IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’’රනිල් කළ දෙයින් සෑහිමකට පත් වෙන්න බෑ’’

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට යම්තාක් දුරකට ස්ථාවර කළත් එයි සෑහිමකට පත්වෙන්න බැරි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

රට ඇත්තටම ගොඩගත හැකි හොදම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවද මාන්නප්පෙරුම මහතා පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයාට දක්ෂ කණ්ඩායමක් නැතැයි කී මන්ත්‍රීවරයා  ඉදිරි මැතිවරණ වලදී එක්විය යුත්තේ වෛරක්කාරී කණ්ඩායම් සමඟ නොව රට දියුණු කරන කණ්ඩායමක් සමඟ බව ජනතාව තේරුම් ගෙන සිටින්නේ යැයිද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

කොළඹ සමගි ජන බලවේග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මාන්නප්පෙරුම  මහතා මේ බව සඳහන් කළේය.

වැස්ස ආවාම ලයිට් බිල අඩු කරනවා කී ආණ්ඩුව දැන් ගොළුවන් බිහිරන් බවට පත්වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

විදුලි බල මණ්ඩලේ මෙච්චර ලාබයි, අච්චර ලාබයි කියා පම්පෝරි ගහන නමුත්  පාරිභෝගික ජනතාව ලයිට් කපාගෙන හිඟමනට වැටී ඇතැයි මාන්නප්පෙරුම මහතා කීය.

ඒ නිසා ජල විදුලි උත්පාදනයේ වාසිය ජනතාවට ලබා දෙන නිසා ඉල්ලා සිටින්නේ යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ජන මත විචාරණයක් ගැන අලුත්ම මතවාදයක් ගොඩනැගී තිබෙන අතර පළමුවෙන්  තිබෙන්නේ මොන මැතිවරණයක්ද කියා රටට කිසිම අදහසක් නැතැයි මන්ත්‍රීවරයා පැවසීය .

කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තබන්නැයි ඉල්ලීම සඳහා බැසිල් රාජපක්ෂ අැමරිකාවේ සිට කඩිනමින් ලංකාවට පැමිණ ඉල්ලීම් කරමින් සිටින බවද මාන්නප්පෙරුම  මහතා කීය.

ආණ්ඩුව ක්‍රියා කරන්නේ  රටේ ජනතාව ජීවත් කරවන්නට නොව තමන්ගේ වාසිය සඳහා  බව හොඳටම පෙනෙන්නට තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

මේ වන විට නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන දෙකම කඩා වැටී තිබෙන්නේ යැයිද රජයේ විශ්ව විද්‍යාල පාසල්  කඩා වැටුණත් පෞද්ගලික විශ්ව විද්‍යාල සහ රෝහල් හොඳින් ක්‍රියාත්මක වෙන බව මාන්නප්පෙරුම මහතා කීය.



අදහස් (7)

’’රනිල් කළ දෙයින් සෑහිමකට පත් වෙන්න බෑ’’

sam Friday, 31 May 2024 06:06 PM

මේ ගොල්ලෝ ඇනස්ලි, බර්ටි, සැමුවෙල් නැති අඩුව පුරවනවා.

:       5       32

ගමේ එකාලා Friday, 31 May 2024 06:41 PM

මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්...

:       4       21

පිටරටවැසියා Friday, 31 May 2024 07:37 PM

එයාගෙ ගෙදර හාමිනේත් කිව්වේ "කළ දෙයින් සෑහිමකට පත්වෙන්න බෑ" කියලා තමයි.

:       7       15

විපරමා Friday, 31 May 2024 09:24 PM

බලයේ හිටපු හැම දේසපාලුවෙකුගේම කෙරුවාවල් දිහා බැලුවම කොහොමටත් සෑහීමකට පත් වෙන්ඩ බැහැ.රටම බන්කොලොත් කරපු එක විතරයි සිද්ද උනේ?

:       0       5

සෙනෙවිරත්න Saturday, 01 June 2024 10:56 AM

මෙන්න යන්න ඉන්න කෙනෙක්, රනිල් මොනවද කලේ රනිල් බාරගන්නකොට ඔය කියන පෝලිම් අඩුවෙල තිබුනෙ, තමන්ගෙ ගෝලයො ටිකක් තනතුරු වලට දාගත්ත,ණය ප්‍රතිව්‍යුහගත ගත කරනව කිව්වට තවම වචන විතරයි , ණයගත්ත එක ,සහ බදු වැඩි කරපු එක විතකලේ

:       2       4

Rata Perata Saturday, 01 June 2024 12:48 PM

කතාකරන්න දෙයක් නැතිනම් කට වහගෙන ඉන්න. මිනිස්සුන්ට වැරැදි අදහස් දෙන්නේ නැතිව. රනිල් රටේ ආර්ථිකය කරපු දෙයක් නෑ. රට බංකොළොත් කියලා ණය ගෙවන එක නැවැත්තුවා. ඉතින් පෙට්‍රල්, ඩීසල්, ගෑස් ගේන්න සල්ලි ඉතුරු වුණා. එච්චරයි. ආයෙත් පොලියත් එක්ක ණය ගෙවන්න පටන් ගත්තාම පෙනේවි මිනිහාගේ වැඩ.

:       1       7

Nimal 1Saturday, 01 June 2024 06:17 PM

මේවගේ සරල දෙයක්වත් අපේ ඇතැම් බයියන්ට තේරෙන්නේ නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1046 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2087 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1005 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2438 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1703 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site