ජනතා පරමාධිපත්‍ය යළි තහවුරු කිරීමට නම් කල යුත්තේ කිසිදු වරමකින් තොරව අහෝසි කළ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේදී පැවසීය.
රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සඳහා වන සංශෝධනයේ අරමුණ බවත්, දේශපාලනඥයන්ට නොව නීතියට පමණක් යටත් ස්වාධීන පොලිස් සහ රාජ්‍ය සේවයක් ඇති කරන්නේ නම් මේ සියලු ප්‍රශ්න නිමා වන බවත් කී වික්‍රමසිංහ මහතා මධ්‍යම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට හෝ පළාත් සභාවේ මහ ඇමැතිට පොලිසියත් රාජ්‍ය සේවයත් යටත් කිරීමට ඉඩ නොතැබිය යුතු යැයි ද අවධාරණය කළේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෝට්ටේ බලමණ්ඩල රැස්වීමේදී වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
. ජනාධිපති තුමා බලයට අවේ නැත්නම් හිතා ගන්ඩත් බැහැ රටට මොන වෙයිද කියල ..(අ)
මොකකටවත් පණ ඉල්ලන්න කලින් රනිල් මහත්තයෝ, පක්ෂෙට පණ ටිකක් ලැබෙන්න කියලා ඉල්ලුවා නම් හරි නේද? (දී)
මේ වගේ දේවල් වලට පණ දෙන්න යන එකේ, ඒ පණ ටික දීලා තමන්ගේ පක්ෂේ හදා ගත්තා නම් හොදයි නේද? (දී)
17ට පණ දෙන්න කලින් සිරිකොතට හොද අත්තිවාරමක් දාගන්න රනිල් මහත්තයෝ... (දී)
17 ට කෙසේ වෙතත් ඔබ තුමාට නම් පන දෙන්න වේවි ඕන්න (අ)
සේරටම කලින් පක්ෂේ හදා ගන්නකො අනේ. (දී)
මේ අය 17 සන්ශෝදනය ගැන කතාකරනවා. ජේ ආර් උඩුගම්පොලට හා අයි පී සර්වානන්දට උසස්වීම් දීපු හැටි මතක නැතිවද?(නදී)
රනිල් මහත්තය රට ගැන හිතපු නිසා තමයි තාම විපක්ෂේ ඉන්නේ. බලයේ හිටි වසර දෙකට එකම රැකියාවක්වත් නොදුන්නේ, ඒ වෙනකොට රටේ ආර්ථිකය ඍන මට්ටමක තිබුන නිසයි. දැන් කට්ටිය පිනුම් ගහන්නේ රනිල් මහත්තයා හදල දුන්න පිට්ටනියේ. දෑත් ශක්තිමත් කරන්න ගිය 17 දෙනා තමාගේ හදවතින්ම අහගත්තා නම් උත්තරේ හම්බ වෙයි. 17 වෙනි සංශෝදනය කියන්නේ මොකක්ද, රනිල් කියන්නේ කව්ද නොදෙන අදහස් දාන අය ගැන මොනවා කියන්නද? (දී)
17 කොම උනත් 24 වෙනි වරටත් අපි ගොඩ කියල මැතිවරණයක් ඉවරවේවි. විරුද්ධ පක්සේ නායක කමත් ඒ කටිටයට දුන්නම රට ඉවරයි.(නදී)
මහත්තයෝ ඕක අහෝසි වෙනකම් බලාගෙන හිටියේ නැතුව ඒ කාලෙම ඔය ටික කියාගන්න බැරි වුනේ ඇයි ? දැන් ඉතින් අස්සයෝ ඔක්කොම පැනලා. ඔබතුමාට තමයි ඇතුලට ගිහින් ඉස්තාලේ වහගන්න වෙන්නේ. ආයේ ඕකට පන දෙන්න නම් ලේසි වෙන එකක් නැහැ. ඒත් පන දෙන්න පුළුවන් නම් මම කැමතියි. (නි)
රනිල් මහත්තයා යු එන් පියට පණ ඉල්ලුවා නම් ඔයිට වඩා හොඳයි නේද ? (නි)
17 වෙනි ව්‍යවස්ථාව මොකක්ද කියලා හරිහැටි නොදැන අදහස් සමහරු ලියනවා. රනිල්ටද, චන්ද්‍රිකාටද, ජනාධිපතිතුමාටද මේවා ඕනෑ කියලා හිතනවට වඩා මේක රටට මොන තරම් වැදගත්ද කියලයි අපි බලන්න ඕනෑ. පක්ෂ පැත්තෙන් නොබැලුවොත් සර්ව සාධාරණ රටකට මේක අත්‍යවශ්‍යමයි (නි)
නොදන්නා අයටයි කියන්නේ. රනිල් මහත්මය අගමැති වෙලා ඉන්න කාලේ 17 වන සංශෝධනය හරියට ක්‍රියාත්මක වුනා. තිබුනේ දේශපාලන අධිකාරියෙන් ස්වාධින වූ පොලිස් කොමිසමක්. 17 ජනතාවාදී ස්වාධින කොමිසම් අහෝසි කරපු එක ආපස්සට හරවන්නයි රනිල් මහත්මයා දැන් උත්සාහ කරන්නේ. (නි)
එක්කෙනෙක් යුද්දේ ඉවර වෙලා රට හදන්ඩ හදනවා. මෙයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තා හදන්ඩ හදනවා. අරය ජනතාවට දුන් පොරොන්දු රකින්ඩ හදනවා. මෙයා ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු රකින්ඩ හදනවා. මෙව්වා තමා මල සමයන්.(නදී)
මේ ඔක්කොම 13 සහ 17 එක්සත් ජනතා පක්ෂයෙන් කරපු වැඩ. ජේ අර ජයවර්දන මහතා කරපු දේවල් වලින් අද කරදර වන්නේ අහිංසක ජනතාවයි. ඒ කාලයේ කිසි කෙනෙක් මේවට විරුද්ධව කතා කලේ නැහැ , ඔහුට තිබෙන බයට. රනිල් මහතාත් මොනවා හෝ වලිගයක් අල්ලන් කෑගසනවා. බලයට ආවම මේ ඔක්කොම එකම දේ කරන්නේ. මොවුන්ට ඡන්දය දෙන මෝඩ අපිම තමා තැලෙන්නේ.(නදී)
ඔය ඔක්කොම මේ රට පාලනය කරපු අය. එයාලගේ කාලෙත් පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන පාලනය කරේ දේශපාලඥයන් තමා. මොනවා උනත් පරක්කුවෙලා හරි රටගැන හිතලා කරන්න පුලුවන්නම් සුබපතනවා.(නදී)
මෙයාලගේ ආණ්ඩුවක් ආවොත් මෙන්න කියල කරය් ..අනේ අපි නොදන්නා ලව් ..චන්ද්‍රික නෝනා ඕක කලේ බෙල්ල මුලට හිර වුනු නිසා මිසක් කැමෙත්තෙන් නොවෙයි ..ඕව ඔක්කොම මතක් වෙන්නේ බලය නෙති උනාම..(අ)