(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසට කඩා වැදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයකු පිස්තෝලයක් ,මත්කුඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන පැට්ටා නමැත්තා ගේ ගෝලයකු බව පොලිසිය කියයි.
ගිනි අවියට අමතරව මෝටර් රථයක් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 503 ක්,වාහන හයක ඉදිරිපස හා පිටුපස අංක තහඩු හයක්. මත්කුඩු එතීමට යොදා ගන්නා රැපින් පේපර් විශාල ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසළ නිවසකට ඉකුත් 27 වැනි දින කඩා වැදී නිවසේ හිමිකරු වන චරිත් උමයංගා සිල්වා නමැති දෙදරු පියා ඝාතනය කිරීමට උපදෙස් ලබාදී ඇත්තේ ඩුබායි රටේ සැඟව සිටින පැට්ටා බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මාතලේ හෙට්ටිපොල එවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට, මුහුණ ගැටීමෙන් එම බස් රථය ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්මලානේ වෙඩි තැබීමට අයෙක් මාට්ටු