IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රනිල් - සජිත් - අනුර බලයට ඒම අපරාධයක්

(ආරියරත්න රණබාහු)

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ සජිත් පේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුරදිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කිරීමක්යැයි සර්ව ජන බලය සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  මහතා පැවසීය

එම නිසා කළ යුතු වන්නේ පක්ෂ තුනේ නම් වල කොටස් එකතු කොට එක්සත් සමගි බලවේගය නමින් පක්ෂයක් බිහිකර එමගින් එක් අපේක්ෂකයෙක් පමණක්  ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යැයි හෙතෙම කීය.

එසේ කීමට හේතුව මෙම තිදෙනා ගේම ප්‍රතිපත්ති සමාන නිසා යැයි කී ඒ  මහතා ඔවුන්ගේ මේ එකම කැරට් අලය එක් අයෙක් සම්බෝලයටද තවත් අයෙක් කිරටද අනිකා මිරිසටද සකස් කොට ජනතාවට කැවීමට සූදානම් වෙමින් සිටින්නේ යැයි සඳහන් කළේය.

ඒ මහතා මේ අදහස් පල කලේ අද කොළඹ පැවැති සර්වජන බලය සංවිධානයේ මාධ්‍ය හමුවේදීය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ දිලිත් ජයවීර යන මහත්වරුද අදහස් දැක්වූහ



අදහස් (33)

රනිල් - සජිත් - අනුර බලයට ඒම අපරාධයක්

Wijekon Monday, 17 June 2024 07:32 PM

කවුරු අකමැති වුනත් රනිල් හා සජිත් එකතුවුනේ නැත්නම් ඉතින් රටේ අනාගතය ගෝඨාභය ජනාධිපති වුනා වගේම වෙනවා. සජිත්ගේ තාත්තා වුනත් ඩඩ්ලි සේනානායක මැතිතුමා සමග විරසක වෙලා පක්ෂ හදාගෙන ගියා වුනත් අන්තිමේ එජාපයට ඇවිල්ලා අගමැති වෙලා ජනාධිපති වුනා. සජබ දෙවැනි පෙළ නායකයෙක් නැහැ වගේම එජාපයේ එවැනි කෙනෙකුත් නැහැ .මාලිමාවෙ ඉන්නෙ අනුර කුමාර පමණයි .ඒ නිසා සජිත් අඩියක් පස්සට අරගෙන එජාපය සමග එකතුවෙලා ජනාධිපතිවරණය කලොත් සජිතුත් ගොඩ රටත් ගොඩ .එහෙම නොවුනත් ඉතින් සදාසොත්ති වෙන්න පුළුවන්. මේ වෙලාවෙ සජිත්ට අහංකාර නොවී දීඝායු ජාතකය කියවා තේරුම් ගන්න කියලා කියන්න කැමතියි

:       31       6

Buddika Monday, 17 June 2024 07:38 PM

මේ රටේ මිනිස්සුන්ට ඩිමෙන්ශියා කියන රෝගය තිබ්බ නම් ගම්මන්පිලල හරි.දියසෙන් කුමාරය ,මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ ගෙනාවෙත් මේ ගම්මන්පිල සහ වීරවන්ස.කැලනියේ මුචලින්ද මවපු දිලිත් ජයවීරත් එකතුවෙලා.මරු තුන්කට්ටුව.කොන්දේසි විරහිතව රාජපක්ෂලට කඩේ ගිහින් සියලුම කුනු සේදුවෙ මේ මිනිස්සු තුන් දෙනා.උන් උන් ගැන නොදන්නව උනාට මිනිස්සු උන් ගැන දන්නව.මේ රට විනාස කරන්න රාජපක්ෂලට උඩගෙඩි දීල දැන් සුදනො වෙන්න හදනව

:       3       43

ජගත් ලියනගේ Monday, 17 June 2024 07:41 PM

එතකොට ඔය දෙන්න (විමල් සහ ගම්මන්පිළ ) බණ්ඩක්ක වගේද? තම්බලා, කිරට, මිරිසට කන්න පුළුවන් වගේ.

:       2       28

THUSHARA Monday, 17 June 2024 08:05 PM

බොහොම හොදයි

:       0       7

anuranga7 Monday, 17 June 2024 09:17 PM

එක කැරට් අලයක් අරන් ගහගනින් පු#ඒ

:       0       33

මචං Monday, 17 June 2024 09:20 PM

රට විනාශ කරන්න එක්වු පරයෙක්.හැම අපරාධයකටම මේක උඩ ගෙඩි දුන්නා.වද කොත්තු,දොස්්තර සාපිගෙ වැඩ. ඒ වගේ හැම පචයක්ම කෙලිය මේක තමයි. දැන් යනඑන මං නැතිවයි ඉන්නෙ.තවත් නම් මේවගේ එවුන් පාර්ලිමේන්තුවට නොයවන්න ජනතාව වග බලා ගත යුතුයි.

:       2       28

Rohana Monday, 17 June 2024 10:10 PM

ඔබලා ඉතිං සුපිරි කට්ටියනේ බලය දෙන්න. බලය තිබුන කාලේ කරපුවැඩවලින්ම හිතාගන්න පුළුවන් බලය දුන්නොත් වෙනදේ.

:       0       21

Ruwan De Silva Monday, 17 June 2024 10:17 PM

වැස්සකටවත් උසාවියට ගිය නැති නීතිඥයෙක් නේද මේ. මොන පක්ෂයේ වුනත් මේ පාර නම් ඇල්වතුරත් නිවලා බිව්වට ඡන්දේ නම් දෙන්නෙ නෑ

:       0       23

Muthu Monday, 17 June 2024 10:19 PM

බළලාගේ වලිගෙ වත් තාම මල්ලෙන් එලියට ආවේ නෑ.....හැබැයි අවු 76 දැකල තියෙන නිසා.....සතා කවුරුත් දන්නවා.....

:       0       24

Perera Monday, 17 June 2024 11:54 PM

ඒ අය කෙසේ වෙතත් ,තමුන් නම් රටට සාපයක්

:       0       23

පිටරටවැසියා Tuesday, 18 June 2024 12:17 AM

හරි, ඔයා කිව්වා, අපි ඇහුවා... ඕනෙනම් රුපියල් සීයකුත් දෙන්නම්....

:       0       21

විජිත් Tuesday, 18 June 2024 12:57 AM

ප්‍රතිපත්ති...? තමන්ගේ ප්‍රතිපත්ති මාරම මාර ප්‍රතිපත්ති බව අපි දන්නවා ..තමුසෙට මතකද බැසිල් එක්ක එකතුවෙලා රෑ 12 ට පාර්ලිමේන්තුවේදී ගිවිසුමක් ගැහුවා ඇමෙරිකන් කොම්පැනියක් සමග LNG බලාගාරයක් හදන්න ? ( ඒ ගිවිසුමේ තියෙන ලිපිනයේ ඒ වගේ කොම්පැනියක් නැහැ ) රෑ 12 ට හොර ගිවිසුම් ගහපු හොරා දැන් ප්‍රතිපත්ති ගැන කතාකරන්න එනවා. ඔස්ට්‍රේලියාවේදී ඒ රටේ මිනිහෙකුගේ බැංකු ගිණුම " සුද්ධ කරලා " අපේ රටටම කැත නමක් දුන්න හොරා.තව නඩු ගොඩක් තියෙනවා තව මාස 6 න් පමණ නඩු අහනවා ...හිරේ යන්න බලාගෙන ඉඳින් ..ජාතිවාදියා.

:       0       20

sumanasekara Tuesday, 18 June 2024 01:47 AM

අපේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි රටෙන්ම පන්නන ඕන තවත් කාලකන්නි දෙස්පාලුවෙක් තමයි මෙන්න මෙයා .

:       0       20

ගමේ එකාලා Tuesday, 18 June 2024 02:28 AM

ඔක්කොටම වැඩිය හොන්ද නැද්ද පිවිතුරු හෙළ කරුමේ පොහොට්ටුවේ උන් එක්ක එකතු වෙලා එනවනම්?

:       0       16

Swene Haputhantirige Tuesday, 18 June 2024 04:43 AM

මේ මිනිහා පිස්සෙක්. කිසිම ශරීරයක් ඔහුට සවන් දෙන්නේ නැත

:       0       17

jagath Tuesday, 18 June 2024 04:58 AM

ඔව් තොපි වගේ හොරුන්ට ඒක අපරාධයක් .මහින්දට බොරුවට බැන බැන තොපි වැඩ කරන්නේ කාට උවමනාවටද කියන එක බුද්ධිමත් ජනතාව හොඳටම දන්නවා .රට කාපු කාලකන්නි

:       1       15

Warnasinghe Tuesday, 18 June 2024 05:14 AM

එලොවටත් මෙලොවටත් දෙලොවටම වැඩක් නැති අය

:       0       16

චතුරි Tuesday, 18 June 2024 05:17 AM

මයිනා සූප්පලා ඉවරද. ඒ කාලේත් ඔයවගේ නාස්තිකාර දේවල් නතර කරන්න ත්බුනානෙ අනුර ආවාම සේරමගෙ රජ සැප ඉවරයි නේද

:       0       16

sam Tuesday, 18 June 2024 05:57 AM

මෙන්න මෙයාව බලයට ගෙනෙන් .මේවා අහලා පන පලයන් පෙරේදා.මේ තමයි දැන් අවලංගු කාසි .මුන්ට චන්දයක් වත් දෙන්න එපා.රට විනාශ කරන්න අත උස්සපු එකෙක්

:       0       15

ලලිත් අනුර Tuesday, 18 June 2024 06:29 AM

උන් තුන්දෙනාම එකම කැරට් අලේලු. ආයෙම කියනවා උන් තුන්දෙනාගෙන් එකෙක් විතරක් ගේන්නලු. මූට මඤ්ඤං. එතකොට මුන් තුන්දෙනා මොකුන්ද. උන්ට තුන්දෙනාගෙන් එකෙක්ට දෙන්න කියන්නෙත් නෑ. මුං ජනතාව ගොනාට අන්දන්න හදන්නේ. ජනතාව තවදුරටත් මුංට ඇන්දෙන්න සූදානම් නෑ කියලා ඡන්දයක් තිබ්බ දවසක බලාගන්න පුලුවන් වේවි.

:       0       20

Nawa Tuesday, 18 June 2024 06:47 AM

නැහැ නැහැ අනුර වෙනස්. අනුර ආවොත් උබලා සේරට ම කූඩුවේ ඉන්න වෙනවා නේද. ඒක දැන් දැනිලා නේද ඉන්නේ .

:       5       20

Lalla Tuesday, 18 June 2024 07:59 AM

එතකොට රුපියල් සීයේ සම්මාදම් ජෝකර් බලයට ගේන්න කියලද කියන්නේ. ඊට වඩා හොඳ නැතිද රූපවාහිනි නිවේදකයෙක් වගේ කෙනෙක්.... කමකට නැති ප්‍රකාශ නිකුත්කිරීමට පහසුයි නේ.....

:       0       18

චන්දිම Tuesday, 18 June 2024 09:28 AM

මෙයාට මාර මොලයක් තියෙන්නේ. එහෙනම් දැන් තියෙන්නේ ඔක්කොම පක්ෂ එකතු කරලා ඔක්කොම නායකයන්ට ජනාධිපති කම ලැබෙන විදියට නීතියක් හදලා අරය ජනාධිපති A මෙයා ජනාධිපති B ඊළඟ එක්කෙනා ජනාධිපති C කියලා එක සමාන බලතල තියෙන කීපදෙනෙක් පත් කරගන්න එක. වෙන නම් කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ. එහෙම කරලා වත්මන් පාර්ලිමේන්තුවේ කාලය පනතකින් වගේ සෙල්ලමකින් දික්කරගෙන මේ කට්ටියම දිගටම ඉන්න එක. එතකොට ඉස්සරහට හද්දාවට පැරදිලා වැලේ වැල් නැතුව යයි කියල බයකුත් නැහැනේ.

:       0       8

අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 09:30 AM

අනුර ආවොත් උඹට ගෙදර ඉන්න වෙන්නේ නැහැ, වැලිකඩ හිරබත් කන්න වෙනවා, එතකොට පුළුවන් වෙයි දිලිත්ට දවසක කැරට් සම්බෝල, ඊළග දවසේ කැරට් කීරට අනිත් දවසේ කැරට් මිරිසට හදලා උබට කවන්න. හැබැයි ඒකත් දිලිත් එලියේ හිටියොත් විතරයි.

:       2       19

Kazi Shajahan Tuesday, 18 June 2024 10:03 AM

මෙදා සැරේ දිලිත් ගේ පහනෙන් එලිය බලන්න එන්නේ .කිසිම වියදමක් නැතුව පාලිමන්ට් යන්න 2 ම හිතාගෙන ඉන්නේ.දිලිත් මෝඩයාව අන්දවගෙන

:       1       21

Prabha Tuesday, 18 June 2024 01:16 PM

එතකොට mr lemonfaf?

:       0       12

Banda Tuesday, 18 June 2024 02:20 PM

අපි සංවේදී වෙන්නෑ බල්ලෝ තොපි වගේ. තොපි තරම් ජනතාව රවට්ටපු සක්කිලි දෙන්නෙක් ලංකා දේශපාලනේ බිහි වෙලා නැහැ බිහි වෙන්නෙත් නැහැ. මේ රුපියල් සීයත් සාක්කුවෙ දාගෙන පලයන් තිරිසනා...

:       0       8

Kithsiri Tuesday, 18 June 2024 05:37 PM

එයා කියන්නේ එයා සුදුස්සා කියලානේ. රටේම ඉන්නේ පිස්සෝ නම් හොඳයි.

:       0       0

චන්ද්‍රකාන්ත ද අල්විස් Tuesday, 18 June 2024 07:59 PM

මේ අය යන පැත්ත විතරද දිනන්න ඕනේ.

:       0       0

අජිත් Tuesday, 18 June 2024 08:15 PM

වාචායෙක් හැමදාම බයිලා ගගහ කාටහරි හේත්තුවෙලා සැප ගන්නව මෙදා පාර එක්කො හිරේ නැත්නම් ගෙදර

:       0       0

ලලිත් පුෂ්පකුමාර Tuesday, 18 June 2024 08:45 PM

අද නුගේගොඩ තිබ්බෙ ඔක්කොම එකතු වෙලා මාලිමාවට බනින ප්‍රෝග්‍රෑම් එකක් ඔක්කොම කිව්වෙ රට විනාශ කරපු අය එක මිටට එකතුවෙලා. මාලිමාව භීතිකාවකින් මොර දුන්නා

:       0       0

චතුර Wednesday, 19 June 2024 05:43 PM

බත්ද කන්නේ නැත්තන් වෙන මොනවා හරිද? රනිල්/සජිත්/දිලිත් හදන රට... මොවුන්ට ඡන්දෙ දුන්නොත් රට හදන එක පැත්තක තියලා තව ටිකක් රට වලපල්ලට නම් යවයි. ඒකවත් නොතේරෙන මී හරක් තවමත් ඉන්න එක ගැන මට නම් තියෙන්නේ කලකීරීමක්...!

:       0       2

Ajith Thursday, 20 June 2024 12:34 PM

එහෙනම් ඔය ගොල්ලොත් එක්ක ඉන්න හොරු සෙට් එකට රජකරවන්න ආසාව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 356 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2102 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1591 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 687 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 587 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 692 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site