රුපියල් දොලොස් ලක්ෂ අසූපන්දහසක් වටිනා රන් බිස්කට් 03 ක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගනු ලැබූ රන් බිස්කට් තුනෙහි බර ග‍්‍රෑම් දෙසිය පනස් හතකි.
සැකකරු විසිහත් හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක් බව රේගුව කියයි. ඔහු නිතර නිතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යාම් කරන බව මෙතෙක් කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත.
සැකකරු ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව් 253 දරණ ගුවන්යානයෙක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී සහකාර රේගු අධිකාරී ජී.කේ.එන් පෙරේරා මහතාට සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත පරීක්ෂා කරද්දී මෙම් රන් බිස්කට් සොයාගෙන ඇත.
මේ පිලිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතා විසින් සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කළ අතර එම රන්බිස්කට් තුන රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, ජී.කේ.එන් පෙරේරා, ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා, එච්.ඒ.ඞී.ඞී දේවනාත්, ඞී.එම්.පී ප‍්‍රනාන්දු, ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රන් බිස්කට් චෙන්නායි නොයයි
දර්ශන Monday, 09 September 2013 06:28 PM
පොඩ්ඩක් දුරදිග කල්පනා කළා නම් වැඩේ කරගන්නත් තිබුණා (නි)
උපාලි Monday, 09 September 2013 01:34 PM
අර අනික් ප්‍රවෘත්තියේ කියවෙන 'වැඩි වූ සමලිංගිකයන්' ද දන්නේ නැහැ මේ වැඩේ මේ තරම් ප්‍රචලිතව කරන්නේ. මේ ගොල්ලො ගුදම් නවීකරණය කරලා හදාගෙන ඇති ආරක්‍ෂිත වළලු එහෙම දාලා. (ස)
සේරම් පැරිස් Monday, 09 September 2013 02:26 PM
විශේෂයෙන්ම ඉන්දියන් කාරයෙකුගේ ගුද මාර්ගය කොළඹ මහජන වැසිකිලියක් වගේමයි . ළංවෙන්නට බැරි බලන්ට බේරි මීටර 300 ක් පමණ දුර සිට ගඳ ගහන එකකි . අපගේ දක්ෂ රෙගු නිලධාරීන් කොහොම මෙය ගන්නවද කියන එකයි පුදුමය. (ස)
ටිරල් Monday, 09 September 2013 09:33 AM
මම හිතන්නේ මුන් ලංකාවට ණයයි . (ස)
බණ්ඩාර Monday, 09 September 2013 10:39 AM
මේවා හොදලාද පරික්ෂණ පවත්ත්වන්නේ (දී)