IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රන්දෝලි පෙරහරට ඩ්‍රෝන යැවූ කැමරා ශිල්පියා අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)
 
අවසාන රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කරන අවස්ථාවේදී අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගතකළ මෙරට ප්‍රකට මංගල ඡායාරූප ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී දළදා මාළිගාවට ඉහළ අහසේ එම ඩ්‍රෝන කැමරාව ගුවන් ගත කරමින් පෙරහර ඡායාරූපගත කිරීමට අදාල පුද්ගලයා උත්සාහ කොට ඇති අතර ගුවන් හමුදා නිලධාරීන් එම ඩ්‍රෝන කැමරාව නිරීක්ෂණය කිරීමෙන් පසු ඩ්‍රෝන ජෑමරය යොදා එය අක්‍රිය කොට බිම හෙලීමට කටයුතු කොට තිබුණි.

ගුවන් හමුදාව විසින් සිදු කළ වැඩිදුරු විමර්ශනයේදී එම ඩ්‍රෝන කැමරාව ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේම හෝටලයක සිට ගුවන් ගත කොට ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 .
මහනුවර ශ්‍රී දළදා මාලිගාව අධි ආරක්ෂක කලාපයට අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා යොමු කිරීම තහනම් වන අතර තුන්වෙනි රන්දෝලික පෙරහර ගමන් කරන අවස්ථාවේදී ද ද්‍ඩ්‍රෝ කැමරාවක් ගුවන් ගත කල පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි .



අදහස් (4)

රන්දෝලි පෙරහරට ඩ්‍රෝන යැවූ කැමරා ශිල්පියා අත්අඩංගුවට

රට වැසිය Tuesday, 20 August 2024 11:20 PM

මොකක්ද මේකේ ඇති වැරද්ද? මේ වගේ යල්පැන ගිය අදහස්, පුහු-නිති අත්හරින්න, ඩ්‍රෝන යානයකින් පෙරහැරට හානියක් වෙන්නේ කොහොමද? ඒක නිති විරෝධි වෙන්නේ ඇයි? කවුද මේ රටේ මේ තීරණ ගන්නේ? අපේ රටේ ලිං මැඩි ආකල්ප ගැන බොහෝම කණග‍ාටුයි

:       0       5

Siri Tuesday, 20 August 2024 11:41 PM

මට ඇහුනා එක සුප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් ධර්ම දේශනාවක් අතර තුර ඔය ඩ්‍රෝන කැමරාව කියන එකට " කැමරා බඹරා" කියල ලස්සන ගැලපෙන සිංහල නමක් කියනවා.

:       0       3

ලුම්බිණි Wednesday, 21 August 2024 09:29 AM

ජාතික උත්සවයක්. හැබැයි කැමරා කරන්න තහනම්...

:       9       4

පියදාස Wednesday, 21 August 2024 02:36 PM

දළදා මාළිගාවට ඉහළින් ගුවන් යානා පියාසර කරන්නෙත් නැහැ. දන්නේ නැත්නම් දැන්වත් දැනගන්න...

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 3 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 258 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 23 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 652 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 660 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14051 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19788 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site