ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශන මාලාවකට සහභාගී වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
වික්‍රමසිංහ මහතා මාසයක් පමණ දේශන හා අධ්‍යයන චාරිකාවක නිරත විය.
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශන මාලාවකට සහභාගී වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
වික්‍රමසිංහ මහතා මාසයක් පමණ දේශන හා අධ්‍යයන චාරිකාවක නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට අලුත් අවුරුද්දට, වෙසක් එකටවත් ලංකාවේ ඉන්න තිබුණා (නි)
රටට ඔබ නැති අඩුව තදින් දැනුනා. (නි)
මම සන්ධාන සාමාජිකයෙක්. නමුත් මට කියන්න්න තියෙන්නේ, මෙතුමා තමයි එ.ජ.ප.යේ ඉන්න ප්‍රභලම, දක්ෂම කෙනා කියලා මෙතුමාට අභියෝග කළ හැකි කෙනෙකු එ.ජා.ප. යේ නැත. (නි)
අපරාදේ නේද වියදම්? මොකද දේශනයේ විස්තර අපි මාධ්‍ය වලින් දැක්කා (නි)
මේ අදද මෙතුමා එන්නේ? (නි)
රටේ කරුමෙට මෙතුමාගේ උගත් බුද්දිමත් කමට තැනක් නැහැ.(නදී)
අනේ අපේ සමහරුන්ගේ අදහස් දැක්කම දුකත් හිතෙනවා. රනිල්ගේ මොලෙන් මේ රටේ මිනිස්සු වැඩක් ගන්න දන්නේ නෑ මොකද අපේ මිනිස්සු කොච්චර බුද්ධිමත්ද කියනවා නම් ඒ අය කැමති කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ ගෑනු දූෂකයන්ට මිසක් හොඳ උගත් රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු නෙමේ. රනිල්ගේ මොළේ අපේ මිනිස්සුන්ට වැඩක් නැත්තේ එ්කයි. එහේ ගියේ දේශනයකට ආරාධනා කරපු නිසා මිසක් බලෙන් නෙමේ. කුහක වෙන්න එපා. ඔය මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශනයකට අපේ ලංකාවේ මනුස්සයෙකුට ආරාධනා කරපු එකට ආඩම්බර වෙන්න. (නදී)
එහේ ගියේ දේශනයකට ආරාධනා කරපු නිසා මිසක් බලෙන් නෙමේ. කුහක වෙන්න එපා. ඔය මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශනයකට අපේ ලංකාවේ මනුස්සයෙකුට ආරාධනා කරපු එකට ආඩම්බර වෙන්න. (නදී)
කිසිම දෙයක් ගැන නොසැලී තම මතයේම සිටින නායකයෙක්. සියලුම පීඩනයන් කාලයට ඉඩදී හෝ හොඳින් පාලනය කළහැකි හොඳ මහත්මයෙක්. ඔහුගේ ඉවසීමේ ගුණාංගය නම් ඉතාම ඉහලයි. (නදී)
මමත් එක්සත් ජාතික පක්ෂයේ නොවෙයි.මෙතුමා කොටියට කෙළින් කොටියා කිවුවා නම් මෙතුමා අද ඉන්නේ ඔතන නෙමෙයි.රටේ නායකයා වීමට ඔබ නියම සුදුස්සෙක්. තවද ඔබට අවස්ථාව ඇත. එහෙම වුණෙතේ අපත් ඔබ සමඟයි (නි)
දේශනයෙදී ඔබතුමා සාර්ථක වුණා නේද? (නි)
එහේ දේශනයකට ආරාධනා කිරීමට එතුමාට ඇති සුදුසුකම මොකක්ද කියලා මම දැනගන්න කැමතියි (නි)
"රනිල්ගේ මොළෙන් මේ රටේ මිනිස්සු වැඩක් ගන්න දන්නේ නැහැ" ඕකත් එක මොළේ නැති කතාවක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
අපි මාධ්‍ය වලින් දුටුවා ඔහුගේ දේශනයට සවන්දීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වුණා කියලා.ඒ වගේම සැන්ෆ්‍රැන්සිස්කෝ ,ලොස් ඇන්ජලීස් වගේ දුරබැහැර සිට පැමිණි තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එම අවස්ථාව අහිමි වුණා කියලා. (නි)
සහන් ඔබ හරි ,මෙතුමාගේ දේශන නිසා මුළු ඇමෙරිකාවේම ජන ජීවිතය අඩාල උනා කීවොත් නිවැරදියි. ඒ තරමටම මෙතුමාට සවන් දීමට මුළු ඇමරිකාවම දැක්වූයේ විශාල උනන්දුවක්. (ස)
අනේ මන්දා! මේ ප්‍රතිචාර නම් මට තේරෙන්නේ නැහැ.සමහරවිට මගේ වයසත් එක්ක නොවැටහීම වෙන්න ඇති (නි)
මමත් ඡන්දෙ දුන්නේ දැන් ඉන්න ජනාදිපතිට. නමුත් ඊලග සැරේ දෙන්නේ මේ වගේ බුද්දිමත් මහත්ම ගතිගුණ තියෙන සෝබන නැති ඔබ තුමාට.(නදී)
සිරියලතා තේරෙන්නේ නැති තරමට හොඳයි.(නදී)
ආන්ඩු පෙරලන ක්‍රමය හෙට අනිද්දම එළි පෙහෙළි වෙයිද? (නදී)
ආණ්ඩු පෙරලන ක්‍රමය එලියට දාන්න කලින් මේ වෙසක් සමයේ සිල් අරගෙන සිත සන්සුන් කරගත්තොත් වඩා හොඳයි. (ස)
දේශනය අවසන් කරලද එතුමා ආවේ? (නි)
මම නම් මධ්‍යස්ත මත දරන්නේ. උගතාගේ ලක්ෂණය තමා අනෙක් අයගේ උගත්කම ගැන ප්‍රශ්න නොකිරීම. මේ සරසවිය ලෝකයේ ඉහල පෙලේ උගතුන් සහ බුද්ධිමතුන් බිහි කල සරසවියක්. ඔබේ හිතේ ඉන්න නායකයා ට මෙතනට ආරධනා ලැබුනොත් ඔහොම ප්‍රශ්න කරන්නේ නැහැනේ. මෙතනට දේශනා පවත්තන්න විපක්ෂනායක ලාට බැහැ කියලා නීතියක්. නැහැ. වැදගත් වන්නේ ආරාධනයක් ලැබුනා නම් වැදගත් විදියට එය පිළිගෙන සහභාගී වීම. අන්න එකයි උගත්කම සහ සුදුසුකම. (ස)
හැබෑටම? රට ගිහිල්ලා හිටියද? අපිට නම් දැනුනෙවත් නැහැ. (නි)
නැවතත් කවදාද යන්නේ? (නි)
දේශකයනුත් එක්ක ඔක්කොම සිටියේ 5 දෙනෙකු පමණයි , කියා පින්තුර සහිත වීඩියෝ පටයක් දැක්කා. කෙසේ නමුත් ඔබ තුමා අනික් 4 දෙනාට හෝ දේශනය පවත්වනවා දුටුවා . රනිල් මහතාට දිර්ඝායුෂ සහ සුවපත් දිවියක් පතමි , ලැබුවා වූ වෙසක් අසිරියත් සමග. (ස)
මුළු ඇමරිකාවම මේ සඳහා දැක්වූයේ විශාල උනන්දුවක් (නි)
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ අය පස්දුන් කෝරලය ගැනත් දැනගන්න ඇති. (ස)
"මුළු ඇමරිකාවම මේ සඳහා දැක්වූයේ විශාල උනන්දුවක්" පස්දුන් කෝරලය ගැනද? (ස)
"නැවතත් කවදාද යන්නේ"? මෙහේ බකට් එකක් පෙරලෙන්න කිට්ටු වෙන විට. (ස)
බමුණු ඔබ බන්දුල තුමා ගේ පෞද්ගලික ලේකම් ද ? පල කරන අදහස් බොහොම සමානයි . ඒකයි අහන්නේ. (ස)
බමුණුසිංහ, සුදුසුකම මොකක්ද කියල ආරාධනා කරපු තැනින් අහන්න. කොහොමත් විශ්ව විද්‍යාලයක දේශනයකට ඔයාල වගේ අයට නම් කතා කරන්නේ නැහැ. මිනිහෙකුගේ උගත් කමට ගරු කරන්න පුරුදු වෙන්න. (ස)
සඳරුවන්, මම ඔබගේ අදහස 100% ක් අනුමත කරනවා. රනිල් කියන නිහතමානී නායකතුමාට, වංචා චෝදනා නැහැ. දුෂණ චෝදනා නැහැ. පවුල් දේශපාලන චෝදනා නැහැ. ඒ වගේම එතුමා ජනතාවට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. බොරු සෝභන වැඩ කරන්නේ නැහැ.කරන්න පුළුවන් දේවල් බැරි දේවල් කෙලින්ම කියනවා. (ස) මිනිස්සු රවට්ටන්න කතා කරන්න දන්නේ නැහැ. බින්දුවට නොවෙයි ඉනුත් පහල තිබුන රටේ ආර්ථිකය අවුරුදු දෙකක් ඇතුලත ඉහල අගයකට ගත්තු එකම නායකයා ඔහුයි. ආර්ථිකය ඉහල නංවන්න කියල දැන් වගේ බදු බර ජනතාවට දුන්නේ නැහැ. රජයේ අනවශ්‍ය වියදම් කපා හැරිය විතරයි කලේ. අරව වික්ක මේවා වික්ක කියල කියන අයත් ඉන්නවා. දැන් විකුනන්නේ නැද්ද? ඉඩම් අක්කර ගණන් විකුනනවා.ඒත් ආර්ථිකය නංවන්න කියල බදු ගහනවා. මේ ගොල්ලන්ගෙයි, රනිල් මහත්මයගෙයි වෙනස මෙහෙම යනකොට රටේ ජනතාවට ඉක්මනින්ම තේරේවි.
"බමුණු ඔබ බන්දුල තුමා ගේ පෞද්ගලික ලේකම් ද ? පල කරන අදහස් බොහොම සමානයි . ඒකයි අහන්නේ." ඔබ වටහා ගන්නේ පෙනෙන අර්ථයද නැතහොත් සැඟවී තිබෙන අර්ථයද? (ස)
"මිනිහෙකුගේ උගත් කමට ගරු කරන්න පුරුදු වෙන්න." මෙහේ කරන කතා වලින් අපට ඒ බව තහවුරු වෙලා බොහොම කල්. (ස)
අසනීපෙකට බෙහෙත් ගන්න ගියාමත් පාක්ෂිකයෝ කියන්නේ අපේ තුමා ගියේ අහවල් ආයතනයේ දේශනයක් පවත් වන්න කියල. අපි ඕව නොදන්නවා නොවෙයි. අනික් මෙහේ කරන කියන කතා සහ කෙරුවාවල් හොදටම ඇති කවුරු කවුරුත් ගැන දැනගන්න. (ස)
"පිරුන කළේ දිය නොසැලේ " කියන්නේ ඒකනේ! (ස)
මේ අය කුමන දේශපාලන අදහස් දරුවත් බාල්දි පෙරලීම සෑම දේශපාලන පක්ෂයකටම පොදුයි කියලා දන්නේ නැහැ වගේ. සමහරවිට මේ සරසවියේ නමවත් අහලා නැතිව ඇති. (ස)
"ඉඩම් අක්කර ගණන් විකුනනවා.ඒත් ආර්ථිකය නංවන්න කියල බදු ගහනවා. මේ ගොල්ලන්ගෙයි, රනිල් මහත්මයගෙයි වෙනස මෙහෙම යනකොට රටේ ජනතාවට ඉක්මනින්ම තේරේවි" අපි ඕක 2007-8 දී පමණ තේරුම් ගත්ත. (ස)
බොහොම ස්තුතියි මගේ අදහස පලකලාට. නැතිනම් මම ගොළු උනා කියල අනික් අදහස් දාපු අය හිතාවි.(නදී)
කවුරු කෙසේ කීවත් වික්‍රමසිංහ මහතා වැනි ඉවසිලිවන්ත පුද්ගලයකු රටක ජාතික නායකත්වය හෙබවීම අගය කල යුතුයි. අපේ රටේ ආකල්පමය වෙනසක් සිදු නොවන තාක් කල් වික්‍රමසිංහ මහතා බහුතරයකට පෙනෙන්නේ වැඩ බැරි නායකයකු ලෙසයි. ගනන්කාරයින්, නූගතුන්, කළු සල්ලි කරුවන් දීර්ඝ කාලයක් දේශපාලන භූමියේ වැජඹෙනු දකින්නට කැමති ඇත්තන්ට සහ තම බඩ වඩාගන්නට වෙහෙසෙන උදවියට වික්‍රමසිංහ මහතා නොගැලපෙන බවද සත්‍යයක්.! (නදී)
මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි,මෙතුමා නිහතමානි අවංක දේශපාලකයෙක් විය හැකිය. නමුත් එතුමා අගමැතිව සිටි කාලයේ මට නම් මගේ රට ගැනත් මගේ සිංහල කම ගැනත් විශාල වශයෙන් කණගාටුවක් අැති වෙලා තිබුණා. (ස)
මම රනිල් මහතාගේ දේශපාලනයට අකමැති උනත් එතුමාගේ අධ්‍යාපනය ගැන කිසිම සැකයක් නෑ. අද ඉතුරු වෙලා ඉන්න හොඳ උගත් දේශපාලකයෙක්. (ස)
බමුණු ඉන්නේ ගල් යුගේද මන්දා. කියන ලියන ඒවා වලින් තේරෙන්නේ නම් ඒ වගෙයි. රනිල් මහත්තයා අද ඊයේ ඉඳලා නෙමේ මේ සරසවිය එක්ක බැඳිලා තියෙන්නේ. 2006 ඉඳලා. (නදී)
පුර්ණ බඩ වඩා ගන්න අය බලයට එන එක හැම පක්ෂයකම ඉන්නවා. (නදී)
"රනිල් මහත්තයා අද ඊයේ ඉඳලා නෙමේ මේ සරසවිය එක්ක බැඳිලා තියෙන්නේ. 2006 ඉඳලා." එක අපි දන්නවා. තමන්ගේ රටේ මිනිසුන්ට පැහැදිලි කතාවක් කර ගන්න බැරි නම් අනික් සරසවි වලට කරල ඇති වැඩේ මොකක්ද? (ස)
එතුමා මම අවංකවම ගරුකරන බොහොම උගත් කෙනෙක් (නි)
මොනවා වුණත් රනිල් කියන්නේ හොඳ මහත්මයෙක්. (නි)
"මොනවා වුණත් රනිල් කියන්නේ හොඳ මහත්මයෙක්." ඒක නම් 100%ක් හරි කියලා මමත් පිළිගන්නවා (නි)
මෙතුමා උගත් කෙනෙක්. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙහි දක්ෂයෙක්. (නි)
ඔබ වැනි පුද්ගලයින් රටට වාසනාවක්! (නි)
කතාවෙන් මිනිස්සු මනින්න ගිහින් තමයි දැන් අපිට යන එන මං නැතුව ගිහින් තියෙන්නේ. පැහැදිලි කතාවක් කළ පළියටම කිසිවෙකුට පැහැදිලි දේශපාලන දර්ශනයක් තියනවා කියන්න බැහැ. (නි)
උගත්කම වගේම දක්ෂකමත් ඇති පුද්ගලයා තමයි සාර්ථක පුද්ගලයෙකු වන්නේ (නි)
නිවැරදි දැක්මක් සහිත නායකයෙක් ලෙස මම ඔහුට කැමතියි. (නි)
නායකයෙකුට නිවැරදි දැක්මක් තිබීම මෙන්ම ඉන් මහජනතාවට සෙතක් වීමද අවශ්‍යයි (නි)
බමුණු දාලා තිබෙන අදහස් ගොන්න දුටුවිට මට හිතෙනවා, මෙහෙම ගියොත් කවදාහරි පවත්වන්න වෙන්නේ ජනමත විචාරණයක් නෙමෙයි බමුණුමත විචාරණයක් කියලා. (නි)
මොන අඩුපාඩු තිබුණත් මෙතුමා මහජන දේපල ගසා කෑ කෙනෙක් නම් නෙමෙයි. ඒ නිසා මම ගරු කරනවා. (නි)
හර්ෂ, මත විචාරණයේදී ජයගත්තේ 'බමුණු' මත බව දුටුවා නේද?(නි)
රනිල් මහත්තයාගේ වෙනස අපි නොදැක්කා නම් අද උතුරේ තියෙන්නේ වෙනම රටක්.අපි එදා ඒ වෙනස දැනගත් නිසා තමයි මහත්තයෝ අද අපිට මෙහෙම සුභවාදී ඉරණමට මුහුණ දෙන්න හැකි වුණේ. (නි)
රනිල්ටත් එකවරක් හෝ අවස්ථාවක් දී බලමු. මුලින්ම රනිල් පක්ෂය එකමුතු කළ යුතු වෙනවා. රනිල් දක්ෂයි. ඔහු රටට අවශ්‍ය නායකයෙක්. (නි)
කොහේවත් අංග සම්පූර්ණ නායකයන් නැහැ. එහෙම ඉන්නවා කියනවා නම් ඒක අතිශයෝක්තියක් . ඉතා සාධාරණ, ඥාති සංග්‍රහ නැති, මහජන මුදල් අර පරිස්සම් කරන, සුදුස්සා ට සුදුසු තැන දෙන , කට හොඳ, ප්‍රතාපවත් ආදී වශයෙන් සියල්ල අංග සම්පූරණ නායකයන් ඉන්නවාද ? (ස)
මොනවා වුණත් රනිල් මහත්තයාගෙන් ඉගෙනගන්න හොඳ ආදර්ශ තිබෙනවා (නි)
දැන් මොනවද මේ රනිල් මහත්තයාගෙන් ඉගෙනගන්න තිබෙන ආදර්ශ? (නි)
මුලින්ම රනිල් පක්ෂය එකමුතු කළ යුතු වුවත් ඒ දක්ෂකම කාටද තිබෙන්නේ කියා අපි කල්පනා කර බැලිය යුතුයි. (නි)
සුභාෂ් , එහෙම කෙනෙක් ඉන්නවා. (අ)
රනිල්ටත් එකවරක් හෝ අවස්ථාවක් දී බැලිය යුතු අදහසට මමත් එකඟයි (නි)
මත විචාරණයේදී ජයගත්තේ 'බමුණු' ඉදිරිපත් කළ මත වුවත් ඉන් අදහස් කරන්නේ නැහැ මේ යන ක්‍රමය හොඳයි කියා. නමුත් වෙන විකල්පයක් ඇත්තේද නැත. (නි)
"මොන අඩුපාඩු තිබුණත් මෙතුමා මහජන දේපල ගසා කෑ කෙනෙක් නම් නෙමෙයි." මෙතුමා ගත්තේ නැහැ එත් අනික් අය? (ස)
"රනිල්ටත් එකවරක් හෝ අවස්ථාවක් දී බැලිය යුතු අදහසට මමත් එකඟයි" එතකොට යුද අපරාද සොයන්න ඔන කියන ඇමෙරිකන් අදහසට මොකක් වේවිද ? (ස)
බමුණු හරියට හරි. මහජන දේපල සම්බන්ධව අනෙක් අය ගැනත් කතා කරමුකෝ. හැමෝගෙම කිල්ලෝට වල හුණු තිබෙන බව ඔබම කියන එක ඉතා වටිනවා. (නි)
බමුණු කියන කෙනාගේ අදහස් කියැවූ විට මට නම් හිනාත් යනවා (නි)
රනිල් මහත්තයා තමයි අපගේ ගැළවුම්කරු (නි)
සඳරුවන්. තාක්ෂණ සරසවියේ කට්ටියට ඒකාකාරී බැවින් මිදෙන්න ඕනා උනාම මේ වගේ වැඩසටහන් දාලා වෙහෙස නිවාගන්නවලු. (අ)
මගේ අදහස් කියැවූ විට හිනා යන කෙනා කියන්න බලන්න පුලුවන් නම් එතකොට, යුධ අපරාධ සොයන්න ඕනෑ කියන ඇමෙරිකන් අදහසට මොකක් වේවිද කියලා (නි)
ගිහාන් , අපේ පාඨක කට්ටියට ඒකාකාරී බැවින් මිදෙන්න හදනවා (අ)
ගිහාන් මම කියන්න හැදුවේ, අපේ පාඨක කට්ටියට ඒකාකාරී බවින් මිදෙන්න ඕනෑ නම් බමුණුට රනිල් මහතාව පෙන්නුවා නම් හරි කියලයි. (නි)
රනිල් කියන්නේ දේශ දේශාන්තර වල සංචාරය කළ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් (නි)
රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ අයට නෙමෙයිනේ අපේ අය කැමති. මිනිස්සුන්ට ඇහෙන්න එකක් කියලා යටින් තව එකක් කරන අයට තමයි කැමති. ඔය කැත වැඩ කවුරු කළත් ඒවාට ප්‍රතිඵල ලැබෙයි කවදාහරි. (නි)
ගිහාන්, අපිට ඒකාකාරී බවක් නැහැ. මෙතන දමන දමන අදහසට ප්‍රතිප්‍රකාශ කරන්න සැදී පැහැදිලා ඉන්න අයත් ඉන්නවානේ. (නි)
රනිල් කියන්නේ දේශ දේශාන්තර වල සංචාරය කළ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් කියලා කෙනෙක් කියා තිබෙනවා. ඉතින් ඉන් රටට වූ සෙත මොකක්ද කියාත් ඔහුට පවසන්න පුලුවන්ද? (නි)
අාවා අාවා අාවා! අපේ නායකතුමා අාවා! මෙවර ගෙනවිත් ඇති විප්ලවීය වෙනස කුමක්ද කියා බලමු (නි)
මම පැය දෙකකට පෙර මේ පුවත කියවලා ආපසු බැලූ විට පෙනෙන්නේ බමුණු පරිඝණකයෙන් මොහොතකටවත් ඉවත් වී නැති බවයි.අනේ දෙවියනේ! මේ රනිල් මහතාගේ සංචාරයක් නිසා බමුණු විඳින දුකක්? (නි)
ප්‍රියනාත්, කරුණාකරලා අන්තර්ජාලයට ගොස් විස්තර ටිකක් සොයා බලන්න (නි)
බලන්නකෝ රනිල් මහත්තයාට තිබෙන ප්‍රතිචාර... (නි)
පෙරේරා කියන කතාව හරි. බමුණුලා වගේ සුදු හුණු ගාන අය ඒ කාලෙ කොහේද හිටියෙ? (නි)
ඩිලාන්,මීට පෙර මා කළේ සිනමා බලන එකයි. නමුත් දැනට මාසයක සිට කිසිම සිනමා පටයක් පැමිණියේ නැහැ. එම නිසා පරිගණකය ළඟ වාඩිවෙලා අන්තර්ජාලයට ගොඩවෙලා සංවාදයකට යොමු වුණා. (නි)
නරකද ඊළඟ වතාවේ බමුණුව මේ විශ්ව විද්‍යාලයේ දේශනයට යැව්වා නම්? (නි)
"බමුණුලා වගේ සුදු හුණු ගාන අය ඒ කාලෙ කොහේද හිටියෙ" කොයි කාලේද? අඩුම ගණනේ ඒකවත් කියන්න (නි)
රනිල් මහත්මයාගේ ඡායාරූපයටද නමටද මන්දා, බමුණු මේතරම් කලබල වෙලා තියෙන්නේ? එතුමා ගියා.දැන් ආපසු පැමිණ සිටිනවා. මම හිතන්නේ ඒක එතුමාගේ පාර්ශවයේ අයට වගේම අනෙක් අයටත් සාමාන්‍ය දෙයක්. ඒ වුණාට මෙතන ගිනිගත්තේ බමුණුගේ හිසනේ... (නි)
පෙරේරා කියන කතාව තේරුම් අරගෙනද කතා කරන්නේ? ඒ කාලේ මෙම වැඩසටහන තිබුනෙ නැහැ. මම එක්තරා වැඩසටහනකට සම්බන්ධ වුණේ 2005 දී. අපි හොඳට ලිවුවා. තවමත් ලියනවා. 2005 දී ලියූ දේවල් දැන් වුණත් බලන්න පුළුවන් (නි)
මට නම් කිසිම කලබලයක් නැහැ.මම මේ බැලුවේ 2005ට පෙර මේ කට්ටිය කොහෙද හිටියේ කියලයි (නි)
රනිල් මහත්මයාගේ ඡායාරූපය දැක්කත් හිතට සැනසීමයි (නි)
ඒකනෙ බමුණු කියන්නේ. පෙරේරා කෙටියෙන් කිවුවේ ගොඩක් දේ පළකරන්න අමාරු නිසයි (නි)
අපි මේ බමුණු ගැන කලබල නොවී ඉඳිමු. සමහරුන්ගේ හිස කොහොමත් මොකක්හරි ප්‍රවෘත්තියක් දුටුවිට ගිනිගන්නවා (නි)
එතකොට ටයර් සංස්ථාව කියන රුසියාවෙන් අපට ලැබුන අපේ ධන නිධානය දෙශපාලනීකරණය කරලා සංස්ථාවෙන්ම ටයර් ණයට ගත්ත මුදලාලි කෙනෙකුට විකුණුවේ කව්ද? (අ)
බමුණුසිංහ, ඇයි අපි 2005 ට පෙර කොහේ හිටියම ඔයාට මොකද? තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න (නි)
ඔබගේ ප්‍රතිපත්ති, පරිපාලනය හැමදේම හොඳයි .එත් ඔබට වාසනාව නැහැ.අදක්ෂ කම තමා බොරු කියන්න බැරි කම.(ස)
බමුණුගේ පෙති ඉවර වෙලා ද (ස)
එකිනෙකට සම්බන්ධ නැති අදහස් දක්වලා තියෙනවානේ (ස)
අඩුම වසයෙන් රනිල් මේ මේ වැඩ රටට කලා කියන්න කෙනෙක් මෙතන හිටියෙ නැහැ . ද්‍රවිඩ මහතෙක් මෙතන හිටිය නම් කියාවී අපට මේ මේ පහසුකම් දෙන්න එතුමා ලැහැස්තිවෙලා හිටිය කියල.(ස)
රනිල්ගේ බටලන්ද .? 2002 රට බෙදන අවබෝදට ගිවිසුම මිස්ටර් ප්‍රභාකරන් එක්ක.? එ්කද බුද්ධිමත් කම ..? කවුද හරි ..!!! (ස)
අපි, සිංහලයෝ, අන්තර්ජාලයේ 2005 සිට වාද විවාද කෙරුවේ දෙමළ ඩයස්පෝරාව සමගයි. ඔවුන්ට සංසන්දනය කරන විට ඔබ නිකම් ම නිකන් මිනිස්සු. (ස)
'බමුණුගේ පෙති ඉවර වෙලා ද" නැහැ නැහැ නමුත් කා එක්කද සංවාද කරන්නේ? (ස)
"ආණ්ඩු පෙරලන ක්‍රමය හෙට අනිද්දම එළි පෙහෙළි වෙයිද?' නැහැ එලි බහී. (ස)
ඇයි අපි ලංකාවේ ඉපදුනේ කියල දන්නෙ නැති අයට කොහොම කියල දෙන්නද .? ඒකයි මට දුක . (ස)
දේශපාලකයන්ට කඩේ යෑම තමා අපේ සිහලයෝ අතීතයේ ඉඳන් කලේ . ගිය ස්කොලේ හෝ කළ රැකියාව නෙවෙයි වැදගත් . රටට කරන සේවය . ඉතින් එකයි ඔය කියන රනිල් මහතාව කවුරුත් එක්වෙලා බලයට පත් නොකරන්නේ . මම දන්නා කාලේ ඉඳන් පක්ෂ නායකයා ඔහුයි . මොනවා හරි අවුලක් ඇති . බලයට නොඑන්නට. (ස)
"අදක්ෂ කම තමා බොරු කියන්න බැරි කම". (ස)
බමුණු, මමත් හොඳ සිංහල කොල්ලෙක් තමයි. අපි බේරගත්ත රට ඔයාට සින්නක්කර උනේ කවද ඉඳලද ? මට තියන ප්‍රශ්නය එ්කයි. නන්දිකඩාල් හීනෙන් වත් දැකල තියනවද? ඕන කෙනෙකුට කඩේ ගියාට කමක් නෑ, හැබැයි ලංකාව ඔයාගෙ විතරක් නෙමේ කියල හිතා ගෙන හරිද? (ස)
මට නම් ආණ්ඩු පක්ෂය විපක්ෂය කියල වෙනසක් නැහැ දෙකම එකයි. මෙතන වැඩේ තියෙන්නේ විරුද්ධ පක්ෂයක් ඕන නැහැ කියන අපි ( ලාංකිකයෝ) විපක්ෂ නායකට ගරුකරයිද? (ස)
ආණ්ඩු පෙරළීමේ විෂය විද්‍යාවට රනිල්ට ආචාර්ය පදවියක් දෙනවාලු. හැබැයි ඒක මේ ලෝකෙදි ගන්න පුළුවන්ද දන්නේ නැහැ. (ස)
රනිල්ගේ මොලෙන් වැඩක් ගන්නේ නැතිකොට අනිත් අයට වැඩක් තියෙනවද ? (ස)
බුදික, ඔබ නිදහස් වෙළඳ කලාප දැකල තියෙනවද? ලංකාවේ රාජකීය පාසල් හැම පළාතේම අලුතෙන් ඉදිවුනා කියල අහලා තියෙනවද? රනිල්ගේ වෙනස තමා කළ දේ රටට කියන්නේ නෑ. මොකද මේවා ජනතාවගේ සල්ලි මිසක් ගෙදරින් ගෙනා සල්ලි නොවන නිසා. ලංකාවේ ම බුදිකලට මේවා තේරෙන්නේ නෑ. (ස)
මහින්ද වික්‍රමරත්න,ඔබ හරි.මෙතුමාට බොරු කියලා ජනතාව රවටන්න බැරි එක අපේ රටේ දේශපාලනයේ හැටියට ලොකු අඩුවක්.මෙතුමා අපේ රටේ දේශපාලනයට අවංක වැඩියි.උගතා කවදාවත් මම උගතා කියන්නේ නැහැනේ. ඒ නිහඩ බව නුගතා හිතන්නේ නිවටකම කියා. මෙතුමාව මම ගොඩක් අගය කරනවා. (නි)
බමුණු,පුද්ගලයෙකුගේ උගත්කම පෙන්වන්නේ කළ වැඩ වලින්. උදාහරණයකට මාර්ටින් වික්‍රමසිංහ උතුමා ගන්න. ඔහුට විශ්ව විද්‍යාල සහතික නැහැ. නමුත් ලියූ පොත්පත් වලින් ඒ උත්මයාගේ උගත්කම පෙනෙනවා. (නි)
මෙතුමා පැමිණි ගමන් මෙච්චර කලබල වුණාද අපේ සමහර අය? අද දවසෙම වැඩක් නැහැ වගෙයි, වැල නොකැඩී ලියලා තියෙන්නේ? (නි)
රනිල් වික්‍රමසිංහ මහතා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න දක්ෂයි. (නි)
බමුණු හිතාගෙන ඉන්නේ තමන් විතර දේශපාලන දැනුමින් පරිණත කෙනෙක් ලංකාදීප එසැණ පුවත් අඩවියේ නැහැ කියලා. එයාගේ අදහස් දැක්කම මට හිතෙන්නේ ඔහු දේශපාලන දැනුම ඉදිරියේ අඟුටු මිට්ටෙක් කියලයි. (නි)