකක් ගත වුවද මෙතෙක් වරදකරුවන්ට දඬුවම් ලබා දී හෝ අගතියට පත් පාර්ශ්වයන්ට සහන ලබා දී හෝ නැති බවද ඔවුහු කීහ.

මේ සම්බන්ධයෙන්  ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් පවත්වා හිටපු ජනපතිට, හිටපු ආරක්ෂක ලේකම්ට සහ අදාළ නිලධාරීන්ට විමර්ශන වාර්තාව නිර්දේශ සහිතව භාර දී තිබුණ ද එකල බලධාරීන් ඒ කිසිවක් ක්‍රියාත්මත කර නැති බවද ඔවුහු කීහ.

ජනවාරි අට වැනි දා පැවැති ජනාධිපතිවරණයට පෙර රතුපස්වල අගතියට පත් පිරිසක් තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක ඡන්දය මෙහෙයුම් කාර්යාලයයට පැමිණ වත්මන් ජනතපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව මාධ්‍ය සාකච්ඡාවක්  කැඳවමින් කී අවස්ථාවේ ජනපතිද  රතුපස්වල විහාරස්ථානයකට ගොස් ජනාධිපති ධුරයට තේරී පත්වී තුන් මාසයක් යන්නට මත්තෙන් සාධාරණයක් ඉටු කරන බවට පොරොන්දු වු බවද කී ගැමියෝ  කීහ.

ඔවුන් ඉල්ලා සිටින්නේ  ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇති පරිදි යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන ලෙසත්,     මාධ්‍යවේදීන්ට  පහර දීම හා ආම්පන්න විනාශ කිරීම ගැන වෙනම පරීක්ෂණයක් සිදු කරන ලෙස ද,      කොටසකට පමණක් ලබා දී  නවතා ඇති සහන මිලට නල ජල සම්බන්ධතා ලබා දීම නැවත අරඹන ලෙස ද, විරෝධතාවන්ට සහභාගී වූ ගම්වාසීන්ට එරෙහිව ගම්පහ මහේසත්‍රානත් අධිකරණයේ දමා ඇති නඩු නීතිපති ලවා ඉල්ලා අස්කර ගන්නා ලෙසයිි.
එසේම  වෙඩි තැබූවන්ට, ඊට අන දුන් හා අනුබල දුන් පිරිසට සහ ජලය අපවිත්‍ර  කිරීමට වග කිව යුතු පාර්ශ්වයට එරෙහිව නීතිය  ක්‍රියාත්මක කරන ලෙසද ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ, ප්‍රවීන ලේඛක  ගාමිණී වියන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්,  ප්‍රවීන නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල, රංගන ශිල්පී දිලිප් රෝහණ, රාවය කර්තෘ කේ.ඩබ්ලිව් ජනරංජන, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ  මහත්වරු ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් හා පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් ද ඊට එක්වූහ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ශාලික විමලසේන, එහි සාමාජික කසුන් පුස්සවෙල ඇතුළු පිරිසක් ද කතා කළහ.

‘යං ප්ලේයර්ස්‘ වීදි නාට්‍ය කණ්ඩායම විශේෂාංග දෙකක් ඉදිරිපත් කළේය.

රතුපස්වල ගැමියකු වන සුරේෂ් පෙරේරා මහතා වැඩසටහන මෙහෙයැවීය.

13

(යුධ හමුදාව වෙඩි තැබීමෙන් උකුල් ඇටය ඉවත් කිරීම නිසා පුර්ණ ආබාධත තත්වයට පත් වු මෙලන් පෙරේරා) 14-(2)

(වෙඩි තැබීමෙන් කොඳු ඇට පෙල තුළට උන්ඩයක් ඇතුළු වී ඇති සමිත් චාමික)

15

(වැලිවේරිය දේවස්ථානය තුළදී වෙඩි ප්‍රහාරයකට ලක් වු සුනිල් ජෝසප්)

16

(වෙඩි තැබීමෙන් කුකුළේ විලුඹ ඉවත්ව ඇති මුදලිගේ නිශාන්ත)

17

1 2 3 4 5 6 7 8 9 11 12 13] 14

 



අදහස් (0)

රතුපස්වලට සාධාරණය ඉල්ලති

පිවිතුරු යහපාල Monday, 10 August 2015 04:22 AM

මේ සියලු සිදුවීම් වලදී ආරක්ෂක අංශ හැසිරුනේ ඔවුන්ගේ වගකීම වන සාමකාමී ජනජීවිතය පවත්වාගෙන යාමට සීමිත පිරිසකගේ වියුරුවෙන් බහුතර ජනතාව පිඩාවට පත් වීම වලක්වා ගන්න..ගහන්න ඕන තැන ගහන්න ඕන ..වෙඩි තියන්න ඕන තැන වෙඩි තියන්න ඕන..(බ)

:       0       0

අචිනි Monday, 10 August 2015 06:09 AM

අහවලාට සහ ඔහුගේ සහෝදරයාට ජයවේවා.... නිතිය රජවේවා! වරද කරුවන්ට දඩුවම් ලැබේවා (නදී)

:       0       0

සුරේෂ් Sunday, 09 August 2015 04:26 PM

මහජනතාවට ජය වේවා! (නි)

:       0       0

කමල් Sunday, 09 August 2015 06:36 PM

නිරායුධ මිනිසුන්ට වෙඩි තැබීම ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකළ යුතුමය (නි)

:       0       0

නිශාන්ත Sunday, 09 August 2015 08:32 PM

කරුණාකර ඔවුන්ට සාධාරණය ඉටුකරන්න (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 09 August 2015 08:32 PM

මේ අයට මෙතෙක් වන්දි නොදීම පුදුමයක් (නි)

:       0       0

ජේ. මහින්ද Monday, 10 August 2015 12:42 AM

ලබන 18 වෙනිදායින් පස්සේ නව රජය මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරලා වැරදිකාරයන්ට නිසි දඬුවම් ලබාදෙයි (නි)

:       0       0

තේජක Monday, 10 August 2015 01:59 AM

බොහෝ නිදහස් පාක්ෂිකයින් අද හිතන්නේ රනිල් මෛත්‍රී ජනපති අගමැති සුසංයෝගය ගැළපෙන බවයි. තදම නිදහස් පාක්ෂිකයෝ නිවසේ රැ‍ඳේවි. පාවෙන නිදස පාක්ෂික ඡන්ද එජාපයට වැටේවි. එජාපයට සුළුතර බහුතරයක් ඇවිල්ලා දෙමළ සන්ධානය බලවත් කරන්න බොහෝ සිංහලයින්ට උවමනාවකුත් නැහැ. ඒ හින්දා හැමෝම රනිල්ට දෙයි මේ පාර. (නි)

:       0       0

ගාමිණී Monday, 10 August 2015 02:44 AM

මේ පෙත්සමට අත්සන් කිරීමට ජනතාවට ඉඩලැබෙන පරිදි ගම්පහා දිස්ත්‍රික්කයේ හැම ප්‍රධාදාන නගරයකටම ගෙන එනමෙන් සංවිධායකතුමන්ලාගෙන් ඉල්ලා සිටිමු. (නි)

:       0       0

අයේෂා Monday, 10 August 2015 08:45 AM

මේ අහිංසකයින්ට තවමත් සාධාරණයක් ඉටුව නැති හැටි? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 10 August 2015 04:15 AM

නීතියට එරෙහිව නීතියක් අපිට ඕනේ නැත.අසාධාරණයක් වූ කළ සාධාරණයක් බලාපොරොත්තුවෙන් රටේ නිතිය ක්‍රියා කළ යුතුය. (ම)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 10 August 2015 04:20 AM

රාජපක්ෂවරු හිතිවේ ජනතාව බිය ගන්වල රට පාලනය කරන්න.ඒක නිසයි ග්‍රීස් යක්කු,සුදු වැන්,මිනි කන මෝරු,වාහන අනතුරු,වාහන ගිනි ගැනීම්, මුහුදු පතුල, ළිං වතුර,මුහුදු වතුර පෙන්වල ජනතාවට දැඩි දඩුවම් දුන්නේ.ජනතාව බියට පත් කළේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 370 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 123 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 217 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 107 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site